මඤ්ඤොක්කා, පොලොස් ගැට, අනෝදා හොඳයි කියලා අහලා තියෙනවා.
ආහාර මාර්ගෙ කොහේහරි අවහිරයක් තියෙනවා නම් දිරවන්න අමාරු දේවල් කෙඳි දේවල් කෑමට දෙන්න හොඳ නෑලු. ඒ වෙනුවට වැඩිපුර දියර කෑම දෙන එක හොඳයිලු.
chemotherapy වලට injection, බොන්න බෙහෙත් දෙනවා නම් ප්රතිශක්තිය අඩුවෙනවා, ඒ කාලේ බෝවෙන ලෙඩ වලින් පරිස්සම් කරගන්න. allergy වෙන දේවල් කන්න, පාවිච්චි කරන්න එපා. කටේ තුවාල වගේ හැදෙන්න පුලුවන්, ඒව වලක්වන්න hospital එකෙන් දෙන දේවල් හරියට පාවිච්චි කරන්න.
නිතර scan, tests කරලා අනිත් අවයව වලට පැතිරෙන්න අවධානමක් තියෙනවාද කියලා දැනගන්න.
chemotherapy වලට බෙහෙත් දෙනවා නම් ඒ හින්දා එයාගෙ හැසිරීමෙ පොඩි වෙනස්කම් වෙයි, වැඩිපුර කේන්ති යයි. මුරණ්ඩු ගති එයි. එහෙම වෙලාවට ඉවසීමෙන් එයත් එක්ක වැඩ කරන්න.
Doctors ලා කියන දේවල් දෙන බෙහෙත් හරියට වෙලාවට පිළිපදින්න
ඉක්මන් සුව ලැබේවා!