Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය

May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
13.6
sad%20girl.jpg


ඒ අයියා ගත් කටටම ඇහුවෙ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ද කියලා.. මම හිතුවා..

අෆ්ෆා.. තේරිලාද දන්නෙ නෑ.. කෝකටත් කියලා මම විස්තරේ එයලගෙන් වසන් කලා.. හේතුව මගෙ තාත්තා ටිකක් වස පුද්ගලයෙක්.. දැනගත්තොතින් මට ගස් තමයි.. කොහොමත් ඒ අයියලා දෙන්න නම් මා එක්ක හරි ෆිට්.. කොච්චර උනත් ඒ ඩබල මට කීවා

'' නන්ගි පරිස්සම් වෙලා ඉන්න.. නොදන්න අයත් එක්ක ආශ්‍රයට යන්න එපා.. '' කියලා
එතකොට ඒ අයියාගෙන් මන් ඇහුවා සඳුන් කියලා ඩී.එස් ගිය කොල්ලෙක්ව දන්නවද කියලා.. මොකද මම නිකමට හිතුව එයාල අඳුරනව ඇති කියල එකම වයසෙ නිස, එකම ඉස්කෝලෙත් නිසා.. එත් සඳුන් කියලා ගොඩ දෙනෙක් දන්න නිසා මූන බලන්නැතුව මතක නෑ කියලා තමයි කීවෙ නම්.. ඒ පාර අයියා ඇහුව..

''ඇයි නන්ගි, අර සඳුන් කියන එකා මොකක් හරි අවුලක් වත් දැම්මද කියලා.. මම ඉතින් ඔය එහෙන් මෙහෙන් කිව්ව.. මුලින් නම් මගෙ හොඳ යාලුවෙක් වෙලා හිටිය, ඒත් පස්සෙ මාර චා වැඩ කලා කියලා.. මන් කිව්ව මොනත් කරන්න යන්නෙපා.. මට අර ජේසන්ගෙ විස්තර ටිකක් හොයලා දෙන්න ඒ ඇති කියලා..

පස්සෙ ඒ අයියා මට පුන පුනා කිව්වා.. බලාගෙන නන්ගි.. තමුසෙ ඇහැට කනට පේන කෙල්ලනෙ.. අනික ඔය එහෙ මෙහෙ යන රස්තියාදු කාරයොත් එක්ක එහෙම යාලු වෙන්නෙප.. නන්ගිට හොඳ කොල්ලෙක් හොයා ගන්නත් පුලුවන් නෙ.. නිකන් නාස්ති වෙන්නෙපා '' කියලා කියල තමයි මට ජැසී ගැන වැඩි විස්තර හොයල දෙන්නම් කියලා කිව්වෙ..

ඒ අයියලා දෙන්න නම් හරි හොන්ඩ්දයි.. දවසක් අපේ ගෙදර පොඩි ඩී.ජේ පාටි එකක් තිබ්බ පොඩි ෆැමිලි ඉවෙන්ට් එකක් තිවිලා.. ඒකෙදි ඉතින් අපි කාලා බීලා නටලා ඉවර වෙලා.. පාටියත් ඉවර උනාම , වෙනද වගේ අයියලා දෙන්න එක්ක සැට් වෙලා ඔය ඩින්ගක් පච හැලුවා.. ඒ අයියා මගෙන් ඇහුව..

''දැන් නන්ගි.. මට කියන්න බලන්න අර කොල්ල කෞද කියලා''

මම කීවා..
'' මගෙ යාලුවෙක් '' කියලා

අයියා නැවතත්

'' එහෙනම් තමුසෙ මොකො මෙච්චර ඌ ගැන හොයන්නෙ ''

මම කීවා..
''පොඩි ප්‍රශ්නයක් කියලා ''
අයියා නැවතත්..

'' ඇඉ කොල්ල මොනා හරි ප්‍රශ්නයක්වත් දැම්මද ?? ''

මම නැවතත්

'' නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි ''

අයියා..

'' එහෙනම් මොකද්ද මෙච්චර තියෙන වුවමනාව.. ඔයා එයාට ක්‍රශ් නේද ? කොහොම උනත් නන්ගි.. ඔය කොල්ලො එක්ක වැඩි ආශ්‍රය බලාගෙන.. අපිත් කොල්ලොනෙ.. අපි දන්නවනෙ ඉතින්.. මම යාලුවෙක්ට කියලා තියෙන්නෙ, විස්තරයක් ලබුන ගමන් මසේජ් එකකින් කියලා එවන්නම්.. ඒත් නන්ගි පරිස්සම් වෙන්න හොඳේ.. අපිට ඉන්නෙත් ඔයා විතරයි.. මේ පෞලෙ අන්තිම පුරුක.. පෞලෙ කට්ටිය ඔයා ගැන සෑහෙන්ඩ බලාපොරොත්තු තියන් ඉන්නෙ.. අනික ඉස්සර වගේ නෙවෙයි දැන් තරුන කෙල්ලෙක් නෙ.. මොකො තමුසෙ ලස්සනයිත් එක්කනෙ , ඒක නිසා මෝඩ නොවී හොඳ කොල්ලෙක් එක්ක යාලු වෙනවා.. නිකන් චටර් කාරයොන්ට අහු නොවී නැහෙන්නෙ නැතුව.. හැබැයි නන්ගි.. මොනා හරි ප්‍රශ්නයක් උනොත් අනිවාර්යෙන් කියන්න , ඉතුරු ටික අපි බලා ගන්නම්''

මන්ග් නැවතත්..

'' අපෙ අම්මේඅ අයියෙ.. බයවෙන්නෙපා.. ඔයාල ඉතින් මන් ගැන දන්නවනෙ.. මන් මේ අඩ තමයි අයියගෙ වස දැක්කෙ ''

කියලා ටිකක් විතර හඉයෙන් සිනාවල් පල කලා..

අයියා නැවතත්

'' අනේ පලයන් බන් යන්න ''

මම අයියගෙ ජෙල් කර තිබූ කොන්ඩය අවුස්සල දුවගෙන කුස්සියට ගියේ බොන්න කොකාකෝලා ටිකක් අරන් එන්නයි..


images


- මතුසම්බන්ධයි

ඉතිරි කොටස නැවතත් හෙට දිනයේදී බලාපොරොත්තු වන්න.

 
May 18, 2010
6,978
210
0
Los Angeles
- දහහතරවැනි කොටස -


Code:
14.1

ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි..
සැඟවී ඉඳින් මා වෙන් වී මෙසේ
නොමැකී ගියේ නම් ඔබගේ සිතේහී
මගේ ආදරේ මා යලි එනතුරා


ගෙවුනු අතීතය කොහොම උනත් හිතේ තිබ්බෙ එකම අරමුණයි .. ඒ කීමට නොහැකි වූ දේ ඔබට පවසන්නයි.. එදා මම පරක්කු වුන නිසා අද ඔයා මා ලඟ නෑ.. මතකද ඒ නැග්ග බස් එක බෘම් බෘම් ගාල ගිය දුර.. එහෙම එහෙම ගොහිල්ල කොතැනක නැවතුනාද කියල ඔයාවත් මන්වත් දන්නෙ නැති තරම්.. ඇත්තමයි.. අපිට මෙහෙම උනේ අපි බස් එකට ටිකට් ගත්තෙ නැති එකයි.. ඔහේ යන්නම් වාලේ බස් එක යන්නෙ කොහෙද අපිත් යන්නෙ එතන තමයි කියලා අපිත් ඔහේ ගිය එකයි අපේ වැරැද්ද.. අඩුම තරමින් ටිකට් අරන් බෘම් ගියානම් අඩුම තරමින් අපි බහින තැනවත් අපිට දනගෙන ඉන්න තිබ්බා..

