Chris Nonis පොදු_අපේක්ෂක වෙයිද

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඡන්දෙ හම්බවෙන්නෑ බං..
    අපේ රටේ හරක් කියයි පර සුද්දන්ගෙ රටක තානාපති කම් කරපු ඕකට ඡන්දෙ දීල ලඞ්කාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වෙයි කියල..
    කීයක් හරි හොයාගෙන, අයිටීඑන් නිව්ස් බලල, ඒකෙම යන නාට්ටි ටික බලල බුදියගන්න ශ්‍රී ලාඞ්කිකයන්ට මොන නෝනිස්ලද බං.. මොකද නෝනිස් ආව කියල වැඩියෙන් මෙගා ටෙලි නාට්‍ය පෙන්නනව කියලයැ...

    ෆොන්සේකාට දීපු නැති වුන් මුට දෙයිද බන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ෆොන්සේකාට දීපු නැති වුන් මුට දෙයිද බන්


    ෆොන්සේක හමුදාවෙ නොහිටින්න මෙලහට කොටියෙක් වෙලා..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    මට නම් තේරෙන්නේ නැහැ පොදු අපේක්ෂකයාට ඔච්චර සුදුසුකම් මොකදට කියල. මොකද එයට කරන්න තියෙන්න විදායක ජනපති ක්‍රමය අහෝසිකරලා ගෙදර යන එක. හරිම simple. ඉතින් ආර්ථික, දේශපාලන, සමාජීය මහා ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. මම නම් කියන්නෙන් මර්වින් සිල්වා උනත් මේ වැඩේ කරවී. පොර හරි හෝ වැරදි හෝ කියන දේ කරන, කරන දේ කියන් මනුස්සයනේ:P :rofl::rofl::rofl:.


    අහපු නැති අය මේකෙන් දැනගන්න. පරණ එකක් උනත් රසයේ අඩුවක් නැහැ.


     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Munta pissu.....
    Tamanta ayti wede karana(Rajakariya) ona ekek jandipathikamata illanna?
    Ayio ape ratat wechcha deyak...

    Ape gewal pette, para athuganawa ekek, kunu podak nethuwa. Ekat mara weda karaya....
    Ekawat damuda janadhipathikamata....

    Ape rate inna gal moosalayo nisa thamai, sinhalayo nethi wenne...ratat nethi wenne...

    හා හා බය වෙන්න එපා මහින්ද මේ පාරත් දිනයි.ජිල්මාර්ට් දාලා හරි.:rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිංහලු කියන්නේ උගත් මෝඩ ජාතියක්
    එහෙව් ජාතියකට අවශ්ය නායකයා කොහොම කෙනෙක්ද කියල තේරෙනවනේ


    හරකුන්ගේ නායකයා වෙන්නේ හරකෙක් මිස සිංහයෙක් නෙවි.

    :lol::lol::lol:
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mehemayi nonis gana danne coolombo wala inna ugath sulu pirisak witharayi.ubalage nandala maamala neme amma tattagen ahapan mu kauda kiyala? chande illanna puluwan but dinnanne na. chande karanna ba mole tibba paliyata minissunta huru wennath oni.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue


    එයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒ ගොල්ලෝ කීර්තිමත් මිනිස්සු. ෆොන්සේකාට උන දේ මතකනේ.

    දැන් රනිල් තමයි ප්‍රදාන අපේක්ෂක. දැක්කේ නැද්ද කරු කිව්වා. සජිත්, රවී, හරින් ඔක්කොම සහයෝගය රනිල්ට.

    එ කියන්නේ රනිල් අපකීර්තිමත්ද ?:P


    රනිල් කියන්නේ මහින්දගේ දකුණු අත උබලට නොතේරුනාට .එකම කාසියේ දෙපැත්ත වගේ ඩබල

    පොදු අපේක්ෂ්කත්වෙට ක්‍රිස් මහත්තයානම් ගොඩක් ගැලපෙනවා කියලයි මටනම් හිතෙන්නේ

    මිනිස්සුන්ට ඕනේ නිකන් ආණ්ඩුවේ ඔළුගෙඩි විතරක් වෙනස් කරන්න නෙමේ .රනිල් දින්නත් රටේ කිසි වෙනසක් නම් වෙන එකක් නැහැ .විදායක ක්‍රමේ වෙනස් වෙන්නෙත් නැහැ
    :no:

