Box type ගෙවල් වලට කැමැති නැති උන් වරෙල්ලා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    මමත් එක එකා කියන එව්ව අහල වහලෙ ගැහුව. වහලෙ මල කරුමයක් වෙලාවකට. Box typed එකක් ගහල උඩ තට්ටුවේ full solarගැහඅව නම් රස්නෙත අඩුයි. අනික පට්ට secure. විශේෂයෙන් තල ගොයි පැටවු සිවිලම විනාස කරන්නෙත් නෑ. 🥲 එකෙක් ලොකු උනා. දැන් උගෙ පැටියත් සිවිලිමේ ⁣රෑට. කොහෙන් නගිනවද මන්දා. මීයො, ගැරඬියො. Box ගැහුව නම් නිදහසේ ඉන්න තිබ්බා. වහලෙට කැමති නම් slab දාල උඩින් තාවකාලික වහලයක් දැම්ම නම් හරි. ආයෙ ගෙහක් හැදුවොත් කරන්නෙ එහෙම. Slab දාල, වහලෙකුත් ගහනව සත්තුන්ට විනාස කරන්න. අඩු වියදම් වහලයක්.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    මමත් එක එකා කියන එව්ව අහල වහලෙ ගැහුව. වහලෙ මල කරුමයක් වෙලාවකට. Box typed එකක් ගහල උඩ තට්ටුවේ full solarගැහඅව නම් රස්නෙත අඩුයි. අනික පට්ට secure. විශේෂයෙන් තල ගොයි පැටවු සිවිලම විනාස කරන්නෙත් නෑ. 🥲 එකෙක් ලොකු උනා. දැන් උගෙ පැටියත් සිවිලිමේ ⁣රෑට. කොහෙන් නගිනවද මන්දා. මීයො, ගැරඬියො. Box ගැහුව නම් නිදහසේ ඉන්න තිබ්බා. වහලෙට කැමති නම් slab දාල උඩින් තාවකාලික වහලයක් දැම්ම නම් හරි. ආයෙ ගෙහක් හැදුවොත් කරන්නෙ එහෙම. Slab දාල, වහලෙකුත් ගහනව සත්තුන්ට විනාස කරන්න. අඩු වියදම් වහලයක්.
    බොක්ස් ටයිප් ඒවා AC කරලා නැත්නම් පට්ට රස්නයක් තියෙන්නේ, ගෙදර ගැහුවේ Finishing roof නෙවෙයිද? අනිත් විදියට Ceiling ගැහුවාම තමයි ඔය සත්තු ඇවිල්ලා පදිංචි වෙන්නේ. ගෙදර වටපිටාවේ කැලේ වගේ තියනවාද?
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    බොක්ස් ටයිප් ඒවා AC කරලා නැත්නම් පට්ට රස්නයක් තියෙන්නේ, ගෙදර ගැහුවේ Finishing roof නෙවෙයිද? අනිත් විදියට Ceiling ගැහුවාම තමයි ඔය සත්තු ඇවිල්ලා පදිංචි වෙන්නේ. ගෙදර වටපිටාවේ කැලේ වගේ තියනවාද?
    Slab ekata ganna one , white color, or light color paint, ewwa gehuwama rasne ne.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    බොක්ස් ටයිප් ගෙවල්නේ
    කැමති නැ නෙමෙයි
    ලංකාවට හරියන්නේ නැ
    මෙහෙ වැස්සත් එක්ක ඕක හරි යන්නේ නැ
    වැස්ස අඩුම පලාතක හදනවා නම් ටිකක් shape
    මෙහෙ මේ පායලා
    ආය වහිනවා
    නිකන්ම slab එක අවුල් වෙනවා අවුරුදු 6ක් 7ක් යද්දී
     
    • Like
    Reactions: Yin And Yang

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    උබත් ඉදලා ඉදලා හොඳ ඒව අහන්නේ. මම ඊයේත් උඩ තට්ටුව හදන හැටි පැය ගානක් මනෝ පාරක් ගහ ගහ හිටියා. උඩට පොඩි slab කෑල්ලක් තියෙන්නෙත් ඕනේ. ඔය waterproof මොන මගුල ගැහුවත් ලික් වෙනවා කියලා තමා මටත් හිතෙන්නේ. දැන්නම් වහලේකටම යනවා කියලා තීරණය කරා :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    Reactions: Yin And Yang

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    බොක්ස් ටයිප් ඒවා AC කරලා නැත්නම් පට්ට රස්නයක් තියෙන්නේ, ගෙදර ගැහුවේ Finishing roof නෙවෙයිද? අනිත් විදියට Ceiling ගැහුවාම තමයි ඔය සත්තු ඇවිල්ලා පදිංචි වෙන්නේ. ගෙදර වටපිටාවේ කැලේ වගේ තියනවාද?
    Finishing roof ගැහුවෙ. ඇතුළට යන්න බැරි වෙන්නත් තහඩු දැම්ම. හැබැයි කොහේ හරි හිලකින් යනව. 🫠
    උන් එන්නෙ බිමින්. පීලි දිගේ නැගල කොහෙනි හරි රිංගනව. Finishing එකේ ඇතුළට රිංගනව. මලම කේස් එකක්. ගස් වලින් එන්න විදියක් ණෑ. එක ගහක් වත් නෑ වහලෙය.

