දිගටම පාවිච්චි කරනවනන් ඒ ඈම්පියර් ගානම දාගන්න.
නෑත්තන් ටික දවසකින් බඩු බනිස්. අඩු ඈම්පියර් එකක් දෑම්මොත් දාපු මුලදි තිබ්බට පස්සෙ බෑටරියෙ පවර් මදි වෙනව.
වාහන පරන වෙනකොට වයර්, කනෙක්ටර් එහෙම ඔක්සයිඩ් බෑදිල නිස හොද ඈම්පියර් එකක් ඔන ඒවගෙන් කරන්ට් යන්න එන්න.
හරියට වතුර බලගෙන ඔනවට වඩා බහින්න නොදි
(ලයිට් ඒසි දාන් නිතර යනවනන්, නිතර ස්ටාර්ට් කරල, ස්ටර්ට් එකට ගිය චාර්ජ් එක එන්නත් කලින් ඉක්මනින් නවත්තනවනන්, නිකන් ඉන්න වෙලවට හයියෙන් සෙට් එක දාන් ඉන්නවනන්, වාහනෙ වෑඩිය දුවන් නෑත්තන් , නිකන් ටිකක් චාර්ජ් වෙන්න ස්ටාර්ට් කරල තියන්න)
බෑටරියට එන්ජිමෙ රස්නෙ ගහන්න නොදී, ඉදල හිටල චාර්ජ් එක චෙක් කරල, ෆුල් චර්ජ් එකෙ බෑටරිය තියගත්තොත් ඕන බ්‍රෑන්ඩ් එකක් අල්ලලා හිටිනව.
මේ වෙලාවෙ ඒ ඈම්පියර් ගානම බෑටරියක් දාන්න සල්ලි නෑත්තන් ඈම්පියර් අඩු එකක් දානවට වඩා හොදයි, අඩුවට තියෙනව පවිච්චි කරපු, කම්පෑනියෙන් අයින්කරපු ඒ ඈම්පියර් ගානම බෑටරි.
චෙක් කරල ඒකක් දාගන්න.
දවසකට දෙකකට ගොඩ දාගන්නනන් අසිඩ් දාල සහිද ලුනු දාල වෑඩක් කරගන්න පුලුවන් තාවකාලිකව (හෙට අනිද්ද බෑටරිය දාගන්නකන් තල්ලු නොකර දුවාගන්න)