Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය

May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
10.6

කොහොමෙන් හරි චුට්ටක් චුට්ටක් අඩු උනත් ජැසී මා එක්ක දිගටම වගේ කතා බහ කලා.. ඒත් වෙනසක් නම් තිබුනා.. ඉස්සර තරම් එයා මට අග නැති බවක් මට හොඳටම දැනුනා.. ඒ අස්සෙන් අර සඳුන් දෙපැත්ත කොටවනවා හෝ ගාලා.. අනේ මන්දා.. සඳුන් මට ජැසී ගන කියපු දේවල් මම කවදාවත් විශ්වාස කලෙ නෑ.. ඒ කතා අහලා මගේ ආදරේට හානියක් උනෙත් නෑ.. ඒ ආදරේ වෙනස් උනෙත් නෑ.. අනේ ඉතින් මගේ මෝඩ කොල්ලා මොනා විශ්වාස කරාද කියන්න මන් වත් දන්නෙ නෑ.. හමෝම මට කීවෙ මූනිච්චාවට මම බොරු කියපු නිසාලු ජැසී මට නති වෙන්න හේතුව.. ඒත් ඒක මහ පට්ටපල් බොරුවක්.. මොකද අපි ඊලග වසන්තයෙත් හමු වුනා.. ඒදා නැගපු බස් එක මෙදාට වඩා ටිකක් රියැලිස්ටික්.. එදා මම එයාට ඇත්ත කීවා.. ඒ වසන්තෙ ගැන මම ඉස්සරහට කියන්නම්කො.. ඒ කාලෙ නම් හරිම සුන්දරයි.. මට තවමත් මැවි මැවි පේනව ඔයාගෙයි මගෙයි සොන්දුරු සිත්තම්..

ඔයාට මතකයිද ජැසී ඔයා දවසක් මට කතා කරපු වෙලේක මෙහෙම කීවා..

'' තෙරී ලාචක් හේ කේ ජේසේ ඩාලි දිල් මේන් උටාර් ජානේ දේ ''

The way of your style which impressed my mind, how can i let it go like this ?


'' ෆිර් නා හවා හේන් හොන්ගි ඉත්නී බෙශරම්, ෆිර් නා දග මග හොන්ගේ යේ කදම්.. ''

Never again will the winds be so impertinent,
or my feet so unsteady beneath me.

Alas..
Never again will the winds be so impertinent,or these steps so unsteady.



දැන් ඔයා උඩ බිම බලනවා ඇති මේ මොන මගුලක්ද කියලා.. එදා මමත් එයාගෙන් ඇහුව ඒකෙ තෙරුම මොකද්ද කියලා.. ඒත් එයා මට ඒක කීවෙ නෑ.. හේතුව එයා ඒක මටම ප්‍රෙහෙලිකාවක් කරල විසඳන්න දුන්න නිසා.. ඒ කාලෙ මට හිටිය හින්දි යාලුවෙක්.. එයා ඉන්දියන් අයියා කෙනෙක්.. මම එයාගෙනුත් ඇහුවා.. එයත් ඔය එහෙන් මෙහෙන් කීවට හරියටම පහැදිලිවම කිව්වෙ නෑ.. ටික කාලයක් ගියාම තමයි දන්නෙ මෙයා මට කියලා තියෙන්නෙ ෆනා චිත්‍රපටියේ සින්දුවක කෑල්ලක් කියල.. එහෙම කියන්නත් හෙතුවක් තිබ්බ.. ඒක එයා මට නොකීව දෙයක්.. එහෙත් මටම තෙරුම් ගන්න ඉඩ හැරපු එකක්.. ඔයා කියන්න හදපු දේ මට දැන් තේරෙනව.. ඒත් එතකොට ඔයාගෙ ඔලුව මෙලහකටත් අර වේයො කාලා නේද ?? මම පරක්කු වැඩී ද ??



qss8x5.jpg



අදට නියමිත කතා කොටස මෙතැනින් අවසානයි.. මීලග කතා කොටස හෙට දිනයේදී පල කිරීමේ බලාපොරොත්තුවෙන් සමු ගෙන යමි..

-මතු සම්බන්ධයි

 
  • Like
Reactions: ♥-Aurora-♥
May 18, 2010
6,978
210
0
Los Angeles
- එකොලොස් වෙනි කොටස -

Code:
11.1

හිරු මැකී යයි නීල අහසේ..
සේද මීදුම් මායිමේ..
නිමාවී යයි මේ වසන්තේ..
යළිත් නොම ඒ කිසි දිනේ..
ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්..
රිදුම් දෙයි ආදරේ..
නෙතු සලා හමු වෙලා..
සුසුමකින් වෙන් වුනා..




පුදුමයි නේද ජැසී.. සමහර විට අපේ දයිවයේ අපේ ආදරේ ගැන ලියවිලා නැතුව ඇති.. ඔයා වෙනුවෙන් මගෙ හිත අතුලෙ කොච්චෙර ආදරයක් තැන්පත් වෙලා තිබ්බත් ඒකෙන් අන්තිමට කිසිම තෙරුමක් උනේ නෑ.. මට හරිම දුකයි..
එක මොහොතක් තිබ්බොත් ඇති මට දුවගෙන ඇවිත් ඔයට තුරුල් වෙලා ඔයාගෙ පපුවට මගෙ මූන ඔබා ගෙන මගේ දුක හිඳෙනකන් ඇති තරම් අඩලා අඬලා හිතේ දුක නැති කරගන්න..
අනේ.. ඒත් මම ඒ තරන්වත් වාසනාවන්ත නෑ කියලා මම දන්නවා.. ඔයාව ලබන්න මම පින් කරලා මදි ඇති..


ඒත් මම එක දෙයක් දන්නවා.. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ..
ඔයා මගේ හිතේ හැමදාටම ඉඳියි.. මේ ආදරේ හරිම පුදුමයි ජැසියෝ.. කියා ගන්න බැරි තරම්.. ඔයාට හිතා ගන්න බැරි තරම්..
අපි ආයෙත් දවසක අනිවාර්යෙන් හම්බෙයි.. හම්බෙනවමඉ.. හේතුව , මගෙ ආදරේට වටිනාකමක් මේ ආත්මෙදි මට ලැබෙන්න ඕනි.. මොකද මගේ අදරේ හරිම පිවිතුරුයි.. පිරිසිදුයි.. හිතේ කිසිම කිලුටක් නෑ.. මේ ආදරේ පූජනීයයි.. කිසිම කෙනෙක්ට බෑ මගේ හිතේ ඔයාට තියෙන ආදරේ උදුර ගන්න.. ඒක ඔයාගෙ විතරමයි.. ඒක ඔයාට විතරමයි අයිති..
ඔයාට පුදුමයිද මම ගැන.. මේ කෙල්ලට පිස්සු කියල හිතෙනව ඇති.. ඇත්තටම මට පිස්සු තමයි.. මේ පිස්සු කෙල්ල ඔයාට එයාගෙ පණටත් වඩා ආදරේ කරනවා.. ඉතින් ඒක පිස්සුවක් තමයි..