පෙය්නවා නේද.. මේක කියවන ඔයාටත් හොඳ පාඩම් මෙව්වුවා.. ඔයත් බස් යන්න හිතන් ඉන්නව නම් ටක් ගාල ටිකට් අරන් යන්න නම් අමතක කරන්නෙප.. නතොත් ඉතින් නැග්ගෙ කතරගමින් බැස්සෙ අතරමගින් කියලා කියන්න තමයි වෙන්නෙ ඕන්.. නොකිව්වයි කියලා කියන්නෙපා..


50939.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
14.2

කොහොම කොහොම හරි අයියා මට පස්සෙ දවසක කෝල් කරලා මෙහෙම කීවා

''නන්ගි.. අර කියපු කොල්ල ඇවිත් මගෙ යාලුවෙක්ගෙත් යාලුවෙක්..මෙන්න මෙහෙමයි... '' කියලා එයා ගැන විස්තරයක් කියන්න පටන් ගත්තා.. මොහොතකට හිතුනත් මම මේ දේවල් කරන්නෙ මොනා ලබාගන්නද කියලා.. හිත ඒක පොඩ්ඩක්වත් පිලිගත්තෙ නැති තරම්.. හිත නම් හරිම දඩබ්බරයි අයියෝ.. කියලා වැඩක් නෑ.. කොච්චර එපා කිවුවත් එපා කියන දේමනෙ කරන්නෙ.. හිත ගන නම් කියලා වැඩක් නෑ.. ඒක නිස වැඩැක් නැති දේවල් ගැන ඔයා දැනගන්නෙපා..

කොහොමෙන් හරි.. මහ ලොකු දෙයක් කීවේ නෑ අයියා.. ඒත් කියන්නෙම මට ඒ කොල්ලව මීට් වෙන්නෙපා යාලු වෙන්නෙපා වගේ දේවල්මයි.. අනේ මන්දා.. කොච්චර උනත් අයියලානෙ 'හාකො හාකො..' කියල මම කට පියන් හිටියා..

ඔයාට කියන්න.. මගේ හිත නිකන් වයින් කොරපු බෝනික්කෙක්වගේ.. කොයි වෙලෙත් දැගලිල්ල.. හිතේම අරය ගැන හොයා ගන්න.. හොයා ගත්තා කියලා ඇති වැඩකුත් නෑ,.. ඒත් හොයනවා.. අනේ මන්දා.. ඔයා දැන් මට පිස්සු නෑ කියලා හිතුවොත් තමයි පුදුමේ..

අනේද කියන්නෙ.. කොහොම කොහොම හරි දඟලලා දඟලලා ඕන් ඉතින් නම් ගම් විස්තර ටිකක් හොයා ගත්තා.. හොයාගෙන පොතක ලියලා පොත වැහුවා වැහුවමයි ආයෙත් ඇරියෙ නම් නෑ හැබැයි.. ඔහොම තමයි ඉතින් මගේ වැඩ.. අර කිව්වත් වගේ එයා ගැන දැනගෙන මක් කොරන්නඩ.. මොකෝ ඉතින් ගෙදරට යන්නදැයි..

කියලා වැඩක් නෑ අයියෝ.. එයා හරි දන්ගයෙක් නේද.. මගෙ හිතත් හොරකම් කොරගෙන හඳ පානෙම පෑල දොරින් පැනල ගිහිල්ලා.. අඩුම තරමින් කියලා යන්නකො යන දේවාලෙක.. එහෙනම් මෙච්චර අමරුවක් එන්නෙ නෑනේ ඔයා ගැන හොයන්න.. ඔයත් හරි වැඩ කරන්නෙ ඔහොම ඉඳගෙන..

කියලා වැඩක් නෑ අයියෝ එයා ගැන නම්..



girl-thinking.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
14.3


මල විකාර නේද මෙයා.. එයයි එයාගෙ ස්වීට් හාට් එකයි.. ඒ කොහොම උනත් මම එයාට ලව් කොරානෙ ඉලව් වෙන්න හරි.. ඒක බොරුවක් නෙවේ හින්දනෙ ආදරේ වෙනුවෙන් අදටත් මම එක එක දේවල් අහන්නෙත්/ඇහුවෙත්..

කොහොම උනත් ඉතින් අපි හිතන විදියටම මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ.. හිතන විදියට නොවෙනස් වෙලා ඉන්නෙත් නෑ.. එයාට නම් ආදරේක කොනක්වත් පේන්නැති තරම්.. ඔහොම තමයි අනේ.. කොල්ලන් බල්ලන් වැනිය කියලා අර විහිලු කතාවකුත් තියෙන්නෙ..

ඇයි ඔයා අහල තියෙනවද මෙහෙම එකක් ගැන..

පිරිමි ජාතිය ජරා ජාතිය
ගලේ ගහලා මරා දාෆිය..
ට්ගෑනු ජාතිය උතුම් ජාතිය..
මල් තියාලා වැඳ පුදාෆිය..


ඌඑක ඉතින් අද කාලේ කෙල්ලො කොල්ලො විහිලුවට හරි කියා ගන්න කවි කෑලි තමයි.. හා.. දැන් ඕක අහලා මේක කියවන ඔයාගෙ හිත නොසන්සුන් කරගන්න එපා ඌන්.. සින්දුවක් විතරඉනෙ අනේ කීවේ.. ඒත් මේක කියවන ඔයා කෙල්ලෙක් නම් , මේ කවිය හොඳට මතක තියාගෙන ඉඳලා කොල්ලෙක්ව අවුස්සන්න ඕනි උනොත් එහෙම කියන්න මතක තියාගෙන ඉන්න ඕනැ හොඳේ..


ඕන් මොනාහරි උනොත් මම නෑ හැබැයි.. හොඳේ.. හික් හික්


LittleGirlSmilingThinking81495.jpg



 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
14.4


අර මම කිව්ව කසින් ඉන්නෙ.. එයා මට හොර පොල් කඩනවා වගේ මොබිටෙල් එකෙන් ශපෙ එකේ ෆෝන් නම්බර් එක රෙජිස්ටොර් වෙලා තියෙන ලිපිනය හොයලා දුන්න..

කිරි අෆ්ෆට කොල්ලා ෆැනෆි කිව්වලු..

ඇඩ්‍රොස් එක මීගමුවෙම තමයි.. ඒත් ඉතින් රෙජිස්ටොර් වෙලා තියෙන්නෙ මොකද්ද මන්දා කොම්පැනියක නමකට.. කොම්පැනිය දාගෙන හෙව්ව.. ඔහෙ නෑ හම්බුනේ..

