අපේ ගෙදර ටිකක් ගම්බද කුරුනෑගල කිට්ටුව බන් තිබුනේ 2000 වගේ කාලේ අපි ගෙදරට හා හා පුරා කියල ෆෝන් එකක් ගන්න තීර්නය කලා හැබැයි ඒ කාලේ ටෙලිකෝම් ගන්න අමාරුයි ඒ නිසා ටැන්ගෝ කියන ෆෝන් එක ගන්න තීර්නය කලා. අඩ් 90 ක් දිග ඇන්ටෙනාවක් ගහල කේබල් එක ගල් බාගේ වහේ මෝටරෝලා ෆෝන් එහෙකට ගහල තිබ්බේ සිග්නල් එන පැත්ත හොයා ගන්න දවස් 3 ක් ගියා. ඔය අඩි 90 උස ඇන්ටෙනාව ගේ වටේම උස්සන් ගියා 3 දෙනෙක් එකතු වෙලා. අන්තිමේ හලාවතින් සිග්නල් එකක් අහු උනේ. සිග්නල් 5 න් එකයි. ඒකත් එනව යනව. අඩුම කාර්ඩ් එක තිබ්බේ 450 ට මාසයක්. ගොඩක් කට්ටිය අපේ ගෙදර ආව කෝල් ගන්න. ඔය විදියට අවුරුදු 3 ක් විතර ඔක තියෙද්දි තමා 2002-3 වගේ අපේ පැත්තට දෙයියනේ කියල ඩයලොග් කනුවක් ගහන්න පටන් ගත්තේ. හැබැයි දුකම සීන් එක කියන්නේ ඒ කාලේ නොවටිඔන් ෆෝන් එකක් ගන්න තරම් වත්කමක් මට තිබුනේ නෑ අපේ ගෙදරට තිබුන්නෙත් නෑ. ඩයලොග් ඒකාදිකාරියක් වගේ තමා ඒ කාලේ ලන්කාවේ උන්ගේ අවුට්ගොයින් 13 වගේ කැපුන විනාඩියකට. ඒ මදිවට ඉන්කමින් ෆ්‍රී නෑ. සිම් මාර ගානක් උනා. මම ඒ කාලේ උසස්පෙල හදාරන දුප්පත් කොල්ලෙක්. මගේ එකම හීනේ උනේ ෆෝන් එකක් ගන්න එක තමා. උබලට මතක ඇතී ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද්යි ඇල්කටෙල් අර කහපාට ස්ක්‍රීන් එක තිබ්බ ෆෝන් එක 7000 ගානක් උනා. මට ඒකාලේ 7000 දැන් කාලේ 70000 වගේ තමා දැනුනේ. ඉතින් මට ඔය ෆෝන් එකක් ගන්න පිස්සුව ලොකුවටම හිතේ පැලපදියන් උනත් ගෙදරින් සල්ලි ඉල්ලන්න තරම් වත්කමක් අපේ අම්මටයි අප්පච්ච්ටයි තිබුනේ නෑ ඒ මිනිස්සු අපිට ඉගැන්නුවේ ගොවිතැන් කරල තව කඩයක් තිබුන ඒක කරල. ඉතින් කාලයක් යද්දි මම තීර්නය කලා සල්ලි කොහොම හරි හොයාගන්නව කියල. පස්සේ අපේ වත්ත පස්සේ තිබුන වෙලේ මම මුං හදන්න තීර්නය කලා තනියම වෙල උදලු ගාල එහා ගෙදර අත් ටැක්ටරේ ඉල්ලගෙන හෑව. පාත්ති දැම්ම. දාල මුන් ටික හිටෙව්ව මාසයක් යද්දි තෙල් ගහන්න ඔන උනා ඒව නම් අප්පච්චි මට අරන් දුන්නා. ඔන්න ඔහොම මාස 3 ක් කට්ට කාල මුන් ටික කඩල අම්මට කියල සුද්ද කරවගත්තා. ඒකෙන් මට රු 6000 ක් වගේ ගානක් තමා හොයාගන්න පුලුවන් උනේ. ඉතින් ඔහොම කට්ටක් කාල මම ගත්තේ සැම්සුන්ග් ෆොන් එකක් රු 2000 ක් නය වෙලා ගත්තේ. ඒ කාලේ ඩයලොග් සිම් දෙකක් තිබ්බා ඉන්කමින් 30 සෙකන්ඩ් ෆ්‍රී සහ වන් මිනිට් ෆ්‍රී කියල සිම් දෙකක් එකක් 1800 වගේ අනික 2500 වගේ උනා. ඒ කාලේ ඩයලොග් උන් මාර විදියට මිනිස්සු හූරන් කෑව. ගොඩක් අය දන්නේ නැති නිසයි මෙව කිව්වේ. මාර දුක්බර අතීතයකින් තමා පටන් ගත්තේ. දැන් නම් මාසේ පඩියේන් අයිෆෝන් 2 ක් ගන්න පුලුවන්
. නිකන් ඉන්නකොට මේ ටික ලියන්න හිතුනේ. උබලගේත් ජීවිතේ උන මේ වගේ අත්දැකීම් ෆොන් සම්බන්දව දාපල්ල බලන්න්. ආ අමතක උනා ඒ කාලේ ඉන්ටර්නෙට් පැක් තිබුනේ නෑ. තිබ්බේ ජී පී ආර් එස් 5 වගේ
Last edited:

,