    Box ගහල පොඩි අඩු වියදම් නෝමල් වහලයකුත් ගහල දැම්ම නම් කරදර ඔක්කොම ඉවරයි. තලගොයි පැටිය අල්ලල දෙන කෙනෙක්ට හොඳ ගාණක් දෙනව 😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ ගෙදර කොටසක් box type. කොටසක් සීට් දාල ෆිනිෂින් වහලයක්. ඒ නිසා ඔය ගැන සංසන්දනයක් දෙන්න පුළුවන්.

    1. ඔය බිත්ති පුපුරණ කතාව බොරු. එක්කො උන් හරියට හදල නෑ.
    2. රස්නෙ කතාව බාගෙට ඇත්ත. තට්ටු දෙකක් හරි ඊට වැඩි නම් බිත්තිවලට හවසට අව්ව වදින එක වලක්වන්න බැහැ. වහලයක් ගැහුවත් හවස 2-3 වෙනකොට අව්ව බිත්තිවලට වදිනවා.
    3. වහලයක් ගැහුවත් ස්ලැබ් එකක් තිබුනත් දවල් 11-2 අතර ගොඩක් රත්වෙනවා. ලීයෙන් ෆිනිෂින් සීලිමක් ගහල තිබුනත් දවල්ට සීලිමට අත තිබොත් තදින් රත්වෙලා කියල තේරෙනවා.

    box type ඇත්තටම තියෙන ප්‍රශ්න

    1. බිත්තිවල උඩ වතුර රැඳෙන්නෙ නැතිවෙන්න හදන්න ඕන. නැත්නම් පාසි/පුස් බැඳෙන්න පටන්ගන්නවා. වහලයකින් බිත්තිවලට අවුවෙන් වැස්සෙන් තරමක ආරක්ෂාවක් ලැබෙනවා. තට්ටු ගෙවල්වල පිට බිත්ති waterproof කරගන්න වෙනවා

    2. ජනෙල් / ලුවර් වලට අව්වට/වැස්සට ආරක්ෂාවක් නෑ. ලුවර් නම් දාන්න බැහැ දැම්මොත් අතුල තෙමෙනවා. නොදැම්මොත් රස්නෙයි.

    වහලේ නිසා තියෙන ප්‍රශ්න

    1. වහලේ පාසි/පුස්කාල කළුවුනා. ඒක සුද්ද කරල පේන්ට් කරන්න ලක්ෂ ගාණක් ගියා. pressure washer එක අල්ලපු තැන් කීපයකින් තෙමෙනවා දැන්. ඒ තැන්වල ලී සිලිම දිරල.

    2. ලී වඩිම්බු ගුල්ලො ගහල ගලවල අයින් කරන්න වුනා. තහඩු වලින් ගැහුවා

    3. ෆිනිෂින් සීලිම ගහපු වෙලාවේ ස්ප්‍රේ කරා. අවුරුදු කීපෙකට පස්සෙ වානිෂ් පින්සලෙන් ගාන්න වුනා වස කැතයි දැන්.

    4. ලේන්නු මීයෝ පදිංචි වෙලා සීලිම අස්සෙ. මැක්ෆොයිල් කෑලි මිදුලේ තිබුන ඒ කාලෙ. දැන් නම් ෆොයිල් එක නැතුව ඇති

    5. වැහි පීල්ලක් බ්ලොක් වෙලා. අඩි 30ක් විතර උස නිසා ක්ලීන් කරන්න අමාරුයි.

    දැන් කවුරු හරි මගෙන් ඇහුවොත් වහලේද ස්ලැබ් එකක් ද කියල මම කියන්නෙ ස්ලැබ් එකක් කියල.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    උබත් ඉදලා ඉදලා හොඳ ඒව අහන්නේ. මම ඊයේත් උඩ තට්ටුව හදන හැටි පැය ගානක් මනෝ පාරක් ගහ ගහ හිටියා. උඩට පොඩි slab කෑල්ලක් තියෙන්නෙත් ඕනේ. ඔය waterproof මොන මගුල ගැහුවත් ලික් වෙනවා කියලා තමා මටත් හිතෙන්නේ. දැන්නම් වහලේකටම යනවා කියලා තීරණය කරා :ROFLMAO: :ROFLMAO:
    Slab එකත් දාල වහලෙකුත් දාන්න 🤣 මට වහල ගහල කෙළ වෙලා ඉන්නෙ...

