Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය

May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
17.2


'' කොහෙවත් හැන්ගෙන්නවත් දුවන්නවත් ඕනි නෑ.. මොකද මම ඔයා එක්ක පොඩ්ඩක්වත් තරහා නෑ..

ඒත් මෙතන තියෙන බැරෑරුම් ම දේ තමයි.. කොහොමද කෙනෙක් ඔන්ලයින් හම්බුන කෙනෙක්ට ආදරේ කරන එක කියලා..
අපි කවදාවත් හම්බෙලා නෑ.. ඇත්තට කතා කරලත් නෑ.. ඔයාට හිතෙන්නෙ නැද්ද අපි හම්බෙලා ඔයා මාව දැක්ක දවසට ඔයාට මන් ගැන තියෙන අදහස නැති වෙයි කියලා.. මට ඔයා හිතන පතන දේවල් දෙන්න පුලුවන් කමක් නති නම්.. මම ඔයාගෙ තත්වෙට ලන් වෙන්න බැරි කෙනෙක් නම්..

කොහොම වුනත්.. යන්න ඕනි නෑ.. මට සමාවෙන්න ඔයා මා එක්ක තරහයි නම්..

ඔයා ඉස්සලා අහපු කිසිම ප්‍රශ්නෙකට මම උත්තර දුන්නෙත් නෑ..

ඒක නිසා ආයෙත් මුකුත් හන්ගන්න එපා.. keep in touch ! ''


එහෙම කියලා තිබ්බෙ එයා එවපු ඊලග මේල් එකෙයි..

තරමක් දුරට ආදරේ වැඩි උනාද මන්දා.. හිතත් සන්තෝසෙන් ඉපිල ගියාද මන්දා.. හිතේ කොනක සැඟවිලා තිවිච්ච බලාපොරොත්තු නැවත උපත ලැබුවද මන්දා..

ජීවිතේ කොච්චර ශෝයිද කියලා හිතුනා.. වෙලාවකට හිතට වටිනම වස්තුව කොල්ල කාලා.. තවත් කාලෙකදි ආයෙත් ඒ වස්තුව ලබා දෙනවා.. අඩුම තරමෙ මේක කියවන ඔයාටවත් තේරුම් ගන්න පුලුවන්ද ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා ??

අපි කවදාවත් හිතන දේ නෙවෙයි ජීවිතේ අපිට දෙන්නෙ.. ඒ වගේමයි.. අපෙන් ඩැහැ ගන්නෙත් අපි කවදාවත් හීනෙකින්වත් හිතන්නෙ නැති දේවල්මයි.. ජීවිතේ විටෙක සතුට ගෙන දෙනවා.. විටෙක දුකින් පුරවනවා.. අපි මේ ජීවත් වෙන අපේ ජීවිතේ පුදුම එකක් නෙවෙයිද ?? ජීවිතෙත් හරියට මායා කාරියක් වගේ.. එයාගෙ අර මජික් පොල්ලෙන් හිතුන හිතුන වෙලාවට ජීවිතේ වෙනස් කරනවා.. හරි නරකයි.. හරිම නරකයි.. එක්කො කරන්න කලින් කියන්න ඕනි.. මේක එහෙමවත්ම නෑනෙ..


life-purpose.jpeg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
17.3

'' ඔව් මම ඔයාව දැක්කා.. ඔයාව දැකපු මුල්ම වතාව නිසා මම ටිකක් තිගැස්සුනා.. එහෙම වෙනවා.. ආදරේ කරන කෙනෙක්ව දැක්කම.. මට ඔයාගෙ රූපෙන් වැඩක් නෑ.. මට ඒ දේවල් නම් ඕනිත් නෑ..මේක හොඳ විදියකට වෙනවා නම්.. මට ඒ කිසි දෙයකින් පලක් නෑ.. ඒ දේවල් වලින් මට වැඩකුත් නෑ.. ඔයා ලස්සන හදවතක් තියෙන කොල්ලෙක්.. ඒ ඇති මට ඔයාට ආදරේ කරන්න.. ඒවුනාට අපේ වයස පරතරේ නම් ඔයාට ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ.. කොහොම වුනත් දැන් නම් හැම දේම හොඳ විදියකට විසදුනා නේ.. ඉතුරු ටිකත් කාලයාටම විසදන්න ඉඩ දෙමු..