4h8vuo.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
11.2
ඔය අතරේ සඳුන් එහෙම ෆුල් ට්‍රයි කලා ජැසීව මගෙන් වෙන් කරන්න.. හේතුව දන්නෙ නෑ.. මම අනුමාන කරන විදියට නම් එයා මගෙන් පරණ තරහක් තමයි පිරිමහන්න හදන්නෙ.. ඔයාලට මතකයිනෙ අර ජේසන් ලව්වා අහපුව එහෙම.. කොහොමෙන් හරි.. කට්ටියම එකතු වෙලා මගේ ජැසීව ටික ටික මගෙන් උදුරගත්තා..

ඔහොම ඩින්ග දවසක් යද්දි.. එයා මට කතා කරන එක ඩින්ග ඩින්ග අඩු වුනා.. ඒත් ඔය එහෙන් මෙහෙන් ටිකක් ටිකක් කතා කලා.. ඒත් ඉතින් ඒ දවස් වල මටත් ගෙදරින් පොඩි පොඩි අවුල් තිබිල ඉන්ටර්නෙට් සීමා කරලා තිබ්බෙ..

ඉස්සර රෑට රෑට ඔන්ලයින් එන නිසා මම එයාට 'වවුල් කොල්ලා' කියලත් කිව්වා.. ඒත් දැන් මටත් ඉන්ටර්නෙට් සීමා කරලා රෑට ඔන්ලයින් එන්න විදියක් නෑ.. ඒ අස්සෙ අර මිනිස්සු එයාව මගෙන් ටික ටික ඈත් කරනවා.. මට කර කියා ගන්න දෙයක් නැතුව තිබ්බෙ.. මම හුඟක් අසරණ උනා.. ආදරේ රැක ගන්න විදියක් තිබ්බෙම නෑ.. අනේ ඉතින් මොනා කරන්නද.. මම හොඳටම දන්නවා.. මම එයාට ආදරේ කරණ තරම් එයා මට කවදාවත් ආදරේ කලේ නෑ.. හේතුව මම කවදාවත් එයාව පහත් කොට සැලකුවේ නෑ.. වෙන මිනිස්සුන්ගෙ කතා අහල එයාට තිබ්බ ආදරේ අඩු කරේ නෑ.. ඒ ආදරේ ඩිගටම තිබ්බ එයා වෙනුව්න්ම..


ඔහොම ටිකක් දවස් යද්දි.. ජැසී මා එක්ක ටිකක් ඔරොප්පු කේස්.. හිටි ගමන් එයාට මොනා උනාද මන්දා.. එක පාරටම ඇවිස්සුනෙ.. මට හොඳටම රිදුනා.. හිත කැකෑරිලා ගියා.. පපුව හරහා හීයක් විද්දා වගේ දැනුනා.. හිතට දැනුනෙ අපමණ දුකක්.. කොහොම ඉවසගන්නද.. පනටත් වඩා ආදරේ කරපු කෙනෙක්ගෙන් මෙහෙම බලාපොරොත්තු වෙන්නෙ කොහොමද.. අනික එයා එක පාරම හේතුවක් නැතුව මා එක්ක තරහා යන්න හේතුව මොකද්ද..

මට නම් හොඳටම තේරුනා.. සඳුන්ලා අනිවාර්යෙන් මොනා හරි කියල කොටවන්න ඇති..


sad_girl2.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
11.3
p16462-sad-girl-mobile-wallpaper.jpg



මම එහෙන් මෙහෙන් ගිහින් සඳුන්ගෙන් ඇහුවා.. එයා හිනා වෙලා නිකන් හිටියා..

''අපි කොහොමද දන්නෙ.. ජැසී ඉතින් අමුතු එකෙක්නෙ.. ඌ මොනා කරනවද මොනා කියනවද කියලා අපි කොහොමද දන්නෙ..''

මෙහෙම කීවෙ මූනිච්චාවට.. එයාලට හරි සන්තෝස ඇති මගෙ අහින්සක හිත කඩලා.. නොදකින් ! මෙහෙමත් දුකක් උහුලන්න උනානෙ මට.. මම ජැසීට ආදරේ තරම් එයා මට ආදරේ කලේ නෑ ක්යන එකට සාක්ශි මා ගාව තියෙනවා.. ඔයාටත් දැන් ඒක තේරෙනව ඇති..

මම හැමදාම එයාව ආරක්ශා කලා.. ඒ ආදරේ රැක්කා.. ඒත් මේ මෝඩ කොල්ල වෙන අයගෙ කීම අහලා හිතේ සැකයක් ඇති කර ගත්තා.. ඒත් මම ඒකට ඔයා එක්ක තරහ නෑ ජැසී.. ඔය හිතට මම කොහොම තරහා බඳින්නද.. බෑ බෑ..

මට එහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් බෑ..

ඔය කාලේ ජැසීට සඳුන්ලා එහෙම 'ජැස්මින් කියලා' විහිලු කලා.. අනේ මන්දා.. මන් වත් දන්නෙ නෑ කවුද ජැස්මින් කියන්නෙ කියලා.. මම ඒක කවදාවත් ජැසී ගෙන් ඇහුවෙත් නෑ.. දැන් ඉස්සර වගේ එයා මා එක්ක කතා කරන්නෙත් නෑ.. මම බාගෙට මැරිලා වගේ හිටියෙ.. මුන් ඔක්කොම එකතු වෙලා මාව පණ පිටින් පිච්චුවා.. උන් හැමෝටම දැන් සන්තෝස ඇති.. අනේද.. අනුන්ගෙ හිතක් ගිනිබත් කරලා සතුටු වෙන එවුන් මොක්කුද.. අමනුස්සයෝ !!


sad_girl_small.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
11.4

sad-girl.jpg




කොහොමෙන් හරි උන් ඔක්කොම මූනට එකයි පිටට එකයි.. ඔක්කොමල එකයි.. දිය යටින් ගින්දර ගෙනියන කිඹුලො හිටියෙ..

ජැසී දැන් ඉස්සර වගේ නෙවෙයි.. එයා මා එක්ක දැන් එතරම් කතාවක් නැති තරම්.. පුදුම වෙනස් වීමක්.. මටත් ඉස්සර වගේ නෙවෙයි.. ගොඩක් වෙලා ඔන්ලයින් රැඳෙන්න බැරි උනා පාඩම් වැඩ කටයුතු නිසා.. ඒකයි මේකයි ඔක්කොම මගේ ඔලුවට ඇවිත් කර කියා ගන්න දෙයක් නැතුව හිටියෙ මට.. මගේ ඔලුව පුපුරන්ඩ තරම් ප්‍රශ්න.. අයියෝ.. ජීවිතේම එපා වෙලා හිටියේ.. පාඩම් වැඩයි.. ක්‍රීඩා කටයුතුයි.. ගෙදර ප්‍රශ්නයි.. මට දාහකුත් ප්‍රශ්න ඔලුවට ගොඩ ගැහිලා තිබ්බෙ..

