ඔන්න අහගනිල්ල සුද්ද සිංහලෙන්
copyright :w3lanka from Ajith parakum
දොස්තර ක්‍රිස් නෝනිස්ට හැදුණ ලෙඩේ මොකක් ද?
ක්‍රිස් නෝනිස් යනු වෛද්‍යවරයෙකි. ඔහු විදේශ සේවයේ සුදුසුකම් හෝ පළපුරුද්දක් හෝ ඇත්තකු නො වේ. එහෙත් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ය. වඩා නිවැරදිව කියනවා නම් හිටපු මහ කොමසාරිස්වරයා ය. සජින් වාස් ගුණවර්ධන නම් විදේශ අමාත්‍යංශය අධීක්ෂණය කරන බව කියන ව්‍යාපාරික දේශපාලකයා විසින් ඔහුට ඉල්ලා අස් වන්නට තරමට ගුටි පූජාවක් දී තිබේ.
ඕනෑම රාජ්‍යයක් සිය විදේශ සේවය සඳහා එම සේවයෙන් පිටස්තර සුවිශේෂ පුද්ගලයන් පිරිසක් බඳවා ගනියි. එංගලන්තයේ උගත් ක්‍රිස් නෝනිස්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි ය. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයෙන් ලංකාව කොර වී තිබේ. එයින් එංගලන්තය ද කොර වී ඇති බව ලංකාවේ අය සිතති.
ලංකාවේ විදේශ සේවය පිරී ඇත්තේ විදේශ සේවය සඳහා සුදුසුකම් ලත්, පළපුරුදු නිලධාරීන්ගෙන් නොව ආණ්ඩුවේ අන්තේවාසිකයන්ගෙනි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෑතදී හෙළිදරව් කළ පරිදි ශී‍්‍ර ලංකාවේ තානාපති සේවයේ තානාපතිවරු 49දෙනෙකුගෙන් 35දෙනෙකුම දේශපාලන පත්වීම් ය. ඉතිරි 14දෙනාගෙන් ද තිදෙනෙක් විශා‍්‍රමික විදේශ සේවයේ නිලධාරිහු වෙති.
ශී‍්‍ර ලංකාවේ විදේශ සේවයට ඇතුලත්වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් කිහිපයක් ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් උපාධියක් ඇති වයස අවුරුදු 32ට අඩු අයෙකුට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පවත්වන විවෘත තරග විභාගයට ඉදිරිපත් විය හැකිය. ඉන් සමත්වන අය ලෝක ඉතිහාසය, ලංකා ඉතිහාසය, සංස්කෘතිය සහ විදෙස් කටයුතු පිලිබඳව පවත්වන සම්මුඛ පරීක්ෂණ දෙකකට මුහුණ දිය යුතු ය.එම අපේක්ෂකයින් විදේශ භාෂාවක් හෝ භාෂාවන් පිලිබඳව පරිණත දැනුමක් සහිත විය යුතු ය.
මෙසේ වසරකට 10-11 ක පමණ පිරිසක් වාර්ෂිකව විදේශ සේවයේ 3වන ශ්‍රේණියට බඳවා ගැනේ. ඔවුන්ට විදේශ සේවය පිළිබඳ පුහුණුවක් ද ලබා දෙනු ලැබේ. විදේශ සේවයේ උසස්ම තනතුර වන්නේ තානාපති හෝ මහ කොමසාරිස් ය. ඉහත බඳවා ගැනීමේ ක්‍රමවේදය අනුව විදේශ සේවයට ඇතුල්වන ආධුනිකයෙකුට තානාපති ධූරය දක්වා ගමන් කිරීමට කඩඉම් ගණනාවක් පසු කර, පශ්චාත් උපාධියද සමත් වී වසර 15ක පමණ පළපුරුද්ද ලබා ගත යුතු ය.
ක්‍රිස් නෝනිස්ලා, සුදර්ශන සෙනෙවිරත්නලා වෙන වෙන වැඩ කරමින් සිට විදේශ සේවයට අහසින් පාත් වන්නේ මේ කිසිවක් නොමැතිව ය.
සජින් වාස් ගුනවර්ධන වැනි දේශපාලකයන් සමග කටයුතු කරන්නට පවා පුහුණුවක් අවශ්‍ය ය. වතුර වගේ ඉංග්‍රීසි කතා කළ පළියට විදේශ සේවයේ වැඩ කළ නො හැකි ය. අනෙක රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු ඇමරිකාවට හා යුරෝපයට ඉංග්‍රීසියෙන් බනින්නට පුළුවන් වීම පමණක් නො වේ.
ලංකාවේ තානාපති සේවයට පත් කරන ලද දේශපාලන බත්බැලයන් අතර සිටි ජනාධිපතිගේ ළඟ නෑයකු වන ජාලිය වික්‍රමසූරිය වොෂින්ටනයේ තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් මිළ දී ගැනීමේදී කොමිස් ගසා අසු වී සේවයෙන් ඉවත් කරන ලදී.
ලංකාවේ විදේශ සේවය සින්න වී ඇත්තේ මෙබඳු පුද්ගලයන්ට ය.
ක්‍රිස් නෝනිස් ලංකාවට යම් සේවයක් කරන්නට තිබුණු උවමනාව නිසා ආණ්ඩුවට සම්බන්ධ වන්නට ඇත. එහෙත්, ආණ්ඩුව කියන්නේ රජ පවුල වෙනුවෙන් මහජන මුදල් ගිලින බිස්නස් කරන සජින් වාස්ලා මිස ක්‍රිස් නොනිස්ලා නොවේ.