හා ඒකත් පැත්තක.. වැඩක් උනේ නෑ.. දැනගත්ත කියලා මොකෝ හොයාගෙන යන්නදැයි.. සිඟිති ආසවනෙ කියලා මාත් ඔන්න ඔහේ හිතට ඉඩ දුන්නා ඕන්න ඔහේ ඕන වෙඩින් එකක් කොර ගන්න කියලා

හැබැයි පස්සෙ කාලෙක.. ඒ කිව්වෙ දන් ඔය වසත් කාලය ඩින්ගක් විතර ආවට පස්සෙ.. ඇයි මන් ඔයාට කීවා නේද අපි දෙන්න ඔයින් ගිහින් නවතින්නෙ නෑ.. අපි දෙන්නට ආයෙත් පාරක් ආදර සුළඟ හමනවා කියලා.. කොහොමෙන් හරි ආදර සුලඟ කිට්ටු කරන්න එද්දිම වගේ අපේ අක්කගෙ මහත්තයා ඒ කීවේ මිස්ට පින්ටො නොහොත් මගේ දයාබර මස්සිනා පොඩ්ඩ අක්කවත් එක්කගෙන ලන්කාවට වාර්තා කොලා.. ඉතින් ඔය මිනිස්සු එක්ක මම මීගමුවෙ ගිහින් පොඩ්ඩක් කැරකෙඩ්දි නම් හැබැයි ෆාමසියක් දැක්කා අර කොම්පැනිය නමින්.. හා.. මස්සිනයි අක්කයි එක්ක දාපු ට්‍රිප් එක ගන පස්සෙ කියන්නම්කො..


images

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
14.5
ඔහොම ඉතින් කල් යල් ගෙවීගෙන ගෙවී ගෙන ගියේ හරියට උකුසු වේගයෙන් වගේ.. කොහොමහරි නිකමට වගේ මම මුහුනු පොතේ සර්ච් කොරලා බැලුව..

ආය්ශ් අම්මා.. මෙන්න බොලේ මෙයා ඉන්නවා.. මම එයාගෙ වාසගමෙ පොඩි ඇලපිලි පාපිලි ටිකකුත් පටලෝගෙනනෙ ඉඳල තියෙන්නෙ..

මන් ඩින්ගක් මුහුනු පොතේ බිත්තිය පැට්ත්තට කිට්ටු කොරලා බැලුවා.. කෞද බොලේ ඇලිස් කිව්වලු.. යුරේකා යුරේකා.. මට හම්බුනා කියලා හිත කෑ ගහන්න පටන් ගත්තා..

මම මගේ හිතට බැන වදින්නට එලබුනි.. 'අනේ ඔයි .. කෑ ගහන්නෙප.. හරියට නිකන් හෙලිකොට්ටෙන් දුවන් ගිය ආකිමිඩිස් වගේ.. පිස්සුද.. නිකන් මැනිකක් හම්බෙලා වගේ නෙ යුරේකව මතක් කරන්නෙ.. '' හිත නම් නෑ ගානකටවත් මායිම් කලේ මම කියපුවා.. මේ අපේ හිත් තියෙනව නේද ?? කියලා වැඩක් නෑ අයියෝ.. අදකාලේ හැදෙන ලමයි වගේ තමයි.. හරිම මුරණ්ඩුයි.. කියන දෙයක් නෑ සතේකට ගනන් ගන්නෑ..


happy_girl.jpg





 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
14.6

ශේප් එකේ ඉතින් ඕන්න ඊලඟ මෙහෙයුමට අත ගැහුවා.. මෙච්චර කල් කියා ගන්න බැරි උන නිසානෙ අවුරුදු තුනක් දුක් වින්දේ.. මේ පාර නම් කියලමයි පස්ස බලන්නෙ..

ඔහොම කියලා හිතා ගෙන ඉතින් ඕන් මම මුහුනු පොතේ ඇඩ් කොරාලු..

ඇඩ් කොරාඅ මහ වෙලාවක් එහෙම ගියෙ නෑ.. මට මෙසේජ් එකක් ආවා..


February 16, 2009 at 12:45am

Do i know u from somewhere ??
U look a lot familiar, and ur name sounds really familiar too...


මූ මාර ෆොරක්නෙ.. ඩූ අයි නෝ යූ කියලා අහන්නෙ නිකන් දන්නෙ නෑ වගේනෙ.. අනේ මට හිතයි මුගෙ හොම්බයි කටයි බොම්බයි මුටයි වෙන්න එකක් දෙන්න.. ඒ අස්සෙ ෆැමිලියර් ලු.. එහෙම නොවුනොත් තමයි පුදුමෙ.. ඇයි දෙයියනේ.. ලොකු ටින් ටින්ව මතක නැත්තම් මේකව ගිනි තියල බෝක්කුව යට හන්ගන්න වටිනවනෙ..

මමත් ඉතින් ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියලා රිප්ලයි එකක් දැම්මා..


February 16, 2009 at 5:17am

:( u cant rememba me eh ??


ආයෙත් ඔහු රිප්ලයි කොලා..

February 16, 2009 at 12:05pm

Shed some light... So id remember ???

මේ බලන්නකො.. මෙයාටම ගිය පේස්බොක් එක.. මෙයාට ලයිට් දෙන්න මම ලයිට් කනුවක් කියලා හිතුවද දන්නෙ නෑ.. නොදන්නවා ගානට ඉන්න හැටි විතරක්.. මගෙ ඇඟේ ඌරො නැටුවා ..

February 16, 2009 at 1:14pm

Ok wteva !! :P

ummm.. I love Brian .. U love suki.. We love Fast n Furious !! :P :P :P

"
You're my honey bunch, sugar plum, pumpy umpy umpy umpkin.
You're my sweetie pie.

You're my cuppy cake,gumdrop,shyummkums pure,
The apple of my eye!

And I love you so, and I want you to know that i'll always be right here.

And I love to sing thïs song to you
Because you are so dear!
"
do u think dat these clues r nt enuf huh??


හෙහෙ.. පොඩි එකෙක් වගේ නේද අපි දෙන්නත්.. ඔයාලට කියන්න බැරි උනානෙ.. ඒ කාලෙ ඔය කප් කේක් චින්දුව මට මුලින්ම දුන්නෙ එයා තමයි.. චොයි නේද ? ස්වීට් චින්දුව අයියෝ.. හරියට එයා වගේමයි.. ච්වීට්.... අපි වෙන් වෙලා හිටපු කාලෙදි උනත් ඒ සින්දුව අහන්න මම පුරුදු වෙලා හිටියා.. ඒ හැමවෙලේම ජැසී මට පැනි කජු කෑල්ල කියලා එහෙම කියපු ඒවා මතක් වෙනවා..