ඔයා නම් වැට උඩ.. කිසිම දෙයක් පැහැදිලිව කියන්නෙ නෑ.. අනේ මන්දා.. දෙවියෝ මට ශක්තිය දෙන්න ඕනි මගේ හිත හදා ගන්න..

මේ ඒක නෙවෙයි.. මම දැන් යන්න ඕනි.. දැන් කොමර්ස් ක්ලාස් පටන් ගන්නවා.. මන් ආසම සර්.. හෙහෙ..

පරිස්සමින් ඉන්න..
''

මෙහෙම කීවේ මන් තමයි.. එයාට පිළිතුරු යැවුවා..

එතකොට එයා අහනවා.. මම උසස් පෙළ කරනවද කියලා.. මම කීවා.. නෑ නෑ මම තාම සාමාන්‍ය පෙළ තමයි කරන්නෙ කියලා.. මට පොඩ්ඩක් ලජ්ජත් හිතුනා වගේ.. ඇයි ඉතින් , ලජ්ජ හිතෙන්නෙ නැද්ද.. මන් තවම චුට්ටි කෙල්ලෙක්නෙ..

මන් ඇහුවා එයාගෙ ගම මීගමුවෙද කියලා..
ඊට පස්සෙ එයා කියනවා.. ආනේ.. මම හිතුවෙ A/Lකරනවා කියලයි.. ඔව්.. මීගමුවෙ තමයි.. ඔයා කොහෙද ඉන්නෙ.. කියමු බලන්න මුල ඉඳන් අගටම..

ඇනේ මන්දා.. මෙයා හිතුවද දන්නෙ නේ මන් මෙයාට ඒවත් බොරු කීවෙ කියලා.. පිච්චු අයියෝ.. මම එයාට මීට කලින් කිව්වෙ මගේ ඇත්ත ගම තමයි.. එක්කො මෙයාට මතක නෑ නත්තම් ශුවර් නෑ..



life_quotes_graphics_05.gif

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
17.4

ඕන් ඉතින් මෙයා මෙච්චර පන දාගෙන අහපු නිසා මන් මෙයා දන්න ටිකම ආයෙත් කිව්ව හොන්දේ.. ඉන්නෙ කොහෙද.. යන ඉස්කොලේ මොකද්ද.. මොන වසරෙද.. අම්මා තාත්තා මොකෝ කරන්නෙ.. උස කොච්චරද..

ඇත්තම කියන්න.. උස නම් දැම්මෙ හිතේ වෙන හොර දෙයක් තියාගෙනලු.. අනේ ඉතින් ඒකවත් මේ මැටිස්ට තේරුනා නම් කොච්චර දෙයක්ද..

ඒත් එයා හෙන හොර ගෙඩියා.. හැමදාම ඔය සෙල්ලමම තමයි දාන්නෙ.. දන්නවා උනාට නොදන්නවා වගේ ඉන්නව හීමිච්ච වගේ..

පස්සෙ ඉතින් මෙයා මන් ගැන විතරක් අහලා හරියනවද කියලා හිතලා මාත් ඉතින් ඇහුවලු මෙයා ගැන.. ඒ අස්සෙන් ඉතින් මන් කීවා

'' ඔයා නම් ඉතින් හාල් මැස්සෙක් වගේනෙ'' කියලා.. හික්ස්.. ඇත්තමයි අඉයෝ.. කෝටු කෑල්ලක් වගේ.. ඉදිකටු පැන්චා කියලා කීවා නම් කියාපු නම එයාට..

ඒක අහලා එයා කියනවා.. හා හා.. හාල් මස්සොන්ගෙ කැල්සියම් තියෙනවලු..

බලන්නකො ඉතින් ප්‍රශ්නෙන් පැන්න හටි.. අනික් ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ.. අර අන්තිමට ලියපු හාල් මැසි කතාව විතරයි පෙනිලා තියෙන්නෙ..

කොහොමත් ඉතින් එයා පැනලා යන්න හරිම සූරයානේ.. මටත් හිනා දැන් නම්..


balanced-life.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
17.5

ඔය බලන්නකො ඉතින්.. ආයෙත් ඔයා පැන්නා නේ ශේප් එකේ.. මන් එහෙම කීවා.. එතකොට දන්නෙ නෑ වගේ අහනවා මොනවද ස්කිප් කලේ කියලා.. බලන්නකො අප්පා..