    දැන් කවුරු හරි මගෙන් ඇහුවොත් වහලේද ස්ලැබ් එකක් ද කියල මම කියන්නෙ ස්ලැබ් එකක් කියල.
    Same here 😂😂
    ------ Post added on Jul 28, 2025 at 2:17 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ස්ලැබ් එක රස්නෙයි එහෙම කියලා වහලේ ගැහුවම කැරී හොතබුවන්ගෙන් කරදරේ
    මොක ගැහුවත් සැනසීම ක් නැහැ හුකන ලංකාවේ
     
    • Haha
    Reactions: weere_singhe

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ස්ලැබ් එක රස්නෙයි එහෙම කියලා වහලේ ගැහුවම කැරී හොතබුවන්ගෙන් කරදරේ
    මොක ගැහුවත් සැනසීම ක් නැහැ හුකන ලංකාවේ
    karanna mukth attema nedda bn
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    බොක්ස් ටයිප් කරනවානම් වෝටර්පෘෆින් එක හොඳටම කරන කෙනෙක්ට දීල කරගන්න ඕනේ.
    රස්නේ අඩු කරන්න පුළුවන් බිත්ති ටිකක් වැඩිපුර උස්සල හොද වෙන්ටිලේෂන් එකක් හැදුවනම් ගේ ඇතුලේ.
    තව වත්තේ වටේ අව්ව්ටට අහුවෙන බිත්ති පැත්තට ගස් වවන්න ඕනේ බිත්ති කවර් වෙන්න. එතකොට රස්නේ ගොඩක් අඩුකරගන්න පුළුවන්.

    මගේ ගේ බාගයක් බොක්ස් ටයිප් එකට හැදුවේ.
    මට දැන් තියෙන ප්‍රශ්න තමයි සත්තු එනවා වහලෙන්. ලේනුයි, තලගොයි තමයි කරදරේ.. බිත්ති උඩ ඇතුලේ ලේන්නු කුඩු හදල වට්ටනවා එපා වෙනවා අස් කරන්න ගියාම. තලගොයි වහලට එන්නේ බිත්ති කපරාරුව ෆිනිෂ් කරන්නේ නැතුව තිබ්බම උන්ට බිත්ති දිගේ ලේසියෙන් නගින්න පුළුවන්. ලෙන්නුත් එහෙම තමයි. හැබැයි ලේන්නුන්ට ගස් වලිනුත් ලේසියෙන් එන්න පුළුවන්. තව මගේ වහලේ පීලි ගහපු එකා හරියට ඩවුන් බට දාල නැතුව මගේ වහලයක් සවුත්තු වෙලා තියෙන්නේ වතුර ගිහිල්ල. ගොඩක් වෙලාවට පීලි බ්ලොක් වෙනවා ගස්වල කොළ හිරවෙලා. ඔය වගේ ප්‍රශ්න තමයි මට තියෙන්නේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඕවා බං අරාබියට තමා හරියන්නේ නිතර වහින්නේ නැති, ඇතුලේ ෆුල් ac දාගෙන ඉන්න නම් ok.. අවුරුදෙන් මාස6 කට වඩා වහින ලංකාවේ ගොඩක් පැති වලට ඕවා හරියන්නේ නෑ. හතර වටින් leak. බිත්ති වල දිය සෙවල..
    ඕවා හදලා තාම අවුරුදු 20 ගියේ නෑනේ...
    වතුර උරල කොන්ක්‍රීට් කම්බි දීරල ඔලුව උඩට පාත් වෙනකං දන්නේ නැති වෙයි.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මගේ ගේ Box type. රස්නේ අඩු වෙන්න කාමර 2කට විතරක් වහලේ ගැහුවා..

    බිත්ති තෙමෙන නිසා අවුරුදු 3 4 ක් යද්දී පේන්ට් එක අවුල් වෙනවා කොහොමටත්. ජනෙල් ඇලුමිනියම් දානවා නම් අවුලක් නෑ. ලී වොටබෙස් කරන්න යන ගණන් වල හැටියට ඇලුමිනියම් ගණන් shape කියල හිටෙනවා.

    මගේ මතය
    ඉඩම ගොඩක් ලොකු නම් වහලයකට යන්න.'
    ඉඩම පොඩි .. පර්චස් 6, 7 වගේ නම් රෙද්දක් වනගන්න වත් ඉඩක් නැත්නම් box type හදන්න.
     
