පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර සිදුවී මේ වන විට පැය 36 කට අධික කාලයක් ගතව තිබෙනවා.
අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවට චෝදනා එල්ලවූ නිසා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කටයුතු කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (12) මාධ්‍ය වෙත සදහන් කළා.
කෙසේ වෙතත් අද පෙරවරු 9.30 වන විටත් අදාළ වෛද්‍ය වාර්තාව තමන් වෙත නොලැබුණු බව News 19 කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.
අනතුර සිදුවී මෙතරම් කාලයක් ගතව ඇතත් අදාළ වෛද්‍ය වාර්තාව නොලැබීම පිළිබදව සමාජ මාධ්‍ය තුළ පොලීසිය හා නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය පිළිබදව දැඩිව විවේචන එල්ල වනවා.
කෙසේවෙතත් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනයට අයත් දිනමිණ වෙබ් අඩවිය ඊයේ දහවල් පටන් වාර්තා කරනුයේ අශෝක රන්වල බීමතින් නොසිටි බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිසිය සදහන් කළේ බීමතින් සිටි හෝ නොසිටි බවට තහවුරු කළ හැකි එකම ක්‍රමය වන්නේ වෛද්‍ය වාර්තාවකින් පමණක් බවත් එය තවමත් තමන් අතට පත්ව නොමැති බවත්ය.
මේ අතර අශෝක රන්වල මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වූ ගැටළුව මුල්කරගෙන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී අදට වසරක් සම්පූර්ණ වනවා.
https://www.news19.lk/breaking-ranw...rpeMHj-EZQRqZDzPaF_aem_3Igu48MBi-JvoNsABNudQw