මම දියුණු නොවෙන්න හෙතුවක ඉඟියක් එක ත්‍රෙඩ් එකක කිව්වා. අපෙ උන් එක එක හෙතු ගොතයි. එකෙක් කියයි අපෙ රටෙ සිංහල භාෂාවෙන් වැඩ කිරිම තමා අවුල ඉතිං ඉංග්‍රිසි වලින්ම උගන්වන්න ඔනෙ කියලා. එහෙනම් ඉන්දියාව පිලිපීනය ඇයි අපිට වඩා සවුත්තු ?
තමන්ගෙ භාෂාවෙන්ම වැඩ කරන ජර්මනිය, ජපානය, කොරියාව ඇයි එහෙනම් දියුණු ?
…ඉංග්‍රිසි රටවල් වලින් දියුණු ඇමරිකාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය ,කැනඩාව ,එත් ඉංග්‍රිසි කතාකරන සුද්දොත් ඉන්න දකුණු අප්‍රිකාව දියුණුයි කියලා පිළි අරන් නැත්තෙ ඇයි ?
තව කවුරු හරි කියාවි බෞද්ධ රටක් නිසා තමා බැරි කියලා. එහෙනම් ජපානය ආසියාවෙ අභිමානය උනෙ කොහොමද ?? එතකොටත් කවුරුහරි කියාවි අහ් ඒහෙ තියෙන්නෙ මහායාන අපෙ තියෙන්නෙ තෙරවාද ඒකයි අවුල කියලා. හරි එහෙනම් මෙ ලොකෙ දියුණු රටවල් සෙරම මහායානද ?? එතකොට කියාවි අහ් එහෙනම් අපි කැතලික් හරි ක්‍රිස්තියානි හරි වෙමු කියලා .එහෙනම දියුණු කියන සෙරම රටවල් ක්‍රිස්තියානිද ? මෙක්සිකොව ,බ්රසිලය ,අප්‍රිකාවෙ කොන්ගොව ඇතුළු ක්‍රිස්තියානි ප්‍රභෙද අදහන රටවල් ඇයි දීලිඳු ? කවුරු හරි කියාවි අහ් අපිට තෙල් නැහැ නේ එකයි අවුල .එහෙනම් තෙල් තියෙන වෙනෙසුවෙලාව ,ඉරානය, ඉරාකය, රුසියාව දියුණුයි කියලා පිළි අරන් නැත්තෙ ඇයි ? තෙල් තියෙන අරාබි මුස්ලිම් රටවල් වලත් (කටාර්, යු ඒ ඊ, සෞදි, ඕමාන්, බහරෙන් ,කුවෙට්)ලොකු ලොකු දෙවල් හදලත් සංවර්ධිතයි කියලා පිළි අරන් නැත්තෙ ඇයි ? හැබැයි හයි ඉන්කම් තියෙන රටවල් ලිස්ට් එකෙ ඉන්නවා. අපෙ සමහරුන්ට අනුව Enrique වගෙ එකෙක්ගෙ මියුසිකල් ෂො එකක බ්‍රා එක ජංගිය විසික් කිරීමත් දියුණුවක් නේ ?? ඒ ෂො එකෙන් පස්සෙ සැහෙන්න ආයොජන ගාලාගෙන ආවාළු ,අනෙ මන්ද මෙ පොෂ් බයියො කියන කතා. පඹයා උනත් ගොඩයා උනත් හිටන් බ්‍රෙසියර් එක ගැන කියලා මඩුවලිගෙන් තලන්න ගිය නිසා තමා අර ගායකයා මෙහෙට ආවා මියුසිකල් ෂො එකක් තිබ්බ කියලා කියලවත් අනෙක් රටවල් වල උන් දැනගත්තෙ.
…
…ඉතිං අපෙ රැවුල වැවිච්ච ලොකුයි කියන කොලෙජ් වලට ගිය මහාචාර්ය කියන ඔස්තාර්ලාගෙ න්‍යායවල් කිහිපයක් තමා මන් උඩින් එව්වා බොරුයි කියල ඔප්පු කළෙ. නිකන් හිතපන් නවසීලන්තෙ ,කැනඩාව ,ඕස්ට්‍රෙලියාව කිසිම දියුණු ශිෂ්ඨාචාරයක් නැති රටවල්. අඩුම ගානෙ ඇමරිකාවට තියෙන උරුමයවත් නැහැ. එත් ඇයි එව්වා දියුණු .හෙතුව එව්වා බ්‍රිතාන්‍ය රැජින යටතෙ පාලනය වන නිසාද ?? දකුණු ඇමරිකාවෙ එක රටක් ඇරෙන්න අනික් සෙරම රටවල් දියුණු වෙමින් පවතින. ඒ රට තමා ෆ්‍රෙන්ච් ගුයානාව. හෙතුව එක පාලනය වෙන්නෙ ප්‍රංශෙන් .
මොකක් හරි තෙරුණාද ? මෙ දියුණුව තීරනය කරන ලොකු බලවෙගයක් එකාධිකාරයක් තියෙනවා. එයින් පිට අපි කිසි දෙයක් කළත් වැඩක් නැහැ. ඒ වගෙම මිනිසුන්ගෙ චින්තනයෙ වෙනසකුත් ඔනෙ. ඒ චින්තනයෙ වෙනස එන්න නම් නැවත ලොක යුද්ධයක් වගෙ දෙයක් යන්න ඔනෙ.