BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    චීන ජාතික කාන්තාව සුවය ලබා IDH රෝහලෙන් නික්මයයි

    කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය වැළඳී දින 26 ක කාලයක් අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිට සම්පූර්ණ සුවය ලැබූ චීන ජාතික කාන්තාව තවත් ටික වේලාවකින් රෝහලෙන් පිටව යාමට නියමිතයි.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිති පවිත්‍රා වන්නිආරච්චි ද එක්ව සිටින අතර, ඇය, චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටව යාමට පෙර මල් කළඹක් දී පිළිගනු ලැබූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
    පසුව චීන ජාතික කාන්තාව රෝහලේ පිහිටි බුදු මැදුර වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත වුණා.
    සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටි මෙම කාන්තාව ජනවාරි 25 වනදා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් දින දෙකකට පසු ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇති බවටයි තහවුරු වුණේ.
    රෝහලෙන් නික්මෙන මෙම චීන ජාතික කාන්තාව අද දිනයේම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
    එම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්.

    https://www.youtube.com/watch?v=HiiUYZbfSOk&feature=emb_logo
    https://www.youtube.com/watch?v=G9A-QqJ-Om0&feature=emb_logo
    https://www.youtube.com/watch?time_continue=755&v=gYLQ55ipiXE&feature=emb_logo
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    ඒ මොකටද අපිට තෑන්ක්ස් කරන්නේ?


    නව කොරෝනා වෛරසය සමග සටන් වදින චීනය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලාංකික ජනතාවට එරටින් විශේෂ ස්තුතියක් පිරිනමා තිබෙනවා. තම රට මුහුණපා ඇති දැඩි බලපෑම හමුවේ ශ්‍රී ලංකාව චීනයේ සැබෑ මිතුරු රාජ්‍යයක් ලෙස ලගින් සිටි බවයි බිජිං සරසවියේ විදෙස් භාෂා පිළිබඳව හදාරන සිසු සිසුවියන් සඳහන් කර සිටින්නේ.

    පුද්ගලයින් 1800 කට අධික පිරිසකගේ ජිවිත බිලි ගත් මෙම කොරෝනා වෛරසය වැළදුණු චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවූ අතර මේ වන විට එම කාන්තාව සම්පුර්ණයෙන් සුව අතට හැරී සිටිනවා.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීනයට ලක් රජයෙන් විශේෂ ආධාරයක් ලෙස තේ කොළ ලබාදීමට ද පසුගියදා කටයුතු කරනු ලැබුවා.

    ශ්‍රී ලංකාව තම රටට දැක්වූ සහය අගයමින් චීනයේ බිජිං අගනුවර පිහිටි සරසවියේ විදෙස් භාෂා අධ්‍යයන කටයුතු වල නිරත සිසුන් පළකර තිබු ජයාරූප පෙළයි මේ.

    86872711_613033669540401_4892978849869987840_n%2B%25281%2529.jpg


    86458093_2746044112152414_4107460615973371904_n.jpg
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    [
    පිස්සුද බන් උන්ගේ production capacity එකට ගේමක් දෙන්න පුළුවන් නම් ඒ ඉන්දියාවට විතරයි. ඒත් ඉන්දියාවේ skilled workers ලා අඩුයි. චීනේ උන් හාදාගෙන තියෙන්නේ. ආයේ market එක නොවැටෙන්න. උදාහරනෙකට phone ගනින් උන්ගේ parts factory ටිකේ ඉදන් final assembly line එක වෙනකම් තියෙන්නේ එකම complex එකේ. හැබයි වෙනස් company. ඉන්දියාව හිර වෙලා තියෙන්නේ උන්ගේ ඒ විදිහට නැති හින්දා. උන් partsචිනෙන් එනකන් බලන් ඉන්න ඕනේ. නැත්නම් හෙන දුර ඉදන් දවස් ගානක් වාහනේක. අනික හැමෝම equipment manufacturers ලා දිනේ factory ඇරලා තියෙන්නේ. බංගලි මැක්සිකෝ කාරයොයි. යුරෝපා වලින් හරි ඉන්දියාවේන් හරි ගෙන්නන්න ඕනේ. එ්ත් ඉන්දියාවේ තියනවානම් විතරයි. නැත්නම් US හරි ජපානයෙන් හරි.