මම වැඩිය ඔන්ලයින් ආවෙත් නෑ.. එයා වැඩිය ඔන්ලයින් ආවෙත් නෑ.. අපි දෙන්නටම ටික කාලෙකට cyber වහලෙන් පිට ඉන්න උනා ටික දවසකට.. ඒත් පුලුවන් පුලුවන් හැටියට මම ඔන්ලයින් එහෙම ඇවිත් ඔය එහෙන් මෙහෙන් විඅපරම් කරලා බැලුව මොනාද විස්තර එහෙම කියලා..

අහගත්තෙ..

එතකොට තමයි කිව්වෙ ඇපෙන්ඩිසයිටිස් හැදිලා රෝහල්ගත වෙලා ටික කලක් හිටියා කියලා..

මාව රත් උනා ඒක අහලා.. මට හිතුනා .. මේ මනුස්සයට මෙච්චර දෙයක් වෙලත් මම කොහෙද කියලා හිටියෙ.. ආඩරේ වැඩි කමටයි එහෙම හිතුනේ.. නැතුව මට එයා ගැන හොයලා බලන්න පුලුවන් තරමෙ ඉඩක් තිබිල නෙව්යි.. හිතේ ඩුකටයි ආඩරේටයි එහෙම හිතුනෙ.. අනේ මන්දා.. මට මාර අප්සට්.. මම නිකන් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ.. ඒ අසරණයට බැන්න ඇයි තමන් ගැන සලකන්නෙ නැත්තෙ කියලා..

එහෙම උනේ ආදරේට මිසක් තරහකට නෙවෙයි.. මගෙ ඇන්ගේ නිකන් කටු ඇනුනා වගේ.. අනේ.. මම දෙවියන්ගෙන් ප්‍රශ්න කලා..

' ඇයි ඔබතුමා මට මෙහෙම කලේ.. මම කිව්ව නේද මගේ සතුට අරගෙන එයාගෙ සතුට එයාට දෙන්න කියලා.. ඒත් ඇයි ඔබ තුමා මට මෙහම කලේ ?? '



images


 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
11.5


එයා එහෙම අසනීප වෙලා ඩොක්ට අන්කල්ස් ලගෙ වොර්නින්ග්ස් යටතෙ ලු හිටියෙ.. මම කීවා පලතුරු එහෙම කන්න කියලා.. ඇපල් එහෙම කනවා කියලා කිව්වා.. කිරි බොන්න කියලත් තිබ්බලු ඩොක්ට අන්කල්.. පව් අප්පා..
මට දුකේ බෑ.. ලග හිටිය නම් පරිස්සමට ආදරෙන් බලගන්න තිබ්බා.. කොඉද ඉතින්.. ඒ චූටි මැට්ටට කිව්වට අහන්නෙ නෑ බොන්න එපා කියලා.. කොහොමෙන් හරි හොඳ පාඩමක් ඉගෙන ගත්තෙ ඔය බීල එහෙම.. අනේද කියන්නෙ.. ඒත් දැන් නම් එයා වැඩිය බොන්නෙ නෑ මයෙ හිතේ.. මේ ගිය අවුරුද්දෙ ඔක්තොම්බර් වලත් බීලා සී බී ආර් එකක් එලවල හොම්බ කට කඩාගෙන තිබ්බා.. ටිකක් ඩැමේජ් වෙලත් තිබ්බා.. කොහෙද ඉතින් මේ කොල්ලට කොච්චර එපා කීවත් වැඩක් නෑනෙ.. පුදුම බයික් පිස්සුවනෙ..

කොහොමෙන් හරි එදා රෑ මා එක්ක කතා කලා පාන්දර 12.30/1.00වෙනකන් විතර.. මට මාර දුකයි .. පවු දේයනේ.. ඒත් ඉතින් මන්ග් කියල මොනවා කරන්නද..

කොහොමෙන් හරි ඊට පස්සෙ මම ආයෙත් කාලයක් එයාව ඔන්ලයින් දැක්කෙ නෑ.. මාත් වැඩිය ඔන්ලයින් ගියේ නෑ..

ඒත් හදිස්සියකම එයා දවසක් අර ප්‍රසිද්ද සයිට් එකේ දුකම දුක හිතෙන සින්දුවක් දාල තිබ්බ.. ලේසියෙන් සින්හල සින්දු අහන්නෙ නෑ.. හරිම අඩුයි අහනවා..

එහෙම කොල්ලා අනාත මාරුතේ වගේ සින්දු දාද්දි මට තේරුන දුකින් වගේ කියල.. මිනිස්සුන්ට දුක හිතුනම තමයි සින්හල සින්දුත් මතක් වෙන්නෙ..

කොහොමෙන් හරි එය දුකින් ඉන්නව බලන් ඉන්න බැරි කමට, මම එයාට පී.එම් එකක් දාල ඇහුව..

Hey jazy!

Is everythin ok with u ? wots wrong ? guess ur sad.. Please dont be sad Jaz.. if u eva need any help , u can ask me ok.. If u eva need somebody to help u out , just count omme too jazy.. Please dun be sad.. If you dun mind , u can temme wts wrong.. if not , its ok.. Just dun be sad honey.. please.. kay ?

Take Care !
God bless you !



sad-girl-in-snow.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
11.6
emo-sad-girl.jpg

පස්සෙ එයා මට රිප්ලයි එකක් එව්වා..

Hey ,
Thanks thanu.. this is soo sweet of u.. ur a great person ! and thanks for being with me.. Yeah i am goin through some problems these days.. will soon catch u online so that we can talk.. And thanks alot thanu..

Take Care !

කොහොමෙන් හරි පස්සෙ කතා කරන්නම් කියලා කීවට පස්සෙ කතා කරන්න නම් බැරි උනා.. අපි දෙන්නම වැඩ වලට හිර වෙලා හිටියෙ.. ටික දවසකින් මට දැන ගන්න ලබුන ජැසී කොලඹ ප්‍රසිද්ද පෞද්ගලික සරසවියක ඉගෙනුම් කට්යුතු කරගෙන යනවා කියලා.. එයත් ඉගෙන ගන්නවා මාත් මගෙ පාසැක් වැඩ කට්යුතු කරගෙන ගියා.. ඔහොම ඉතින් අවුරුදු දෙකහාමාරක් විතර ගෙවුනා.. අපි දෙන්නා දෙතැනක හිටියෙ.. ඊට පස්සෙ අපි ලේසියෙන් කතා කලෙ නෑ.. හේතුව මමත් මගේ අන්තර්ජාල පහසුකම විසන්දි කරලා දැම්මා..

ඒ ගෙවුනු අවුරුදු දෙක අතුලත එයා ගොඩක් වෙනස් වෙලා තිබුනා.. ඒ ගැන පස්සෙ කියන්නම්.. එයාට මන් ගැන තිබ්බ කැක්කුමත් දැන් නැති තරම්.. ඒත් මගෙ හිත නම් හැමදාමත් එයා ගාවම විතරයි තිබුනෙ.. කොහොමෙන් හරි ඔහොම දවස් ටිකක් ගෙවීගෙන යද්දි.. ආ.. මට කියන්න අමතක උනානෙ..

