Dubai Help

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    [FONT=&quot][FONT=&quot]මචන් මට ඩුබායි ගැන විස්තර ටිකක් දැනගන්න ඕන. පුලුවන්නම් පොඩි හෙල්ප් එකක් දිපන්. උඹට වෙලාවක් තියෙනව නම් මේටිකට පොඩ්ඩක් රිප්ලයි එකක් දාපන්
    [/FONT]

    [/FONT]
    [FONT=&quot]1. අපිට මෙහෙන් යද්දි සාමාන්යෙන් මොනවද අරන් යන්න ඕන. මම අහන්නෙ ඇදුම් සපත්තු අනම් මනම් ගැන. මෙහෙන් ඕන එව්වා ඔක්කොම අරන් යන එකද හොද නැතන්ම එහෙන් ගන්න එක ද? කොච්චර කිලෝ ගානක් අරන් යන්න පුලුවන්ද?[/FONT]

    මේකනම් මචන් ඒ ඒ කෙනාගේ වියදම් කිරීමේ හැකියාව මත තමයි තීරණය කරන්න වෙන්නේ.. සාමාන්‍යෙන් ටිකක් ඇවිදල කරලා අඳුම් සපත්තු එහෙම අඩුවට ගන්න පුලුවන්.. ඒත් රටකට පය ගහපු ගමන් අපිට ඒ දේවල් කරන්න අමාරු නිසා ඒවගේ දේවල් අරගෙනම යන තරමට හොඳයි.. ජොබක් හොයා ගන්න ආව එකෙක් ඇඳුම් සපත්තු හොයන්න කාලේ කන එකත් හෙන අපරාදයක්.. අනික ගෙනාව සල්ලි අඩු වෙනකොට හෙන කේස් ගොඩයි..:baffled: මොකද අපිට ලංකාවේදී සපත්තු දෙකක උනත් ගාණ වැඩිද නැද්ද කියන එක ඔලුවට යනවා රුපියල් නිසා.. ඒත් රටකට පය ගහපු ගමන් අපි බඩු ගන්නකොට ගාණ වැඩිද අඩුද කියන එක මීටර් වෙන්නෙ නෑ..:no: ඒ නිසා පුලුවන්නම් මෙහෙන් සපත්තු කුට්ටම් දෙකක්, වැඩිපුර ඇඳුම් ටිකක් අරන් එන තරමට හොඳයි කියලයි මමනම් හිතන්නේ.. එක පාර රස්සාවකට එන්නෙ නැත්තං රස්සාවක් හොයා ගන්නකන් සල්ලි තියෙන්න එපැයි.. ඒ නිසා පුලුවන් තරම් අනවශ්‍ය වියදම් මග ඇර ගන්න එක තමයි හොඳ..
    [FONT=&quot]මම ඇවිල්ලා දැන් මාස 6කට වැඩි.. තාම අඳින්නේ එනකොට ගෙනාව ඒවා..:dull:[/FONT]

    මටනම් කිලෝ 35ක් ගේන්න පුලුවන් උනා Fly Dubai Air line eke.. එතකොට අතේ ගෙනියන් බෑග් එකේ කිලෝ 7ක් වෙනම පුලුවන්.. මට මේක පොඩ්ඩක් මීටර් අවුට් උනා.. මම ලැප් එක ගෙනියන බෑග් එකේ කිලෝ 5කට විතර සෙට් වෙන්න බඩු ටිකක් දාගෙන ආව ලැපට අමතරව.. එවුනාට 7kg හෑන්ඩ් ලැගේජ් එකත් එක්ක ලැප් එක නිකන්ම පිටේ එල්ලගෙන යන්න තිබුණා..:dull:
    [FONT=&quot]

