බිට් කොයින් කියන්නේ රුපියල්, ඩොලර් වගේ මුදල් වර්ගයක්. digital currency එකක්. මේකට කිසිම බද්දක් ගහන්න බැහැ, හොරකම් කරන්න බැහැ. අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කිසිම රජයකට මේක වහන්න බැහැ (මේක හරියට ටෝරරන්ට් වගේ. පියර් ටු පියර් සීන් එකක් තියන්නේ. අපි බිට් කොයින් ගනුදෙනුවක් කලොත් ලෝකේ බිට් කොයින් කල හැම කෙනාම ළඟ මේ ගනුදෙනුවේ විස්තර තියනවා.).
බිට් කොයින් ලැබෙන්නේ මයිනින්ග් කියල ප්‍රොසෙස් එකකින්. මේකෙදි කරන්නේ අපේ ප්‍රොසෙසින් පවර් එක යම් ගණිතමය ගැටළුවක් විසදන්න පාවිච්චි කරන එක. මේක කට්ටියක් එකතු වෙලා/ තනියම කරන්න පුළුවන්. හැබැයි ගෙදර තියන පරිඝනකයෙන් මේ වැඩේ කරාල ගෙදර කරන්ප් බිල වත් ගෙවා ගන්න බැහැ. මොකද ප්‍රොසෙසින් පවර් එක අඩු නිසා. දැනට ලෝකේ බොහෝ දෙනෙක් මේ වැඩේ කරන නිසා ලාභය රඳා පවතින්නේ තමන්ට තියන ප්‍රොසෙසින් පවර් එක මත. බිට් කොයින් එකේ වටිනාකම පාලනය කරන්න කලින් කියපු ගණිතමය ගැටළු පැය (මතක නෑ හරියටම) කිහිපයකට සැරයක් තමයි මුදා හරින්නේ.
මේක ගෙදර කරන්න ඕන නම් SLI හරි crossfire හරි කරලා හොඳ VGA සෙට් කරලා වැඩේ කරන්න පුළුවන්. මේ මුදල් රුපියල් වලට හරවනවා නම් ලබය සෑහෙන්න අඩු වෙනවා. ඒ නිසා කවුරුත් කරන්න බිට් කොඉන් විදියටම පාවිච්චි කරන එක. ඔය ebay වගේ වෙනත් සයිට් තියනවා බිට් කොඉන් වලින් ගනුදෙනු කරන්න පුළුවන්.
වැඩේ පටන් ගන්න කලින් බිට් කොඉන් වොලට් එකයි මෙච්චර කල් බිට් කොයින් ගනුදෙනුවල විස්තර (25GB විතර) ඩවුන්ලෝඩ් කරගන්න ඕන.