    බංගලියො කෙලියෙ ලීකාවෙ ගාමන්ට් ෆැක්ටරි වලට. චීනේ ටෙක් ෆීල්ඩ් එකට ගහන්න බෑ.

    cnn එකේ බන් තිබ්බේ බන් ට්‍රම්ප් ගේ මොකෙද්ද පුළුවන් ඒවා ආයි ඇමෙරිකාවටත් නැත්නම් මෙසිකෝ වටත් සාකච්චා කරනවා කියල හිටපන් ලින්ක් එක හොයලා දාන්න

    අඩේ උඹට පිස්සුද බං ? :dull: ඕක අගේට යථාතත්වෙට පත් වෙනව උණක් හැදුන කියල ඔච්චර ලොකු රටක් 0ටම වැටෙන්නෑ බං :nerd:

    එක දැම්මේ අයිඩියා එකට බන් එහෙම වැටෙනවා ලෝකෙම වැටෙන්න ඕනේ
    2025 අල්ලන්න ගිය එක තව අවරුදු 3කට හරි කෙල වෙයි නේ
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    This thread is not even trending anymore. Just like the Corona virus. Poor lankan bastards who waited for an epedemic :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    දැං ඔය Chinese කෙල්ල ලංකාවේ එකෙක් ට වත් ලෙඩේ බෝ කරලා නැද්ද? :rolleyes: නැත්තන් බෝ වුන උං කොත්තමල්ලි බිබී ගෙදර ද?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    cnn එකේ බන් තිබ්බේ බන් ට්‍රම්ප් ගේ මොකෙද්ද පුළුවන් ඒවා ආයි ඇමෙරිකාවටත් නැත්නම් මෙසිකෝ වටත් සාකච්චා කරනවා කියල හිටපන් ලින්ක් එක හොයලා දාන්න



    [Trump ගෙනත් කට විතරයි බන්. කැනඩාවේ දැම්මොත් අම්බ ගානක් යයි ලේබර් cost එක විතරක්. මැක්සිකෝවල දැම්මොත් උන්ගේ ඔය උවමනාවන්ට හරි යන සැපයුම් අංශයක් නැහැ. අනික ඕනේ කරන දැනුම නැහැ. උන් ගොඩක්ම කෘෂිකර්මික රටක්. ඇමරිකාවේ දැම්මට බර ගානක් ගෙවන්න වෙයි බඩුවකට. ඇමරිකාවේ production economy එක පහුකරලා ගොඩක් කල්. දැන් service economy එකේ ඉන්නේ. අවි ආයුධ ඇරෙන්න. දැන් ඇමරිකාවේ හරි හමන් වාහනයක් වත් හදන්නේ නැහැ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    COVID-19 kills two Iranians, first Mideast deaths..

    TEHRAN: Two people have died in Iran after testing positive on Wednesday (Feb 19) for the new coronavirus, the health ministry said, in the Islamic republic's first cases of the disease.

    https://www.channelnewsasia.com/news/world/covid-19-kills-two-iranians-first-mideast-deaths-12451864
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    චීන කාන්තාව කටුනායක ගුවන් තොටින් පිටව යයි

    කොරෝනා වෛරසය ආසාදනය වී සිට, අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත්, චීන ජාතික කාන්තාව අද (19) සවස යළිත් සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.
    ලූඕ යාන් ( Luo Yang ) නැමැති 44 හැවිරිදි ඇය චීනයේ හූබෙයි ප්‍රාන්තයේ උපත ලත් කාන්තාවකි.
    ඇය අද දින සවස 5.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    චීන කාන්තාව කටුනායක ගුවන් තොටින් පිටව යයි

    කොරෝනා වෛරසය ආසාදනය වී සිට, අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත්, චීන ජාතික කාන්තාව අද (19) සවස යළිත් සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.
    ලූඕ යාන් ( Luo Yang ) නැමැති 44 හැවිරිදි ඇය චීනයේ හූබෙයි ප්‍රාන්තයේ උපත ලත් කාන්තාවකි.
    ඇය අද දින සවස 5.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

    අායෙත් හැදෙයිද දන්නෙ නෑ..
     
    Status
    Not open for further replies.