    2.අපිට ගියපු ගමන් හම්බකරන්න බැරි නිසා මෙහෙන් යද්දි සල්ලි අරන් යන්න වෙනවනෙ? කීයක් විතර අරන් ගියොත් ඇතිද? මෙහෙන් යනකොට බැන්ක් අකවුන්ට් එකක් ඕපන් කරල මෙහෙට සල්ලි එවන්න වගේ වැඩ මුලින්ම කරගෙන යන්න ඕන නෙද?.එනාආර් එෆ්සි කියන්නෙ ඒකට නෙද. ඒකට සාමාන්යෙන් හොද බැන්ක් එකක මොකද්ද. [/FONT]

    [FONT=&quot]ම්ම්ම්ම්...
    මෙහෙ ඉතින් සල්ලි තමයි බන් ලොකුම කේස් එක.. උඹේ ආර්ථික තත්ත්වය සහ පුද්ගලික චර්යාවන් අනුව මට එක පාර උඹට මෙච්චරක් වියදම් වෙයි කියන්න අමාරුයි.. ඒත් මචන් කෑම එහෙම[/FONT]
    [FONT=&quot][FONT=&quot] පිටින් කනවනම්[/FONT] දවසකට ඩිරාම් 15ක් වගේවත් වියදම් වෙනවා.. ඒ කියන්නේ එක වේලකට ඩිරාම් 5ක්වත් අවමය යනවා.. ඒ කියන්නේ රුපියල් 200ක් විතර එක වේලකට.. [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඩිරාම් එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 39ක් 40ක් වගේ වෙනවා..[/FONT][/FONT]:oo:

    [/FONT]

    [FONT=&quot][FONT=&quot]සාමාන්‍යෙන් [/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]කේ.එෆ්.සී. මැක් ඩොනල්ඩ් වගේ ඒවයෙන්[/FONT][/FONT] පොෂ් විදිහට කනවනම් එක පාර ඩිරාම් 1[FONT=&quot]5[/FONT]ක් [FONT=&quot]2[/FONT]5ක් විතර හුටං වෙනවා.. ඒත් ජොබ් එකක් හොයා ගන්නකන්වත් ඉන්ඩියන් හරි පකිස්තාන් හරි හෝටලේකින් වේල පිරිමහ ගන්න පුලුවන් නම් කෑමට යන වියදම ගොඩක් දුරට ෂේප් කර ගන්න පුලුවන්.. :oo:
    [/FONT]
    ඒ කොහොම උනත් මමනම් රුපියල් 10,000ක් තමයි මාරු කරන් ආවේ.. හැබැයි මම ආවේ කෙලින්ම ජොබ් එකකට.. කෑම එහෙමත් ලැබුණ නිසා අතරින් පතර තමයි මට වියදම් උනේ.. :rolleyes:[FONT=&quot]හැබැයි 10,000ක් නම් මදි වෙයි බොහෝ දුරට...:baffled:[/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot]බෑන්ක් එකවුන්ට් සීන් නම් මහ ලොකුවට ඕනෙ නෑ.. මොකද මනි රෙමිටන්ස් කරන තැන් තියෙනවා ඕන තරම්.. වෙස්ටන් යූනියන් එකෙන් තමයි මමත් අම්මලාට සල්ලි දාන්නේ.. ඒකෙන් ලංකාවේ කෙනාගෙ නමට සල්ලි දාන්න පුලුවන්.. මොබයිල් එකටත් ඒ වෙලාවෙම මැසේජ් එකක් යනවා අදාළ කෙනාගේ හැබැයි පාස්පෝට් එක ලඟ තියෙන්න ඕනේ.. ඩිරාම් 15ක චාර්ජ් එකකුත් ගන්නවා..:oo:

    එන් ආර්. එෆ්. සී එක ගැන නම මමත් මෙ[FONT=&quot]ළෝ[/FONT] මළ ඉලව්වක් දන්නේ නෑ බං.. ඒකනම් කිරියේ එකෙකුගෙන් අපි දෙන්නම අහ ගමු..:D[/FONT][/FONT]

    [FONT=&quot]

    3.ඔහෙදි පාවිච්චි කරන්න ලන්කාවෙ ඒටිම් කාඩ් පුලුවන්ද? බැන්ක් මොනාද?

