ජාතියේ මහා පහන් ටැඹේ ශ්‍රේණිගත කිරීම් ඇදවැටීමෙන් මෙරට බැංකු ක්ෂේත්රයම විශාල අර්බුදයකට
https://www.lankanewsweb.net/sinhal...ැටීමෙන්-මෙරට-බැංකු-ක්ෂේත්රයම-විශාල-අර්බුදයකට
ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය විසින් ලංකා බැංකුවේ විදෙස් ණය ශ්‍රේණිගත කිරීම B- කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ දැමීමට ඊයේ (08) කටයුතු කර තිබිණි.
මෙරට කුඩා බැංකු බොහොමයක් විදෙස් ගනුදෙනු සඳහා ණයවර ලිපි ( LC ) විවෘත කරන්නේ මෙරට බැංකු අතරින් ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණු, සුප්‍රකට ලංකා බැංකුව හරහාය. පසුගිය කාලය තුළ ලොව ඇතැම් සුප්‍රකට බැංකු ණයවර ලිපි නිකුත් කිරීමේදී ලංකා බැංකුව හරහා එය සිදු කරන ලෙස මෙරට සමාගම්වලට සෘජුවම නිර්දේශ කරන තත්වයක් පවා පැවතිණි.
ඒ අනුව එම කුඩා බැංකුවලට ලංකා බැංකුව හරහා ඇප තැන්පත් කිරීමකින් තොරවම ( 0% margin ) ණයවර ලිපි විවෘත කිරීමේ අවස්ථාව හිමිව තිබිණි. නමුත් ලංකා බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමත් සමඟ දැන් එම කුඩා බැංකුවලට 100%ක් ඇප තැන්පත් කිරීමට සිදුව තිබේ.
එසේ 100% ඇප මුදල් තැන්පත් කළ ද ලොව ඇතැම් ප්‍රකට බැංකු මෙම ණයවර ලිපි පිළිගැනීමට අකමැති වන තත්වයක් ද උද්ගතව ඇති බව සඳහන්.
එහෙයින් මෙරට සමස්ත මූල්‍ය ක්ෂේත්රයම මෙම සිදුවීම හරහා විශාල අර්බුදයකට ලක්ව ඇතැයි ආරංචිමාර්ග පවසන අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ප්‍රධානතම පෞද්ගලික බැංකු ද තම තමන්ගේ ශ්‍රේණිගත කිරීම් ද පහළ වැටෙනු ඇතැයි දැඩි බියකින් පසුවන බවයි.
එමෙන්ම උද්ගතව ඇති තත්වයන් අනුව ඊයේ දිනය වනවිට මෙරට කළුකඩ වෙළඳපොලෙහි ( black market) ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 197ක් දක්වා ඉහළ ගොස් පැවති බව ද ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.