වලවල් ටික මාක් කරලා සිමෙන්ති කොලොප්පු දාලා පැච් කරන්න
අවුව වැටෙනවා නම් හරියන්නෙ නැහැ කොලපු ටික පුපුරලා ගැලවිලා යනවා
කොලපු දාල හොඳට හයි වෙනකල් වතුර දාලම තියන්න ඕන, කොන්ක්‍රීට් එකට කොලපු වල තියන වතුර ටික උරාගෙන කොලපු ටික පුපුරලා ගැලවිලා යනවා, අත්දැකීමෙන් කියන්නෙ.අනික කොලපු ඝනට දැම්මත් පුපුරනවා
බදාම කපලා සිමෙන්ති මදින එක සාර්ථකයි ඒත් තුනියට බදාම කපලා වැඩක් නැහැ තුනියට කැපුවම කොන්ක්‍රිට් එකෙන් බදාම කපපු එක ගැලිවිලා බොල් වෙනවා, පොඩ්ඩක් ඝනට බදාම කපලා සිමෙන්ති සුද මැද්දම නම් හරි