Buddhism and Deities ~ බුදු දහම සහ දෙවියෝ.....

කතරගම, විෂ්ණු දෙ&#3520

  • ඔව්.. මම පුද පූජා කරමි...

    Votes: 35 34.7%
  • නැහැ.. මම ප්‍රතික්ෂේප කරමි...

    Votes: 66 65.3%

  • Total voters
    101

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Video එක බලන්න වෙන්නේ තව දවස් 3 කින් ..
    වොට් කලෙමි

    did you vote for YES by thinking of Lucifer and Satan

    දෙවියො ඉන්න බව විශ්වාස කරනවා...නමුත් විශේෂයෙන් පුද පූජා කරන්නෙ නැහැ..හැබැයි මම ඉන්න තැන හැමෝම දෙවියන්ට වඳිනවා නම් මමත් ඔන්න ඔහෙ වැඳලා එනවා..:D

    anith aya wandinawata wandinna epa machan...
    mehe minissu oya dewala walata wiyadam karana salli walin nati bari ayata dunnama moko wenne

    නැහැ.. මම ප්‍රතික්ෂේප කරමි...
    same boat :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දෙවියන් වැදීම කියන සංකල්පය අතීතයේ හින්දු බලපෑමත් එක්ක අපේ සංස්කෘතියට එකතු උන දෙයක්. දේවාල සංකල්පය, දේව පුජා සංකල්ප තනිකරම හින්දු විස්වාස.
    මම දේශනාවකදී අසා තිබෙනවා දෙවියන් ලෝකය දෙස බලන්නේ බොහෝ ඇත සිට කියා.. හේතුව මිනිසුන්ගේ ගද ඉවසන්න බැරි නිසාලු.
    ඒ නිසා ඔය ආවේශ වෙනවා කියන එක නම් කිසිම විදිහකට විස්වාස කරන්න බහ මට නම්.

    නමුත් දෙවියෝන්ට පින් දෙන එක නම් කරනවා...

    පුජා කියන දෙයින් අවැඩක් වෙනවා කියලත් සම්පුර්ණයෙන් ඉවතට දන්නා බහ කියලයි මම හිතන්නේ.
    මොකද දෙවියන් කියල කියන්නෙත් කෙලෙස් සහිත සත්ව කොට්ඨාශයක්. තමන් වෙනුවෙන් පුද පුජා කර ගරු කරන පිරිසකට උදවු නොකර සිටි කියලත් හිතන්න අමාරුයි... මනුස්සයොත් එහෙමනේ?? රෙනුකනේ හමුදුරුවොන්ගේ පොතක මේ ගැන විස්තරක් තිබ්බ මතකයි...

    නමුත් දෙවියන්ගෙන් පිහිටක් අවශ්‍ය නම් කරන්න ඕනේ මෙත් වඩන එකයි... මෙත්තානිසංස සුත්‍රයේ විදිහට මෙත් වඩන දෙවියන් විසින් ආදරෙන් රක බල ගනී...
    අනික පිනක් කලොත් දෙවියෝන්ට පින් දෙන්නත් අමතක කරන්න එපා...
     
    මට තියන ප්‍රශ්ණයක් මේක....
    අපි පිනක් කරද්දි දෙවියන්ට හෝ මලගිය ඇත්තන්ට ඒ පින මෙත් වඩන්න පුලුවන්....
    අපිට පවක් කරලා එහෙම කරන්න බැරි ඇයි????

