පසුගිය දින කිහිපය තුල සිදුවූ යම් යම් සිදුවීම් පාදක කරගෙන #facebook වෙබ් අඩවිය ලංකාව තුල සිමා කිරීමේ ක්‍රමයන් පිලිබන්ධ ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ආයතන හා තාක්ෂණ විද්‍යා අංශයේ ප්‍රවීනයන් හෙට දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සුදානම් වී සිටින බවත් විශ්වාස කටයුතු ආරංචියක් මේ වනවිට ලැබී තිබෙනවා මේ පිරිස අතර ශ්‍රී ලංකා කොම් ආයතනයේ ජේෂ්ඨ නිලධාරි පිරිසක්ද ඇතුලත් වේ.මහින්ද රාජපක්ෂ මහතා වෙත කෙලින්ම විවිධ පාර්ශවයන් හා යම් යම් සුදුවීම් වලට සම්බන්ධ පවුල්ව අය මෙම ඉල්ලීම කර තිබෙන අතර මාධ්‍ය වල පල නොවූ කොලබ සිදුවීම් කිහිපයක්ද මේ සඳහා පාදක වී තිබෙනවා.එමෙන්ම විවිධ වෙනත් මත්ද්‍රව්‍ය බෙදාහැරීම් විකිණීම් සඳහා මෙම #ෆේස්බුක් අනිසි ලෙස භාවිත වන බව මත්ද්‍රව්‍ය ආශ්‍රිතව විභාග වන නඩු දෙකකටම ෆේස්බුක් ගැවී තිබීමෙන් පෙනී යන කරුණක් එමෙන්ම රජයට විරුද්ධව කරන විවිධ ප්‍රචාරයන් ගැනද රජයේ ප්‍රබලයන් ෆේස්බුක් ගැන මැසිවිලි නැගීම තවත් එක් හේතුවකි.අන්තර්ජාල සම්බන්ධතා ගිය දෙසැම්බර් මාසය වන විට පසුගිය 2012 වසරේ දෙසැම්බර් මාසයේ අගයන්ට වඩා තුන් ගුණයක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඳහන් වෙනවා.මේ හේතුව නිසා අන්තර්ජාලය සඳහා විවිධ අණ පනත් නොබෝ දිනකින් සම්මත වනු දැකිය හැකි වනු ඇත.ඉදිරි කැබිනට් රැස්වීමේදී මෙම ෆේස්බුක් සිමා කිරීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බව සඳහන්ය.ෆේස්බුක් ගැටලුව නිසා එතුමා පසුගිය දිනක යම්තාක් දුරට කුපිතව සිටි බව මාධ්‍ය කාටුන් ශිල්පින් විසින් ගෙන හැර දක්වා තිබෙණු දක්නට ලැබුණා.