    [/FONT]

    [FONT=&quot]ලංකාවේ වීසා මාක් එක තියෙන ඕනම ඒ.ටී.එම් කාඩ් එක[/FONT][FONT=&quot][FONT=&quot]ක්[/FONT] මෙහෙත් වැඩ.. හැබැයි බැලන්ස් එක පෙන්නන්නේ ඩිරාම් වලින්..:baffled: මමනම් සම්පත්, [FONT=&quot]HNB [/FONT] දෙක තමයි යූස් කරල තියෙන්නේ...ඒත් ඕනම එකක් වැඩ.. සුපර් මාකට් වලින් බඩු ගනිද්දි ඇරෙන්න ඒ.ටී.එම් වලින් සල්ලි ගන්න එපා.. රුපියල් 400 ගාණක් විතර තට්ටු වෙනවා එකවුන්ට් එකෙන්.. මම ඒ කට්ටත් කෑවා.. අනික බැන්කුවේ සල්ලි ඒ.ටී.එම් එකෙන් අදින්න එපා අපරාදේ.. ආයේ බෑන්ක් එකට සල්ලි දාන්නත් සර්විස් චාර්ජ් එකක් ගෙවන නිසා බඩු ගන්නකොට කාඩ් එක යූස් කළොත් ඇරෙන්න සල්ලි ගන්න නම් යූස් කරන එක ගොඩාක් අපරාදේ..:no:[/FONT]

    [FONT=&quot]4.සාමාන්යෙන් වියදම කොහොමද? කන්න බොන්න, ඉන්න ප්ලේස් එකකට, ට්‍රාන්ස්පෝට් වලට, ටෙලිෆෝන් (මොබයිල්) ඩේටා එහෙම කොහොදමද? ඔහෙ ශේප් ඉදල බිල්ස් එහෙමත ගෙවල ලන්කාවටත් කීයක් හරි එවන්න සාමාන්යෙන් අඩුම කීයක් විතර සැලරි එකක් ගන්න ඕනද?[/FONT]

    [FONT=&quot]ජොබක් හොයා ගන්නකන් කෑමත් එක්ක ප්ලේස් එකක ඉන්න එකනම් මචන් ගොඩාක් උන්ට දරා ගන්න අමාරුයි.. මම උඹේ ආර්ථික තත්ත්වෙ නොදන්න නිසා ඒක උඹට කොහොම වෙයිද කියල කියන්න අමාරුයි..:baffled: ඒත් ජොබක් නෑ කියන්නේ අනිවා වියදම් තමයි.. සාමාන්‍යෙන් බෙඩ් ස්පේස් හොයා ගන්න පුලුවන් ගාණ ටිකක් අඩුවට.. හැබැයි ඒ ගණන් ගැන මම හරිටයටම දන්නෙ නෑ.. මගේ යාලුවෙක් නැවතිලා ඉන්නේ ඩිරාම් 500කට.. ඩිරාම් 300 සහ 800 වගේ ගාණක් ගෙවන්න වෙයි මාසෙකට..

    සාමාන්‍යෙන් පාස්පෝට් එක දීල සිම් එකක් ගන්න පුලුවන් ඩිරාම් 10කට වගේ.. ඩේටා එහම වෙනම ඇ[FONT=&quot]k[/FONT]ටිව් කර ගන්න පුලුවන් පැකේජ් තියෙනවා..
    [/FONT] :dull:

    ප්‍රවහන වියදම් කියනවනම් මෙහේ කාඩ් එකක් තමයි පාවිච්චි වෙන්නේ පොදු ප්‍රවාහන සේවා වල.. කෝච්චි සහ බස්.. ඒ කාඩ් එක ඩිරාම් 20ක් විතර වෙනවා.. අවම ශේෂය ඩිරාම් 15ක් කාඩ් එකේ තියෙන්නත් ඕනේ.. යන දුර ප්‍රමාණය අනුව ඩිරාම් 3 ඉඳන් 20 විතර වෙනකන් සල්ලි කැපෙනවා..