මෙහෙමත් කතාවක් සිද්ද උනා හොඳෙ.. දැන් අර හන්සි කියන කෙල්ල ඉන්නවනේ.. ඒ කෙල්ල මුලින් කැමති වෙලා හිටියෙ සඳුන්ට නෙවෙයි.. අපි අතරෙම හිටිය අපේම යාලුවෙක්.. එයා මුස්ලිම්.. කොහොම හරි හුඟක් ට්‍රයි කලා.. ඒත් හරි ගියේ නෑ.. ඒ කොල්ල කැමති උනේම නෑ..

හේතුව ඒ කොල්ල ආගමික පැත්තට ටිකක් වැඩි කෙනෙක්.. සින්හල කෙල්ලෙක්ව බඳින්න අකමැති ඇති.. ඒත් හන්සි නම් නොමැරි මැරුනා ඒ මුස්ලිම් කොල්ලට.. මන් හිතන්නෙ.. කොල්ල ගනන්වත් ගත්තෙ නැද්ද කොහෙද..
කොහොමෙන් හරි.. ඔය අතරෙ සඳුන් නෙ හන්සිට ට්‍රයි කලේ.. සඳුන්ට ඕක ඉවසගන්න බැරි උනා.. ඔයා දන්නවද සඳුන් කරපු වැඩේ ?? මට මතක් වෙද්දිත් කළකිරෙනවා..

සඳුන් මට ඇවිත් කිව්වා

''අරකි අරූ පස්සෙ යනවා ඌ ගනන් ගන්නෙවත් නෑ.. ''

''අපි හමෝම ඌට කීවා ඕක හරියන්නෙ නෑ කියලා.. ඌ කොහෙද අරකිට කැමති වෙන්නෙ.. ඒකිගෙ දැන් ගන්න දෙයක් නෑනෙ කියලා.. කෙල්ලෙක්ට කීමට නුසුදුසු දේවල් වලින් බැන්නා.. ''

ඉතින් හිතා ගන්නකො.. තමන් ආදරේ කරපු කෙනා ගැන මෙහෙම හන්වඩු ගැහුවා නම් වෙන අය ගැන තව කවර කතාද..
ඔන්න ඔහොම තමයි මම හන්සි ගැන වැඩි විස්තර දැනගත්තෙ..

සඳුන් කියපු කතා.. තරහින් හිටියා උනත් කෙල්ලෙක් ගැන කිවීමට නුසුදුසු දේවල් තමයි කිව්වෙ.. මන් හිතන්නෙ.. ඒ කෙල්ල සඳුන්ව විශ්වාස කරලා පවුද්ගලික දේවල් කීවට මොකො සඳුන් ඒ විශ්වාසෙ තිබ්බෙ නා.. හෙතුව එයා ඒක මටත් කීව.. ඉතින් තව අයටත් කියන්න ඇති කියලා හිතනවා..

එදා සඳුන් මා එක්ක ටැලිෆෝන් එකෙන් කතා කරද්දි හන්සිට බැනපු බැනිල්ල ජීවිතේට කිසිම කෙල්ලෙක් නෑසිය යුත්තක්.. ඒ අසරණීගෙ චරිතය පණ පිටින්ම මා ඉදිරිපිට ඝාතනය කලා..

මම සඳුන් මොනාද කීවෙ කියලා කාටවත්ම කිව්වෙ නෑ.. ඒත් මගෙ හිතෙ තියෙන හැම අන්ශු මාත්‍රයක්ම දනගැනීමට අයිතිය මේ ලෝකෙ එක්කෙනෙක්ට තිබ්බා.. ඒ තමයි ජැසී.. ඉතින් ජැසීයි මායි ඇරෙන්න මේ ගැන අදටත් වෙන කවුරුත් දන්නෙ නෑ.. සඳුන් කියපුව නිසා ඒ කෙල්ලගෙ චරිතෙ ගාතනය වෙන කතා පිට මිනිස්සුන්ට කීවොත් මමත් කෙල්ලෙක් හැටියට තවත් කෙල්ලෙක්ට කරන අසාදාරණයක්..

අන්න ඒකයි මගෙයි හන්සිගෙයි අතරෙ තිබ්බ වෙනස.. මම දේවල් දැනගෙන හිටියත් මම ඒව කාටත් කීවෙ නෑ.. ඒත් එයා නම් කිසිම දෙයක් නොදැන ඔහේ අනික් කොල්ලො එක්ක එකතු වෙලා මට මඩ ගැහුවා.. මගෙ හිතේ ඒ ගැන දුකක් නෑ.. ඒත් ඉතින් එහෙම මිනිස්සු එක්ක ඉන්න මම කැමති නෑ..

මම එයාලා එක්ක තියෙන කන්ටැක්ට්ස් එහෙම නැති කරලා දැම්මා..

sad+girl.jpg


හොඳ හොඳ කතා එලිවෙන ජාමෙට කිව්වලුනේ ඉතින්.. ඒක නිස දිගටම රැදී සිටින්න.. මිනිස්සුන්ගෙ අසික්කිත වැඩ ඒ වගේම නව ආදර මන් පෙතක නව වසන්ත උදාව ගැන අහන්න එකතු වෙන්න හෙට දිනයෙත් මා සමග..

-මතු සම්බන්ධයි

 
May 18, 2010
6,978
210
0
Los Angeles
- දොළොස්වෙනි කොටස -



තව දිනක් ගෙවුනා..
පෑල දිග අහසේ..
හුදකලාවී ඔහේ පාවෙන
වලාවක් බඳු ජීවිතේ..
තව දිනක් ගෙවුනා..

පෙරත් ජාතියෙහි පතාගෙන
ආ හැටිද අපි දෙන්නා..
දෛයිවයෝගය මේනම්..
යළිත් හමුවන වරම් අහිමිව
හිතේ කෙඳිරිලි ලොවට සඟවා..
තවත් දවසක කල්ප කාලය
ගෙවමු තනි තනියෙන් තනිවම..

සරත් සමයෙදි වැටී කොල
සුළන් වැද පාවෙන්නේ..
සොබාදහමත් ඒ නම්
වසන්තය යළි ඒවි නේවිද
සානුකම්පා මන්ද මාරුත
හිතේ ගින්දර නිවා සනසා
අප දිහා හෙට හෝ බලාවිද...



