මමත් එක එකා කියන එව්ව අහල වහලෙ ගැහුව. වහලෙ මල කරුමයක් වෙලාවකට. Box typed එකක් ගහල උඩ තට්ටුවේ full solarගැහඅව නම් රස්නෙත අඩුයි. අනික පට්ට secure. විශේෂයෙන් තල ගොයි පැටවු සිවිලම විනාස කරන්නෙත් නෑ.
එකෙක් ලොකු උනා. දැන් උගෙ පැටියත් සිවිලිමේ රෑට. කොහෙන් නගිනවද මන්දා. මීයො, ගැරඬියො. Box ගැහුව නම් නිදහසේ ඉන්න තිබ්බා. වහලෙට කැමති නම් slab දාල උඩින් තාවකාලික වහලයක් දැම්ම නම් හරි. ආයෙ ගෙහක් හැදුවොත් කරන්නෙ එහෙම. Slab දාල, වහලෙකුත් ගහනව සත්තුන්ට විනාස කරන්න. අඩු වියදම් වහලයක්.