    පව් ගොඩක් කරපු කෙනෙක් මැරුනාම, අපි කරන පිනෙන් කොහොමද ඒ පුද්ගලයට බලපාන්නේ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සෝම හාමුදුරුවෝ වරද්දගත්තු තැන තමයි මචන්ලා මෙන්න මෙතන. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පින් දහම් කරලා දෙවියන්ට සහ මලගිය උදවියට පින් දෙන්න කියලයි. මිනිස්සු අද කිසිම පිනක් දහමක් කරන්නේ නැතුව පෝයටවත් පන්සලට ගොඩවෙන්නේ නැතුව පලතුරු වට්ටියක් අරන් ගිහින් දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා. එත් විය යුත්තේ නිරන්තරයෙන් පින් දහම් කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කිරවීමයි. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙමයි. දෙවියන් කියන්නේ බොහොම පින් ඇති බලසම්පන්න සත්ව කොට්ටාශයක්. මිනිස්සුන්ට පිහ්හිටක් ඕනෙනම් දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න පුළුවන්. එත් මිනිස්සුන්ගේ කර්මය වෙනස්කරන්න මේ මිහිපිට කාටවත් බැහැ . ඒ කර්මය වෙනස් කරගන්නනම් මිනිස්සු නිරන්තරයෙන් පින් දහම් කල යුතුයි. එහෙම පින් දහම් කරන මිනිස්සුන්ට දෙවියන් පිහිටවෙනවා. එතැනදී මේ දෙවියෝ හින්දු මේ දෙවියෝ බෞද්ධ කියල බෙදීමක් කරන එක මෝඩකමක්. එහෙම ජාතියක් වර්ගයක් වෙන් කරගෙන දෙවියන් වර්ග කරනවානම් එතන තියෙන්නේ යහපත් චේතනාවක් නෙවෙයි.
     
    පින් කරලා පින් අනුමෝදන් කරලා පිහිට බලපොරොත්තු වෙන එක නෙමෙයි කල යුත්තේ....
    මම මිනිහෙක්ට උදව් කරන්නේ මනුස්ස කමට, ඒකට මට පිනක් ලැබුනත් නැතත් ප්‍රශ්ණයක් නැහැ... නොපෙනෙන දෙයක් වෙනුවෙන් දේවල් කරනවට වඩා කරන්න දේවල් ගොඩක් තියනවා.. දැන් බලහන් මචං මෙච්චර දෙවියන්ට පින් අනුමෝදන් කරන අපේ රටයි අනිත් රටවල් සසඳලා.. කී දෙනෙක් මිනී මරාගන්නවද.. හොරකම් කරනවද කියලා... මේ රට අවුරුදු 30 යුද්ධයක් තියෙද්දි මොන දෙවියෙක්වත් හිටියේ නැහැ... කවුරුත් පිහිට උනේ නැහැ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,718
    113
    Mahanuwara
    ලංකාවේ උදවිය දෙවියන් වැඳිමට පුරුදු උනේ හින්දු ආභාශයෙන් නෙමෙයි,එක බොහෝ අතිතයේ පටන් මේ ලක් තලයේ තිබුනු චාරිත්‍රයක්,කතරගම දේවාලයේ ඇත්තටම වැඩ ඉන්නෙ අපි ඔය රූපයෙන් දකින දෙවියෝ නෙමෙයි,උන්වහන්සේ ඔතනට වඬිනවා කියන්නෙත් එක පාරයි මගේ මතකේ හැටියට,ඔතන ඉන්නෙ සොවන් වි දැනට දිව්ය විමානයක වැඩ ඉන්න උතුම් කෙනෙක්,බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමින්වහන්සේ හා තවත් කිහිප දෙනෙක් මේ උතුම් පුද්ගලයාගේ රුව කිහිප අවස්ථාවකදිම දැකලා තිබේනවා,උන්වහන්සේ පැහැපත් උස අත් දෙකක් සහිත මහත් ප්‍රිය මනාප මුහුනකින් හෙබි ගුරු පාට සිවුරක් පොරවගත්තු කෙනෙක්.අද පවතින කතරගම දෙවාලය දු‍ටු ගැමුණු රජතුමා කෙරුවයි කියලත් කියැවෙනවා,එ යුද්ධයෙන් ජය ලැබිමට උන්වහන්සේගේ පිහිට ලැබුණු නිසා,කෙසේ හෝ වෙවා එ අවදියේ පටන් කතරගම දෙවියන් ලංකාවේ බෞද්ධ සාසනය ආරක්ශ කරන දෙවියන් හැටියටත් පිලිගැනිමක් තියනවා (බුදු දහමේත් දෙවියන් ගැන සඳහන් වෙලා තිබේනවා නේ,දෙවියන් පසු පස ගිහින් අපට නිවන් අවබෝධ කරගන්න බැ,නමුත් යම් යම් උදව් ගැනිමට හැකියාවක් තිබේනවා)

    දෙවිවරු දෙකොටසකට බෙදෙනවා-සම්‍යදෘශ්ටික,මිත්‍යදෘශ්ටික,කතරගම දෙවියන් සම්‍යදෘශ්ටික දෙවි කෙනෙක්.