    කෑම බීම නවාතැන් සහ ප්‍රවාහන කියන ඔක්කොමත් අපිම ගෙවාගෙන ලංකාවටත් සල්ලි යවන්න නම් අඩුම ගානේ ඩිරාම් 5000ක සැලරි එකක්වත් තියෙන ජොබ් එකක් හොයා ගන්න වෙනවා.. මගේ සැලරි එක අහන්න එපා මමත් මේ යන එනමං නැතුව ඉන්නේ දන්න කෙනෙකුගෙ තැනකට සෙට් වෙලා..:no: කෑම බීම, ඉන්ටනෙට් සහ ඉන්න තැන තියෙන නිසා ටිකක් ෂේප්.. නැත්තං වහ කන්න වෙන්නේ..:oo:

    [FONT=&quot][FONT=&quot]5.[/FONT]සාමාන්යෙන් පැය 8 ද වැඩ කරන්න තියෙන්නෙ නැත්තන් අපි යන කම්පැනි එකේ හැටියටද?. සිකුරාදා සෙනසුරාදා නේද නිවාඩු? එකත් නිවාඩු හම්බෙන්නෙ කම්පැනි එකේ හැටියටද?[/FONT]

    ඔය ඔක්කොම මචන් ඒ ඒ කම්පැණි අනුව තමයි සෙට් වෙන්නේ.. ඒකට වාසනාව කියන එකත් ටිකක් බලපානවා.. සමහරුන්ට ඕ.ටී කියන්නේ බෝනස් වගේ.. සමහරුන්ට ඕටී කියන්නේ මරනවා වගේ.. ඒ නිසා ඒක ඒ ජොබ් එක අනුව ඒ ඒ ෆීල්ඩ් එක අනුව වෙනස් වෙනවා.. සාමාන්‍යෙන් සිකුරාදා අනිවා නිවාඩුයි ගොඩාක් තැන් වල.. පැය ගාණත් ඉතින් 8hrs ඉඳල 10hrs විතර වෙනකන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා..:dull:

    [FONT=&quot]

    6.ඔහෙ ස්කයිප් වට්සැප් නැති කේස් එකක් තියෙන්නව නේද? ඒව වෙනුවට මොනාද ‍යුස් කරන්නෙ. ලන්කාවට කතා කරන්න එහෙම.

    [/FONT]

    කෝල්ස් ගන්න පුලුවන් ඊමෝ සහ ස්කයිප් එකෙන් විතරයි.. අනිත් ඒවයෙන් චැට්, වොයිස් මැසේජ් එහෙම පුලුවන් හැබැයි කෝල්ස් ගන්න බෑ.. වයිබර් එහෙම පිස්සු කෙලින සීන් එකක් තියෙන්නේ මෙහේ.. ස්කයිප් තමයි ඉතින් කෝකටත් තෛලේ..:yes:

    [FONT=&quot]

    [FONT=&quot]7.[/FONT]අපි ලැප්/ එක්සටර්නල් හාඩ් එහෙම අරන් යන්නෙ හැන්ඩ් ලගේජ් නේද. ඒකට කොච්චරක් අරන් යන්න පුලුවනද?

    [/FONT]

    හෑන්ඩ් ලැගේජ් එකේ කිලෝ 7ක් පුලුවන් මචන්.. ඒත් ඕනෙනම් ලැප් එක පිටේ එල්ලගෙන යන බෑග් එකේ ගෙනියන්නත් පුලුවන්ලු.. මමත් ලැප පරෙස්සං කර ගන්න ඕනේ නිසා හෑන්ඩ් ලැගේජ් එක ගෙනියන්නේ නැතුව ලැප් බෑග් එකටම ලට්ට ලොට්ට පුරෝගෙන ගියා දන්නෙ නැති නිසා..:no:

    [FONT=&quot]මට දැනට මතක් වෙන්නෙ මේටික. උඹට පුලුවන්නම් සාමාන්යෙන් අලුතින් ඔහෙට එන එකෙක්ට ඕන වෙන මෙතන නැති දේවල් එහෙම තියෙන ඒවා මතක් වෙන විදියට දාපන්කො.