ඔය බ්‍රයන් ඇන්ඩ් සුකී කතාව හැඩුනෙ මෙහෙමයි.. දවසක් අර අපි එක පාරටම අතුරුදහන් වෙන්න කලින් එකපාරක් රෑ වෙලාවක චෙට් වෙලා පොඩි චැට් එකක් දැම්මා.. ඔය වෙලේක ඉතින් එයා මගෙන් ඇහුව බලන්න හොඳ මූවි එකක් එහෙම තියෙනවද කියලා.. එතකොට මම ඉතින් දිගට හරහට මූවීස් වල නම් කියාගෙන කියාගෙන ගියා.. මොකද මාත් බයිස්කෝප් හයිස්කෝප් ඉස්කෝප් ඔය ඔක්කොම කෝප්ප බලපු කෙනෙක්නෙ.. අනික මූවීස් නම් මාත් ඒ කාලෙ හරියට බැලුව.. නෙට් එකෙන් නම් නෙවෙයි ඩවුන්ලෝඩ් කලේ.. එම්.සී එකෙන් ඩී.වී.ඩීස් අරන් බැලුවෙ..

කොහොමෙන් හරි මගෙ මූවිස් ලිස්ට් එක අහපු එයා ඒ මූවීස් සඳහා එයාගෙ අදහසුත් එකතු කරා..

මම කීවම 'ද රින්ග්' කියලා
එයා කියනවා.. ආ ඒක නම් එල ෆිල්ම් එක

එතකොට ' යෝස් මයින් ඇන්ඩ් ආස් '

අහ් ඒක නම් චාටර් ..

ඒ වගේ එයා ඒවට එයාගෙ අදහසුත් එකතු කරා.. ඔහොම ඉතින් ලිස්ට් එකෙ ෆිල්ම්ස් තිහක් හතලියක් විතර කියා ගෙන යද්දි මෙයා මගෙන් අහනව..

'' අම්බෝ තනූ.. ඔයා වී.ඩී.ඕ ශොප් එකක්වත් කුඩු කලාද ''

කියලා.. මම කිව්වෙ.. එයාගෙ කටේම තියෙන්නෙ කට කැඩිච්ච කතාම තමයි..

කොහොමෙන් හරි එදා මම එයාට කිව්වා ෆාස්ට් ඇන්ඩ් ෆුරියස් නම් මරු නේද කියලා..

පස්සෙ එයා මගෙන් ඇහුවා ඔයා ඒවත් බලනවද.. මම හිතුවෙ කෙල්ලො ඒව බලන්නෙ නෑ කියලා..


හෙහෙ.. ඇත්තටම කීවොත් මම අයියා එක්කම හැඩුනේ අනික මට යාලුවො හිටියෙ නෑ මන් ගෙදරින් පිටට ගියෙ නැති නිසා.. මට යාලුවෙක්ට හිටියෙ අක්කගෙ පුතා හා දුව.. ඒ කියන්නෙ අපේ නෑකම ඇවිත් මම එයාලගෙ ඈඋන්ටි.. එහෙත් වයසඉන් ලාබාල නිසා මගෙ නම කියලා තමයි කතා කරන්නෙ.. මොකද ඉතින් මම නාකිච්චියෙක් යැයි ආන්ටි කියන්න.. ආන්ටි කිව්ව නම් ඇන්ටික් වෙන්න තමයි දෙන්නෙ ඩබලටම..

කොහොමෙන් හරි.. ඊට පස්සෙ මම යාහූ එකේ ටයිප් කරා

Thanu : බ්‍රයන්
8.gif


එතකොට එයත් දාලා එවල තිබ්බා

Jaz : සුකී
8.gif


ඔන්න ඔහොමයි ඒ කතාව හැදුනෙ..


2003_2_fast_2_furious_005.jpg


කොහොමෙන් හරි ඊට පස්සෙ මොනාද උනේ කියලා ආයෙත් පස්සෙ වෙලාවකම කියන්නම් හොඳේ.. එතකන් දිගටම එක්වී සිටින්න.

-මතුසම්බන්ධයි

 
Last edited:
May 18, 2010
6,978
210
0
Los Angeles

- පහළොස්වෙනි කොටස -

Code:
15.1


ඔය දෑසේ සැඟවුනේ
මා සෙවූ ආදරේ..
හදවතේ සෑමදා නුඹ රැඳේ..
මිතුරන් සේ අප ලන් වුනා.. හා හා..
මා මතකයේ ඔබ සදා..

කෙසේ පවසම්දෝ..
මේ ආදරේ..
සිත් තැවුල් ඇති වේදෝ..
මා සොන්දුරේ..
මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් ඔබට දැනේදෝ..
සුළගේ පවා රැඳෙන්නෙ.. එපමනයි ඔබට දැනේදෝ..

අප තනිවී සිටියදී..
මේ ගන් ඉවුරේ..
සවනට කොඳුරමින් කීවා..
ඔබ ආදරේ..
ඔබ උණුසුමින් තුරුලු වී..
කී වදන් හීනයක් සේ..
මා හද දැනුනා ළය ගින් නිවුනා
සෑමදා.. ඔබ මගේ, ඔබ මගේ, ඔබ මගේ..

love_couple_laughing.jpg


මිතුරන් සේ අප ලන් වුනා.. මා මතකයේ.. ඔබ සදා..
කොච්චර ලස්සනද ඒ දේවල්.. ඔයත් මමත් අපි දෙන්න එකට ඉද්දි ඒ මොහොත පවා අලන්කාර උන හැටි.. ඒ දේවල් හීනයක් වෙලා හැමදාමත් මගේ හිතේ තියෙනවා.. ඔයා දන්නවද.. අපි වෙනුවෙන් අපි අවුරුදු 4කුත් ගත කලා.. ඒ ගත කල හැම නිමේශයක්මදුක සතුට එකතු වෙච්ච ලස්සන මොහොතක් උනා.. අද මම ආපස්සට හැරිලා බලද්දි.. දුකට වඩා සතුටක් දැනෙනවා.. එදා ඉකි ගගහා අඩපු දේවල් දිහා අද හිතලා බැලුවම හිතට සතුටක් ඇති වෙනවා..

ආදරේ හරි පුදුමයි.. ඒත් ඔයා ඊටත් වඩා පුදුමයි.. ආදරේ අපිව ජීවත් කරවනා.. ආදරේ අපිව මරවනවා..

ඇයි ආදරේ මගේ හිතට ආවෙ කියන්න මම දන්නෙ නෑ.. හුලගක් වගේ ඇවිදින් මගේ හිතේ නැවතුන ඔයා ආයෙත් හුලගක් වගේ මගේ හිතින් යන්න ගියා.. ඇයි මෙහෙම වෙන්නෙ.. ඔයා එක්ව ගත කල නිමේශයක් පවා අද මගේ හිත සතුටු කරනවා.. හුළගක් වගේ ඇවිදින් හුළඟක් වගේ ගියේ මගේ හිතේ තියෙන හම වස්තුවක්ම කොල්ලකාගෙනයි.. ඒත් එක දෙයක් ඔයාට අමතකවෙලා.. මොකද්ද දන්නවද....
අපේ මතකය ඔයාට අරන් යන්න අමතක වෙලා.. ඒක විතරක් මගේ හිතේ ඉතිරි වෙලා.. දැන් මට ඉතිරි එකම වස්තුවත් ඒක වෙලා.. ඒකයි මේ හැමදෙයක්ම මම කලේ.. ඔයා එක්ක සතුටින් ඉන්න.. ඔව්.. ඔව්.. මන් දන්නවා මන් අසාදාරණයි කියලා.. ඔයා මතකය විතරක් ඉතුරු කරලා ගියේ ඔයාව ලබන්න තරම් පින් කරලා නැති නමුත් මට මතකය විතරක් අයිති නිසා වෙන්නැති..