ඔයා නැතුව මට ඉන්න දැන් පුරුදු වෙලා.. ඒත් අපේ ඒ සොඳුරු අතීතෙ මතක් වෙද්දි.. මගේ හිත වාවගන්න බැරි තරම් රිදෙනව.. අපි දෙහදවත් වල ආදරයක් තිබුනා.. ඒක ඔයත් දන්නව.. මාත් දන්නවා.. මිනිස්සු හිතුවෙ මම ඔයාට මෙච්චර ආදරේ මට පිස්සු හින්දා කියලා.. එහෙම නැත්තම් එයාලට වෙන අදහස් තියෙන්නත් ඇති.. ඒත් කවුරුත් අද වෙනකම් දන්නෙ නෑ.. අපි අතර කොච්චර ආදරයක් තිබ්බද කියලා.. මම අද දන්නවා අපි දෙන්නට අපි දෙන්නව නති වෙන්න හේතුව.. අපි දෙන්න හැමදාමත් ආදරේ කලේ හොරෙන්.. අපි දෙන්නම හැමදාමත් කොලේ සෙල්ලම් කලේ හොර රහසෙ..

අපි දෙන්නට ඒ ආදරේ එකිනෙකාට කියා ගන්න නම් කොච්චර කල් ගියාද.. හරියටම අවුරුදු තුනක්.. අපිට ආයෙත් ආදරේ කරන්න කොච්චර කල් ගියාද.. ඇවුරුදු හතරක්..
අපිට අපි දෙන්නව කොච්චර නැති උනාද.. හැමදාම.. හැමදාම අපිට අපි දෙන්නව නැති උනා.. අර කීවත් වගේ.. අපි දෙන්නා මේ ආත්මෙ ඉපදුනේ ලබන ආත්මෙ එකට ඉන්න පාරමී පුරන්න මේ ආත්මෙදි ඉවසීමෙන් පෙරුම් පුරන්න කියලා මට දැන් හොඳටම තේරෙනව.. අනේ.. ඔයා මගෙ තුරුලෙ හුරතල් උන හැටි මතක් වෙද්දි මගෙ හිත පිහි තුඩකින් හිල් කරනවා වගේ දැනෙනවා.. කොහොම කියන්නද ඒ දුක..



sad_girl_1398378c.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles


මෙහෙම කලක් ගත උනා.. මට ඔයාට කතා කරන්න කිසිම ක්‍රමයක් තිබ්බෙ නෑ.. ඒත් මගෙ හිතේ ඔයා හැමදාම හිටියා.. ඉඳලා හිටලා සඳුන්ගෙන් එහෙම ඔයා ගැන අහනවා.. එයත් ඔය බයිලාවක් දොඩවලා නිකන් ඉන්නවා.. ඔයා මගේ හිතේ පුදුම විඩියට හොල්මන් කලා..

ඔයත් හරි පුදුමයි .. හිරු ඇවිත් මගේ හිත දැව්වත් ඔයාගෙන් ලද ඒ උනුසුම අමතක කරන්න බෑ.. අමතක වෙන්නෙත් නෑ.. ඔයා කොහේ හිටියත් ඔයා සන්තොසෙන් ඉන්න ඕනි කියලා ප්‍රාර්තනාවක් විතරයි මට මගේ හිතේ ඉතුරු වුනේ..

ආදරේ හරි පුදුමයි.. ඒත් ඔයා.. ඊටත් වඩා පුදුමයි..

දවසක් මට සඳුන් කීවා ඊස්ටර් එකට ජැසීට මා එක්ක කතා කරන්න කියලා කියන්නම් කියලා.. ඒත් මම එපා කීවා..
මොකද මගේ ආදරේ එච්චරම අපොහොසත්ද තව කෙනෙකුගෙ අත පල්ලෙ වැටෙන්න තරම්.. ඒ ආදරේ පූජනීයත්වය නැති වෙන්න දෙන්නෙ නෑ මම.. ඊස්ටර් එකට තිබ්බෙ දවස් දෙකක් වගේ.. කියූ පරිද්දෙන් ජැසී ගෙන් ඒස්ටර් විශ් එකක් හම්බුනා.. මට ටෙක්ස්ට් කරලා තිබ්බා..

මට ඔයාට කියන්න අමතක උනානෙ.. ඒ වෙද්දි ජැසී එයාගෙ පරණ දුරකථන අන්කයත් වෙනස් කරලා තිබුනේ.. මන් ගාව එයගෙ නොම්බරය තිබ්බෙත් නෑ එයා දුන්නෙත් නෑ.. මම ඉල්ලන්න ගියෙත් නෑ..

මමත් විශ් කරලා 'තන්ක් යූ' කියලා ආයෙත් රිප්ලයි කරලා නිකන් හිටියා.. ආයෙත් හුඟ කාලෙකින් මට එයාව දකින්න ලැබුනේ නෑ.. කිසි කෙනෙකුගෙන් ආරන්චියක්වත් තිබ්බෙ නෑ.. තව දුරටත් සඳුන් එක්ක කතා කලෙත් නෑ.. මට එයා නැති පාලුව එන්න එන්නම වැඩි උනා..

පාලුව + ආදරේ සාන්කාවකට පෙරලුනා.. මගෙ හදවත අදටත් හරිම මුරණ්ඩුයි.. හැබයි ඒ තරම්ම අහින්සකයි.. එයාගෙ ආදරේ විතරයි මම හැමදාම බලාපොරොත්තු උනේ.. වෙන කිසිම දෙයක් නෙවෙයි..


sad_girl___by_emoticide.jpg

 
Last edited:
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
12.3
දන්නවද මම කොච්චර අපහසුතා වලට මැදි උනාද කියලා.. ඔයා හිතයි මට පිස්සු කියලා මේ කතාව ඇහුවම.. ඒත් මට එයාගෙ ආදරේ නැතුව ඉන්නම බැරි තරම්.. ඒ තරම්ම මගේ හිත එයා වෙනුවෙන් බැඳිලා තිවුනේ.. මම හුඟක් දුකින් හිටියෙ.. එයා මගෙ ඇස් මානයේ හිටිය නම් ඩින්ගක් හරි.. කතා නොකලත් කමක් නෑ.. නිකන් පේන්ඩවත් හිටිය නම් මට මෙච්චර ඒක බලපාන්නෙ නෑ..

ටික දවසින්ග් එයාගෙ මතකයන් ම්ගෙ වටේ කැරකෙන්න ගත්තා.. මාව වෙලාගෙන මගෙ දවස මට දීපු හැම තප්පරයක්ම මගෙන් උදුර ගත්තා..

මගේ කාමරේ ඇඳ ලඟ චූටි කවුළුවක් තිවුනා.. ඒකෙන් එලිය බැලුවම අහස පේනවා..

ඒකෙන් එලිය බලාගෙන මම හුඟක් වෙලා කල්පනා කරා.. එයා ගැන ආයෙ ආයෙ මතක් කරා.. දවස ගෙවෙනව තෙරුනේවත් නෑ.. කන්න බොන්නවත් ඒ හැටි උවමනාවක් තිබ්බෙ නෑ.. ඒ අහසෙ මට මැවිල පෙනුනා රිදී තිරයෙන් වගේ.. අපි ඒ කාලෙ සන්තෝසෙන් හිටපු හැටි.. ඒ කාලෙ කියපු කතා.. හිනා උන හැටි.. හොරෙන් ආදරේ කරපු හැටි.. ඔය වැඩේ දැන් දිගටම මගේ අතින් උනා.. නිදියනවා.. නැගිටිනව.. දත් මැදලා කන්නෙත් නැතුව ඇන්දට වෙලා අඩ අඩ අහස ඩිහා බලා ගත්තු අතේ බලන් ඉන්නවා.. මමී අවිත් මට කන්න කන්න කියලා නොදුන්න වදයක් නෑ.. එයාල අන්තිමට පදයකුත් හැඩුවා..

