me sinduwa ahapan yakuneeee..pattaලොකු තේරුමක් නැති වුණාට ලස්සනයි කියල හිතුණා..ඊයෙ රෑ හිරු අහද්දි තමා හරියටම අහුවෙ..
![]()
දුක් වෙවි ඔබ දිනෙක
මා අතැර ගිය පවට
වැලපේවි නිසැකවම
වියෝ ආදර දුකට
කිසිවෙකුත් නැත මෙලොව
මා තරම් ඔබ හදට
යලි ඒවි නිසැකවම
එය පසක් වූ කලෙක...
දහසකුත් කඳුළු බිඳු
වගුරුවා සයන මත
දැඩි කලෙමි දිරි අරන්
බිඳී ගිය මගේ හද
සැනසීම අත ළඟය
මා තැනූ ඔබ නැතිව
එපා යළි පැමිණෙන්න
සසර සරණා තුරුම....