ඒ මතකයන් අමතක වෙන්නෙ නෑ මට කවදාවත්.. ඒ මතකයන් ඉතිහාසගත වෙලා හැමදාටමත් මගේ හිතේ තියෙයි.. ඒකෙ සකයක් නෑ..

love,couple,sunset-6fcce4881ce35ef1dd767783f7fc398a_h.jpg



 
May 18, 2010
6,978
210
0
Los Angeles

Code:
15.2


February 16, 2009 at 1:26pm

Lolx, Yeah yeah.. I remember u quite well, but i ws playing along..

cz someone told me that ur having some split personality issue,
means like ur not the same person who was online, it was apparently a cousin sister of yours..

So, in that case, i might know ur cousin who was online abt an year ago,..
maybe not you ? :D

Whatsup anyway ?
where were u hiding all this time ?


මගේ පිළිතුර

February 16, 2009 at 2:24pm

I knw.. i hv ma own reasons.. m jus 16 years old gal.. I knw.. I lied to evrybdy.. I tried to pretend dat m a big gal.. but afta all m d 1 who gt bugged off.. :( its soo bad..

Hmm .. ma bad !! I lose almost evrythin !!

Hmm.. i wnted to end up ma role.. I was realy fed up of acting smthing like dat.. i wnted to b real.. I dunno wt made me do dat..
I cudnt face any1 .. so i kept hidin frm em.. specialy frm ov akki (everytym whn i said dat m nt old thanu , i felt guilty)



Hmm.. U knw why i added ya?? (thot of givin a hola )
I'll tell why.. but b4 dat.. i wnt u to promis me dat u wont tel anybdy abt this.. cuz i dun think dat i wil b abl to face em :( I wish i cud tok with em.. @lst 1s.. but m nt lucky enuf.. Btw, will u promis me eh ?



එහෙම කියලා හිතුවෙ එයාට ඇත්තම කියන්න.. එයාට මගේ හිතේ තිවිච්ච ඒ රහස කියන්නයි මට ඕන උනේ.. එදා මට ආපු හයිය කොහෙන් ආපු එකක්ද මන්දා..

මම මීට කලින් කීවා නේ.. කවදා හරි මන් එයාට ඇත්ත කියනවා කියනවමයි කියලා..

ඒ දවස අද උදා උනා..

ඔහෙගෙන් පිළිතුරක් ලැබුනි..

ww11-secret.jpg



 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
15.3

February 16, 2009 at 6:50pm
hey , secret are always safe wit me, hope u didnt forgot that part .. ;-)
So, whatz really up ??

Btw, i stil hav my old yahoo - *******@yahoo.com

add me if ur on it..



මගේ පරණ ඇඩී එක පවා නැති වෙලා තිවුනේ.. පරණ යාහූ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එකත් මතක නෑ.. ඉතින් පරණ කිසිම දෙයක් අද වෙනකොට නෑ.. ඒ වෙද්දිත් අලුත් ඇඩි එකක් තමයි තිබුනේ.. ඒකෙන් මම ඔහුව ඇඩ් කොර ගත්තා..




February 16, 2009 at 7:45pm

Nufin much jazy ( i hope ya ok with me calin u jazy) just hangin around .. u ?

Umm.. Ok m done.. accept me ..

*******@yahoo.com


අම්මේ.. එයාව නම් දැක්ක කල්.. එයා එක්ක කතා කරපු කල්.. ආයෙත් එයාව මේ අයුරින් දකින්න ලැබෙයි කියලා නම් හිතුවෙ නෑ.. මම කීවෙ.. මෙච්චර ඉක්මනට දකින්න ලැබේවි කියල නම් හිතුවෙම නෑ..

7fe9.jpg


 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
15.4


ඉන්පසු කෙටි පනිවුඩයකින් ඔහුගෙන් ඉල්ලා සිටියේ මා ඔහු සමග කතා කල කිසිවකුත් ඔහු සමග කතා කල බවකුත් වෙන කිසිම කෙනෙකුට නොකියනු පිණිසය..

එවිට ඔහුගෙන් ලැබුන ප්‍රතිචාරය වඩාත් විශ්වාසවන්ත පිළිතුරක් විය..


February 17, 2009 at 7:40pm _

no need to plead.. My lips are sealed as always !..
so whatz up with u anyway ??


මුලින්ම එයාගෙන් අහන්න ඕනි උනේ රට්ටු එයා මාව අමතන සමහර කතා ඇත්තද කියලා දැනගන්නයි.. ඒ කීවේ මෙහෙමයි සිද්ද වුනේ..

ඒ කාලේ.. ඒ කීවේ අර අපි දෙන්නම එක පාර අතුරුදහන් වුනාට පස්සෙ ටිකක් කල් ගිහින් මම හදිසියෙන් නැවතත් ඔන්ලයින් ආපු වෙලේක සඳුන් කියල හාදයා මට මෙහෙම කීවා..

තනූ.. මට මේ දේවල් වලට ඇත්ත කියන්න කියලා.. කීමට අපහසු එහෙත් තරමක් බැරෑරුම් හා සන්කීර්ණ ප්‍රශ්න මාලවක්.. ගෑනු ලමයෙකුගෙන් අහන්න සුදුසු ප්‍රශ්න නම් නෙවෙයි.. එහෙත් ඒ අහපු හැම ප්‍රශ්නයක්ම මගේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක්.. ඒ අහපු සියලුම ප්‍රශ්න වලට මම පිලිතුරු දුන්නේ මදක් ඔහුගේ සිතුවිලි හෙළා දකිමිනි..

එවිට සඳු මෙහෙම කීවා..

''ඇත්තටම ඔයා මේ කියපු දේවල් සේරම ඇත්ත නම් ඔයා හරිම අදහන්න වටින කෙල්ලෙක්.. මෙච්චර කල් අපි ඔයා ගැන හිතන් හිටියෙ වෙනත් විදියකට.. ජේසන් නම් තාමත් හිතන් ඉන්නෙ ඔයා ගැන ඒ විදියට තමයි.. මම ඒ යකාට මුකුත් කියන්න යන්නෙ නෑ.. ''


girl.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
15.5

'' ඒකට මුකුත් තේරුම් කරලත් වැඩක් නෑ ''

මම නැවතත් පිලිතුරු දෙමින් මේසේ විමසූහ..

'' ඉතින් එයා මොනාද මන් ගැන හිතුවෙ.. මොනාද එයා කීවේ.. එයා මොනව කීවත් හිතුවත් කාටවත් ඒවා වෙනස් කරන්න බෑනේ.. ඒවා එයාම තේරුම් ගන්න ඕනි.. ඔයාල කීවට වැඩක් නැහැනෙ''

මම මෙහෙම කිව්වට මොකද මටත් හිතා ගන්න බැරුව හිටියේ එයා මන් ගැන කොහොමද හිතන් හිටියෙ කියලා..

සඳුන් නැවතත් කතාවට අවතීර්න වුනි..