අනේ මන්දා.. මන් ඉතින් ආයෙත් මතක් කරලා දුන්නා.. මන් ගැන් ඇහුවට එයා ගැන කීවේ නෑනෙ මට කියලා.. තනියෙන් බුදු වෙන එක හරිද මන් අහන්නෙ ?? මන් ඉතින් ආයෙත් වතාවක් කීවා.. ඔයා මට කීවෙ නෑනේ .. මට උත්තරයක් වත් දුන්නෙ නෑනේ.. ඇයි මම කීවේ මම ඔයාට ආදරෙයි කියලා.. ඇයි මම අහුවේ ඔයාගෙන් ඒක උත්තරයක්.. ඔයා තාම උත්තර දුන්නෙ නෑනේ.. උත්තර දෙන්න අකමැති නම් කමක් නා.. ඒත් ඉතින් එහෙම නම් මෙහෙම එහෙන් මෙහෙන් කතා කරන එකේ තේරුමකුත් නෑ..

අනේ මන්දා මටඔයාව තේරුම් ගන්න බෑ.. ඇයි මෙහෙම කරන්නෙ කියලවත් හිතා ගන්න බෑ..

මම ආසම නෑ මිනිස්සු ප්‍රශ්න වලින් පැනලා යනවට.. හිත එක තැනක තියා ගන්න බැරි අයයි ප්‍රශ්න වලට මුහුන දෙන්න බැරි අය තමයි ප්‍රශ්න වලින් පැනලා යන්නෙ.. එයා ඉතින් එයාගෙ ජීවිත කාලෙම ප්‍රශ්න ස්කිප් කරනවනේ.. යන්නත් එපාලු.. ඉන්නලු.. ඒත් ඉන්න ඕනි ඇයි කියලා කියන්නෙත් නෑ.. එහෙම බෑ නේ..

You%20Brought%20Me%20Love.jpg



කතාවෙ ඉතිරි කොටස තවත් ලස්සන දිනයකදී බලාපොරොත්තු වන්න


- මතු සම්බන්ධයි
 
May 18, 2010
6,978
210
0
Los Angeles
දහ අට වැනි කොටස

Code:
18.1

ඔහොම ඔහොම ගිහිල්ලා මමත් ටිකක් සද්ද බද්ද නැතුව පාඩුවේ හිටියා ඔහේ.. ඔහොම ඉඳිද්දි ඉතින් ඉන්ද හිට මූනු පොතේ එයාගෙ නම එහෙම ටයිප් කොරලා පොඩ්ඩක් එබිල බලනවා ප්‍රොෆයිල් පින්තූරෙට එයාගෙ මූනවත් දාලද කියලා.. ඔය අතරෙදි කොහොමෙන් හරි එයාගෙ පින්තූරෙකුත් මට හම්බුනා.. ඒකත් ඉතින් හනිකට කොම්පුටරේට එහෙමත් ඔබාගෙන උදේ හවා ඒක දිහා කන්න වගේ බලන් ඉන්නවා.. වෙලාවකට පිස්සු කියලත් හිතෙනවා.. ආයෙත් ඉතින් ඕක හිතන්නත් දෙයක්ද, නේද ?

ඔහොම ඩින්ගිත්ත කාලයක් ඉන්නැද්දි ටික ටික එයාව මතක් වෙන එක වඩි වෙන්නම ගත්තා.. ඉන්නම බරි තරමෙ ලෙඩක් උනා.. මෙහෙමත් ඇනයක් වෙනවා කියලා එහෙමත් වෙනවද මන් අහන්නෙ ? ඉතින් හිත මම කියන දෙ පිලිගන්නෙම නෑ.. මට හොඳට මතකයි මන් ඇදේ හාන්සි වෙලා මොනිටරය දිහා බලන් ඉන්නවා.. කාලයක් තිස්සෙ මූනක් නති කෙනෙක් ගැනනෙ හීන මැව්වෙ.. දන් ඉතින් ‍YFM එකේ යන ලව් ඩ්‍රීම්ස් නාලිකාවෙ යන සින්දු වලට රෑට රෑට මවන විශුවල් එකට කොහොම හරි මෙයාගෙ මූන සෙට් කොර ගත්තා.. මොකද ඉතින් මෙච්චර කල් මූනක් නැතුවනෙ විශුවල් හැදුවෙ.. බලන්නකො අප්පා කොහොමද දියුනුව කියලා..


