Dinesh Schaffter murder Elakiri case study

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    Cemetery 🪦 eke dump kala nam, shot eats Ganna nawathuwahama kauru hard kidnap kala da? Eth short eats Ganna kiyala nawqthanawa kiyala wena kauruth danaganna widihak n'a ne
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    balaya tiyena kage hari wedak wenna athi.. order eka lebuna kena hamputhata rasa kara kara kiyanna ona nisa cemetrary ekaka last place eka wdiyata plan karanna athi.. cemetery eka symbolize wenawa dead ekata.. So merenna yana kenata patta dukak thanikamk denena thenak anthimata...wada deddima kiyanna athi ubawa kanaththa diha balagena husma yawanna wenne kiyala...

    ehema natnam.. kanaththata genath baya karanna witharak hadala.. kanththa thoragenama tiyenneth eke main point ekak widiyata.. eth hithuwata wada damage eka darunu wela merila..
     
    • Like
    Reactions: KandyMalli

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ක්‍රිෂ් පෙරේරාට බබා හම්බු වෙයි ද ???? :baffled:



    ෂාෆ්ටර්ගේ මෝටර් රථය සුසාන භූමියේ නතර කර තිබෙන අවස්ථාවේ යම් පුද්ගලයෙකු එම රථය අසලින් වේගයෙන් ගමන් කළ අයුරු තමන් යන්තමින් දුටු බව ෂාෆ්ටර් රෝහල් ගත කිරීමට සහාය ලබාදුන් කම්කරුවා පොලීසියට ප්‍රකාශ කර තිබුණි.


    ඒ අනුව ක්‍රිෂ් පෙරේරා විසින් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ ඡායාරූපයක් දුරකථනයෙන් නිලාම් නමැති කම්කරුට පෙන්වමින් මොහු නේද ගිය කෙනා ලෙස යම් හඳුන්වාදීමකට දැඩි උත්සාහයක නිරත වූ බවට ද විමර්ශන නිලධාරින්ට තොරතුරු ලැබී තිබේ.



    රුපියල් කෝටි 143 ක ණය මුදලක් සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් හා ෂාෆ්ටර් අතර විරසකයක් පවතින අතර එම ආරවුල මෙම ඝාතනය හා සම්බන්ධ කිරීමට උත්සාහ දැරීමක් කර ඇද්ද යන්න විමර්ශන නිලධාරින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණක්.


    ෂාෆ්ටර්ගේ සමීපතමයන්ගේ ද දුරකථන දත්ත වාර්තා නිරීක්ෂණය කරමින් මෙම ඝාතනය කවුරුන් විසින් සිදුකලේ ද යන්න පිළිබඳව ප්‍රබල සාක්ෂි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මේ වනවිට එක්රැස් කරමින් පවතියි.


    https://lankacnews.com
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    Molada kiyanne, Suiside ekak kiyala da Dan kiyann

    Molada kiyanne, Suiside ekak kiyala da Dan kiyanne
    ------ Post added on Dec 31, 2022 at 11:46 PM

    Ko
    ------ Post added on Jan 7, 2023 at 4:32 AM
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113

    ෂාෆ්ටර් මරණය සියදිවි නසා ගැනීමක්.. තහවුරු කරගනී..? පවුලේ අයටත් දන්වයි..?

    January 7, 2023 at 9:20 am | lanka C news
    ෂාෆ්ටර් මරණය සියදිවි නසා ගැනීමක්.. තහවුරු කරගනී..? පවුලේ අයටත් දන්වයි..?

    ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.




    දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී තිබේ.




    මේ බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යයට විවෘත නොවූ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගයේ දී පවුලේ අයටද දැනුම් දී තිබේ. දිනේෂ් ෂාෆ්ටර් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබියදී බොරැල්ල කනත්තේ සේවකයකු හට හමු වී ජාතික රෝහලට ඇතුළත් කර පැය පහකට පසුව මරණයට පත්විය. ඔහුගේ වාහනය නවතා තිබුණේ බොරැල්ල පොදු සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ ලෙස හඳුන්වන ප්‍රදේශයේය.

    ඔහුගේ ගෙල සිරවී තිබූ ඇන්ටනා කේබලයේ හා අත් සිරකර තිබූ ටයි කේබල් ඔහුට අයත් නිවසේත් තිබී රස පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර එය ඔහු මිලදී ගෙන තිබුණේ නිවසේ සේවකයකු මාර්ගයෙනි. ෂාෆ්ටර් දෑත්වලට කේබල් ටයි දමාගෙන රියැදුරු අසුන උපයෝගී කරගෙන ඇන්ටනා වයරයෙන් ගෙල සිරකරගෙන ඇති බවත්, එකවර අවසන් හුස්ම නොගියේ ඔහු විසින්ම ගෙල සිරකරගත් නිසා බවත් හෙළි වී ඇත.

    සියදිවි නසා ගැනීමට පෙර ඔහුගේ හැසිරීම් රැසක් සාක්ෂි සහිතව විමර්ශකයන් දැනටමත් සොයාගෙන ඇතැයි විමර්ශන ප්‍රධානියකු අනාවරණය කළේය. ව්‍යාපාර කටයුතු නිසා ණය බර වැඩිවීමෙන් මානසික ආතතියෙන් (Depression) මොහු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ.

    මෙම සාක්ෂිවලට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂිද විමර්ශන සඳහා පදනම් කරගත් අතර මෙම අබිරහස් මරණය සම්බන්ධව ෂාෆ්ටර්ගේ බිරිය, නැන්දණිය ඇතුළු 84 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් අතර සී.සී.ටී.වී. කැමරා දර්ශන හතළිහකින් ෂාෆ්ටර්ගේ සියලු ගමන් මාර්ග පරීක්ෂා කර තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

    තිස්ස රවින්ද්‍ර පෙරේරා