ඌ ඔයා ගැන වැරදියට හිතන් ඉන්නෙ කියලා මගේ හොඳ නාමය කෙලෙසෙන අයුරින් එක් නාමයක් පට බැන්දලා.. ප්‍රසිද්දියේ කියන්න තරම් සුදුසු නමක් නෙවෙයි.. ඒත් කෙනෙකුගේ තත්වය මනින්න පුලුවන් වෙන වචනයක්.. ඒක කියපු කෙනාගෙ තත්වෙ හොඳින්ම මැන ගන්න පුලුවනි ඒ කියලා තිබ්බ කතාවෙන්..

හරි.. දැන් සඳුන් කියන විදියට ජැසී මෙහෙම කීවා නම් එයා කවද හරි දැනගනිය් මම එහෙම පුද්ගලයෙක් නෙවෙයි කියලා.. ඒත් සඳුන් ඔයා කොහොමද හිතුවෙ මම එහෙමයි කියලා.. මොකෝ ඔයාට කවදහරි දකලා තියෙනවද මම එහෙම කරපු බවක්වත් නත්තම් ඔයාට එහෙම මුකුත් වෙලා තියෙනවද මගේ අතින්..

ඔහුට එයට දෙන්න පිලිතුරක් නොතිබුනි.. සියල්ල තම වාසියටත් පලි ගැනීමේ චේතනාවත් නිසා සිදුවූ දේවල් විය.. කිසිම දවසක මම පිලිගත්තෙ නෑ ජැසී මට එහෙම දෙයක් කීවා කියලවත්.. හේතුව මම එයාට ආදරෙයි.. ඒ ආදරේ කැමති නෑ ඒ ආදරේ කරන කෙනා ගැන ඒ තරම් අහිතක් හිතන්න.. මගේ හිතත් මාත් හැමදාම එයාව සුද්ද කලා.. එයා ගන තිබ්බ භක්තියත් ආදරයත් ගරු කිරීමත් නිසා වෙන එවුන් කියන කිසිම දෙයක් නිසා එයා වෙනුවෙන් තිවිච්ච ආදරේට අඩු පාඩුවක් හෝ කැලලක් ඇති වෙන්න ඉඩ තිබ්බෙ නෑ..


3558969336_bfe4925b4f.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
15.6

ඉතින් එදා සඳුන් මට ජැසී මා ගැන කීවයි කියපු දේ ගැන මම මේ පාර අවස්ථාවක් ආපු නිසා එයා ගෙන් ඇහුවා..

'' හරි.. මුලින්ම මට කියන්න මේක.. මට ඇහුනා මිනිස්සු කියනවා ඔයා මා ගැන එක එක දේවල් කිය කියා ගියාලු.. ''

එසේ කියමින් එදා සඳුන් කියපු දේ මම සඳන් කර යැවුවෙමි..

'' අයි ඔයා මට ඒ විදියට කතා කලේ.. අයි ඔයා මන් ගැන එහෙම දෙයක් කීවෙ.. එහෙම දෙයක් කියන්න අඩුමතරමින් ඔයා මන් ගැන පොඩ්ඩක් හරි දන්නවද.. ඔය දකල හරි අත්විඳලා හරි තියෙනවද ? මට දැන් ඒ දේවල් වලින් ඇත්තටම වැඩක් නෑ.. මන් ගනන් ගන්නෙත් නෑ.. ඒත් මම එදා ඔය දේ ගැන දැනගත්තම නම් හුඟක් දුක් උනා.. හ්ම්ම්.. මට ඔයාට වැදගත් දෙයක් තියෙනවා කියන්න.. මම දන්නවා.. මට පිස්සු.. ඒත් මට තවත් විඳවන්න බෑ.. ඒත් ඊට කලින් ඔයා මගේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනි..

ඔයාගෙන් හොඳ පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා.. ''

මේ ලිපිය යැවුවේ
February 17, 2009 at 8:15pm



productimg1244969043454.jpg


මීලඟ කොටස තවත් දිනයක බලාපොරොත්තු වන්න..

-මතුසම්බන්ධයි

 
May 18, 2010
6,978
210
0
Los Angeles
දහසයවෙනි කොටස



සෙවනැල්ල ඔබේ මා වෙන්නම්
මගෙ සිත රිදවූ තරම මදී..
වියපත් වූ දා අතීතය අරන්..
ඔබ ආවොත් හොදටෝම ඇති..

බාදක හමුවේ නොසැලී ආ මග..
ආපසු හැරිලා බලනු බැරී..
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් අද මට අහිමි..


අද වෙනකොට දසක් මග පසු කොට කිලෝමීටර බර ගනනක් පසු කොට ගෙන ජීවිතයේ අවුරුදු හතරක්, මාස හතළි අටක් , පය තිස් හතරදහස් පන්සිය හැටක්, විනාඩි දෙකෝටි එක් ලක්ෂ හතළිස් දෙදහස් හත්සිය විස්සක් ගෙවාගෙන ඔයා වෙනුවෙන් මම තවත් විනාඩි කීපයක් නොසෙල්වී නොඉවසිලිව බලා ඉන්නේ කල්ප ලක්ෂ බර ගානක් තිස්සේ පතාගෙන ආ ඒ ආදරෙන් එක් සුන්දර වචන තුනක් අහන්නයි.. ඔයා ලෑස්තිද ඒ මොහොතට ??

මට නම් හිතා ගන්නත් බෑ.. මේ තරම් පුදුම විදියට අපි වෙන් වෙලා.. මේ තරම් පුදුම විදියට අපි එක් වෙලා මේ තරම් පුදුම දේවල් වෙයි කියලා ඔයාවත් මමවත් හිතන්නෙ නැතුව ඇති..


imgres
single090b.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles

අපේ ජීවිතේදී සමහර දේවල් තියෙනවා සමහර මිනිස්සු ඉතා සූක්ෂම අන්දමින් කොලේ වහලා සෙල්ලම් කරන දේවල්.. තවත් සමහරු ආදරේට කොල නෑ කියලා කොල අත බිමට දාලා ආඩරේ සෙල්ලමක් නෙවෙයි කියන අයත් අප අතරෙම ඉන්නවා.. එහෙත් ආදරේ සෙල්ලමක් කොට සලකන කොටසකුත් අපි අතරෙම ඉන්නව.. ඊට හේතුව මිනිසුන් අතරෙත් තිරිසන් ගති ඇත්තන් ඉන්න නිසා.. ඒත් අපිට කවදාවත් මූන බලලා ඒ ඩේවල් කියන්න බෑ.. කවදාවත් පිටස්තරින් මිනිස්සුන්ව මනින්නට බෑ.. සමහරෙක් වචනයක් කියලා පසුවට කොල අත බිමට දැමූ කෙනාට කොලේ වහමින් නිතරම සාක්ෂි ඉල්ලනව.. ඉඳහිට මතක සටහන් ලෙස ඉතිරි කරගත් දේවල් ඇතමෙක් වහපු කොලයක් ලෙස උපයෝගි කර ගන්නවා.. හෙ හෙ.. දන් ඔයාට මේක කියෙව්වට හරියට යමක් තේරුනේ නෑ නේද ?? එහෙත් තේරුම් ගත යුත්තෝ මේක තේරුම් ගන්න උත්සහ කරයි.. ඒත් එහෙම තීඅරුම් ගන්නවත් මොලයක් නැති සමහරු අපි අතර ඉන්න බව අපි අමතක නොකල යුතුඉ.. විටෙක සුන්දර දේවල් අපේ ආත්ම ආරක්ශාව සඳා යොදා ගත යුතු වෙනවා.. ඒ සුන්දර මතකයන් මනක්කල්පිත තැනක ආයුදයක් ලෙස භාවිතය කිරීම නුසුදුසු වේ.. එහෙත් අවමානයකට ලක්වූවෙකුගෙන් සාක්ශි ඉල්ලන තවත් සමහරෙක්ට ඉන් ප්‍රයෝජනයක් වෙනවා නම් අකමැත්තෙන් හෝ ඒ දේවල් කියන්න සිද්ද වෙනවා.. අර කතාවක් තියෙනවනෙ.. ගිය දේවල් ගියා.. ඒ ගැන ආයෙ ආයෙ හිතල දුක් වෙන එකේ පලක් නෑ කියල.. ඒ වගේම තවත් කතාවක් තියෙනවනෙ ජීවිතේ දේවල් නති වුන කෙනෙකුට ආයෙත් ඇති වෙන්න දේකුත් නහැයි කියලා..