මේක දැකපු ගෙදර මිනිස්සු හිතුවෙ මට මොළේ අප්සට් එකක් කියලා.. කා එක්කවත් කතා බහක් නෑ.. කන්න උවමනවකුත් නෑ.. ඔහේ බලා ගත්තු අත බලන් හිටියා.

ඔයා නම් හිතින් හිතනව ඇති නේද ' අනේ මෙහෙමත් මෝඩියෙක්' කියලා

දැකලවත් නැති .. අඩුම තරමින් කට හඬ වත් අහලා නැති.. හරියට නමක් ගමක් වත් දැන්නැති කෙනෙක් වෙනුවෙන් ගැන මෙච්චර ආදරයක්.. හ්ම්ම්ම්.. අනේ මන්දා..



sad-woman-looking-out-dark-window.jpg



 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
12.4
ආදරේ කියන්නෙත් හරි පුදුමාකාර දෙයක්.. ඒත් ඊටත් වඩා එයා හරිම පුදුමාකාරයි.. මගේ හිත එයාට ඒ තරම් ආදරේ කලත් ඒක චුට්ටක්වත් තේරුම් ගන්න තරම් අපොහොසත් උනේ ඇයිද මන්දා..

අර ජනෙල්ලෙන් එළිය බැලාගෙන එයාගෙ හිත අහසේ මවාගෙන, ඒ හිතට ආදරේ කලේ හිතේ සාන්කාවත් නොමියෙන ආදරෙත් නිසාමයි..
එයා වෙනුවෙන් මගේ ජීවිතය උනත් කප කරන්න සූදානම් වෙලා හිටියත් ඒ ජීවිතේ භාරගන්නවත් එයා සූදානම් වෙලා හිටියෙ නැති නිසා වෙන්ඩැති අපිට එකතු වෙන්න බැරි උනේ.

මගේ අයියයි මමීයි හිතුවෙ නම් මට මානසික අසහනයක් වගේ ලෙඩක් ඇති කියලා.. ඒ අතරේ කන්නැතුව බොන්නැතුව හිටි එක කෙලවර උනේ ගැස්ට්‍රික් වලිනුයි.. ගැස්ට්‍රික් නිසා ඇති වූ වේදනාව නිසා යන්තම් ශේප් එකෙ ඔය ඩින්ගක් කටට දැම්මම කෑවා..
මේක කියවන ඔයා හිතයි මන් හරි මෝඩයි කියලා.. මෝඩයි තමයි.. ඒත් ඒ වෙලවෙ හැටියට ඔයාටත් ඒ දේ උනා නම් ඔයත් සමහරවිට ඒ දේම කරන්න තිබුනා.. මොකද වුන කිසිම දෙයක් මම හිතලා කරපුවා නෙවෙයි..

මගේ අහින්සක මුරණ්ඩු හිත නිසා අන්තිමට මට ලෙඩ දුක් වලිනුත් දුක් විඳින්න වුනා..

ඉතා ආඩම්බරයෙන් කියපු එක දෙයක් තිබ්බා.. ඒ මම හරි නිරෝගිමත් හයිය හත්තිය තියෙන කෙල්ලෙක් කියලා..




Sad-Girl.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
12.5

ඒත් පහු පහු වෙනකොට ඒකෙ අනික් පත්ත.. ඇත්තටම කොල්ලෙක්ට පුලුවන්ද ගලක් වගේ හිතක් මෙච්චර මොලොක් කරන්න ?? ඒක ඒ කොල්ලගෙ දක්ශතාවයද නැත්තම් මගේ ආදරේ වියරුවද ? එහෙමත් නත්තම් ඒ දෙකමද?
හිතා ගන්න බෑ නේද..

මම ලෙඩ වෙලා කතා කරගන්නත් බැරුව අඳේ ඉඩ්ඩි මගේ අම්ම කියපු වචන ටික මට අඩත් නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ..



ලගින් අවිත් මගේ අතින් අල්ලන් මමී මගෙන් අහුවා

'' ඇයි බබෝ අපිට මෙහෙම කරදර කරන්නෙ.. දරුවො වෙනුවෙන් හැමදේම කරන මමීට ඇයි ඔයාලා මෙහෙම සලකන්නෙ.. අඩුමතරමින් ඔයාට ප්‍රශ්නයක් තිබ්බා නම් මට කියන්න තිබ්බනේ.. කොයි ගෙදරත් ප්‍රශ්න තියෙනවනේ.. ඒවට අපි මුහුන දෙන්න ඕනිනෙ බබා.. දැන් බලන්න බබගෙ මමී කොච්චර හයිය කෙනෙක්ද.. මාව වට්ටන්න කාටත් පුලුවන්ද.. ඔයා මමීගෙ දුව වෙලා කොහොමද මෙහෙම වැටෙන්නෙ. මම මිනිස්සුන්ව මේ අත් දෙකෙන් හොඳ කරන්නෙ.. එයාලා මට පින් දෙනවා එයාලගෙ ලෙඩ දුක් හොන්ද කලාට. ඒත් මම හමදාම හිතන්නෙ මම දැන් වයසයි, ඒක නිසා ඒ පින් හැම එකක්ම මගෙ තනූට යන්න ඕනි කියලා.. මට ඔයා එක්ක ඉන්න වෙලා නති උනාට මම ඔයාට ආදරේ නැතුව නෙවෙයි බබ.. ඔයාල වෙනුවෙන් තමයි මම මේතරම් මහන්සි වෙන්නෙ.. ඔයා ඔහොම නොකා නොබී ඉඳලා කාට රිද්දන්නද බබා.. ඔයාල වෙනුවෙන් හමදේම කරන මේ මමීටද ?? ''

ඒ වෙද්දිත් එයාගෙ ඇස් දෙකේ කඳුලු.. මම මුකුත් නොකියා එයා දිහා බලන් හිටියා.. මගෙ ඇස් වලටත් කඳුලු ඉනුවා.. ඒත් මුකුත් කියා ගන්න බැරි උනා.. මමී හිතලා තියෙන්නෙ මට එහෙම වෙන්න හේතුව ගෙදර ප්‍රශ්න නිසා කියලා.. මොකෝ එයා කවදාවත් හිතුවෙ නෑ මම කොල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නිසා මෙහෙම තත්වයක ඉන්නවා කියලා.. මමීට වගේම මටත් තද හිතක් තිබ්බට අපි දෙන්නම ආදරේ අපි ලඟ ගැවසෙද්දි පුදුම විදියට අපේ හිත් උණු වෙන්නෙ.. මමී නම් හරිම උතුම් චරිතයක්.. එයාගෙ හිත හරිම ලස්සනයි.. මිනිස්සුන්ගෙ දුකේදි එයාගෙ හිත උණු වෙනවා..
මට ප්‍රශ්නෙ වෙලා තිබ්බෙ, අම්මට තාත්තට මට ආදරේ කරන්න වෙලා තිබ්බෙ නැති කමෙන් මගෙ මුලු ජීවිතේටම ලේසියෙන් ආදරයක් ලැබිලා නැති නිසා ආදරේට ගොඩක් ආදරේ කරපු එක..