    හරියට බුදු දහම පිලිපදිනවා නම් දෙවියන් පසු පස යන්න ඔන හෙතු මතු වෙන්නෙ නැ,ධර්මයම අපට දෙවි කෙනෙක් වෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    palathuru watti kiyaknam dila adda?? eth mata rupiyal 100 k wath return hambune nehe ban. athin kite! :(

    deyak dila kisi deyak balaporottu wenna epa machan..
    minihekta dipan palaturu wattiyak, apassata mukut ubata labenne neti wenna puluwan, habai e miniha eka kala badapurawaganna 1 gana hitala sathutu wiyan ;)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,718
    113
    Mahanuwara
    palathuru watti kiyaknam dila adda?? eth mata rupiyal 100 k wath return hambune nehe ban. athin kite! :(

    මම නම් කවදාවත් දෙවියන් පස්සෙ යන්නෙ නැ,ගිහිනුත් නැ,දෙවියන්ට අපි වෙනුවෙන් යමක් කරන්න නම් අපිත් බොහොම සිල්වත් ඇත්තෝ වෙන්න ඔන,එහෙම අයට ඇත්තටම දෙවියන්ගෙන් පිහිටක් තියනවා,නැතුව මේ පළතුරු වට්ටියක් ගිහින් තිබ්බයි කියලා නම් දෙවියෝ බලන්නෙ නැ.දෙවියන් ලඟට යනවාට වඩා සාර්ථකයි තමුන්ගේ උත්සහයෙන් උනන්දුවෙන් යමක් කරන්න බැලුවානම්.මේ ලෝකයේ සර්වබලධාරි දෙවි කෙනෙක් නැ,එත් දෙව ලෝක තිබෙනවා,එවා වල විවිධ ශක්තින් වලින් අඩ්‍ය වු දෙවි දෙවතාවෝ ඉන්නවා,එහෙම නැ කියන කට්ටිය ගැන මම මොකුත් කියන්න යන්නෙ නැ :dull:
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!

    :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට තියන ප්‍රශ්ණයක් මේක....
    අපි පිනක් කරද්දි දෙවියන්ට හෝ මලගිය ඇත්තන්ට ඒ පින මෙත් වඩන්න පුලුවන්....
    අපිට පවක් කරලා එහෙම කරන්න බැරි ඇයි????

    පව් ගොඩක් කරපු කෙනෙක් මැරුනාම, අපි කරන පිනෙන් කොහොමද ඒ පුද්ගලයට බලපාන්නේ?

    මම ලගදී කියෙවුවා පුජ්‍ය වේවැල්දෙණියේ නන්දසීල හිමියන් විසින් සම්පාදිත තිපිටක විශාරද ඇති පුජ්‍ය න උයනේ අරියධම්ම නාහිමියන්ගේ දේශනා ඇසුරෙන් රචිත පොතක්.. පොතේ නම "නොපෙනෙන ලොව සබැ තතු"

    ඔය පොතේ ඕකට හොද උත්තරයක් තියනවා...
    සාරාංශයක් වශයෙන් කියනවා නම් පින හෝ පව නිපදවා ගන්නේ අපේ සිත විසින්මයි...
    එය වැඩි දිවූනු කරගැනීමත් අපි විසින්ම සිදු කරන දෙයක්...
    කරපු පිනක් නිතර නිතර මතක් කරනකොට ඒ පින වැඩි දිවුණු වෙනවා වගේම කරපු පවු ගැනත් නිතර නිතර මතක් කරනකොට පසුතවෙනකොට පවත් වැඩි දිවුණු වෙනවා...

