callternatez ගෙ සින්දු - ඈතින් ඈතට

callternatez

Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    callternatez ගෙ සින්දු - ඈතින් ඈතට

    මේක අපි අලුතෙන් කරපු සින්දුවක් නම “ ඈතින් ඈතට”. එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව. මේ සින්දුවෙ පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ.

    Studio රේකොඩින් නෙවෙයි ඒක නිසා sound quality එහෙම අඩු ඇති. අනිත් එක තමයි අපේ ප්‍රධාන අරමුණ උනේ සින්දුවක් හදන එකේ සංගීතය සහ පද රචනය . ගායනයට අපි මුල් තැනක් දුන්නේ නෑ. තවත් දෙයක් අපි සංගීතය විෂයක් හැටියට හදාරපු අය එහෙම නෙවෙයි, ආසාවට තනියම ඉගෙන ගෙන මේක කරේ.

    මේ සින්දුව ගැන ඔබේ අදහස් චෝදනා යෝජනා අපේ ඉදිරි සින්දු වලට සැහෙන්න උදව්වක් වෙයි.


    ඈතින් ඈතට


    මෙන්න සින්දුවෙ පද පෙළ

    ඈතින් ඈතට සිහිනෙන් සිහිනෙට
    මතකය ඔබගේ දුර යනවා
    දවසින් දවසට හෙමිහිට හෙමිහිට
    ආදර සිත මගෙ මිය යනවා

    ඔබ නොපෙනී ඇදිලා යනවා
    ඈතින් ඈතට ඔබ යනවා ……

    දැවටී දැවටී සිත තුල දඟ කල
    ආදර දොඩමළු ගොළුව ගියා
    තෙරපී තෙරපී නෙත තුල දළුදෑ
    ඇරයුම් විමසුම් වෙනත ගියා

    ඔබ නොපෙනී ඇදිලා යනවා
    ඈතින් ඈතට ඔබ යනවා ……

    කඳුලෙන් අඳුරට තනිවූ සිත මා
    සුසුමක සිරවී නිහඬ වුනා
    හිස්තැන් විතරක් උරුම කරන් අද
    හිත් අහසේ මා තනි වෙනවා

    ඔබ නොපෙනී ඇදිලා යනවා
    ඈතින් ඈතට ඔබ යනවා ……//



     
    Last edited:
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොදයි ලස්සනයි මචන් සුභ පැතුම් තව හොද සින්දු කරන්න
    හැබැයි එකක් කියන්නම් මචන් දැන් රැල්ලට යන බුට් කාලා අඩන සින්දු විරතක් නම් කරන්න යන්නෙපා වෙනස් විදියේ දෙයක් කරපන් මචන් :D
     

    callternatez

    Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    හොදයි ලස්සනයි මචන් සුභ පැතුම් තව හොද සින්දු කරන්න
    හැබැයි එකක් කියන්නම් මචන් දැන් රැල්ලට යන බුට් කාලා අඩන සින්දු විරතක් නම් කරන්න යන්නෙපා වෙනස් විදියේ දෙයක් කරපන් මචන් :D

    බොහොම ඉස්තුතියි මචන්. එක එක විදිහේ සින්දු තමයි කරන්න ඉන්නේ.

    මේක අහල බලපන්. මේක දැම්මේ නැත්තේ ආයිත් පොඩ්ඩක් වොයිස් කරලා හදල දන්නා හිටපු නිසා.