Dreaming_Girl.jpg
 
Last edited:
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
18.2

ටික දවසක් එහෙම ගිහිල්ලා යෙලෝ පේජස් වල එහෙමත් දන්න නමකින් එයාව හුන්ගක් හෙව්වා.. හොයනවා කීවේ නැති වෙන්නම හෙව්වා.. ඒත් ඉතින් හම්බ වුනේ නෑ.. ඉන්ටනෙට් එකෙත් කොච්චර කියලා නම් එයාගෙ වාසගමින් හොයන්නද.. හොයලා හොයලා බැරි උනාම හරිම දුකයි.. හෙව්වයි කියලත් ඉතින් ඇති වැඩක් නෑ.. හම්බෙන්නෙ නෑනෙ.. හම්බුනා කියලත් ඉතින් වැඩක් නෑ.. මොකද හම්බුනත් මන් මොනවා කරන්නද.. ඒත් ආදරේ දරුණුවටම වැලඳිලානෙ තිබ්බෙ.. ඒකයි.. කොහොමෙන් හරි ඉතින් ඔහොම ඔහොම යද්දි.. දවසක් මගේ දින පොතක එයාගෙ නොම්බරය ලියලා තිවිලා ඒකට කෝල් එකක් එහෙම දීල බැලුවා.. වැඩක් නෑ.. ඒක වැඩ කරන්නෙත් නෑ..

ටික දවසක් එහෙම ගිහිල්ලා Yellow පේජස් වල එහෙමත් දන්න නමකින් එයාව හුන්ගක් හෙව්වා.. හොයනවා කීවේ නැති වෙන්නම හෙව්වා.. ඒත් ඉතින් හම්බ වුනේ නෑ.. ඉන්ටනෙට් එකෙත් කොච්චර කියලා නම් එයාගෙ වාසගමින් හොයන්නද.. හොයලා හොයලා බැරි උනාම හරිම දුකයි.. හෙව්වයි කියලත් ඉතින් ඇති වැඩක් නෑ.. හම්බෙන්නෙ නෑනෙ.. හම්බුනා කියලත් ඉතින් වැඩක් නෑ.. මොකද හම්බුනත් මන් මොනවා කරන්නද.. ඒත් ආදරේ දරුණුවටම වැලඳිලානෙ තිබ්බෙ.. ඒකයි.. කොහොමෙන් හරි ඉතින් ඔහොම ඔහොම යද්දි.. දවසක් මගේ දින පොතක එයාගෙ නොම්බරය ලියලා තිවිලා ඒකට කෝල් එකක් එහෙම දීල බැලුවා.. වැඩක් නෑ.. ඒක වැඩ කරන්නෙත් නෑ..




6240_105630219090_78001554090_2295256_6178532_n.jpg
 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
18.3


කොහොම හරි එහෙම හිතෙද්දි පන්කාදු පහක අයිඩියා එකක් පහල උනේ ඔය වෙලේම තමයි.. ඉතින් දැන් ඕක ගෲප් එක්කටම රෙජිස්ටර් කරලා අත්නම් ඕකෙ එක ලඟ තියෙන අනික් අන්කත් වැඩ කරනවා ඇති නෙ කියලා හිතලා මම ඉතින් ඕන් 4 ඉලක්කම ගාව තියෙන අනික් ඉලක්කම් ඔක්කෝටම උත්සහ කරලා බැලුවා.. 1,2,3,5,6,7,8,9.. ඔය නොම්බර වලින් කොහොම හරි හතරක් විතර වැඩ කරන එව්වා තිබ්බා.. එක අන්කයකට කතා කරලා කොහොම හරි කොම්පැනියෙ නම කියලා ඇහුව ඒකද කියලා.. ඔව් කිව්වම මට නිකන් මොකද්ද එකක් පාත් උනා වගේ.. අය්ශම්මා කියලත් හිතුනා.. පස්සෙ අරයගෙ නම කියලා ඇහුවම කිව්ව එහෙම කෙනෙක් නම් හිටියා ඒත් දැන් නම් මෙහෙ නෑ කියලා.. පස්සෙ මම එයාව සම්බන්ද කර ගන්න පුලුවන් නොම්බරයක් ඉල්ලුවා.. මට මතක විදියට නම් ඒ මනුස්සයා ගාව තිබ්බෙ නැද්ද කොහෙද..