    [/FONT]
    අලුතෙන් එනවනම් මචන් පුලුවන් තරම් තමන්ට අවශ්‍යම දේවල් අරගෙන එන එක හොඳයි.. ජොබක් සෙට් වෙනකං වියදම් නවත්ත ගන්න එක තමයි හොඳම දේ.. මොකද මෙහෙ සමහර වෙලාවට ගන්න ඕනෙ එක නෙමෙයි අන්තිමට ගැනෙන්නේ.. ආසාවටත් එක එක ඒවා ගන්න හිතෙනවා ඇවිදින්න ගියාම.. ඒ නිසා පුලුවන් තරම් තමන්ට අවශ්‍ය කරන ඒවා ලංකාවෙන්ම අඩුවට අරගෙන එන තරමට තමන්ගේ සල්ලි ටික ඉතුරුයි..:yes:

    මමත් තාම අලුත් නිසා මෙහෙ ආව පරණ අයගෙනුත් අපිට විස්තර ටිකක් දැන ගන්න පුලුවන් වෙයි.. මොකද සමහර ඒවයේ ගණන් හිලව් ගැන මට වැඩිය හොඳටම දන්න උන් මේකෙ ඉන්නවා..:yes:

    මී හරකා වගේ ටයිප් කරන් ගියා.. පස්සෙ දිග වැඩි කියලා මැසේජ් එක සබ්මිට් කරන්න දුන්නෙ නෑ.. ඒ නිසා ත්‍රෙඩ් එකක්ම දාන්න උනා..:dull: කමක් නෑ.. මග හැරුණු සහ වැරදුනු විස්තර දන්න අය කියල දෙයි....:yes:
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Nice Work, Great thread after a long time

    නියමම ත්‍රෙඩ් එකක් මචන්.
    කරුණු විදියට වෙන් කරල ලස්සනට, පැහැදිලිව විස්තර කරල තියෙනව.
    මේවගෙ වැදගත් ත්‍රෙඩ් කිරියෙ වැටෙන්නෙම නැති කාලෙක උඹ මේ කරපු දේනම් රත්තරං කොල්ලො. මාර වටිනව හැම කෙනෙක්ටම.
    තව මේවගෙ අලුතින් එන කෙනෙක්ට මුහුණදෙන්න වෙන ගැටලු/ප්‍රශ්න ගැන තව විස්තර ටිකක් පුලුවන් වෙලාවක අයෙ දාපන්.

    +REP added.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mulinma kiyapan Uba job akak set karan da anne, naththan awilla job akak hoyagannada enne kiyala. Eta amatharawa Uba adurana kollo ahema ennawada Dubai wala?
     
    • Like
    Reactions: richlife

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    කතාව සම්පුර්ණ ඇත්ත.
    මෙහේ දිවිය ලෝකයක් බන්, සැප ගන්න, නයිට් කල්බ් යන්න, බිලා චාටර් වෙන්න කියාපු තැන.

    පඩියට හරියන්න වියදම බලාගන්න,

    සල්ලි
    ඩිරමක් දැන් 40ක් වගේ වෙනවා.

    බැංකු කාඩ්
    මාත් සම්පාත් HSBC ලංකාවේ කාඩ් යුස් කරන්නේ.

    රස්සාව
    රස්සාව කරන තැන කාටවත් කෙලම් නොකිය ශ්‍රි ලංකන් කොලිටි එකෙන් වැඩ කරන්න. respect තියාගන්න.

    පැය 8ටෛ් රස්සාව defense වෙන්නේ කොම්පැණීය හැටියට මතා. නිවාඩුත් එහෙමයි. පඩියත් එහෙමයි.

    bed space
    නිදාගන්න ඇද. මම නම් තනි කාමරෙක ඉන්නේ. කලින් හිටියෙක් ඇදක. පිරිසිදුව ඉන්න තැන ඉන්න.

