Copied...
මෑතකදී සංක්‍රමණය උන කෙනෙක් විදියට මට පේන වාසි, ලංකාවේ වගේ මැරීගෙන වැඩ කරන්න අවශ්‍ය නැහැ.හොඳ work life balance එකක් ලැබෙනවා. Healthcare ගැන කියලා වැඩක් නැහැ. නොමිලේ දෙන, excellent care එකක්. ගෙවන බදු වලට අපිට දැනෙන benefits තියෙනවා. ජීවිතය ගත කිරීම පහසුයි හරියට මුදල් කළමනාකරණය කළොත්. Education system එක දරුවන්ට stress නැති දරුවන්ගේ ළමා කාලය සතුටින් ගත කරන්න පුළුවන් ආකාරයේ එකක්.
මුල් කාලයේදී settle වෙන්න ටිකක් කැප කිරීම් කරන්න ඕනේ. හැබැයි PR අරගෙන හරියට plan කරලා තමන්ගේ ගමන එනවා නම් ඒක ලොකු struggle එකක් නොවී manage කරගන්න පුළුවන්.
ලංකාවෙන් මෙහෙට අවාම දේශපාලනය, ආර්ථිකය ගැන ළමයින්ගේ අධ්‍යාපනය ගැන තියෙන stress වගේ දේවල් නිකන්ම නැති වෙනවා. මට නම් මේ way of life එක තමයි තියෙන ලොකුම plus point එක.
Units වලින් නැතත් මහේෂ් අයියාගේ fb page එකේ ලිපි බැලුවා නම් ඔයාට කැනඩා ජීවිතය ගැන ගොඩක් තොරතුරු ලබාගන්න පුළුවන්
