BOC ශ්‍රේණිගත කිරීම CCC දක්වා පහතට

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Oya Fitch ratings වලින් මොකද වෙන්නේ බං?

    බැංකුවෙ මූල්‍ය ස්ථාවරත්වය තමයි. දීපු ණය ආයෙ අයකරගැනීමට ඇති හැකියාවයි, ගත්ත ණය ආයෙ ගෙවීමට ඇති හැකියාව තමයි මූලිකවම බලන්නෙ

    hRC3QUk.png
     

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,298
    542
    113
    ජාතියේ මහා පහන් ටැඹේ ශ්‍රේණිගත කිරීම් ඇදවැටීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයම විශාල අර්බුදයකට

    https://www.lankanewsweb.net/sinhal...ැටීමෙන්-මෙරට-බැංකු-ක්ෂේත්‍රයම-විශාල-අර්බුදයකට


    ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය විසින් ලංකා බැංකුවේ විදෙස් ණය ශ්‍රේණිගත කිරීම B- කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ දැමීමට ඊයේ (08) කටයුතු කර තිබිණි.

    මෙරට කුඩා බැංකු බොහොමයක් විදෙස් ගනුදෙනු සඳහා ණයවර ලිපි ( LC ) විවෘත කරන්නේ මෙරට බැංකු අතරින් ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණු, සුප්‍රකට ලංකා බැංකුව හරහාය. පසුගිය කාලය තුළ ලොව ඇතැම් සුප්‍රකට බැංකු ණයවර ලිපි නිකුත් කිරීමේදී ලංකා බැංකුව හරහා එය සිදු කරන ලෙස මෙරට සමාගම්වලට සෘජුවම නිර්දේශ කරන තත්වයක් පවා පැවතිණි.

    image_ac74688535.jpg


    ඒ අනුව එම කුඩා බැංකුවලට ලංකා බැංකුව හරහා ඇප තැන්පත් කිරීමකින් තොරවම ( 0% margin ) ණයවර ලිපි විවෘත කිරීමේ අවස්ථාව හිමිව තිබිණි. නමුත් ලංකා බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමත් සමඟ දැන් එම කුඩා බැංකුවලට 100%ක් ඇප තැන්පත් කිරීමට සිදුව තිබේ.

    එසේ 100% ඇප මුදල් තැන්පත් කළ ද ලොව ඇතැම් ප්‍රකට බැංකු මෙම ණයවර ලිපි පිළිගැනීමට අකමැති වන තත්වයක් ද උද්ගතව ඇති බව සඳහන්.

    එහෙයින් මෙරට සමස්ත මූල්‍ය ක්ෂේත්‍රයම මෙම සිදුවීම හරහා විශාල අර්බුදයකට ලක්ව ඇතැයි ආරංචිමාර්ග පවසන අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ප්‍රධානතම පෞද්ගලික බැංකු ද තම තමන්ගේ ශ්‍රේණිගත කිරීම් ද පහළ වැටෙනු ඇතැයි දැඩි බියකින් පසුවන බවයි.

    එමෙන්ම උද්ගතව ඇති තත්වයන් අනුව ඊයේ දිනය වනවිට මෙරට කළුකඩ වෙළඳපොලෙහි ( black market) ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 197ක් දක්වා ඉහළ ගොස් පැවති බව ද ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඕකේ ඇත්තම බලපෑම තියෙන්නේ විදේශ ණය ගන්න ගියහම. ලෝක බැංකුව වගේ ආයතන ණය දෙන එකක් නෑ. චීනෙන් වැඩි පොළියට ණය ගන්න තමා වෙන්නේ.