රත්තරං;17141109 said:
ට්‍රේනින් එකකට වෙන රටකට ආවා. කාලෙකින් එලකිරි ආවේ නෑ. ඒකයි ඔයාගේ විසිටර් මැසේජ් එකක් තිබිලත් රිප්ලයි නොකලේ. අද දවසටම සමහර විට මට මල්ලිට විතරයි රිප්ලයි කරන්න වෙලාව ලැබෙන්නේ
මම මේ දාන්න යන රිප්ලයි එක නිසා සමහරු තරහ වෙයි. සෑහෙන දෙයක් අහගන්නත් වෙයි
මල්ලි මමත් පිසිකල් කලේ. ඒ කරන ගමන් කිත්සිරි සර්ව අදුරගත්තේ. කිත්සිරි සමරසිංහ සර්ව නොදන්න මැත කරපු එකෙක් ඉන්න විදිහක් නෑ. කොහොම හරි සර්ගේ අවවාද මත තමා ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින් කලේ
මල්ලි මම මේ කියන්න යන්නේ කිසිම පිසිකල් කරපු එකෙක් නොකියන කතාවක්. මල්ලි පිසිකල් නම් කරන්න එපා. සත පහකට වැඩක් නෑ. අපරාදේ ඒ අව් රුදු 3. ආට් කොමර්ස් ඩිග්රි වලටනම් වඩා හොදයි. ඒත් මැත්ස් කරපු උන්ව අනාත කරන ලබ්බක් තමා පිසිකල් කියන්නේ. අපේ බැජ් වල සමහර උන් කාගිල්ස් එකේ මැනේජ්මන්ට් ටේනි. පඩිය 20000ක් වත් නැතුව ඇති, සමහර කෙල්ලෝ 10000හේ ආන්ඩුවේ පත්වීම් ගත්තා. එක අතකින් ඒක උන්ගේ නොහැකියාව සහ ටැලන්ට් එකක් නොමැතිකම. පිසිකල් කම්පියුටර් සයන්ස් ගත්තත් හැමදේම පොඩ්ඩ පොඩ්ඩ උගන්නනව මිසක් හරියකට වැඩක් ගන්න දෙයක් නෑ. මම කලේ ඉලෙක්ට්‍රොනික්ස්. ඒකත් ඒ සෙතේම තමා.ජීවිතේ කරගත්ත ලොකුම ගොන්කම NDT ආව වෙලේ උපාදි උන නිසා පිසිකල් දාලා NDT නොගිය එක. චාටඩ් එකට පින්සිද්ද වෙන්න අද හොද රස්සාවක් කරනවා. පිලිගන්නවනම් පිලිගනින් මල්ලි මේ වෙනකන් මම පිසිකල් ඩිග්‍රිය ජොබ් එකකට යනකොට ඉදිරිපත් කරලත් නෑ. මැත්ස් කරපු එකෙක්ට පිසිකල් කරන එක සත පහකට වැඩක් නෑ මල්ලි. ඔය කොමර්ස් එකේ අවුට් වෙන එවුන් එක්ක බැන්කු ගානේ රිංගන්නයි ආට් එකේ අක්කලයි අපේ අක්කලයි එකට 10000හේ සංවර්දන සහකාර ජොබ කරන්නයි පිසිකල් කරලා මොකටද? කෝ එතකොට අපි කට්ට කාගෙන මැත කරපුවගේ අමතර වාසි??
මට තිබ්බ ප්‍රශ්නත් එක්ක ඉන්ජිනීරින් යන්න බැරි උනා. ඒකයි පිසිකල් ගියේ. ඒ දවස්වල මට කියල දෙන්න කවෘත් හිටියේ නෑ. ඊට පස්සේ කිත්සිරි සර්ගේ පිහිටෙන් කමියුනිකේශන් ඉන්ජිනීරින් කලේ. ඒ කාලේ බයික් විකුනලා, BTS ඉන්ස්ටලේශන් වලට සබ් කම්පැනි වල වැඩකරලා සල්ලි හොයලා එක්සෑම් කලේ. අද මම ඉන්ජිනේරුවෙක්(ප්ලෑනින්, ඉන්ස්ටලේශන්, ටෙස්ටින් ඇන්ඩ් කමිශනින්). උබට ඉංජිනීරින් යන්න බැරි උනානම්, කරන්න පුලුවන්නම් NDT කටපන්. ඒ කරන ගමන් සල්ලි හොයාන චාටඩ් ඉන්ජිනීරින් කරපන් (දැන් අලුත් අලුත් කෝස් ආයතන එහෙම ඇති. අපි ඉගෙනගත්ත කාලෙට වඩා දැන් හුගක් වෙනස්. මොරටුවේ ඉන්ජිනීරින් ලගදි අවුට් වෙච්ච මල්ලි කෙනෙක් සෙට් කරන් ඇහුවනම් හුගක් උපදෙස් ගත්තහැකි. නැත්නම් කිත්සිරි සර් ගිහින් හම්බ වෙන්න.)