හෙ හෙ.. තේරුන්නැද්ද ? තේරුන්නැත්තම් මේක අමතක කරන්නකෝ ..


ඔහොම ඉතින් යැවුවම එයා නැවතත් එයට පිළිතුරු සටහන් කරලා තිබුනා

February 18, 2009 at 12:13am Report

lol..


if u knew me very well, and if u were a such a gud friend of mine,
ud know the answer for that question already.

Beware from whoever told u that part /

And besides, i dont talk with such breed( the slutty type), so if i thought abt u in a way like that , i wudve blocked u even b4 u request the friendship.

Think abt it.. People can say anything they want,
that comes to their mouth,
question is whether u shud believe it or not.

and if i really told ur friend such a thing abt u, i wouldnt hav the guts to reply this when u ask abt it so directly. :-)

Me .. i always ask for proof, so if ur friend can provide some legit proof abt such a thing i told him or her,
id do anything u ask me to do and id accept it

:-)

Take care !


Joker_playing_cards.jpg


 
May 18, 2010
6,978
210
0
Los Angeles



ඉහත ලිපියේ කී පරිද්දෙන් එයා කවදාවත් මා ගැන එහෙම කියලා නැතිලු.. ඒත් කියපු අය ගැන මගේ විශ්වාසය ගන අහනවා.. ඇත්තටම කිව්වොත් ආදරේ අන්ධයි.. හේතුව මට උනත් ඒ කාලේ හුඟ දෙනෙක් එයා කලු පාටයි කියලා කිවුවත් මන් එයාව හමදාම දැක්කේ සුදු පාටට.. මේක හිනා යන කරුණක් තමයි.. මටත් හිනා යනවා දන්.. ඒත් ඒ කාලේ මට ඒ දේවල් වලට හිනා ගියෙ නැත්තෙ මාත් ආදරෙන් අන්ධ වෙලා හිටිය නිසයි.. ඒ ඔක්කොමටත් වැඩිය ආදරේ වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන්න මම සූදානම් වෙලා හිටියෙ.. ඕනම දුකක් ඕනම අභියෝගයකට මුහුන දෙන්නයි මම හිටියෙ.. ඒ නිසා වෙන මිනිස්සු කියපු කිසිම දෙයක් මම මගේ ආදරේ එක්ක ගැටෙන්න ඉඩ දුන්නේ නෑ..

මගේ උත්තරය තරමක් දිග එකක් වුනා.. තති ගනීමක් නිසාද දන්නෙත් නෑ මම විකාරත් ලියලා යවලා තිබුනා.. සමහර ඒව දැන් මතක් වෙද්දි ගොබ්බ පාට් වගේ කියලත් හිතෙනවා.. මොනවා කරන්නද.. ඒ වෙලේ හිතේ ඇති උන දේ නොසඟවා කීවා..


love-quotes.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles


ඔයා හොඳ කෙනෙක් Jaz . ඒක නිසයි මට ඔයාව අමතක කරන්න බැරි උනේ ඔයා මාව අමතක කලත්.. විල්සන් මාමා මගෙන් එදා අහපු දේවල් ගැන එයා ලැජ්ජ වෙන්න ඕනි.. හිතේ කැත කම තමයි. ඒ දේවල් කොහොම උනත් ඇයි ඔයා මාව දාල ගියේ ? ඔයා කොහෙද ගියේ ? ඇයි එක පාරටම මගෙන් ඈත් උනේ.. මට හුගක් රිදුනා.. දුක හිතුනා..

හ්ම්ම්ම්.. ඒ කොහොම උනත් මේකයි මට ඔයාට කියන්න ඕනි උනේ..


ඉස්සර වගේ නෙවෙයි මම දන් ලොකුයි.. තරමක් තේරෙන වයසක ඉන්නෙ.. මට ඔයාට කිසිම දෙයක් හන්ගන්න ඕනි නෑ.. ඒ වගේම මගේ ජීවිතේ පාට ගාපු එකක් කර ගන්න ඕනිත් නෑ හරියට ඔයා දවසක් මට කීවා වගේ (ඔයාට ඒක මතකද දන්නෙ නෑ)
ඒක නිසා අද මම ඔයාට මේ දේ කෙලින්ම කියනවා..

මම මේ කියන දේ නිසා මාව විකාරයක් වගේ දනෙයිද දන්නෙත් නෑ.. ඒත් මම මේ දේ ඔයාට කියන්නම ඕනි.. නැත්තම් මට මගේ ජීවිතේ මේ ගැන හිතල තවත් විඳවන්න වෙයි..


ඔයා දන්නවනේ ඔපසිට් අට්‍රැක්ශන් කියලා දෙයක් ඕනම හිතක ඇති වෙන්න පුලුවන් නෙ.. මගේ හිතෙත් ඒ වගේ ආකර්ශණයක් ඔයා ගැන ඇති වෙලා හමාරයි.. ඔයා ගැන මට ගැඹුරින්ම කැමැත්තක් කැමැත්තක් ඇති උනා ඔයා එක්ක ටික කාලයක් ආශ්‍රය කරද්දි .. ඒත් ඒක කියන්න මට ඒ කාලෙදි ලැජ්ජ හිතුනා.. ඇරත් ඉතින් මන් මගේ ජීවිතේ ආදරේ ඇරෙන්න අනික් හැම ඇත්තක්ම මම ඔයාගෙන් වසන් කලානෙ
..

love.gif

 
May 18, 2010
6,978
210
0
Los Angeles

හැම දෙයක්ම හරිම අමුතුයි.. කාලයා මට හරියට සලකුවෙ නෑ ඒ දවස් වල.. මම බොරුවෙන් ජීවත් උනේ.. ඒ නිසා හදවතේ තිවිච්ච හැඟීම් කවදාවත් මට හරියට ඔයාට කියාගන්න බැරි උනා.. මේ ගැන ඔයාගෙ ප්‍රතිචාර කොහොම වෙයිද කියන්න මම දන්නෙ නෑ.. මට හිතා ගන්නත් බැහැ.. ඒත් ඔයාගෙ උත්තරේ මොකක් උනත් මන් ඕන දේකට ලෑස්තියි.. මම හිඟමන් යදින්නෙ නෑ ඒත් මම මේ දේ ඔයාට කියන්න බයත් නැහැ..

