Daihatsu Mira

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපේ ඔපිස්‌ එකේ කොල්ලෙක් ලග ඕකක් තිබ්බා. ඌනං කිකියා හිටියේ එල වාහනේ කියලා.

    හැබැයි අලුත් විස්තර නං දන්නේ නෑ, ඔකේ යද්දී බස් එකක් හැප්පිලා ඌ මලා:sorry:

    උඹ දන්න කියන වාහන තියෙන ඔක්කොම උන් මැරෙනවනේ බං.. බාප්පෙක්ද කොහෙද මැරුණා කිව්වා නේද ජීප් එකක් කන්දකින් පෙරලගෙන..:eek:
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මේ.... ඒක නෙවෙයි නුලෙන් පිට පැන්නත් අපේ අප්පොච්චාග් නිල රථයේ රස කථාවකුත් තියනවා බන් කියන්නද?
    kiyapiya kiyapiya.. rasa kathawaknam one welaawaka.. :P:P:rofl::rofl:
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ආය් අහන්නේ මොකද කියලා හිතුනා... ඔන්න ඔහේ ලියලා දාන්නම්. ඔය වාහනේ ගත්ත දවසේ ඉදන් අපේ අප්පොච්චට පින් සිද්ද වෙන්න මගේ යාඵවෝ හැත්ත බුරුත්ත ඔක්කොගේම නිල රථය උනෙත් ඔය වාහනේ.(Toyota KE-72 / අපේ භාෂාවෙන් DX Wagon) හැබැයි මේකේ පාට සුදු නිසා අපේ එවුන් මළ ගෙවල් වල යන්න මාර බයක් තිබ්බේ.. මොකද කිව්වොත් මළ ගෙදර උන් හර්ස් එක ආවායි කියලා ඕක දිහාට කඩාගෙන පනියි කියලා.. ඉතින් මට ගැලවිල්ලක් නෑ. කනක් තියාගෙන ඉන්නත් නෑ.. මුන්ගේ ඇඩියාව.. අප්පොච්චාට කියලා මේකේ පාට වෙනස් කරපන් කියලා. අතිජාත මිත්‍රයොන්ගේ ඉතින් යෝජනා පමණයි. එකෙක් නෑ යෝජනාව අපේ අප්පොච්චට දාන්න.. අනේ ඉතින් අහිංසක මම ඔය යෝජනාව අප්පොච්චට දාලා මැරුම් කෑවේ නැති එක විතරයි... බුදු අම්මෝ... යෝජනාව 100,000 වාරෙකට වඩා රිජෙක්ට් උනා කියහන්කො.... කොහොම හරි මව් දේවියට වදින්න ඕනේ හැම විදියටම වැදලා වැදලා මව් දේවිය හරහා යෝජනාව ඉදිරිපත් කරලා තමයි තමයි යෝජනාවට අනුමැතිය ගත්තේ. ඊට පස්සේ මෙටලික් නිල් පාට ගැහුවා. පොතේ නම් තාම තියෙන්නේ සුදු පාට කියලා. කොහෙමෙන් හරි පාට ගැහුව දවසේ ඉදන් අපේ හැතිකරේගේ මළගෙවල් වල සංචාරයන් සදහා ඉතින් ඕකමයි පට්ට ගැහුවේ. හැබැයි ඉතින් අපේ උන් බලාපොරොත්තු උන විදියට මේ වෙනකල් කිසිම මල ගෙදරකින් හඩාගෙන නම් ඇවිල්ලා නෑ.. අපේ උන් කිව්ව විදියට පාට වෙනස් කරපු එකත් එක අතකට හොදයි බන්...




    eken une umbe pocket ekata thattu wechcha eka neda.. :rolleyes::P:D
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    නෑ සහෝ... කොහොම උනත් ඔහු කියලා තියන දේ ඇත්ත. මොකද මේවගේ නාමය ජපන් උනාට එන්නේ ඉන්දියාවෙන්. Safety එක 0% යි. 1980 - 90 කාලේ ආව ජපන් වාහනයක ආව Safety එක හෝ ඒ වාහන වල තියන සැප පහසුව මේ (ජපන් නාමයන් සහිත) ඉන්දියන් ලඩි මොන එකකවත් නෑ. ඒක නිසා මේ වාහනේ ගන්න යන සහෝදරයට උනත් කියන්නේ ලක්ෂ 30 ක විතර බජට් එකක් තියනවානම් පරණ Toyota Vitz එකකට යන්න. මේ ටකරන් ලඩියට වඩා සැපත් උපරිම තියනවා හොදට තෙල් කරනවා. Safety එක උපරිමයට තියනවා. Highway එකේදි මම 120kmph කට ගිහින් තියනවා. කිසි අවුලක් නෑ. කදු වලත් 5ක් දාලා යකා වගේ අදිනවා. අනික වැදගත්ම දේ තමයි ඒක ගත්තට වඩා එක රුපියලකින් හරි වැඩිපුර ගානකට දෙන්න පුඵවන්...

    Mu PISSU HUTHTHEK , DANNE NETHIWA KIYANNE OKA JAPAN, TOYOTA QULITY EKAMA THIYENWA HONDA WAHANAYAK, PREMEO OR VITZ EKKA COMPARE KARANNA NAM EPA, 650 CC WALATA YANAWA NAM , WAGON R WALATA AKAMATHI NAM , MEKA THAMA OPTION EKA,MEKA COMPARE KARANNA ONA INDIAN 800 CC , JAPAN ALTO, KOREAN EWATH EKKA, MEKE AULAK LOKUWATA KIYANNA BEA. HONDA WAHANAYAK
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    DAIHATSU

    DAIHATSU kiyanne supiri brand ekak , Lankawe godak popular Daihatsu terrios(Toyota Rush) , thawa mini van walath enawa Hijet kiyala eka godak popular, Daihatsu Thor (Toyota Tank) , Daihatsu Mira (Toyota Pixis) , thawa Toyota Passo kiyala ena compact but perfect vehicle ekath Original DAIHATSU BOON.
    Daihatsu is the % owned by TOYOTA .
    Go for the best
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Japan Alto ekak ganin bn

    26 k withara wenne unregister

    Monawa unath Genuine Japan Domestic Car ekak

    Design eka nam poddak kethai thama, a unata car eka hodai
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    " Daihatsu Charade " නම යටතේ සමහර රටවල ටොයොටා විට්ස් හච් බැක් විකුනනවා.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇක්සිඩන්ට් ගැන හිත හිත වාහන ගන්න බෑ ... හයියෙන් ගිහිල්ලා ප්‍රිමියෝ එකේ ගිය එවුනුත් මැරෙනවා ..... දැන් ලබ්බේ සේෆ්ටි නෑ ජපන් උනත් හුගක් වාහන වල .... එක්කෝ එයාර් බෑග් 2ක ට වැඩි ඒවා අපේ එවුන් ගේන්නේ නැ ..... පොඩ්ඩක් බලපන් මේ වාහන දෙක





    hyundai - Grand i20 & i30
    Kia - Picanto, Rio, Ceed .....



    මේවයේ අළුත් මොඩල් හොදයි
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මේක ගනින් වාහනේ හොඳයි මේක මමත් ගන්න බැලුවා, මම දෙයක් කියන්නම් උඹට, අත්දැකීමෙන්. මම මචන් වාහන ගන්න පෙරුම් පිරුවා 2015 ඉඳල. ඒ කලේ මහින්දගේ ආණ්ඩුවෙන් අර ඇල්ටෝ එක අඩුවට දීපු කාලේ මුලින්ම ගන්න හැදුවේ එක. එක ගන්න හදද්දී මට එක එකා කිව්වා අපෝ ඉන්දියන් මගුල් ගන්නෙපා සේෆ්ට් නැ අරකද මේකද දහසකුත් දේවල් ඔලුවට දාලා විනාස කරා, අතේ ලොකු ගානක් තිබ්බෙත් නැ, ඊට පස්සේ ජපන් ඒවා පස්සේ දුවන්න ගත්ත. කොහේ ගන්නද එන්න එන්න ගණන් ගියා මිසක් අඩු උනේ නෑ. වාහන හීනේ එහෙම්ම බොඳ වෙලාම ගියා. අවසානේ එක සපල කරගන්න පුළුවන් උනේ අහම්බයකින් වගේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. හදිස්සියේම මගේ යාලුවෙක් ගේ යාලුවෙක් ගාව සුසුකි ස්ලෙරියෝ එකක් විකුනනවා කියලා ආරංචියට නිකමට ගිහින් බැලුවා. වන්ඩිය සුපිරි. 2015 හොඳටම එයා පාවිච්චි කරපු වාහනයක්. මගේ හිතටත් ඇල්ලුව නිසා. කොහොම හරි ගේමක් ගහලා වාහනේ ගත්තා එදා. මන් එදත් අරවගේ එක එක්කෙනාගෙන් මේක හොදද කිය කිය අහන්න ගියානම් වෙන්නේ එදා වගේ මේ වාහනෙත් ගන්න බැරි වෙන එකයි.කට්ටියක් කියයි හොදයි තව කට්ටියක් කියයි හොද නෑ කියලා. මන් අදටත් සතුටු වෙනවා මේ වාහනේ ගත්ත එකට, අද දෙය්යනේ කියලා ගෙදර මිනිස්සුත් එක්ක ගමනක් බිමනක් යනවා,.මන් උඹට කියන්නෙත් එකයි උඹට හිතට අල්ලුවනම් වාහනේ උඹ ගිහිල්ල බලලා ගනින්, මොකද වියදම් කරන්නේ උඹ. එක උඹේ කැමැත්ත. එක කොහොමත් උඹට ලක්ෂ 30 වගේ දාන්න හැකියාවක් තියෙනවනම් කිසි අවුලක් නැතුව වැගන් ආර් එකක් හරි මේ mira එකක් හරි ගන්න පුළුවන්, මේවා ජපන් වාහන, මන් sale වල ගිහින් මේකත් බලල තිබ්බ නිසා දන්නවා, family එකකට හොඳම ඇති. මට සල්ලි තිබ්බනම් මමත් මේ වගේ එකකකට යනවා, එත් මන් Indian උනත් සෙලෙරියෝ එක ගත්තු එක ගැන අද සතුටුයි. එක නිසා උඹ තවත් බල බල ඉන්නේ නැතුව මේවගේ එකකට පලයන්, මොකද ලංකාවේ වාහන අනාගතය ගැන තියෙන්නේ කළු පැල්ලමක් විතරයි, එන්න එන්න පොඩි මනුස්සයගෙන් ඈත්වෙන තත්වයක් තියෙන්නේ. එක නිසා ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් කිව්වා වගේ තවත් බල බල compare කර කර ඉඳීමෙන් තේරුමක් නැහැ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හැමෝගෙම හීනයක් තමයි. ඒත් සේෆ්ටි පැත්තත් හිතපං. ජය
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Japan Alto ekak ganin bn

    26 k withara wenne unregister

    Monawa unath Genuine Japan Domestic Car ekak

    Design eka nam poddak kethai thama, a unata car eka hodai

    දෙකම එකයි බං. ජපන් ඇල්ටො එකයි‍, ඩයිහට්සු මීරා එකයි, තව මැස්ඩා එකක් තියනවා . ඔය තුනම එකයි. එකම ෆ්රේම්වර්ක් එක. පොඩි කොස්මෙටික් චෙන්ජස් ටිකක් විතරයි තියෙන්නේ