    ----------------------------------
    මගේ ලයිප් එක

    ගෙදර වයිෆ් / දරුවා / අම්මා පවුලේ සාමාජිකයින් අංක 1.
    ඊට පස්සේ මෙහේ සෙට් එක. බොක්කම තමයි. මගේ හොදම යාළුවා කොරියන් එකෙක්. මම ඉන්නේ අබුඩාබි. මෙහේ රස සාගරයක්. කරන රස්සාවේ හැටියට තමා ෆන් ගන්න පුළුවන්.

    මම කුඩුවෙන්න බොනවා.
    මල් KG කුඩු තියෙනවා. ඒත් එවා පාවිච්චි කරන්න එපා. අහු වුනෙත් අවුරුදු 7ක් ඇතුලේ. චාටර්

    බිපල්ලා. පඩිය 3000කට වැඩි බොන්න ලැයිසොම ගන්න. බිලා අහුවුනත් කිසිම ප්‍රශ්ණයක් නැ.

    බඩු
    බඩු 1ක් හෝ 2ක් මම මාසේට ගහනවා. කළු කැලි, සුදු කැලි , රෂීයන්, චයිනා,
    * සමාජ රෝග හදාගත්තේ බඩුම තමා.
    පොලිසියට සියලුම විස්තර කියන්න වෙනවා.

    නයිට් ලයිෆ් අබුඩාබි.
    මම නම් යනන්නේ ඩනා නයිට් කල්බ් එකට. ලංකාවේ කල්බ් එකේ නම සූර්ය්‍යා. කවුන් ප්ල්සා හොටෙල් එකේ තමා තියෙන්නේ.

    සූර්ය්‍යා චාටර්.

    අනිත් දෙවල් ගොඩක් තියෙනවා තව කියන්න. පස්සේ කියන්නම් කෝ.

    මේක මුස්ලිම් එටක් වුනාට, ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගෙන නිදහසේ ෆන් එකක් අරගෙන ඉන්න පුළුවන්න රටක්.
     
    Last edited:
    • Like
    Reactions: Skr97 and richlife

    Man uwaba giya sathiye Panorama ake dakka. :angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Mulinma kiyapan Uba job akak set karan da anne, naththan awilla job akak hoyagannada enne kiyala. Eta amatharawa Uba adurana kollo ahema ennawada Dubai wala?

    මගෙන් විස්තර අහපු කෙනානම් මචන් ඇවිල්ලයි ජොබ් එකක් හොයන්න ඉන්නේ..:yes: මම හිතන විදිහට අඳුරන අය නෑ..:rolleyes:

    මමත් මේ දවස් වල ජොබ් එක කරන ගමන් තව ජොබ් එකක් හොයනවා මගේ ඉහළ නිලධාරීන්ගේ අවසරය ඇතුව..:yes: මොකද අදාළ කාලසීමාව ඇතුළත මගේ පඩි වැඩි කළේ නැති නිසා මට වෙන තැනක් හොයා ගන්න අවසර දෙනවා කිව්වා..:baffled:
    ඒ නිසා ඩුබායි ඉන්න පලපුරුදු එලකිරි වාසීන්ගෙන් මමත් මේ තොරතුරු ටිකක් එකතු කර ගන්න ගමන්...:D

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    මගෙන් විස්තර අහපු කෙනානම් මචන් ඇවිල්ලයි ජොබ් එකක් හොයන්න ඉන්නේ..:yes: මම හිතන විදිහට අඳුරන අය නෑ..:rolleyes:

    මමත් මේ දවස් වල ජොබ් එක කරන ගමන් තව ජොබ් එකක් හොයනවා මගේ ඉහළ නිලධාරීන්ගේ අවසරය ඇතුව..:yes: මොකද අදාළ කාලසීමාව ඇතුළත මගේ පඩි වැඩි කළේ නැති නිසා මට වෙන තැනක් හොයා ගන්න අවසර දෙනවා කිව්වා..:baffled:
    ඒ නිසා ඩුබායි ඉන්න පලපුරුදු එලකිරි වාසීන්ගෙන් මමත් මේ තොරතුරු ටිකක් එකතු කර ගන්න ගමන්...:D

    Ela. Mama nam dan Dubai nemei enne. Man aurudu 6k Dubai hitiya. Weda kale Emaar ake Corporate IT ake.