ඔයා ගැන ලොකු ආදරයක් මගේ හිතේ ඇඳිලා තියෙනවා.. එආ ආදරේ දැනටත් ඒ විදියටම එහෙම්මමයි..ඔයා ගැන මම හුඟ දෙනෙක්ගෙන් ඇහල දැන ගන්න උත්සහ කලා.. ඒ දේවල් කලේ වෙන දේකට නෙවෙයි.. ඔයාව හොයා ගන්න ඕනි නිසයි.. ඔයා ගැන හරියට කිසිම දෙයක් දැන ගෙන හිටියෙ නැති නිසයි.. කවදාවත් මන් ඔයාගෙන් ඇහුවත් ඔයා මට ඔයාගෙ දේවල් කීවෙ නැහැනෙ.. ගෙවුනු අවුරුදු හතර ඇතුලත මම ඔයා ගැන හොයන්න ගත්ත උත්සහය අප්‍රමානයි.. අන්තිම මොහොත වෙද්දි මට හොඳටම තෙහෙට්ටුයි ඔයා ගැන හොයලම.. මොකද මොකක් හරි වැරදීමකින් මම ඔයාගෙ වාසගම පොඩ්ඩක් එහා මෙහා කරගෙනයි හොයල තියෙන්නෙ.. එහෙත් පස්සෙ ඒ වැරැද්ද හැදුනා..

මේ දේවල් කරන්න මට පිස්සු කියන්න මම දන්නවා.. ඔයා නම් හිනා වෙනවත් ඇති.. මොනා කරන්නද, ඔය මගේ ජීවිතේ පලවෙනි ආදරේනෙ.. ඒ වගේම ඔයා වෙනුවෙන් දැනුන ආදරෙත් බොහොමයි.. ඒ කාලෙ මම ඔයාට ආදරේ කලේ හරියට '' You are my drug and i am addicted to you ! '' වගේ..
මම ඔයා ගැන් හුඟක් හෙව්වා.. ඔයා දීපු ඔයා කියපු හම සින්දුවක්ම මට ඔයාව මතක් කලා.. ඔයාට මතකද 'කප් කේක්' සින්දුව ?? ඒක මම හරිම ආදරෙන් අහපු සින්දුවක්.. නිතරම ඒ සින්දුව ඔයාව මතක් කලා.. ඔයා ගැන අති උන ආදරේ එක්ක බැඳිච්ච සින්දු මගේ හිතේ රැවු දුන්නා..

ඔයාට මම මීට වඩා කියන්නෙ නෑ.. එහෙම කීවොත් ඔයා හිතයි මට හොඳටම පිස්සු කියලා.. මන් මැන්ටලයක් කියලා හිතයි (දැනටමත් එහෙම හිතනවා ඇති.. )



love_quotes_graphics_b7.gif

 
May 18, 2010
6,978
210
0
Los Angeles

මෙච්චර වෙලා ඔයාට කියන්න ඕනි වෙලා තිබ්බේ මේකයි..

මම ඔයාට ගොඩක් ආදරෙයි !

ගෙවුනු අවුරුදු කීපයට මට ඔයාව මතක් උන තරමට අගයක් දෙන්න බැරි තරම්.. මම දන්නෙ නෑ ඇයි මට මෙහෙම උනේ කියන්න.. ඒත් මම ඔයාව නොදැක හරිහමන් හැඩරුවක් නොදැන ඔයා ගැන මවපු හීන අනන්තයි..

ඔයා කැමති නැත්තම්.. මගෙන් කිසිම බලපෑමක් නෑ.. මම ඕන දේකට ලාස්තියි.. මේකෙන් පස්සේ ඔයාට මාගෙ සමුගනීමක් දකින්න ඕනි නම් මට සමු ගන්න පුලුවන්.. මම යන්නම්.. ඈතට.. ඔයාගෙන් හුඟාක් ඈතට.. නොපෙනෙන්නම..

ඒ මගේ පිලිතුරයි.. මොනවගේ උත්තරයක් ලැබෙයිද කියලා මම වත් දනගෙන උන්නේ නෑ.. හිතා ගන්නත් බෑ..


i-love-you-big-cookie.jpg


කතාවෙ ඉතිරි කොටස හෙට දිනයේදී නැවත බලාපොරොත්තු වන්න..

-මතු සම්බන්ධයි

 
May 18, 2010
6,978
210
0
Los Angeles
දාහත් වැනි කොටස

Code:
17.1



දම් පාට හන්දෑවේ..
හිරු බසින මේ යාමේ..
සුලගෙ අප දැවටීලා..
පිය නගමු ලඟටම වී..
හඳ ගහෙන හැම වේලේ..
ඔබවමයි මා පැතුවේ..
හිම කන්දකින් සඟවා ගන්න බෑ උනුසුම මේ..
ඇස් පියන් මත ඩැවටී.. යන්නෙප ඔබ වෙන්වී..
ඔබෙ සුවඳ මා දිවියේ.. හුස්ම සේ ඇත ලන්වී..






අනේ මම වලාකුලක් වුනා නම්.. එහෙනම් මන් පාවෙලා එනවා ඔයා දිහා බලන් ඉන්න.. මන් එහෙනම් ඔයාට කරදර කරන්නෙ නැතුව ඔයාට නොදැනෙන්න ඔයා පස්සෙන් පාවෙලා එනවා.. ඔයා දුකෙන් පිච්චෙද්දි, මන් ඔයාගෙ දුක තෙත් වෙලා හේදිලා යන්න වැහි බින්දු දෙන්නම්.. ඔයාට සීතල උනාම මම වැහි බින්දු හිර කරන්නම්.. ඔයාට සන්තෝස හිතුනම මම හිනැහෙන්නම්.. තරුකා වලට කියන්නම් ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න කියලා.. සුළගට කියන්නම් ඔයා යන දිහාවට මාව අරන් යන්න කියලා.. චන්ද්‍රයාට කියන්නම්.. ඔයා මා දිහා බලන්න උත්සහ ගනිද්දි කලුවරින් මාව සඟවන්න කියලා.. සූර්‍යාට කියන්නම්.. හැමදාම ඔයාගෙ ජීවිතෙ එලිය කරන්න කියලා..


ඔයා මට බනිනවද මම වලාකුලක් හරි වෙලා ඔයා පස්සෙන් එනවා කියල ?? අනේ එපා.. සත්තයි මම හීන් වැරැද්දක් වත් කරන්නෙ නෑ ඔයාට.. මම ඔයාට දැනෙන්නවත් ඉඩ දෙන්නෙ නෑ.. මන් චුට්ටක් චුට්ටක් බලුවට මොකද වෙන්නෙ.. ඔයාට හානියක් කරන්නෙ නෑ.. සත්තයි..


heart-from-cloud-279799.jpeg