iStock_000005466158XSmall.momhugging2.jpg



 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
12.6
අදටත් මා වටා ඉන්න මිනිස්සුන්ගෙන් මම ආදරේ බලපොරොත්තු වෙන්නෙ හරියට කිසිම දෙයක් නොදන්න චූට් බලු පටියෙක් වගේ.. ඒත් දැන් මගෙ ජීවිතේ අවුරුදු දාහතකුත් ගෙවිලා මට තේරෙනව.. මගෙ අම්ම තරම් මට ආදරේ කරන්න වෙන කවුරුත් මේ ලෝකෙ නා කියලා.. දෙයියන්ට පින් සිද්ද වෙන්න මට මගේ නැති උන අම්ම ආයෙත් හම්බුනා.. ඒ හම්බු වෙද්දි මම o/l පන්තියේ.. එදා අම්මගෙ උකුලෙ හුරතල් වෙන්න බැරි උන එකටත් එක්ක හරියන්න මම අද එයාගෙ ඔඩෙක්කෙ ඉන්දන් එයාගෙ පපුවට ඔලුව තියාගෙන නැලවෙන වෙලා අනන්තයි අප්‍රමානයි.. අවුරුදු තිස්පහක් වෙච්ච අයියත් ඒක දකිද්දි ඉරිසියාවෙන් පැලෙනවා.. හේතුව එයත් ලොකු මිනිහෙක් උනාට හිත තාමත් පොඩි එකෙක්ගෙ වගේ නිසා.. හෙහෙ..

ඒ කොහොම උනත් මමී අර විදියට කීවට පස්සෙ මම හිතට ගත්තා මම කනවා කියල.. ඉතාමත් ඕනෑකමින් තුන් වේලම මම කෑවා..බෙහෙත් උත් කලට වෙලාවට බීවා. ඒත් එයා ගාව නැවතිච්ච හිත නම් මෙල්ල කරගන්න බරි උනා.. දිගටම කල්පනා කරමින් දවස ගෙවන්නට වුන නිසා ඉස්කොලෙ ටීචත් මමීට මේ පිලිබඳව කම්ප්ලේන් කරා.. මේ පිලිබඳ වෙනත් කිසිඳු විකල්පයක් ගෙදර අයට තිබුනෙ නති නිසාත් අර බූරු අයියා ' ඔය මෙයාට තියෙන්නෙ වෙන මුකුත් නෙවෙයි මමී.. මෙයාට පොඩ්ඩක් මොලේ අප්සට් එකක්' කියලා කෑ ගහලා මමීව අවුස්සලා දෙන්නත් එක්ක එකතු වෙලා ප්‍රතිකාර සඳහා කොළඹ ඩර්ඩ්න්ස් රෝහලට රගෙන ගියා..


sad-girl.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
- දහතුන්වෙනි කොටස -


Code:
13.1
images




අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ..
එදා සෙනෙහෙන් නොබඳුනානම්
මෙදා වියෝවක් නෑ..

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලබූ දිනුමක් නෑ


මේ සින්දුවේ තියෙන හැම දෙයක්ම එක සිතුවිල්ලක් වෙලා මගේ හිතේ හිර වෙලා.. මම දන්නවා මේ කතාව කොහේ හරි ඉඳන් ඔයත් අහන් ඇති.. මොකද මේ ලෝකෙ එච්චර ලොකු නෑ අපි ඒ තරම්ම ඈත් වෙන්න තරම්.. ඒ කොහොම උනත් අපෙ ජීවිත වෙන් උනේ ආයෙත් කවදාවත් එකතු වෙන්නෙ නෙවෙයි.. එහෙම නේද ??

අපි දෙන්නගේ ඒ අතීතය අන්තිමෙදි සිහිනයක් පමනක් වෙලා නිම වුනා අපෙ හිත් වල පමනක්.. ඔයාට මතකද අපි ආයෙත් හමු උන දවසක අපි දෙන්න තැනූ මන්දිර කොතරම් උසයිද කියලා.. ජීවිතේ කොපමන දුරක් අපි දෙන්නා අත් අල්ලන් යන්න හීන මවුවත් ඒක සිද්ද උනේ නැත්තෙ අපි දෙන්න අපි දෙන්නට අයිති නැති නිසා වෙන්ඩැති නේද ..

අද ඔයා සන්තොසින් ඉන්නවා නම් එදත් අදත් බලාපොරොත්තු වෙන එකම දේ ඒක විතරයි.. අද මම අඩන්නෙ නෑ ඔයා මට අහිමි උනා කියලා .. හේතුව ඔයා තවත් කැදැල්ලක සන්තෝසින් ඉඳියි කියලා මට විශ්වාසයි.. ඔයාගෙ ඔය හුරතල් හිනාව හමදාමත් තියා ගන්න.. මට හිනා වෙන්න අද වරම් නැතුව ඇති.. ඒත් මමත් දවසක හිනා වෙන්නම්.. මට හිනා වෙන්න ඔයා උදව් කරනවා නේද ?? ඔයා හිනා වෙල ඉන්න.. මට කිරිල්ලියෙක් හරි ඒ බව දැනුම් දේවි.. එදාට සත්තයි මම හිනා වෙනවා.. සන්තෝසින් ඉන්නවා නේද ඔයා ??

මේ දේවල් වලින් වැඩක් නෑ.. ඒත් එක දෙයක් නම් ඇත්ත..
අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහ්න් නොබදුනානම් මෙදා වියෝවක් නෑ..



girl,sad,tree,nature,women,alone-43561e5a6d1981915502768cc9bdf74e_h.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
13.2


අරූට පිස්සු.. මම කල්පනා කරාට මොකද මම හොඳ සිහියෙන් හිටියෙ.. මම ඒකට බැන්නා

'' පිස්සුද ඕයි.. මට ඇති මොලේ අප්සට් එකක් නෑ.. බූරු තඩිය ! ඔයාට තමයි ඕනෙ කරලා තියෙන්නෙ මාව ඉස්පිරිතාලෙන් දාලා මමීගෙන් ලකුනු දා ගන්න නේද.. මන් දන්නව තමුසෙගෙ උප්පරවැට්ටිය, මම හොඳ සිහියෙන් ඉන්නෙ.. මට පිස්සු නෑ.. ඔයාට තමයි පිස්සු හැදීගෙන එන්නෙ ඉරිසියාකාරයා! ''

ඒක අහගෙන හිටපු අයියා මට කීවා

'' ඉතින් පිස්සො කවදාවත් කියනවදැයි මට පිස්සු කියලා.. පිස්සො කියන්නෙ අනුන්ට පිස්සු කියලා තමයි''


ඔහොම කිව්වට පස්සෙ මගේ ඇඟේ මාලු නැටුවා.. අරූව මරන් කන්න තරහයි..