    එතකොට අපි කරන පින කොහොමද වෙන අයට දෙන්නේ??
    මටත් තිබ්බ ප්‍රශ්නයක් ඕක...
    එකටත් අර පොතේ පිළිතුරක් තියනවා...
    පිනක් අනුමෝදම් කරනවා කියන්නේ තමන්ගේ පිනෙන් කොටසක් දෙන එක නෙමෙයි...
    අපි මතක් කරන කෙනා (දෙවියෙක්, මලගිය කෙනෙක්) අපි කරන පින දිහා බල සතුටු වීමයි...
    මොකද ඒ අයත් එකට සහබාගි කරගන්නවා කියල විශාල සතුටක් ඒ අයට ඇති වන නිසා...
    එකෙන් ඒ අය තවත් සුගතිගාමී වෙනවා...

    එතකොට මලගිය අයටයි දෙවියන්ටයි විතරද එහෙම පින් අනුමෝදම් කරන්න පුළුවන්??
    නැහැ... අපිටත් පින් අනුමෝදම් කරගන්න පුළුවන්...
    කෙනෙක් කරන පිනක් දිහා බලලා අපිටත් ඒ පින් අනුමෝදම් කරගන්න පුළුවන්....
    සාදුකාර දීලා හිත පහදවා ගන්න පුළුවන්...
    මහා ලොකුවට සල්ලි ඕනේ නැහැ පින් කරන්න කියන්නේ එකයි...
    එක මලක් පුජා කරලා කල්ප ගානක් දෙවුලොව මනුලොව සැප වින්දා කියල බන කතා අහල තියනවා නම් එකට හේතු වෙන්නේ ඔය වගේ හේතුවක්....

    පවත් ඒ වගේම තමා... මොනයම් හෝ විදිහකට කරපු පවක් ගැන කියල කෙනෙක් සතුටු වෙනවා නම් දිගින් දිගටම එයට ඒ පවා අනුමෝදම් වෙනවා...
    වෙන කෙනෙකුත් එක දිහා බලල සතුටු වෙනවා නම් එතකොට එයටත් ඒ පව අනුමෝදම් වෙනවා...

    මම අරුට බොරු කළා... මම අරකිට අහවල් වැඩේ කළා... මම බිවුවා මෙච්චරක්... අපි ත්‍රස්තයෝ මෙච්චර ගානක් මරුවා.... මම නම් හම්බයෝ මෙච්චර ගානක් මරනවා... මමත් මරාගෙන මැරෙනවා... මම මෙච්චර ගානක දෙයක් ඉස්සුවා කියලා සමහර අය තමන් කරපු, කරන්න ඉන්න අකුසල කර්ම ගැන මහා උජාරුවට කියවනවා....

    කෙනෙක් ඒ දේ දිහා බලලා සතුටු වෙනවා නම් එතැනදී එයාට අර අකුසලය අනුමෝදම් වෙනවා...
    එකෙන් ඇතිවන විපාකය දුක් විපාකයක්මයි...

    ඒ නිසා කුසලයකදී සතුටු වෙන්නත් නිතර නිතර මතක් කරන්නත්... අකුසලයකදී ඊට හවුල් නොවීමටත් වචනයෙන් හෝ අනුබල නොදීමටත් හිතට ගන්නවා නම් හොදයි...

    අනික පිනක් කලහම හැමවිටම "මේ පින උතුම් වූ නිවන පිණිසම හේතු වේවා" කියල ප්‍රර්ථනා කරන්න.

    මම ඇසුරු කරන ලද ධර්ම කාරණා ඇසුරෙන් ලියන ලද්දක් වන අතර වැරදි ඇත්නම් අනුකම්පා කොට නිවැරදි කරත්වා...​
     
    • Like
    Reactions: Jack_Sparrow

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    machan aththatama deviyo innavada nadda kiyala dakala nathi hinda man piliganne na..... eth ehema aya athi kiyala hithenava, naththam budun deshana karanne nane..... holman avathaara vishvasa karana eunta , deviyan babun visvaasha karannath venava......

    ape gee hadala thiyenne kanaththakata allapu idame, davas keeyak maha raa 1ta, 2kata gihin aththda inna holmanak muunata vara kiyala hithaagena...... man assdekata dakina kan ekak vath visvaasa karanne na...........