මං පාවිච්චි කරන්නේ ඩයලොග් TV මචන්ලා. මුල් දවස් වල ඉඳහිට ලෙඩ දුන්නත්, පස්සේ අවුරුදු 3,4ක් වෙනකම් අවුලක් තිබ්බේ නෑ. ඊයේ රෑ තද හුළඟට සිග්නල් නැති වෙලා තිබ්බා. අද උදේ බලද්දිත් එහෙමයි. ඇන්ටනාව ඇජස් කරන්න යද්දී මළ කාපු ඇණ ටික පිස්සු නටලා, දැන් ඒවා ගැලවෙන්නෙත් නෑ තද වෙන්නෙත් නෑ. ඇන්ටනාව අවුල් නැති කාලේ ඇණ ගැන බල බල ඉන්නේ නෑනේ බන් ඉතින්.. ඉතින් ඕකයි වුණේ.
වාතයක් වෙච්ච තැන මං බැලුවේ පියෝ ටීවී ගන්නවද කියලා. ඒත් මට මේක හිතාගන්න බෑ. පිටරට චැනල් නම් බැලෙන්නේම නැති තරම්. ඒ හින්දා ඩයලොග් උනත් බජට් පැක් එක තමා පාවිච්චි කරේ. දවසට රුපියල් 7යි වැට් රහිතව වෙන්ඩැති. පියෝ ටීවී වල ඔච්චර අඩු පැකේජ් නෑත් එක්ක. ඒත් පහසුවයි මෙහෙම වාත වෙන එකයි එක්ක බලද්දී වටිනවා කියලත් හිතෙනවා. මේ හුළං ආපු අන්තිම දවසත් නෙමේනේ. ඉස්සරහට තවත් වාත වෙයි නේද බන්?
දැනටත් ටෙලිකොම් ලෑන්ඩ් ලයින් කනෙක්ෂන් තියෙනවා මචන්ලා. ඉතින් උඹලා කියන්නේ මං මොකක් කරොත්ද හොඳ? පියෝ ටීවී වලට මාරු වෙනවද? මේකම අටවාගෙන හිටියා වගේ ඉන්නවද? දෙකම පාවිච්චි කරපු අය අදහසක් දෙන්නලා. පියෝ ටීවී වලට යන කොස්ට් එක එහෙම කොහොමද?
උදව් කරන්නල...