Computer Networking - CCNA!!!

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මම දැනට Cisco CCNA Routing and Switching Exam එකට ඉගෙන ගන්නවා. Cisco කියන්නෙ මේ ලෝකෙ තියෙන Networking උපකරණ වලින් භාගයකටත් වඩා නිෂ්පාදනය කරන සමාගමක්. මේ සමාගමෙන් ලබාදෙන Certificate එක ලෝකෙ ඕනෙම තැනක පිලිගන්නවා. ඒ කියන්නෙ මේක Professional Certificate එකක්.

    ඒ ඉගෙන ගන්න ගමන් තමයි මම ඉගෙන ගන්න දේවල් Computer Networking ගැන ඉගෙන ගන්න ආසා අයට Elakiri.com හරහා කියල දෙන්න හිතුවේ. අද ලෝකෙ ගොඩක්ම දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ පරිගණක ජාලකරණ ක්ෂේත්‍රය. ඒ වගේම අද ලෝකේ රැකියා වෙලඳපොලේ පරිගණක ජාලකරණ ඉංජිනේරුවන්ට, එහෙමත් නැත්තම් Network Engineers ලට ලොකු ඉල්ලුමක් තියෙනවා.

    මේ Site එකට ගිහින් Cisco Certification ගැන දැනගන්න පුලුවන්.

    http://www.cisco.com/web/learning/certifications/index.html

    මම මේ හැමදේම කියලා දෙන්නේ Cisco Syllabus එකේ තියෙන පිලිවෙලටයි. ඒ නිසා පිලිවෙලට හැම දේම ඉගෙන ගන්න. මේ දේවල් ඉගෙන ගන්න එක ඒ තරම් ලේසි දෙයක් නෙමේ.

    මමත් මේ දේවල් ඉගෙන ගන්නේ ජීවිතේ පලවෙනි වතාවටයි. මගෙ අතිනුත් මොකක් හරි වැරැද්දක් උනොත් ඒක පෙන්නල දෙන්න. එතකොට අපි හැමෝටම මේ දේවල් හොඳට ඉගෙන ගන්න පුලුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment කරන්න. මට පුලුවන් එතකොට ඔයාලට උදව් කරන්න.

    Good Luck !
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ela

    mamath 640-802 ta class giya ban but exam karanna beri una

    dan syllabuss1th wenas welalune tikak

    digatama dapan mchn thread eka!!
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,499
    16,304
    113
    11.gif
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    What Is A Computer Network - පරිගණක ජාලයක් යනු කුමක්ද?


    අද ලෝකය එකට එකතු වෙලා විශ්ව ගම්මානයක් වෙල තියෙන්නෙ හැම තැනටම විහිදිලා තියෙන මේ සන්නිවේදන ජාලය හින්දා තමා. ඒකයි අපිට මේ තරම් මේ පරිගණක ජාලකරණය වැදගත් වෙන්නේ.

    සරලවම මම මෙහෙම කියන්නම්. පරිගණක ජාලයක් (Computer Network) කියන්නේ දත්ත හුවමාරු කිරීම සඳහා දත්ත හුවමාරු මාධ්‍යකින් එකට සම්බන්ධ කරන ලද පරිගණක සමූහයක්. මේ Computer Networks වල තියෙන්නෙ Computers විතරක්ම නෙමේ. තවත් විවිධකාරයේ සන්නිවේදන උපකරණ ගොඩක් එකට සම්බන්ධ වෙලා තමා මේ ජාලය හැදෙන්නේ.
    • Routers
    • Switches
    • Hubs
    • Bridges
    • Modems
    මේ සෑම උපකරණයක්ම Cables හෝ Wireless හෝ Radio Waves මගින් තමා එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ දේවල් දැන්ම තේරෙන්නේ නෑ තමයි. ඊලඟ පාඩම් වලින් ඔයාලට මේ සේරම මම කියල දෙනවා. මේ දේවල් සිංහලෙන් කියල දෙන එක ටිකක් අමාරු වැඩක්. පුලුවන් තරම් මම මේ පාවිච්චි කරන වචන ටිකට හරි හුරුවෙන්න.

    මේ Video එක බලන්නකෝ !!!

    Computer Network එකක් භාවිතා කිරීමෙන් අපිට මේ වගේ දේවල් කර ගන්න පුලුවන්.


    • Email, Video conferencing සහ Instant messaging වැනි සේවා ලබා ගැනීමට.
    • පරිශීලකයන් විශාල පිරිසකට එකවර Printer, Scanner වැනි උපකරණ භාවිතා කිරීමට.
    • Network එක තුල file share කිරීමට.
    • දුරස්තව පිහිටි පද්ධති සමඟ Software සහ Operating system software share කිරීමට.
    • Network එක තුල සිටින පරිශීලකයන් සමඟ පහසුවෙන් තොරතුරු හුවමාරු කිරීමට සහ තොරතුරු යාවත්කාලීන කිරීමට.
    ඊලඟ පාඩමෙන් හමුවෙමු!!!
    Good Luck!!!
     
    • Like
    Reactions: Madush007

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේ පටන් ගන්නවා වගේ කරගෙන පලයන් හොඳද..මොකද ගොඩක් උන් පටන් ගන්නවා විතරයි...

    එල මචන් රෙප් 5+