    මේක මගේ අදහස .හිත රිදුනනම් සමාවෙන්න ඕනේ :D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මරුසිරා;17205271 said:
    එ කියන්නේ රනිල් අපකීර්තිමත්ද ?:P


    රනිල් කියන්නේ මහින්දගේ දකුණු අත උබලට නොතේරුනාට .එකම කාසියේ දෙපැත්ත වගේ ඩබල

    පොදු අපේක්ෂ්කත්වෙට ක්‍රිස් මහත්තයානම් ගොඩක් ගැලපෙනවා කියලයි මටනම් හිතෙන්නේ

    මිනිස්සුන්ට ඕනේ නිකන් ආණ්ඩුවේ ඔළුගෙඩි විතරක් වෙනස් කරන්න නෙමේ .රනිල් දින්නත් රටේ කිසි වෙනසක් නම් වෙන එකක් නැහැ .විදායක ක්‍රමේ වෙනස් වෙන්නෙත් නැහැ
    :no:

    මේක මගේ අදහස .හිත රිදුනනම් සමාවෙන්න ඕනේ :D

    :no::no:
    Oya jvp da..jvp unath podu apekshakayata support karanawa:yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    මරුසිරා;17205271 said:
    එ කියන්නේ රනිල් අපකීර්තිමත්ද ?:P


    රනිල් කියන්නේ මහින්දගේ දකුණු අත උබලට නොතේරුනාට .එකම කාසියේ දෙපැත්ත වගේ ඩබල

    පොදු අපේක්ෂ්කත්වෙට ක්‍රිස් මහත්තයානම් ගොඩක් ගැලපෙනවා කියලයි මටනම් හිතෙන්නේ

    මිනිස්සුන්ට ඕනේ නිකන් ආණ්ඩුවේ ඔළුගෙඩි විතරක් වෙනස් කරන්න නෙමේ .රනිල් දින්නත් රටේ කිසි වෙනසක් නම් වෙන එකක් නැහැ .විදායක ක්‍රමේ වෙනස් වෙන්නෙත් නැහැ
    :no:

    මේක මගේ අදහස .හිත රිදුනනම් සමාවෙන්න ඕනේ :D

    බොලද තර්ක දාන්න එපා.

    ක්‍රිස් මහත්තයා ගේ ආර්ථික දර්ෂණය මොකද්ද? රාජ්‍ය අංශය කෙරේ ඔහුගේ දැක්ම කුමක්ද ? රටේ සමාජීය ප්‍රශ්න කෙරෙහි ඔහුගේ අදහස් මොනවද? ඔහුට තියෙන අද්දැකීම් මොනවද? දෙමල සන්දානය සම්බන්දයෙන් ඔහු ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඔය මට නිකම් හිතට ආපු ප්‍රශ්න කිහිපයක්. ඒ සම්බන්දයෙන් අපි මුකුත් දන්නේ නැහැ. BBC ප්‍රශ්න ටිකකට හොදින් උත්තර දීපු පමණින්, රටක් සාර්ථකව පාලනය කල හැකි යයි විශ්වාසය තැබිය හැක්කේ කෙසේද?

    අපි fantacy* එකක් මවාගෙන ඉන්නවා, ක්‍රිස් මහත්තයාගේ විශිෂ්ට ආර්ථික සමාජීය දර්ෂණය තුලින් ලංකාව ඉදිරියට ගෙනයි කියල.

    අනිත් අතට දැන් පොදු අපේක්ෂකයෙක් ඉන්නවා. කරු ජයසුරිය මාද්‍යයට එක ප්‍රකාශ කල. එක්තරා දේශපාලන පක්ෂයකට ඕන, unp නොවන පොදු අපේක්ෂකයෙක්. එකයි අදාල දොඩලා හෝ ගලා non-unp අපේක්ෂකයෝ හොයන්නේ.