පස්සෙ කොහොම හරි තවත් අන්කයකට උත්සහ කරලා බැලුවා.. ඒ පාර නම් ඉස්සුවේ අර කොල්ලගෙ නෑයෙක්.. මන්ග් ඉතින් ඒක නොදන එයාගෙ වාසගමට කලියෙන් මිස්ටර් කෑල්ලකුත් දාල එයාගෙ අන්කයක් ඉල්ලුවා.. කතා කරේ නම් ගැහැනු කෙනෙක්.. හරිම හොඳයි.. හරිම කරුණාවන්ත පාටයි.. මට මතක හැටියට මම දෙපාරක්ම කතා කරා නොම්බරය ඉල්ල ගන්න.. ඒ ආන්ටි හරි හොඳයි.. ඉතින් වැඩිය ගම කන්නෙ නැතුව මන් ශේප් එකෙ නොම්බරයත් ඉල්ල ගත්තා.. බැලින්නම් ඒ එයාගෙ නෑදෑ ආන්ටි කෙනෙක් ලු..
 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
18.4

ඒ ආන්ටි එයාගෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බරය දුන්නට, අදටත් මම නම් නෙවෙයි ඒකට කතා කරේ.. ඔයා අහයි, හැබෑට ඒ මොකද කියලා.. හ්ම්ම්... අනේ මන්දා අනේ.. ඒකට කතා කරන්න හිතුනෙම නෑ.. ඔයාට කියන්ඩ මගේ හිතත් හරි අමුතු විකාරා කෙනෙක් නෙ.. ටිකක් රෑ උනා.. මන් ආයෙත් උත්සහ කරා නොම්බරයක් හොයා ගන්න.. තව අන්කයක් ඩයල් කරලා බැලුවා.. හ්ම්ම්ම්.. ටීක් ටීක්.. ඕන්.. ඒකත් වැඩ කොරනවා.. ඕක ඩයල් කරනකන් මන් හිතුවේ නෑ වැඩ වරදින්න යන විත්තිය..

කොහොම කොහොමෙන් හරි පිරිමි කටහඬකින් කෙනෙක් කෝල් එකට ප්‍රතිචාර දැක්කුවා..
අන්කල් කෙනෙක් හොදේ.. අනිවා නාකියෙක්ම වෙන්ට ඕනෑ.. කොහොමෙන් හරි මම අදාල පුද්ගලයගෙ නම කියලා, එයාගෙ කොන්ටැක්ට් නම්බරය ඉල්ලගන්න ෆුල් ට්‍රයි එකක් දාලා බැලුවා.. ශිහ්! නාකියා ඇහුවනෙ මම කවුද කියලා.. මටත් ඉතින් කටට ආපු නමක් තමයි කියවුනේ.. හොඳ වෙලාවට මම පුන්‍ය කාන්ති කියලා කිව්වෙ නෑ.. මොකද නිකන් බයිටට එන කෝල් වලට ආන්සර් කෙරුවම ඉබෙය්ටම කියවෙන්නෙ පුන්‍ය කාන්ති කියලා තමයි.. හරි හරි.. එව්වයින් වැඩක් නෑ.. කොහොම හරි.. මෙයා මගෙ නමින් නැවතුනා නම් කමක් නෑ.. මන් කවුද, කොහෙන්ද මුලු පෙළපතම අහන්න ගත්ත.. මාත් ඔය කටට ආපු බොරු දෙක තුනක් ගොඉතලා ශේප් වෙලා ෆෝන් එක තිබ්බ..

හ්ම්ම්ම්.. ඔයාට කීවට මොකද.. හොදම වැඩේ වෙලා තියෙන්න ඊට පස්සෙනෙ.. ඒක කියන්ඩ කලියෙන් මේක අහන්ඩකො අනේ..... කොහොම හරි ඒ නාකියගෙ කෝල් එකත් ඉවර වෙලා හිතෙ භීතියෙන් මන්ග් ඉද්දි මෙන්න බොලේ රෑ වෙලා මට කෝල් එනවා.. ඒ මදිවට එස් එම් එස් උත් එනවා හෝ ගාල.. බැලින්නම් අර නාකි උන්දැගෙ පුතන්ඩියාගෙන්.. අනේ අම්මපා මෙහෙමත් ලෝකයක්.. ඌත් ඉතින් ෆ්ලර්ටින් පාරක් දාන්න හදනවා.. කොහොම හරි ඔය මිනිහාගෙ මසේජ් එකක කොපියකුයි කෝල් වල කොපියකුයි ස්ක්‍රීන් ශොට් ගහ ගට්ටා හදීසියකට ඕන වෙයි කියලා.. ඒකත් එහෙම තියා ගත්ත.. ඉතින් ඊට පස්සෙ......



