මචන් මම ගියා ඕක ගැන අහන්න උබත් පලයන්. හැම බ්රාන්ච් එකෙන්ම බෑ. ලඟම තියෙන මහජන බැංකුවෙන් බලන්න Enterprise Sri Lanka ලගම තියෙන්නෙ මොන බ්රාන්ච් එකේද කියල.. ඊලගට එතන Enterprise Sri Lanka section එකෙන් විස්තර ගන්න පුලුවන්.
මෙකෙ චක්රලේඛනේ තරුණ උපාධිදාරීන් කියල තියෙනව. "තරුණ" කියන වචනෙ define කරන්නෙ කොහොමද කියල අහන්න බැරි උනා. ණය ආපසු ගෙවීම් කාලය අවු7 ක් තියෙනව. උපරිම අවු2ක සහන කාලයක් සහිතව. සහන කාලය කියන්නෙ බිස්නස් එක ඩිවලොප් වෙනකම් ණය ගෙවන්න ඕනෙ නෑ.
ඕක ගන්න හරිම අමාරුයි. මුලින්ම Project proposal එකක් දෙන්න ඕනෙ. ඊලගට ගන්න ණයට ඇපයක් තියන්න ඕනෙ. ඇපේ උබේ නමට තියෙන්නත් ඕනෙ. ඕක ගෙවීම තියෙන්නෙ මට කියපු විදියට පොළියත් එක්කමයි. නමුත් උබ හරියටම වාරිකෙ එකක් වත් කල්පනින්නෙ නැතුව තිතටම ගෙවපුවාම ණය මුදලෙ අන්තිම ටික රජයෙන් ගෙවනව. නැත්නම් රජයෙන් ගෙවන්නෙ නෑ.
ඒ කියන්නෙ සරලව flat rate එකෙන් හැදුවොත්, (හීන වන ශේශයට හැදුවත් එකයි. හදන්නෙ මොකේටද කියල දන්නෙ නෑ.)
වාරිකය = [ණය+(ණය*වාර්ශික පොළිය%*අවුරුද ගාන)]/අවුරුද ගාන*12
පලමු මස අවසානයේ මුලු ණය = [ණය+(ණය*වාර්ශික පොළිය%*අවුරුද ගාන)] - වාරිකය
ඔය විදිය මාසෙ ගානෙ වාරිකය ගෙවෙද්දි මුලු ණය එන්න එනා අඩුවෙලා,
මුලු ණය = ණය*වාර්ශික පොළිය%*අවුරුද ගාන
වුන ගමන් ඒ ටික ඔක්කොම එකපාර රජයෙන් ගෙවල උබේ ණය සෙට්ල් කරනව.
හැබැයි මේක හරියටම බ්රාන්ච් මැනෙජර් කන්ෆර්ම් කලේ නෑ. මොකද එයත් හතරවටේට කෝල් කරකර අහල මට කිව්වෙ. ඒ නිසා උබ හරියටම ගිහින් කතා කරන්න.