Cricket Film - Fire in Babylon

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28

    බැචා ජීවිතේටම බලල තිබ්බේ ක්‍රිකට් චිත්‍රපටි දෙකයි. එකක් ලගාන්. අනෙක සිංහාවලෝකනය. ඒ දෙකම හුදී ජනයාගේ පහන් සංවේගය වෙනුවෙන් හදපු ෆැන්ටසි චිත්‍රපට. ඒවයේ ලොකු වැදගත්කමක් බැචාටනං පෙනුනෙ නෑ. මේ අතරෙ තමයි බැචා ලෝක ක්‍රීඩා ඉතිහාසය දෙවනත් කරපු අති ශ්‍රේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක් ගැන තැනුනු වාර්තාමය චිත්‍රපටියක් බැචා දැක්කේ. චිත්‍රපටියෙ නම Fire in Babylon. ඉතිං ඒ ගැන සටහනක් තියන්න බැචා හිතුවා.

    ක්‍රිකට් ඉතිහාසය පිලිබද පොඩි හෝ දැනුමක් තියෙන කවුරු උණත් බටහිර ඉන්දීය කොදෙව් පිල පතාක යෝධයන් විදිහට කාලයක් ක්‍රිකට් ලෝකයේ රජකල බව දන්නවා. Fire in Babylon කියන්නේ ඒ පතාක යෝධයන්ගේ උප්පත්ති කතාවයි. 1970 දශකයේ මුල බාගය වෙන කොට කොදෙව්වන් කියන්නේ ක්‍රකට් ක්ෂෙත්‍රයේ තීරක බලවේගයක් නෙවෙයි. ඒ වකවානුව ක්‍රිකට් කණ්ඩායමකට කෙසේ වෙතත් සාමාන්‍ය කළු ජාතිකයෙකුටවත් නිසි පිලිගැනීමක් නොතිබිච්ච අවදියක්. ලෝකය පුරා කළු ජාතිකයන් අවමානයට ලක් කෙරුනා. පහත් කිරීමට භාජනය වුනා. ඒ අවමන් ක්‍රිකට් පිත්තෙන් පරාජය කර කළු ජාතිකයන්ට පිලිගැනීමක්, ආත්ම අභිමානයක් හිමිකර දීම පිලිබද කතාපුවතයි Fire in Babylon.




    1975 අවුරුද්දේ ඔස්ට්‍රේලියාවෙ සංචාරය කරන කොදෙවුවන් ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ගේ මාරාන්තික පන්දුයැවීම හමුවේ අසරණ වෙනවා. නමුත් තමන්ගේ නැගිටීම සටහන් කරන්න ඔවුන් යොදා ගන්නෙත් ඔවුන් පහර කෑ ආයුධයමයි. ලෝකයේ භයානකම වේගපන්දු බලඇණිය කොදෙව් දූපත් වලින් බිහිවෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. ඒ බලඇණිය බිහිවන්නේ ක්ලයිව් ලොයිඩ්ගේ සූක්ෂම නායකත්වය යටතේයි. මේ සුපිරි කණ්ඩායම, තමන් ලැජ්ජාවට පත් කළ ඔස්ට්‍රේලියානුවන්


    පෙරලා ඔස්ට්‍රේලියාවේදීම පරාජය කරන්නේ තමන්ගේ ආත්ම විශ්වාසයේ හා අධිෂ්ඨානයේ මහිමය ලෝකයටම පෙන්වමිනුයි. ඒ සදහා ඔවුන් යොදා ගන්නේ වසර කිහිපයකට පෙර කොදෙව්වන් ඔවුන් පීඩාවට පත්කරන්න යොදාගත් වේගපන්දුවමයි. එයින් නොනැවතී වසර පහළොවක් පුරා ක්‍රකට් ලෝකයේ අණසක පතුරුවන්න මේ ප්‍රබල කොදෙව් කණ්ඩායම සමත් වෙනවා.