clowngirlgiclee.jpg
 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
[CODE]18.5
[/CODE]

ඊටපස්සෙ මොක්ද දන්නවද උනේ.. ඊට පස්සෙ මන් හොඳට නිදා ගත්තා.. හිතත් ඩින්ගක් කලබිලා වගේ.. අර නාකියත් මාව බය කරානේ.. කොහොම කොහොම හරි.. මම ආයෙත් පාරක් ජේසන් ට කතා කරගන්න උත්සහ කරා.. යාහූ එකෙන් හිටන් ඇඩ් කරලා බැලුවා.. බැරිම තැන වෙන අය්ඩියකිනුත් කතා කරලා බැලුවා.. බේන් ඊලග දවසෙ ඒකට නම් රිප්ලයි කොරලා තිබ්බා.. ඔය මනුස්සයා දන්නව රික්වෙස්ට් එකක් එද්දිම කවුද ඔය අය්ඩිය පිටුපස ඉන්න හෙර කියලා.. කොහොම හරි මෙයත් ඉතින් පූසට මාලු.. වගේ නෙ.. දන්නැති පාට් එකටම කතා කරනව.. මාත් ඉතින් වෙනදට හලන විදියටම එදත් පච කිලෝ එකයි දෙසිය පනහකුත් හැලුවා.. හරි ශොයි නේද ?

කොහොම කොහොමෙන් හරි.. ඔයාට කියන්න මට දැන් හරියට කතාව මතකත් නෑ හැබැයි.. හ්ම්ම්ම්... ඉතින් ඕන් දන්නැති ගානට දවස් කීපයක්ම බොරුවට චැට් කර කර හිටියා.. ඔයා දන්නවනෙ.. මට එයා එක්ක වචනයක් කොටන්න ලැබුනත් සැපයි කියලා.. ඒ කාලෙ ඉතින් ඇටෙන් පොත්තෙන් එලියට ආපු පොඩි එකීනෙ.. ඒ කාලෙ තමට්යි ඔය ආතල්.. දැන් නම් විකාර වගේදත් කියලා හිතෙනව.. මට දැන් පොඩ්ඩක් විතර හිනා හැබැයි.. ඉතින් ඔහොම යද්දි.. දවසක් අර නාකි අන්කල්ගෙ පුතා ආයෙ ආයෙත් රෑ හමාරට කතා කරන්න ගත්තා.. හිටු මම තොට දෙන්නම් ආච්චිගෙ පස්තා කියලා, එන දවසෙ උදෙන්ම ගිහින් ඕන දෙයක් වෙන්ට කියලා ජේසන්ට මැසේජ් එකක් දැම්මා මූනු පොතෙන්..

clown,girl,illustration-f9390e05487a96aaf91ed0c16dc51e32_m.jpg
 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
18.6
බේන්.... මට එයා කතා කරන්නමලු හිටියෙ.. එයා ඒකට වෙලාවකුයි අවස්තාවකුයිත් එනකම්මලු බලන් හිටියෙ.. හ්ම්ම්.. මාත් ඉතින් හැරුන අතට ඇහුවා මොකද්ද කාරණාව කියලා.. ඊගව දවසෙ බේන්න බොලේ මට රචනාවක් වගේ එකක් එවලා පලු යන්න මොනාද මන්ද කියලා.. ඉන්නකො කතාව කියන්න මම.. ඔයාට මොනා හිතෙයිද මන්දා..
එයා ඒකෙ ලියලා තිබ්බෙ මෙහෙමයි..