    Uba kiyala thiyena awa nam godak aththa. Yaluwo ennawa nam poddak shape karaganna thibba. Yaluwek wath naththan thama amaru wenne.

    Uba koheda enne? Bur Dubai da?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කතාව සම්පුර්ණ ඇත්ත.
    මෙහේ දිවිය ලෝකයක් බන්, සැප ගන්න, නයිට් කල්බ් යන්න, බිලා චාටර් වෙන්න කියාපු තැන.

    පඩියට හරියන්න වියදම බලාගන්න,

    සල්ලි
    ඩිරමක් දැන් 40ක් වගේ වෙනවා.

    බැංකු කාඩ්
    මාත් සම්පාත් HSBC ලංකාවේ කාඩ් යුස් කරන්නේ.

    රස්සාව
    රස්සාව කරන තැන කාටවත් කෙලම් නොකිය ශ්‍රි ලංකන් කොලිටි එකෙන් වැඩ කරන්න. respect තියාගන්න.

    පැය 8ටෛ් රස්සාව defense වෙන්නේ කොම්පැණීය හැටියට මතා. නිවාඩුත් එහෙමයි. පඩියත් එහෙමයි.

    bed space
    නිදාගන්න ඇද. මම නම් තනි කාමරෙක ඉන්නේ. කලින් හිටියෙක් ඇදක. පිරිසිදුව ඉන්න තැන ඉන්න.

    ----------------------------------
    මගේ ලයිප් එක

    ගෙදර වයිෆ් / දරුවා / අම්මා පවුලේ සාමාජිකයින් අංක 1.
    ඊට පස්සේ මෙහේ සෙට් එක. බොක්කම තමයි. මගේ හොදම යාළුවා කොරියන් එකෙක්. මම ඉන්නේ අබුඩාබි. මෙහේ රස සාගරයක්. කරන රස්සාවේ හැටියට තමා ෆන් ගන්න පුළුවන්.

    මම කුඩුවෙන්න බොනවා.
    මල් KG කුඩු තියෙනවා. ඒත් එවා පාවිච්චි කරන්න එපා. අහු වුනෙත් අවුරුදු 7ක් ඇතුලේ. චාටර්

    බිපල්ලා. පඩිය 3000කට වැඩි බොන්න ලැයිසොම ගන්න. බිලා අහුවුනත් කිසිම ප්‍රශ්ණයක් නැ.

    බඩු
    බඩු 1ක් හෝ 2ක් මම මාසේට ගහනවා. කළු කැලි, සුදු කැලි , රෂීයන්, චයිනා,
    * සමාජ රෝග හදාගත්තේ බඩුම තමා.
    පොලිසියට සියලුම විස්තර කියන්න වෙනවා.

    නයිට් ලයිෆ් අබුඩාබි.
    මම නම් යනන්නේ ඩනා නයිට් කල්බ් එකට. ලංකාවේ කල්බ් එකේ නම සූර්ය්‍යා. කවුන් ප්ල්සා හොටෙල් එකේ තමා තියෙන්නේ.

    සූර්ය්‍යා චාටර්.

    අනිත් දෙවල් ගොඩක් තියෙනවා තව කියන්න. පස්සේ කියන්නම් කෝ.

    මේක මුස්ලිම් එටක් වුනාට, ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගෙන නිදහසේ ෆන් එකක් අරගෙන ඉන්න පුළුවන්න රටක්.