    සරත් ෆොන්සේකාගේ සිද්දියෙන් කට්ටිය පාඩමක් ඉගෙන ගෙන නැති පාටයි. ඔහොම යන්. ජනතාව අයිත් පාඩමක් යසට උගන්නාවි. හැබැයි එකත් මාස 4-5 අමතක වෙලා අයිත් පොදු අපේක්ෂකයෝ හොයවී.

    :rofl::rofl::rofl:


    *කුරුටුගාමී පක්ෂයේ වචන
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Doctor kenek Educated venna puluwan . Eth intelligence nathi Educated kenek vennath puluwan.Janatha Nayakayek veemata education ekatath vadiya INTELLIGENCE thiyenna ona.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    ඔන්න අහගනිල්ල සුද්ද සිංහලෙන්
    copyright :w3lanka from Ajith parakum


    දොස්තර ක්‍රිස් නෝනිස්ට හැදුණ ලෙඩේ මොකක් ද?

    ක්‍රිස් නෝනිස් යනු වෛද්‍යවරයෙකි. ඔහු විදේශ සේවයේ සුදුසුකම් හෝ පළපුරුද්දක් හෝ ඇත්තකු නො වේ. එහෙත් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ය. වඩා නිවැරදිව කියනවා නම් හිටපු මහ කොමසාරිස්වරයා ය. සජින් වාස් ගුණවර්ධන නම් විදේශ අමාත්‍යංශය අධීක්ෂණය කරන බව කියන ව්‍යාපාරික දේශපාලකයා විසින් ඔහුට ඉල්ලා අස් වන්නට තරමට ගුටි පූජාවක් දී තිබේ.

    ඕනෑම රාජ්‍යයක් සිය විදේශ සේවය සඳහා එම සේවයෙන් පිටස්තර සුවිශේෂ පුද්ගලයන් පිරිසක් බඳවා ගනියි. එංගලන්තයේ උගත් ක්‍රිස් නෝනිස්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි ය. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයෙන් ලංකාව කොර වී තිබේ. එයින් එංගලන්තය ද කොර වී ඇති බව ලංකාවේ අය සිතති.

    ලංකාවේ විදේශ සේවය පිරී ඇත්තේ විදේශ සේවය සඳහා සුදුසුකම් ලත්, පළපුරුදු නිලධාරීන්ගෙන් නොව ආණ්ඩුවේ අන්තේවාසිකයන්ගෙනි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෑතදී හෙළිදරව් කළ පරිදි ශී‍්‍ර ලංකාවේ තානාපති සේවයේ තානාපතිවරු 49දෙනෙකුගෙන් 35දෙනෙකුම දේශපාලන පත්වීම් ය. ඉතිරි 14දෙනාගෙන් ද තිදෙනෙක් විශා‍්‍රමික විදේශ සේවයේ නිලධාරිහු වෙති.

    ශී‍්‍ර ලංකාවේ විදේශ සේවයට ඇතුලත්වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් කිහිපයක් ඇත. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් උපාධියක් ඇති වයස අවුරුදු 32ට අඩු අයෙකුට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පවත්වන විවෘත තරග විභාගයට ඉදිරිපත් විය හැකිය. ඉන් සමත්වන අය ලෝක ඉතිහාසය, ලංකා ඉතිහාසය, සංස්කෘතිය සහ විදෙස් කටයුතු පිලිබඳව පවත්වන සම්මුඛ පරීක්ෂණ දෙකකට මුහුණ දිය යුතු ය.එම අපේක්ෂකයින් විදේශ භාෂාවක් හෝ භාෂාවන් පිලිබඳව පරිණත දැනුමක් සහිත විය යුතු ය.

    මෙසේ වසරකට 10-11 ක පමණ පිරිසක් වාර්ෂිකව විදේශ සේවයේ 3වන ශ්‍රේණියට බඳවා ගැනේ. ඔවුන්ට විදේශ සේවය පිළිබඳ පුහුණුවක් ද ලබා දෙනු ලැබේ. විදේශ සේවයේ උසස්ම තනතුර වන්නේ තානාපති හෝ මහ කොමසාරිස් ය. ඉහත බඳවා ගැනීමේ ක‍්‍රමවේදය අනුව විදේශ සේවයට ඇතුල්වන ආධුනිකයෙකුට තානාපති ධූරය දක්වා ගමන් කිරීමට කඩඉම් ගණනාවක් පසු කර, පශ්චාත් උපාධියද සමත් වී වසර 15ක පමණ පළපුරුද්ද ලබා ගත යුතු ය.