එයා මට එරෙහි නැතිලු.. මන් ගැන වයිරයකුත් නැතිලු.. වරහන් අතුලේ ලියලා තිබ්බා.. මන් ගැන එයාට ස්පෙශල් කැමැත්තකුත් නෑ හබැයි කියලා.. අනේ .. මහ මැට්ටෙක්.. ඕක නැත්තම් නෑ කියලා කියන්ඩ ඕනැයි.. මුල ටික කියෙව්වම ඒක මටම තේරෙනව එහෙමයි කියලා. හරි ඉතින්.. ඉතුරු ටිකත් අහන්නකෝ..
ඒ වෙලාවෙ නම් මම එයාට හරි එනොයින්ග් ලු.. අනේ මන් නම් දන්නෙ නෑ ඕකට සින්හලෙන් මොකද්ද කියන්නෙ කියලා.. සමාවෙන්න හොඳෙ..
මම ඒ වෙලා එයාව මාර ශිට් ගොදකටලු ඇදලා දාලා තියෙන්නෙ.. මන්දා ඔහොම තමයි එයා ඉන්ගිරීසියෙන් කොටලා තිබ්බෙ..
පස්සෙ එයා හෙන ලොකු කතන්දරයක්ම ලියලා තිබ්බා.. ඒක ටික ටික කියෝගෙන යද්දි මගෙ අස් කඳුලු වලින් පිරුනා.. ඒක කියෝනකොට මම හිටියෙ ගෙවල් ගාව කොමියුනිකේශන් එකක.. හ්ම්ම්.. මිනිස්සුන්ට නොපෙනෙන්න මම හිමීට දෑස් තෙත් කෙරූ කඳුලු බින්දු හිමිහිට පිහිද ගත්තා..

the-sad-clown.jpg
 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
[CODE]18.7
[/CODE]
එයා කීවා..

'' මිනිස්සුන්ට ආදරේ කරන්නෙ එයාලගෙ පෞද්ගලිය දෙවල් හාරවුස්සලාවත්.. එයාලගෙ නෑයන්ට කතා කරලවත්.. කිසිම වැඩකට නැති දේකට ලොකු ගින්නක් අවුස්සලා නෙවෙයි.. ඔයා කරලා තිබ්බ කෝල්ස් ගොඩට මට උත්තර බඳින්න වුනා ලැජ්ජාවත් එක්කම.. මොකද මගෙ නෑදෑයොයි මගෙ දෙමාපියොයි ඔක්කොමල්ල හිතන්නෙ ඔයා මම බලාපොරොත්තු දීලා හෝ ජීවිතෙ ලමයෙක් එක්ක අතරමන් කරපු කෙල්ලෙක් කියලා.. ''

හ්ම්ම්.. මන් හිතුවා හරි.. අර අන්කල් වත්ත වටේ ගිනි තියලා තමයි.. ඒත් ඒ මිනිස්සුන්ට ඔච්චරට චෝදනා කරන්න මන් මුකුත් කරේ නෑ.. අනේ මන්දා මාර මිනිස්සුනෙ.. ඔහොම කෙනෙක් කතා කරලා දන්න කාගෙ හරි ෆෝන් නම්බරයක් ඉල්ලපු පලියට එහෙම දෙයක් කියන්න පුලුවන්ද.. එක්කො ගෙදර මිනිස්සුන්ට එයාව ශුවර් නැතුව ඇති..

'' ඒත් ඔයයි මායි දෙන්නම දන්නවා මම එහෙම කිසිම දෙයක් කරලා නැති බව.. අනික මට මතක විදියට මම ඔයාව දැකලත් නෑ කවදාවත්ම, අපි ගොඩ කාලෙකින් කතා කරලත් නෑ.. ඒවගේම.. ඔයා ඔය විච්චූරන ඇඩීස් වලින් මාත් එක්ක චැට් කරත්, ඔව් මම දන්නවා ඒක පලවෙනි දවසෙන්ම.. ඔයාට බෑ ඔයා කවුද කියලා හන්ගන්න.. මේ කිසිම දෙයක් කිසිම ප්‍රගතියක් නෑ ඔයා ඔය ලව් කියලා කියන දේට..

ඔයාගෙ වයසට ආදරේ කියන්නෙ ප්‍රසිද්දියයි සෙල්ලම් පිටියකුයි.. මම ඒ වයස පාස් කරලා ඉවරයි.. ඒ වගේම, ඔයාගෙ දැනුමට මේ කියන්නෙ.. මට කෙල්ලෙක් හිටියා මම මැරි කරන්න හිටිය.. ඒත් මට නවත්තන්න නොහැකිවූ කාරනේකට අන්තිම මොහොතෙ ඒ ඔක්කොම මගේ ඇස් පනා පිට ගිලිහිලා ගියා.. ඒකෙන් පස්සෙ මම කිසිම කෙල්ලෙක්ට ආදරේ කරේ නෑ.. ඒ වගේම මට කිසිම ස්පෙශල් කෙනෙක් ඉන්න ඕනි කියලා උවමනාවකුත් තිබ්බෙ නෑ.''

මතුසම්බන්දයි