    Fire in Babylon කියන්නෙ ක්‍රිකට් කණ්ඩායමක් පිලිබද චිත්‍රපටියක් විතරක් නෙවේ. සමාජීයව, දේශපාලනිකව කොන් කෙරුනු සමාජයක නැගිටීම විදහා දක්වන කතා පුවතක්. සියළු බාධක බිදලා තමන්ගේ අරමුණ වෙනුවෙන් ගමන් කල, තමන්ගේ රට - ජාතිය වෙනුවෙන් සටන් කල වීරයන් පිරිසකගේ කතන්දරයක්. ඔවුන්ගේ ජයග්‍රහණ අප්‍රිකානුවන්ට ශක්තියක් වුනා. ඔවුන් කළු ජාතිකයන්ගේ නිදහස පිලිබද අළුත් බලාපොරොත්තු ජනිත කලා. මේ කතා පුවත සුවිශේෂී වෙන්නෙ මේ පසුබ්ම් කාරණා හින්ද කියලයි බැචාට හිතෙන්නෙ.


    අනෙක් එක එදා කොදෙව්වොන්ගෙයි අද ලාංකිකයන්ගෙයි ලොකු වෙනසක් නෑ කියලත් බැචාට හිතෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවමත් ප්‍රබල ටෙස්ට් කණ්ඩායමක් විදිහට ගණන් ගැනෙන්නේ නැහැ. විශේෂයෙන් මුරලිගෙ ඉවත්ව යෑමෙන් පසුව. ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද තියෙන්නේ හැත්තෑව දශකයේ මුල බාගයේ කොදෙව්වොන්ට තිබ්බ පිලිගැනීමට සමාන පිලිගැනීමක්. හැත්තෑව දශකයේ කොදෙව්වන්ව හැදින්වුනේ විනෝදාස්වාදය සපයන්නන් පිරිසක්(Calypso Cricketers) හැටියටයි. පන්දුවාර 50 තරග මුල් කරගෙන හැදුනු ලංකා ක්‍රිකට් පිලේ ප්‍රතිරූපයත් ඊට යම්තාක් දුරට සමානයි. ලංකාව ක්‍රිකට් ලෝකයේ ප්‍රබලයෙක් බවට පත්වෙන්න




    ම් එදා කොදෙව්වන් සිදුකරගත් පරිවර්තනය ලංකාව තුල අද සිදුවෙන්න ඕන කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් පරිපාලනයක් සහ ධනාත්මක මානසිකත්වයක් සහිත ක්‍රීඩකයන් පිරිසක් මේ මොහොතෙ රටට අත්‍යවශ්‍යයි කියලයි බැචාට හිතෙන්නෙ.

    අනෙක් අතට එදා කළු ජාතිකයන් ලෝකය තුල මුහුණ දුන්න අභියෝගයට සමාන අභියෝගයක් අද ලාංකීය ද්‍රවිඩ ජනයා ඉදිරියේ තියෙනවා. අවුරුදු තිහක යුද්ධයකට පස්සේ බහුතර සිංහල ජනයා ඔවුන් දිහා බලන්නේ සැකයකින්. ඔවුන් රට ඇතුලෙ තවමත් ජීවත් වෙන්නෙ චකිතයකින්. යුරෝපය මීට දශක පහකට කලින් පසුකල සංක්‍රාන්ති සමය ලංකාව පසුකරන්නේ දැන් කියලයි බැචාට හිතෙන්නෙ. රට ඇතුලෙ දළු ලන ජාතිවාදයේ ගිනිපුපුරු සදහටම නිවා දමන්න ක්‍රිකට් ක්‍රීඩාව හොද මෙවලමක් කියලත් බැචාට හිතෙනවා. දශක තුනකට කලින් කොදෙව් දූපත් වලින් බිහිවී ලෝකයම හෙල්ලූ ඒ වේගපන්දු යවන්නන්, හෙට දිනයේ උතුරු-නැගෙනහිරින් බිහිවෙනවා නම්, ජාතික සමගිය නංවන්නට එයටත් වඩා හොද විසදුමක් තියෙන්න පුළුවන්ද?

    http://campusbatcha.blogspot.com/
     
    Last edited:

    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    film ekata wediya batcha mama umba liyala thiyana karunu wala anthima kots 3nata kemathi .. api hemoma oya vidiyata hithanne nethi ekai ada mehama wela thiyanne .. eath mama sathutauii adu gane ekek hari ehama hithana eka gena ...

    good post machan .. elakiri ..