ඔයාට කියන්න.. මම කල්පනා කරාට මොකද මම හොඳ සිහියෙන් තමයි හිටියෙ.. මට මෙන්ටල් අප්සට් එකක් තිබුනෙ නෑ..



alone,beach,girl-c942591f5d3e9a3a551c167d1a90c451_h.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
13.3


ඉතින් ඒ තරහ පිරිමහන්න දවසක් අයියා නිදාගෙන ඉද්දි ගිහින් ඒකගෙ ඔලුවට අපේ ගෙදර නැවතිලා හිටිය මගේ කසින් මල්ලිගෙ ඇට බෝල තුවක්කුවෙන් ඇට බෝලයක් විද්දා අයියගෙ කන ලගින් ඔලුවට වැදෙන්න..

ඊට පස්සෙ පන කඩා ගෙන දුවගෙන කියා.. අපේ අයියා හරි අහින්සකයි ඒත් ඉරිසියා කාරයා.. අරූට හොඳටම රිදිලා මර හඬ දීගෙන නගිටලා දුවගෙන ආව පල්ලෙහාට..

අහු උනේ නම් අර මල්ලිව.. මම මුකුත් දන්නෑ වගේ ශපෙ එකේ හිටියා.. පස්සෙ අර මල්ලි කියලා එයා නෙවෙයි කියලා..

අපේ අයියා මේක මමීට කියලා මාව ඩර්ඩන්ස් එකේ හිටපු මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නුවා..
මට නම් දැන් හරි තරහයි.. කවුරුත් විශ්වාස කරන්නෙ නෑ මට පිස්සු නා කියලා..

ඔක්කොමල්ලගෙම හිතේ මගෙ මොලේ අවුල් කියලා.. ඔය හේතුව නිසා සතියක් ඉස්කෝලෙත් ගියෙ නෑ..

පස්සෙ ඩොක්ට අන්කල් මමීට කියලා තියෙනවා එයාගෙ මොලේ එහෙම අප්සට් එකක් නෑ.. එයාට තියෙන්නෙ 'ඩිප්‍රෙශන්' කියලා.. ඩොක්ට අන්කල් මමීගෙන් අහලා ගෙදර එහෙම ප්‍රශ්න තියෙනවද කියලා.. මමී ඔව් කියලා.. දැන් ඔක්කොමලගෙම හිතේ ඒක තමයි හේතුව කියලා.. කොහොමෙන් හරි ඩොක්ට අන්කල් මමීට අවවාද කරලා තිවුනා මාව කවුන්සිලර් කෙනෙක් වෙතට යොමු කරන්න කියලා..

32462.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
13.4
මට නම් ඒ වෙද්දිත් හරිම තරහයි.. ගෙදර ආවට පස්සෙ මන්ග් හිමීට මමී ගාවට ගිහින් කීවා

'' අනේ මමී මට එහෙම මුකුත් පිස්සු නෑ''

එතකොට මමී කිව්ව

''පිස්සු කතා කරන්නෙපා ලමයෝ.. කවුද කිව්වෙ ඔයාට පිස්සු කියලා.. නැති ඒව ඔලුවෙ දාගන්නෙපා බබා ''
කියලා කිව්වා..

මමත් එයාට කාරුණිකව කීවා

''මමී පහු ගිය දවස් වල තිබ්බ ප්‍රශ්න නිසා තමයි උන දෙයක් තිබ්බ නම් ඒව උනේ.. අනික දැන් මන් හොඳට කනවනෙ.. මට එහෙම මුකුත් ලෙඩක් නෑ..

ඔය අයියාගෙ ඉරිසියවට කියන කතා.

ප්ලීස් මාව විශ්වාස කරන්න මමී. කවුන්සිලර්ස්ල ඕනි නෑ.. ''



alone.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
13.5

කොහොමෙන් හරි ඒ කේස් එක නම් ශේප් උනා.. ඒත් එයාව මතක් වෙන එකෙ කිසි අඩුවක් නෑ.. මටත් සැට් වෙන්නෙ මාර සීන් තමයි.. හයියෝ.. මොනා කරන්නද දැන් ඉතින්.. අන්තෝ ජටා බහි ජටා කීවලු..

කොහොමෙන් හරි ශේප් එකේ ඉස්කොලෙ යන්නත් පටන් ගත්තා.. ඔහොම ඔහොම කාලෙ ගෙවි ගෙවි ගියා.. හැබැයි කාලෙ යනවත් එක්කම මම ටික ටික ශේප් උනා.. ඒත් මට ඊට පස්සෙ වැලඳුන රෝගය ඊට අන්තයි.. ඒ පාර මම වැඩේට බැස්සෙ එයා ගැන විස්තර හොයන්න.. ලෝකෙ පෙරලලා හරි මන් එයාගෙ විස්තරේ හොයා ගන්නවා කියලා හිතුව.. එයාව මොන ලෝකෙන් හරි හොයාගෙන මගෙ හිතෙ තියෙන දේ එයාට කියනවා කියලා හිතා ගත්තා.. මම ඒ දවස් වල නොකියපු නිසයි මම මෙච්චර දුක් වින්දෙ.. ඒ කාලෙදිම අනික්ව මොකුත් නොබල කියලා දැම්ම නම් අද මෙහෙම නහින්ඩ වෙන්නෙ නෑ.. මගෙන් වැරැද්දක් උනා.. ඒ වැරැද්ද හදනවා කියල අදිශ්ටාන කර ගත්තා.. එයාව කොහොම හරි හොයා ගන්නවමයි කියල හිතා ගත්තා..

ක්‍රමක්ක්‍රමයෙන් ඔය එහෙන් මෙහෙන් එයාගෙ විස්තර ටිකක් හොයා ගත්තා.. ඒ විස්තර ප්‍රමානවත් උනා එයාව එක පාරක් හරි කොන්ටැක්ට් කරගන්න.. අනේ අම්බේ.. එයා ගැන හොයන්න මම නොවිදපු දුකක් නෑ..

මගේ තාත්තගෙ පැත්තෙ ලොකු අම්මල දෙන්නගෙ පුතාලා , ඒ කියන්නෙ මට අයියලා වෙන්නෙ.. එයාල නම් වත්තල තමයි ඉන්නෙ.. ඒ අයියට මම විස්තරේ නොකියා කිව්ව මෙන්න මෙහෙම නමක් තියෙන කොල්ලෙක් ගැන හොයලා බලන්න කියලා..


girl-on-cell-phone.jpg