Video එක බලන්න වෙන්නේ තව දවස් 3 කින් ..
වොට් කලෙමි
දෙවියො ඉන්න බව විශ්වාස කරනවා...නමුත් විශේෂයෙන් පුද පූජා කරන්නෙ නැහැ..හැබැයි මම ඉන්න තැන හැමෝම දෙවියන්ට වඳිනවා නම් මමත් ඔන්න ඔහෙ වැඳලා එනවා..![]()
same boatනැහැ.. මම ප්‍රතික්ෂේප කරමි...

දෙවියන් වැදීම කියන සංකල්පය අතීතයේ හින්දු බලපෑමත් එක්ක අපේ සංස්කෘතියට එකතු උන දෙයක්. දේවාල සංකල්පය, දේව පුජා සංකල්ප තනිකරම හින්දු විස්වාස.
මම දේශනාවකදී අසා තිබෙනවා දෙවියන් ලෝකය දෙස බලන්නේ බොහෝ ඇත සිට කියා.. හේතුව මිනිසුන්ගේ ගද ඉවසන්න බැරි නිසාලු.
ඒ නිසා ඔය ආවේශ වෙනවා කියන එක නම් කිසිම විදිහකට විස්වාස කරන්න බහ මට නම්.
නමුත් දෙවියෝන්ට පින් දෙන එක නම් කරනවා...
පුජා කියන දෙයින් අවැඩක් වෙනවා කියලත් සම්පුර්ණයෙන් ඉවතට දන්නා බහ කියලයි මම හිතන්නේ.
මොකද දෙවියන් කියල කියන්නෙත් කෙලෙස් සහිත සත්ව කොට්ඨාශයක්. තමන් වෙනුවෙන් පුද පුජා කර ගරු කරන පිරිසකට උදවු නොකර සිටි කියලත් හිතන්න අමාරුයි... මනුස්සයොත් එහෙමනේ?? රෙනුකනේ හමුදුරුවොන්ගේ පොතක මේ ගැන විස්තරක් තිබ්බ මතකයි...
නමුත් දෙවියන්ගෙන් පිහිටක් අවශ්‍ය නම් කරන්න ඕනේ මෙත් වඩන එකයි... මෙත්තානිසංස සුත්‍රයේ විදිහට මෙත් වඩන දෙවියන් විසින් ආදරෙන් රක බල ගනී...
අනික පිනක් කලොත් දෙවියෝන්ට පින් දෙන්නත් අමතක කරන්න එපා...
සෝම හාමුදුරුවෝ වරද්දගත්තු තැන තමයි මචන්ලා මෙන්න මෙතන. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පින් දහම් කරලා දෙවියන්ට සහ මලගිය උදවියට පින් දෙන්න කියලයි. මිනිස්සු අද කිසිම පිනක් දහමක් කරන්නේ නැතුව පෝයටවත් පන්සලට ගොඩවෙන්නේ නැතුව පලතුරු වට්ටියක් අරන් ගිහින් දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා. එත් විය යුත්තේ නිරන්තරයෙන් පින් දහම් කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කිරවීමයි. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙමයි. දෙවියන් කියන්නේ බොහොම පින් ඇති බලසම්පන්න සත්ව කොට්ටාශයක්. මිනිස්සුන්ට පිහ්හිටක් ඕනෙනම් දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න පුළුවන්. එත් මිනිස්සුන්ගේ කර්මය වෙනස්කරන්න මේ මිහිපිට කාටවත් බැහැ . ඒ කර්මය වෙනස් කරගන්නනම් මිනිස්සු නිරන්තරයෙන් පින් දහම් කල යුතුයි. එහෙම පින් දහම් කරන මිනිස්සුන්ට දෙවියන් පිහිටවෙනවා. එතැනදී මේ දෙවියෝ හින්දු මේ දෙවියෝ බෞද්ධ කියල බෙදීමක් කරන එක මෝඩකමක්. එහෙම ජාතියක් වර්ගයක් වෙන් කරගෙන දෙවියන් වර්ග කරනවානම් එතන තියෙන්නේ යහපත් චේතනාවක් නෙවෙයි.

palathuru watti kiyaknam dila adda?? eth mata rupiyal 100 k wath return hambune nehe ban. athin kite!![]()

palathuru watti kiyaknam dila adda?? eth mata rupiyal 100 k wath return hambune nehe ban. athin kite!![]()

deyak dila kisi deyak balaporottu wenna epa machan..
minihekta dipan palaturu wattiyak, apassata mukut ubata labenne neti wenna puluwan, habai e miniha eka kala badapurawaganna 1 gana hitala sathutu wiyan![]()


මම නම් කවදාවත් දෙවියන් පස්සෙ යන්නෙ නැ,ගිහිනුත් නැ,දෙවියන්ට අපි වෙනුවෙන් යමක් කරන්න නම් අපිත් බොහොම සිල්වත් ඇත්තෝ වෙන්න ඔන,එහෙම අයට ඇත්තටම දෙවියන්ගෙන් පිහිටක් තියනවා,නැතුව මේ පළතුරු වට්ටියක් ගිහින් තිබ්බයි කියලා නම් දෙවියෝ බලන්නෙ නැ.දෙවියන් ලඟට යනවාට වඩා සාර්ථකයි තමුන්ගේ උත්සහයෙන් උනන්දුවෙන් යමක් කරන්න බැලුවානම්.මේ ලෝකයේ සර්වබලධාරි දෙවි කෙනෙක් නැ,එත් දෙව ලෝක තිබෙනවා,එවා වල විවිධ ශක්තින් වලින් අඩ්ය වු දෙවි දෙවතාවෝ ඉන්නවා,එහෙම නැ කියන කට්ටිය ගැන මම මොකුත් කියන්න යන්නෙ නැ![]()

මට තියන ප්‍රශ්ණයක් මේක....
අපි පිනක් කරද්දි දෙවියන්ට හෝ මලගිය ඇත්තන්ට ඒ පින මෙත් වඩන්න පුලුවන්....
අපිට පවක් කරලා එහෙම කරන්න බැරි ඇයි????
පව් ගොඩක් කරපු කෙනෙක් මැරුනාම, අපි කරන පිනෙන් කොහොමද ඒ පුද්ගලයට බලපාන්නේ?