පිසිකල් ගිහින් අව්රුදු 3ක් චා කරගන්න එපා. ගිය අලුතනම් සින්නෝ ඇවිත් කියන්නේ උබ මේක කලොත් බුදුන් දැක නිවන් දකින්නත් පුලුවන් කියලා. ලොල් තමා. පොඩි පන්ති වල උන්ට ඔය ටෝක් දුන්න යූනියන් එකේ මල්ලි කෙලෙක් හිටියා නාමල් කියලා කැලනියේ පිසිකල් එකේ. අපිට පස්සේ බැජ් වල. ඒ දවස්වල හෙන අලයා. අන්න දැන් අල බැහැලා. ලසන්ත අලගියවන්න ගාව කක්කුසි වලන් පිගන් හෝදනවා...
ආට් කරපු උන්ගෙන් නම් 99.99%ක් වලේ. කොමර්ස් උන් 25% වගේ ගොඩ යනවා. 75%ක් වලේ. මැත කරපු උන්ගෙන් ඒ ලෙවෙල් ෆේල් වෙන උනුත් හුගක් වෙලාවට ගොඩයනවා. ඒලෙවල් පාස් වෙන උන්ගේන් කාල කන්නි වෙන එවුන් බහුතරේ කාලකන්නි කරන්නේ මේ පිසිකල් ලබ්බ. මල්ලි උබට මාව ශුවර් නම් පිසිකල් නම් යන්න එපා
ඔය Msc කරන්න පුලුවන්. සයන්ටිස් වෙන්න පුලුවන් කිව්වට මල්ලි ඔය තත්වෙට බැජ් එකේ 5ක් 10ක් වත් එන්නේ නෑ.බහුතලේ ජෙනරල් එක අරන් එලියට එනවා.පිසිකල් වලින් පස්සේ ඔය කියන සයන්ස්ටිස්ට් වෙන්න Msc, Phd ආතල් කුඩුවෙනකන් තට්ටේ පෑදෙනකන් ඇට දෙකේ බඩු කල් වෙනකන් අව්රුදු ගනන් ඉගෙනගන්න ඕනේ. අනාත ජීවිත. අද්යාපනේ විතරක්ම කරනවයි කියන්නේ උබම හිතල බලපන් ඒ ජීවිත ගැන. 26 /27 වෙනවා Msc ඉවරකරද්දි සමහර උන්.Phd ගැන කුමන කතාද? කවදා ගෙයක් දොරක් හදල වාහනයක් ගන්නද බන්??අනික බැජ් එකේ ඉන්න පාඩන් කරනවා කියන එක ඇරෙන්න ආතල් එක කියන වචනෙ තේරුමවත් නොදන්න හෙනම බන්ඩලා තමා පොත් බදාන ඕවටම නැහෙන්නේ. ඔන්න ඉතින් 35ක් විතර වෙද්දි ඇල්ටො කාර් එකක් ගත්තහැකි
මේක දැකලා මම දන්නිවා අනිවාරෙන් පිසිකල් කරපු අයට රිදිලා කියයි මම පිසිකල් ගිය එකෙක් නෙමේ, මට ඇති පිසිකල් ඩිග්රියක් නෑ. දුකට කියෝනවා කියලා. මෙන්න කලින්ම සාක්ශි. දකුනු අත පැත්තේ තියෙන්නේ අද්යාපන අමාත්‍යංශයෙන්, විදේශ සේවා නියුක්ති කාර්යන්ශයෙන්, විශ්ව විද්‍යාලයෙන්, ඇටෙස්ට් කරපු සෙටිෆිකේට් කොපිය, වම් පැත්තේ තියෙන්නේ රිසාල්ට් ශීට් එකේ ඔරිජිනල් එක.
අපායට ගියත් සහතික ටික උස්සන් යනවා
**
අදාල පුද්ගලයන් දැකීමෙන් පසු පොටෝ එක ඉවත්කරන ලදී. නැත්නම් මේකේ ඉන්න සමහර කුක්කෝ ඕක උස්සන් හතර අතේ නටයි
***
(ඒලෙවල් වත් නැති මොන්ටි සෝරි කෝස් එකක් වත් කරගන්න බැරි ගෝතයොනේ බන් අපේ කොලිෆිකේශන් හොයන්න එන්නේ එලකිරියේ


. ඒ නිසා මීට වඩා දාන්න බෑ )
කිත්සිරි සර්ට බුදු බව අත්වෙන්න,, චාටඩ් ඉන්ජිනීරින් කරගත්ත නිසා අද මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා
පිසිකල් වලින් මට ලැබුනනම් ලැබුනේ, හොද යාලුවෝ සෙට් එකක්, හොද ආතල් කාලයක් විතරයි
උබටත් චාටඩ් ඉන්ජිනේරුවෙක් වෙන්න ඕනේනම් කියල දෙන්නම්. කරපන්. හැබැයි පුතේ අපේ කාලෙට වඩා දැන් හුගක් වෙනස් ඇති. ඔය පැත්ත හැන මම අප්ඩේට් නෑ. මෙන්න කිත්සිරි සර්ගේ ෆේස් බුක් එක. සර් ඉගෙනගන්න, උනන්දුවක් තියෙන උත්සහවන්ත කොල්ලන්ට උදව් කරනවා බොක්කෙන්ම
https://www.facebook.com/kithsirisam?fref=ts
වනේ වන සතෙක්වත් පිසිකල් නම් යවන්න එපෝ.....