අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න.
KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා.මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.
ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.
Manufacturing Date : 2014/06/28
Expiry Date : 2015/06/28
Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.
දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා....
මටත් ඔහොම වැඩක් උනා දවසක්. අඳුරන එකෙක් මන්චි එකේ වැඩ කලා ටික කාලෙකට කලින් මු දවසක් කිව්වා හැම බිස්කට් වර්ගයක්ම ගොඩක් අඩුවට උන්ට ගන්න පුළුවන් ඕන නම් මටත් අරන් දෙන්නම් කියල.මමත් මුට rs 500/= ක් දුන්න අරන් වරෙන් කියලා.දවස් 2කට වගේ පස්සේ තඩි බැග් 1ක් පුරවල බිස්කට් වර්ග ගොඩක් ගෙනත් දුන්න.ඔය අපි රු.75ට ගන්න ක්‍රීම් ක්‍රැකර් එක රු 30 වගේ වෙලා තිබුනේ.අනෙක් ඒවත් එහෙමය් ගානෙන් බගෙටත් වඩා ගණන් අඩුය්.
පස්සේය් දැක්කේ ඔක්කොම කල් පිරෙන්න සතියක් වගේ තිබුනේ.මොනාව කරන්නද උදේ දවල් හවස තුන් වේලම බිස්‌කට් කෑව.ගෙදරට ඒන උන්ටත් දුන්න.office එකේ උන්ටත් දුන්න.අම්මෝ බන් ඒ දවස් වල ගෙදර උන්දැගේ කින්ඩි හිනාව මතක් වෙනකොට අදටත් බිස්කට් කන්න හිතෙන්නේ නැහැ.

මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට. 






