cookery Class -2

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    dath kimbula
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    එළම තමා.....වෙනම ත්‍රෙඩ් එකක දාපන් මචං........ත්‍රෙඩ් ස්ටාටර් එක විදියට.......නැත්තං මේකෙ පහලටම එන්න එපායැ........රෙසිපිය හොයන්න......
    මම පටන් ගත්තේ EK COOKARY CLASS (1) කියලනේ.......(2)..(3)...ආදී වශයෙන් පලයල්ලා...මගෙන් කිසිදු ගැටළුවක් නැහැ.......!!!! කවුරු කලත් හොද වැඩේ හොදම තමා...!!!!



    Dath Kimbula මහතාගේ ඉල්ලීම මත මෙසේ වෙනම එකක් දැම්මේ!!!
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගෙත් පළවෙනි හොබී එක කුකින් තමා!! මටත් ලෝකල් සහ ඉන්ටර්නැෂනල් ෆුඩ් ගොඩක් හදන්න පුලුවන්!! ඉල්ලුමක් තිබුනොත් සපෝට් එකට රෙසිපීස් දාන්න පුලුවන්. ෆොටෝ දාන එක තමා කේස්. ඒවා එඩිට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි තමා කාලෙ නැත්තෙ!!

    මම හදන්න දන්න කෑම වර්ග පහතින් ඇති. ඉල්ලුමක් ඇත්නම් දාන්නම්!!

    Chicken Biriyani
    Raitha
    Chapathi
    Nann
    Dose / Masala Dose
    Ulundu wade
    Iddli
    Saambar
    Coconut chutney
    Paneer (Cottage cheese)
    Cheese
    Meat or fish balls
    Chiken tikka
    Paneer tikka
    KFC style fried chiken
    Tom-yam soup (thai)
    Thai chicken Green /Red curry
    Paan (Normal Bread loaf)
    Banana bread
    Pizza
    Maalu Paan
    Cheese & Pasta
    Tomato Sauce
    Tamarind Sauce
    Mayonnaise Sauce
    EGB (Fresh Ginger Beer) Home made

    Many more.........!!
     
    • Like
    Reactions: thilzz

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    images


    මේකනම් පට්ට සරළයි!! ඒ නිසා මුලින්ම දාන්නම්!! හැබැයි ෆොටෝ නෑ!!

    අවශ්‍ය ද්‍රව්‍ය -

    අගලක් විතර ඉගුරු කෑල්ලක්
    දෙහි ගෙඩියක්
    සීනි මේස හැදි 4ක්
    අයිස් වතුර වීදුරු 2ක්
    මිලි 500 සෝඩා බෝතලයක්

    ඉගුරු පොඩි කෑලි වලට කපා ‍බ්ලෙන්ඩරයට දාන්න
    සීනි, දෙහි ගෙඩියෙ යුෂ, වතුර කෝප්ප 1/2කුත් දමා බ්ලෙන්ඩ් කරන්න.
    ඉගුරු හොදින් ඇඹරුණ පසු ඉතිරි වතුර වීදුරු 1 1/2 ද දමා නැවත තත්පර 2ක් බ්ලෙන්ඩ් කරන්න.
    දැන් එය පෙරා හිස් වීදුරු 4කට 1/2 බැගින් දමා ඉතිරි 1/2 සෙමෙන් සෝඩා වලින් පුරවන්න.

    දැන් ඉතින් බොන්න!!!

    ෆ්‍රෙෂ් පිටම බොන්න ඕනේ!! කල් තැබීමේදී රස වෙනස්වෙනවා!!

    හදලා පුරුදු වුනාම ඔරිජිනල් රසම එන විදියට අමුද්‍රව්‍ය ප්‍රමාණවල් වෙනස් කරගත හැකියි!!

    වතුර අඩු කරලා වැඩිපුර සෝඩා දාගන්නත් පුලුවන්!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    චීස් හදමු!!

    මේකත් සරලයි!!

