මම ඩි.ජේ කරන්න පටන් ගත්තෙ 2004දි මම ඉස්කෝලෙ 10 වසර ඉන්න කාලෙ පුදුම අමාරුවක් තිබ්බෙ.. ඒ කාලෙනම් පටන්ගත්තෙ ඩිජේ කරන් අය ලග සවුන්ඩ් උස්සන් ගිහින්..වයර් ගහල පට්ට කට්ටක් කාල තමා ඉගන ගත්තෙ ...ඊට පස්සේ කම්පැනි එකක් එක්ක ජොයින් වෙලා ප්‍රොමෝශන් ගහන්න ගත්ත... හෆෝ කට්ට ෆුඩ්සිටි ගානෙයි.. පාරවල් අයිනෙයි උදේ ඉදලහවස් වෙනකම්ම පෙලේ කලා.. මේකා කාලෙ මම පාව්චිකලේ ඩෙනන් 4500 කන්සෝල් එකක්( දන්නෝ දනිති මේකෙන් ප්ලේකරන්න තියන අමාරුව )
ඊට පස්සෙ වෙඩ්නිස්, පාර්ටීස් ගහන්න ගත්ත.. ඒත් එක්කම මම සිවිල් ඉන්ජිනියරින් පටන් ගත්දි ටික කාලෙකට ඩී.ජෙ නවත්තන්න උනා.. ඒ අතර මම ඕඩියෝ ඉන්ජිනියරිං කාලා නිසල් ගන්ගොඩගේ.. රංග දසනායක යටතේ..
ඊට පස්සෙ ආයෙ ඩී.ජේ කරන්න ආසාවක් ආව.. ශ්‍රී ලංකා ඩී.ජේ ඇකඩමි එකෙන් කෝස් එකකුත් ආයෙ කරල දැන් පොඩ්ඩක් ඔය ප්‍රයිවට් පාර්ටීස්, බීච් පාර්ටීස් වගේ ප්ලේ කරනව
මම නම් කියන්නෙ සොෆ්ට් වෙයාර්ස් වලින් ඩී.ජේ කරන්න එපා මැනුවලි බීට් මැච් කරල කන්සෝල් එකකින්ම පේලේ කරන්න ඒ ෆීලින් එක ගන්න බෑ ජීවිතේටවත්...
අනික කවදාවත් අඩුගානට ඩි.ජේ කරන්න යන්න එපා ඒකෙන් වෙන්නෙ ෆීල්ඩ් එකේ ස්ටේටස් බහින එක සහ ප්‍රොෆොශනලි ඩී.ජේස් ලට ලොකු අසාදාරනයක්..
ඔයා හොද ඩී.ජේ කෙනෙක් උනොත් ඔයාට පැය එකහමාරට රුපියල් 15,000/= 30,000/= අතර ගානක් ගන්න පුලුවන් සාමාන්‍යයෙන් ඩිජේ කෙනෙක් වීක් එන්ඩ් එකේ පාර්ටිස් 5-8 ප්ලේ කරන්ව..
දැනට මට අනූව ලංකාවෙ හොදම ඩී.ජේ ජනා (ජේවයිබ්ස්)
උපුල්, ශායාම්, ශීරාන් ඩී, ඒ-ජේ, තවිදු, ඇලෙක්ස් කී,ලයිය, ඩොක්ටර් බේබි, ඩිශාන්,සිලෙක්ට්‍රෝ(දිලූ ඇන්ඩ් ජෙරා), වෑන්ලූප්, යාස්, ප්‍රවීන් ජේ,
වගේ ඩිජේස් ල තමා හොදම කියන තැන ඉන්නෙ සහ වැඩිම ගානක් අය කරන්නෙ