    ක්‍රිස් නෝනිස්ලා, සුදර්ශන සෙනෙවිරත්නලා වෙන වෙන වැඩ කරමින් සිට විදේශ සේවයට අහසින් පාත් වන්නේ මේ කිසිවක් නොමැතිව ය.

    සජින් වාස් ගුනවර්ධන වැනි දේශපාලකයන් සමග කටයුතු කරන්නට පවා පුහුණුවක් අවශ්‍ය ය. වතුර වගේ ඉංග්‍රීසි කතා කළ පළියට විදේශ සේවයේ වැඩ කළ නො හැකි ය. අනෙක රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු ඇමරිකාවට හා යුරෝපයට ඉංග්‍රීසියෙන් බනින්නට පුළුවන් වීම පමණක් නො වේ.

    ලංකාවේ තානාපති සේවයට පත් කරන ලද දේශපාලන බත්බැලයන් අතර සිටි ජනාධිපතිගේ ළඟ නෑයකු වන ජාලිය වික්‍රමසූරිය වොෂින්ටනයේ තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් මිළ දී ගැනීමේදී කොමිස් ගසා අසු වී සේවයෙන් ඉවත් කරන ලදී.

    ලංකාවේ විදේශ සේවය සින්න වී ඇත්තේ මෙබඳු පුද්ගලයන්ට ය.

    ක්‍රිස් නෝනිස් ලංකාවට යම් සේවයක් කරන්නට තිබුණු උවමනාව නිසා ආණ්ඩුවට සම්බන්ධ වන්නට ඇත. එහෙත්, ආණ්ඩුව කියන්නේ රජ පවුල වෙනුවෙන් මහජන මුදල් ගිලින බිස්නස් කරන සජින් වාස්ලා මිස ක්‍රිස් නොනිස්ලා නොවේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :no::no:
    Oya jvp da..jvp unath podu apekshakayata support karanawa:yes:
    මචන් මම මේ වෙනකන් ඔය එකෙක්ටවත් චන්දෙ දීල නැහැ .අපිට වරදින තැන තමයි පාට කන්නාඩි වලින් බලන එක .ඔක්කොටම කලින් රට ගැන හිතන්න ඕනේ .jvp ශ්‍රී ලංකා unp කියල පිල් බෙදිලා වැඩක් නැහැ .
    අපි unp එකයි jvp එකෙයි දැන් ඉන්න මහරජාගේ ආන්දුවෙයි වැඩ දැකල අත්විදලා සහ අත්විදමින් ඉන්නවා .අනික ඔය පොදු අපේක්ෂකයෙක් ගේන්නේ ඇයි ?

    jvp හෝ unp ආණ්ඩුවක් පත් කරන්නද ? එක නෙමේ වැදගත් මේ දැනට පවතින විදායක ක්‍රමේ වෙනස් කරලා සාමාන්ය් ජනතාවට වගකියන උසාවි වලට වැඩි බලයක් දෙන එක එක පරයන්ට ඕන විදිහට රටේ දේවල් වනස් කරන්න බැරි වෙන විදිහේ ක්‍රමයක් හදන එක .:yes:
    පොදු අපේක්ෂකයා නිදහස් කෙනෙක් වුනොත් එයාට බැදීමක් නැහැ එතකොට බොහෝවිට විදයක් බලය මගින්ම එය වෙනස් කරලා අර කලින් කියපු ජාතික ප්‍රතිපත්ති ඇති ජනතාවාදී ක්‍රමයක් ඇති කරන්න පුළුවන් .එතන පක්ෂවල නයය බලපෑමක් නැහැ

    ඊට පස්සේ ඔහු ක්‍රමය අහෝසි වුනහම ඉවත් වෙලා නැවත මතිවරනෙකින් ඕන පක්ෂය්යකට රජයක් පිහිටුවන්න පුළුවන් .එතකොට් පිහිටුවන රජය මොකක් වුනත් එය සාමානු නීතියට යටත් එකක් වෙනවා :D
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොලද තර්ක දාන්න එපා.