    අවශ්‍ය ද්‍රව්‍ය-

    නැවුම් කිරි ලීටර් 1 යි
    මුදවපු කිරි මිලි 500 යි
    ලුණු කුඩු තේ හැදි 1/2ක්

    ක්‍රමය-

    කිරි සාස්පානකට දමා හැදිගාමින් රත් කරන්න.
    මුදවපු කිරි ටික හැන්දකින් බීට් කරන්න.
    කිරි උතුරන්න ලං වෙන කොට මුදවපු කිරිටික දමා හොදින් හැදි ගාන්න.
    එවිට කිරි කැට ගැසේ. මදක් උතුරන්න හැර තුනී රෙදි කෑල්ලකින් පෙරා කැට ගැසුනු කිරි ටික එකතු කර ගන්න.
    දැන් හොදින් මිරිකා බොලයක් සේ සකසා වතුර බේරෙන්න පැය 4-5ක් එල්ලා තබන්න.
    ඉන්පසු භාජනයකට දමා ලුණු එක් කර ඇලෙන ගතිය එන තෙක් අනන්න.
    ටිකක් කාලා බලා ලුණු මදිනම් තව එක්කරන්න.
    දැන් තමන් කැමති හැඩයකට සකසා ශීත කරනයේ තබන්න.

    දින 2-3කින් කාලා ඉවර කරන්නග නැත්නම් පුස් කනවා!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    images

    මෙන්න KFC වගේ චිකන් හදන විදිය.

    අවශ්‍ය දුව්‍යය-

    සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක්
    බිත්තර 1ක්
    පාන්පිටි ග්‍රෑම් 250ක්
    කෝන් ෆලවර් ග්‍රෑම් 50ක්
    ටොමැටෝ සෝස් මේස හැදි 2ක්
    රතු මිරිස් කුඩු තේහැදි 1/2ක්
    ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
    ලුණු තේ හැදි 1ක්
    අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
    දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක්
    බැදීමට තෙල් ලීටර් 1ක් පමණ

    සාදන ක්‍රමය-

    අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න
    ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න.
    පසුව ටොමැටෝ සෝස් එක්කරන්න.
    අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
    දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න.
    ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න.
    වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න.
    ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!!
    දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න:D
     
    • Like
    Reactions: sahanlak

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉතිරි රෙසිපීස් ඉල්ලීම මත සැපයේ!!!
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan mata pizza hadana hati one...

    margarita
    tonno
    margarita & tonno
    salme

    machan mama me dalathiyenne pizza warga 4k mewanam italy yethiyena ewa.....mata kiyala denna barida hadana hati...

    uba drink warga hadanna danne nada????
    dannawanam list ekak dapan ko...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    machan mata pizza hadana hati one...

    margarita
    tonno
    margarita & tonno
    salme

    machan mama me dalathiyenne pizza warga 4k mewanam italy yethiyena ewa.....mata kiyala denna barida hadana hati...

    uba drink warga hadanna danne nada????
    dannawanam list ekak dapan ko...

    Pizza base eka boho wita eka wage. Mewa Topping walin thama venas wenne. Samanya chicken & veg pizza hadanaheti nam daanna puluwan.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ela watalappan hadanna kohomada?

    වටලප්පන් කමු!!

    අවශ්‍ය ද්‍රව්‍ය-

    ‍හකුරු ග්‍රෑම් 500
    බිත්තර 6
    පොල් කිරි කෝප්ප 1/2 (උකු මිටි කිරි)
    සාදික්කා ඇට කුඩු තේ හැදි 1/8ක්
    කරදමුංගු 2ක් කුඩු කර
    මුද්දරස්පලම් හා කජු ටිකක්

    ක්‍රමය -

    හකුරු හොදින් කුඩු කර ගසාගත් බිත්තර, කිරි, සුවද කුඩු එක්කරන්න.
    හකුරු දියවන තුරු මිශ්‍ර කරන්න.
    සුදුසු භාජනයකට වත්කර කජු හා මුද්දරස්පලම් උඩින් දමන්න.
    ඉන්පසු විනාඩි 45- පැයක් පමණ ස්ටීමරයක තබා ඝන වන තුරු පිසගන්න.
    ප්‍රෙෂර් කුකර්, අවන් හෝ ඩබල් බොයිලින් ක්‍රමයද භාවිතා කල හැකිය!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙතන රෙසිපිය දැම්මත් අත හුරු නැති කෙනෙක් කරනකොට ටිකක් වැඩේ අවුල් වෙන්න පුලුවන්. අධෛර්ය නොවී නැවත නැවත කරන්න. ඉක්මනින්ම හරියට හදන විදිය අහුවෙයි!!

    මමත් මුල් කාලේ ඕවා කරන්න ගිහින් සාස්පාන් කීපයක්ම පුච්චලා තියනවා!! මුලින්ම කරන කොට වටින භාජන පාවිච්චි කරන්න එපා!!

    හැම ස්ටෙප් ඒකේදිම වගේ රස බල බල කරන්න. එතකොට ලුණු, ඇඹුල්, සීනි ගානට දාගන්න පුලුවන් වෙනවා!!
     
    • Like
    Reactions: ♥-Aurora-♥