Dinesh Schaffter murder Elakiri case study

lilman

Well-known member
  • May 10, 2009
    40,305
    53,374
    113
    Colombo
    මේව කවදාවත් විසඳෙන්න නැති කේස්. ලංකාවෙ ඉන්නවනම් පාඩුවේ හිටපල්ල.නැත්නම් මැරුන හැටි වත් හොයා ගන්න ලැබෙන්නෙ නෑ
     
    • Like
    Reactions: vishwadt

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මාර කාලකන්නි හැගීමක් එන්නේ මේ රටේ ඉන්න මිනිස්සු ගැන විමර්ශන ශීලී බව බින්දුවයි.
    1. සියදිවි නසාගන්න කලින් එතනදී කන්න කෑම ගන්නවා.
    2. බ්‍රයන් තෝමස්ට මැසේජ් යවනවා පැහැදිලිව නුගත් English වලින්.
    3. බෙල්ල තද කරගන්න කලින් අත් දෙකත් බැඳ ගන්නවා.
    4. සාමන්යෙන් සියදිවි නාසාගන්න අයට මෙහෙම සෙමින් බෙල්ල තදකරගෙන මැරෙන්න හරිම අමාරුයි. සියදිවි නසාගන්නා ක්‍රියාමාර්ග හැම එකම තියෙන්නේ ක්‍රියාත්මක කල පසු undo කරන්න නොහැකි ලෙස සකස්වෙලා.
    5. වයිෆ්ට විනාඩි 30 එනවා කියලා ගෙදරින් ගිහින් විනාඩි 30 පහු වෙනකොටම වයිෆ් කලබල වෙලා ලොකේෂන් ෂෙයාර් කරන්නත් කියලා ඒක දිහා බලාගෙන ඉඳලා යාලුවෙකුත් යවනවා. පුදුම ආදරයක්
    මේවාට හේතු මොනවාද දන්නේ නැහැ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Bump

    දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි


    ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණා.

    එමෙන්ම ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

    ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු දැක්වීම අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදී සිදු කළා.

    මේ අතර ෂාෆ්ටර්ගේ අයි ෆෝන් ඒක්ස් එස් වර්ගයේ ජංගම දුරකථනය සහ අයි පෑඩයේ දත්ත විශ්ලේෂණය කළ බවත් එමගින් වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බවත් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවා.

    ඒ අනුව අදාළ ජංගම දුරකථනයේ සහ අයි පෑඩයේ ෂාෆ්ටර් තම බිරිඳට සහ බිරිඳගේ මව්පියන්ට සකසන ලද ලේඛන කිහිපයක් සොයාගත් බව ද ඔවුන් සඳහන් කළා.

    දිනේෂ් ෂාෆ්ටර්ගේ අයි පෑඩයේ ඇපල් නෝට් හී තිබූ දත්තවල ලිස්ට් යනුවෙන් සඳහන් වූ ලිපියක් තිබූ බවත් ඒහි KCM යන කෙටි නමින් හඳුන්වන ලද වචනයක් සහ ZIP TIE සහ තවත් භාණ්ඩ කිහිපයක ලැයිස්තුවක් තිබූ බවත් අධිකරණයේදී අනාවරණ වුනා.
    KCM යන කෙටි නමින් සයනයිඩ් හඳුන්වන බවත් ZIP TIE යනු යම් දෙයක් ගැට ගැසීමට භාවිත කරන ප්ලාස්ටික් පටියක් බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

    ඒමෙන්ම THE LIST ලෙස සඳහන් තවත් නාම ලේඛනයක් ඒ තුළ තිබූ අතර එහි පුද්ගලයන් පස්දෙනෙකුගේ නම් සඳහන්ව තිබූ බවත් විමර්ශන නිලධාරීන් පැවසුවා.

    ඒ අතර මිසිස් මුතුකුමාරණ, ජගත් සෙනෙවිරත්න, ජයරත්න, ඇන්ටන් හේමන්ත සහ ඊලියන් ගුණවර්ධන යන නම් තිබූ බවයි අධිකරණයේදී හෙළි වුනේ.

    එම පුද්ගලයන්ගේ දුරකථන සහ ලිපිනයක් ද එහි තිබූ බව සඳහන්ව තිබෙනවා.

    අදාළ නම් පහෙන් අවසන් නම් හතර සඳහන් සිව්දෙනා 'නැති කිරීමේ අදහසක් ඇතුළත් වැකියක්' ඒ තුළ තිබූ බව විමර්ශන නිලධාරීන් පැවසුවා.

    එමෙන්ම බ්‍රයන් තෝමස්ගේ ඡායාරූප ඇතුළත් PDFගොනුක්ව ද එම අයි පෑඩය තුළ තිබී තිබෙනවා.

    විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ ඒ තුළ ජොසපින් තෝමස් සහ ක්‍රිස්ටියන් තෝමස් යන දෙදෙනාගේ ද නම් තිබූ බවයි.

    ''MOST IMPORTANT WHO IS BEHIND B.T. GET MY MONEY BACK'' යනුවෙන් ද එහි සඳහන්ව තිබෙනවා.

    එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් 15 වන දින අවසානයට දිනේෂ් ෂාෆ්ටර් විසින් ඔහුගේ ලේකම්වරයාට තමන් සිටින ස්ථානය යවා ඇති අතර එය සඳහන්ව තිබී ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය ලෙසටයි.

    මේ අතර විමර්ශන නිලධාරීන් පැවසුවේ තමන් බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකථනය ද පරීක්ෂා කළ බවයි.

    ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් සහ බ්‍රයන් තෝමස් අතර 2019 වසරේ දෙසැම්බර් මස 25වන දින සිට 2022 වසරේ දෙසැම්බර් මස 15 වන දින එනම් දිනේෂ් ෂාෆ්ටර් ජීවත්ව සිටි අවසන් දිනය දක්වා සම්ප්‍රේෂණය වූ වට්ස් ඇපි පණිවිඩ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළා.

    ඒ අතර ෂාෆ්ටර් මියගිය දිනයේ පස්වරු 2.48යි තත්පර 50ට තමන්ට ඔහුව හමුවීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් බ්‍රයන් තෝමස් විසින් ෂාෆ්ටර්ට වට්ස්ඇප් පණිවිඩයක් යවා ඇති අතර ඊට පෙර හමු වූ අවස්ථාවකදී කළ පහරදීමක් ගැනත් එහි සඳහන්ව තිබෙනවා.

    ෂාෆ්ටර් බ්‍රයන් තෝමස්ව බොරැල්ල කනත්තට කැඳවීමට උත්සාහ කළ ද ඔහුගේ එම උත්සහය සාර්ථක වී නොමැති බවත් විමර්ශන නිලධාරීන් අධීකරණය හමුවේ ප්‍රකාශ කළා.
    එමෙන්ම ෂාෆ්ටර් බ්‍රයන් තෝමස්ට යැවූ ඇතැම් පණිවිඩ මකා දමා ඇති බවද අධිකරණය හමුවේ අනාවරණ වුනා. .

    අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අධිකරණය හමුවේ දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කියවනු ලැබුවා.

    ඔහුගේ ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් සයිනයිඩ් ශරීරගත වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවත් එහි සඳහන්ව ඇතැයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලා

    Source: https://www.hirunews.lk/326993/දිනේෂ්-ෂාෆ්ටර්ගේ-මරණයට-හේතුව-හෙළිවෙයි
    ------ Post added on Feb 8, 2023 at 8:22 PM