    ක්‍රිස් මහත්තයා ගේ ආර්ථික දර්ෂණය මොකද්ද? රාජ්‍ය අංශය කෙරේ ඔහුගේ දැක්ම කුමක්ද ? රටේ සමාජීය ප්‍රශ්න කෙරෙහි ඔහුගේ අදහස් මොනවද? ඔහුට තියෙන අද්දැකීම් මොනවද? දෙමල සන්දානය සම්බන්දයෙන් ඔහු ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඔය මට නිකම් හිතට ආපු ප්‍රශ්න කිහිපයක්. ඒ සම්බන්දයෙන් අපි මුකුත් දන්නේ නැහැ. BBC ප්‍රශ්න ටිකකට හොදින් උත්තර දීපු පමණින්, රටක් සාර්ථකව පාලනය කල හැකි යයි විශ්වාසය තැබිය හැක්කේ කෙසේද?

    අපි fantacy* එකක් මවාගෙන ඉන්නවා, ක්‍රිස් මහත්තයාගේ විශිෂ්ට ආර්ථික සමාජීය දර්ෂණය තුලින් ලංකාව ඉදිරියට ගෙනයි කියල.

    අනිත් අතට දැන් පොදු අපේක්ෂකයෙක් ඉන්නවා. කරු ජයසුරිය මාද්‍යයට එක ප්‍රකාශ කල. එක්තරා දේශපාලන පක්ෂයකට ඕන, unp නොවන පොදු අපේක්ෂකයෙක්. එකයි අදාල දොඩලා හෝ ගලා non-unp අපේක්ෂකයෝ හොයන්නේ.

    සරත් ෆොන්සේකාගේ සිද්දියෙන් කට්ටිය පාඩමක් ඉගෙන ගෙන නැති පාටයි. ඔහොම යන්. ජනතාව අයිත් පාඩමක් යසට උගන්නාවි. හැබැයි එකත් මාස 4-5 අමතක වෙලා අයිත් පොදු අපේක්ෂකයෝ හොයවී.

    :rofl::rofl::rofl:


    *කුරුටුගාමී පක්ෂයේ වචන

    ඔයාට නම් සැහෙන්න රිදිලා වගේ :P
    මම කොහොමත් මහින්ද ඉවත් කලයුතුයි කියන එක 100% එකයි .
    එතකොට රනිල් ගැන කියනවනම් එයාගේ බුද්දිය සහ පලපුරුද්ද කෙසේ වෙතත් unp පක්ෂය පාලනය් කරන ආකාරයෙන්ම ඔහුගේ ප්රජාතාන්ත්ර වාදී බව පේනවා .නායකත්වේ ඉන්න ඕනේ නිසාම පක්ෂේ නීති වෙනස් කල කෙනා පොදු අපේක්ෂක වෙලා ජනාදිපති වුනොත් එකෙන් බලා පොරොත්තු වෙන විදායක ක්‍රමේ වෙනස් කරලා රටේ නීතියට යටත් ජනතාවට වග කියන ක්‍රමයක් ඇති කරයි කියල හිතන්න පුලුවන්ද ? අනික එතුමා එවැනි ප්‍රකාශයක්වත් කරලා තියෙනවා ද?

    ක්‍රිස් වගේ කෙනෙක් හොදයි කිව්වේ ඔහු නිදහස් කෙනෙක් නිසා .ඔහුට පක්ෂවල බැදීමක් නැති නිසා .මේ මගේ මතය .කිසිම පක්ෂයක් අදාළ නැහැ සහෝ දැන්වත් දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවල රටට කඩේ යන්න .මුලින්ම රට ගැන හිතන්න .ඊට පස්සේ පක්ෂ ගැන හිතන්න පුළුවන් .






    ඔබ තුමාගේ රනිල් මහත්තය දිනන එකවත් jvp හරි වෙන එකක් දිනන එකවත් මට අදාළ නැහැ .කොහොම හරි මේ දුෂිත ක්‍රමේ වෙනස් වෙන්නයි ඕන
    :D
     
    Last edited: