Mata therena widiyata degree eken maha loku wadak na. Watinakama thiyenne visa ganna, pr ganna wage dewal waladi witharai.
Skills thamai koi detath one wenne. Skills nam ithin thaniyama igena ganna puluwan. Internet eke one hama deyakma thiyanawa.
Freelancing/job karana eka thamange kamaththa.
උබෙ කතාව හරි .
ඩිග්‍රි එක වැඩක් වෙන්නෙ එක්කො ස්කිල් මිග්‍රෙට් වෙද්දි එහෙම නැත්තම් කම්පැණි එකක ජොබකට පැනගන්න සාධකයක් විදියට .
ස්කිල් මිග්‍රෙට් උනත් ඩිග්‍රි එක කියන්නෙ එක සාධකයක් විතරයි නෙ ?
එකත් ගන්න ඩිග්‍රි අනුව පොයින්ට් ගාන වෙනස් (සයන්ස් මැත්ස් ඉංජිනියරින් ඩිග්‍රියකට තියෙන පිළිගැනිම එන්නෙ නැහැ අනික්වාට )
එතකොට අයීල්ටීඑස් ,ඒ වගෙම අතෙ සල්ලිත් ඔනි රට ගිහින් ජොබක් නැතුව යම් කාල සීමවක් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්න .
ගොඩක් ඔය ස්කිල් මිග්‍රෙට් වෙන්නෙත් පවුලෙ කවුරු හරි ඒ අදාල රටෙ ඉන්නවානම් වගෙ තමා.
ජොබකට පැනගන්න උනත් කනෙක්ෂන් ,ඉස්කොලෙ නම ,කැම්පස් එකෙ නම නැතුව හරිම අමාරුයි.
එකත් ඉතිං මහ ලොකු පඩි තියෙන ජොබ් නෙමෙ.පැන ගත්තත් ඉංග්‍රිසි දැනුම ,පරිඝනක දැනුම ,සන්නිවෙදන හැකියාවල් ගොඩාක් ස්කිල්ස් බලපානවා.
ඩිග්‍රිය උවමනායි. නමුත් ඩිග්‍රි එකට වටිනාකම්ක් ලබාගන්න නම් උඹ කිව්වා වගෙ ස්කිල්ස් බලපානවා.
හරියට ගෙදරට කරන්ට් එක අරගත්තාට කරන්ට් බඩු නැහැ වගෙ තමා .
කරන්ට් එකෙ වටිනාකම ප්‍රයොජනෙ තියෙන්නෙ කරන්ට් එකෙන් වැඩ කරන භාණ්ඩ තියෙනවානම් විතරයි .
දැන් බැදපු නැති එවුන් කරන්නෙ ගෙදර ෆ්‍රීලාන්සින් කියලා කිව්වම කෙල්ලගෙ පැත්තෙ එවුන් කැමති වෙනවද බන්දන්න? ගොඩක් වෙලාවට නෑ. හොද ජොබක් කිව්වම ලකුනු වැඩියි. බිස්නස් කියල කිව්වමත් කීදෙනෙක් වැඩකරනවද? කඩාගෙන වැටෙයිද එහෙම බයවලුත් තියෙනවා. ගොඩක් අයගෙ තියෙන්නෙ ජොබ් මානසිකත්වය.
දැන් මට දැන් proposal එකක් ඇවිත් තියෙනවා ඒකිගෙ අම්මා ප්‍රශ්න පත්තරයක් උඩ තියෙන ප්‍රශ්නම එයත් ඇහුවා. කෙල්ල නම් බැන්කුවක හොද salary එකක් ගන්නවා තාම බලන්න යන්න බැරිවුනා කොරොනා මගුල නිසා.
මට තියෙන්නෙ ශොප් එකක් එච්චර විසාල තැනක් නෙවේ අනික තාත්තා තමා කරගෙන යන්නෙ මම පැත්තක සල්ලි හම්බවුනාට growth එකක් නෑ. තනි මතයට යන බිස්නස් අයිතිකාරයම සල්ලි ලාච්චුව ගාව ඉන්න ඔනෙ type බිස්නස්.
සල්ලි දේපල තියෙනවා. ඉන්නෙත් කොලබ ඉන්න ඔනෙ හොදම හරියෙ.
මාත් Management Degree ගැහුවට හොද ජොබක් සෙට් වුනෙ නෑ කවදාවත් හම්බුනෙත් entry level data entry night shift කට්ටක් අවුරුදු 2ක් විතර ඉදලා එපාමවෙලා අයින් වුනා Managerලයි ජොබුයි දෙකම එපාම වුනා. මම අයින්වෙලත් අවුරුදු හතරාමාරක් විතර තාම නිකන් එකම තැන පල්වෙනවා.
එකත් කෙල්ලගෙ පවුල් පසුබිමට සාපෙක්ෂයි.
ජොබෙ නමට ,වැඩ කරන තැනෙ නමට විවාහයකදිඅ ලාංකෙය සමාජෙ අනුව තැනක් තියෙනවා.
කෙල්ලගෙ පැත්තෙ නෑයොන්ගෙ ළමයි බැඳලා ඉන්නෙ හොඳ තැන් වල ජොබ් කරන උන් නම් දෙමාපියො ෆ්‍රීලාන්ස් කරන උන්ට කැමති වෙන්නෙ නැහැ.දෙමාපියො හොයන්නෙ නෑයන්ගෙ ළමයින් බැඳලා ඉන්න උන් වැඩ කරනවාට වඩා හොඳ තත්වයක් තියෙන අය .
හැබැයි ෆ්‍රීලාන්ස් කරලා තමන්ගෙම කියලා සෙඩාන් වර්ගයෙ කාර් එකකුයි තඩි ගේකුයි බැංකු පොතෙ රුපියල් ලක්ෂ 50 ක් තියෙනවා කියමු .
නෑයොන්ගෙ ළමයි බැඳලා ඉන්න උන්ට හොඳයි කියන තැන් වල හොඳ ජොබ් කරත් එහෙම දෙවල් නැහැ කියමු .අන්න ෆ්‍රීලාන්ස් කරත් එක පයින් කැමති වෙවි .
මොකද තම ඥාතීන් ට වඩා උඩින් ඉන්න කැපී පෙන්න දෙවල් තියෙන නිසා .
ඉගනගත්ත මිනිහෙක්ට තියෙන පිළිගැනීම කොහෙගියත් වෙනස් වෙන්නේ නැහැ .
ඔය ඩයල් එක කරන වැඩේ පහත් කොට සලකන්නත් බැහැ සාදාරනව උපයලා ජීවත් වෙනවා.එත් ඉගන නොගෙන මෙක තමයි පාත් එක කියලා,ළිං මැඩියෙක් වගේ කෑගහනවානම්, ගොන් ටෝක් දෙනවානම් එකෙන්ම උගේ බුද්ධිය පේනවා.
මෙතන මෙ වීඩියො එකෙ නම් යන්නෙ වෙනමම ගෙම් එකක්.
මට පෙන්නෙ මුන්ගෙ බිස්නස් කඩා වැටිලා නිසා පොඩි උන්ගෙ බ්‍රෙන් වොෂ් කර කර කොර්ස් තිය තියා එව්වායෙන් සල්ලි හොයලා පැවැත්ම තහවුරු කරගන්න හදනවා .
අර ජාවා කඩෙ ඉෂාන්තයත් එහෙමනෙ.
ඒ ලෙවල් වැඩක් නැහැ අරකයි මෙකයි.
එත් උගෙ ළමයින්ට ඌ ඒ ලෙවල් කෙරෙව්වා විසාකා එකට දාගෙන .