මචන්ලා... අපි ඩයලොග් ටීවී බලන්නේ සල්ලි ගෙවලානේ...



අපි සල්ලි ගෙවන්නේ ඒ ගෙවීමට අදාල චැනල් එකේ වැඩසටහන් බාධාවක් නැතුව බලන්න...

විශේෂයෙන් ලංකාවෙ චැනල්වල වගේ හිතුන හිතුන වෙලාවට ඇඩ් දානවානේ....



වෙන රටවල චැනල්වල එහෙම නෑ.
ඒත් දැං මේ ඩයලොග් කාරයො වෙන රටවල චැනල් ෆීඩ් එක මැදිනුත් ලංකාවෙ ඇඩ් දානවා....



තිත්ත වෙනවා... මුලදි ටිකයි දැම්මේ
දැං එන්න එන්නම වැඩි වෙනවා...
අපි සල්ලි ගෙවන්නේ ඒ චැනල්වල යන ඒවා බලන්න මිසක් ලංකාවෙ ඇඩ් කෑලි බලන්න නෙමෙයි



මුං කොහොමද සල්ලිත් අරං චැනල් කට් කරලා උන්ට ඕන මගුල් දාන්නේ ???


සිරාවටම දන්නැති නිසයි අහන්නේ මුන්ට එහෙම කරන්න අයිතියක් තියනවද ???
PEO TV / Dish TV වලත් මේ වගේමද ???

මේකට මොකද කරන්න පුලුවන් ???