    • Like
    Reactions: Yin And Yang

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    කැමති එවුන් කැමති එකක් හදාපන්..

    දෙකේම වාසි අවාසි තියෙනවා...

    උඹලගෙ සල්ලිනෙ. උඹලා කැමති විදියට ජීවත් වෙයල්ලා.....

    මමත් බොක්ස් එකක් හැදුවෙ... හවසට / උදේට ‍ කෝපි එකක් අරන් රූෆ් ටොප් එකට ගිහින් මලක් ගෙඩියක් කඩාගෙන, ඈත ඉරබහින දිහා බලාගෙන ගන්න ආතල් වයිබ් එක වහලට නැගලා ගන්න බැහැ....

    හදිසියට පාටියක් දාන්න/ රෙදි වේලගන්න රූෆ් ටොප් එක වාසියි

    අනික වහල ගහලා යටින් ෆිනිෆින් කරන්න/ ලී වැඩ වලට ගොඩක් කට්ට කන්න වෙනවා. ස්ලැබ් එක එක පාරයි.....

    රස්නෙ ප්‍රශ්නෙ අඩු වෙනවා සුදු පාට UV පේන්ට් වලින්/ ඒ ව‍ගේම ලොකු ජනේල/ ලූවර්/ ගස් වලින්

    වතුර ලික් වෙන්නෙ හරියට වෝටර් පෘෆින් කරලා උඩින් සිමෙන්ති කට්ටයක් ගියෙ නැත්තං විතරයි.

    උඹලා කැමති විදියට ගෙවල් හදපන්.

    හැබැයි අවවාදයක් දෙන්නම්.

    ගෙවල් හදනකොට තීම්/කන්සෙප්ට් එකකට හදපන්..

    මම හැදුවෙ බොක්ස් එකක්. ග්‍රීසියෙ Mykonos/ Santoriny දූපත් වල ගෙවල් හදන ඕෂන් තීම් එකට...

    සර්ච් කරලා බලපන් ලස්සනයි ඒ කන්සෙප්ට් එක මට නම් (හැබැයි කන්ට්‍රැක්ටරයා කැමති වුනේම නැහැ බිත්ති රවුප් හැඩ වලට දාන්න)

    PS- ඔය තීන්ත එකේ නම Persian Blue (රොබියලැක් එකෙන්ද කොහෙද ගත්තෙ)

    1000_F_278600201_dwtnwFhIbTSLSHBm56oaqz9kql8nPFet.jpg
    michele-fiore-definitivo-diurno.jpg


    mykonos-greece-colorful-streets-of-the-old-town-of-mykonos-with-tourist-in-the-street-2R4205P.jpg


    957a70be06cbf68a94c01a39c222e24a.jpg
     
    • Like
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    karanna mukth attema nedda bn
    අනේ මන්දා බං රැට නිදියන්න නැහැ ඒ කාලේ පුදුම වදයක් තිබ්බේ කැරී හෝතඹුවාන් ගෙන්
    සිවිලිම ඇතුලේ පැටවු ගහලා රෑ තිස්සේ පොර කනවා

    සිවිලිම ගැහුවෛත් නම් විනාශයක් තමා එක්ක්කෝ තලාගොයෙක් හරි හොතබුවෙක් හරි රිංගනවා ම තමා එහෙම නැත්නම් ගැරඩියෙක් හරි රිංගා ගන්නවා

    කියලා තියෙන විදියට ස්ලැබ් එක දාලා එක උඩින් වහළයක් ගහන්න තමා වෙන්නේ

    ලංකාවේ විතර්යි මේ කරදරය
     
    • Sad
    Reactions: Nanosudha

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ස්ලැබ් එක රස්නෙයි එහෙම කියලා වහලේ ගැහුවම කැරී හොතබුවන්ගෙන් කරදරේ
    මොක ගැහුවත් සැනසීම ක් නැහැ හුකන ලංකාවේ
    meke aththak thiyei.slab dammama kari wadayak oluwata.themeddi, a asse gasuth palawenawa yako slab eke.wahale gahapu kalle foil dala dan thalagoi ringak kanawa eka.slab eka thamai lesima.idamak gaththa wage thamai.wahale thamai lassanama
     
    • Haha
    Reactions: 2osama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ඉක්මනට ජරා වෙලා කැත වෙනවා
    waterproof කරදර වැඩියි
    design එක out dated වෙනවා ටික කාලෙකින්..

    හොද බර පෙනුමට පරණ type ගෙයක් ගහන්න, timeless beauty ❤️
     
    • Like
    Reactions: Yin And Yang