    අම්මටසිරි.. ඩුබායි වල පට්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වගේ..:D

    මමනම් කුඩු සීන් ගැන නම් දන්නේ නෑ.. හැබැයි බඩු සීන් ගැන නම් කනින් කොනින් අහල තියෙනවා..:rofl:
    මගේ යාලුවෙක් තමයි හොඳම කතාව කිව්වේ..
    "මචන් මෙහේ බඩු කොහොමත් බඩු වගේ.. නිකන් ගෑනුත් බඩු වගේ.. ඒ නිසා උන් දිහා බලන්නෙ නැතුව පාඩුවේ ඉන්නවා නිකන් අහක යන ලෙඩ දා ගන්න ඕනෙ නෑනේ කියලා..":yes:
    මමනම් ඉතින් සම්පූර්ණ අමද්‍යප බොහොම සයිලන්ස් මනුස්සයෙක්..:P ඒ නිසා ගොඩක් දුරට පිස්සු කෙළීම උඩ වෙන්න තියෙන කරදර අඩුයි..:yes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Ela. Mama nam dan Dubai nemei enne. Man aurudu 6k Dubai hitiya. Weda kale Emaar ake Corporate IT ake.

    Uba kiyala thiyena awa nam godak aththa. Yaluwo ennawa nam poddak shape karaganna thibba. Yaluwek wath naththan thama amaru wenne.

    Uba koheda enne? Bur Dubai da?

    Bur dubai පැත්තේ ඉඳල හිටල යනවා.. මම ඉන්නේ Deira වල..:yes:
    Rashidiya වල මගේ හොඳම යාලුවෙක් ඉන්නවා.. ඉස්කෝලෙ යන කාලේ ඉඳල හිටිය බොක්කේ ෆිට් එකක්..:cool: මිනිහත් සම්පූර්ණ අමද්‍යප, මම වගේම මෙලෝ රහක් නැති ඩයල් එකක්..:rofl: ඌට බඩු මොනවහරි ගන්න එහෙම ඕනේ උනාම එනවා.. පොර එක්ක තමයි ඉඳල හිටලා හරි පොඩ්ඩක් ඇවිදින්නේ..:dull:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    Bur dubai පැත්තේ ඉඳල හිටල යනවා.. මම ඉන්නේ Deira වල..:yes:
    Rashidiya වල මගේ හොඳම යාලුවෙක් ඉන්නවා.. ඉස්කෝලෙ යන කාලේ ඉඳල හිටිය බොක්කේ ෆිට් එකක්..:cool: මිනිහත් සම්පූර්ණ අමද්‍යප, මම වගේම මෙලෝ රහක් නැති ඩයල් එකක්..:rofl: ඌට බඩු මොනවහරි ගන්න එහෙම ඕනේ උනාම එනවා.. පොර එක්ක තමයි ඉඳල හිටලා හරි පොඩ්ඩක් ඇවිදින්නේ..:dull:

    Giya alutha hemoma amadyapa thama ban :D. passata yaddi thama owa wenas wenne.

    Man hitiye Internet City ake. Karamath hitiya aurudu 2k wage. Bujuman Metro station aka gawa.

    Daira mage yaluwo ennawa ambaneka. Clock tower aka gawa enne un. Api ethin essara oya pathi wala karak gahapu un thama. Dan Creek aka paththa ahema lassanata hadalalu neda ban? giye nadda a paththe?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Giya alutha hemoma amadyapa thama ban :D. passata yaddi thama owa wenas wenne.

    Man hitiye Internet City ake. Karamath hitiya aurudu 2k wage. Bujuman Metro station aka gawa.

    Daira mage yaluwo ennawa ambaneka. Clock tower aka gawa enne un. Api ethin essara oya pathi wala karak gahapu un thama. Dan Creek aka paththa ahema lassanata hadalalu neda ban? giye nadda a paththe?

    හප්පේ බොන්න නම් බැරියෝ...:rofl:

    මමනම් ඉන්ටනෙට් සිටි එකට ආවේ එකම එක සැරයක් විතරයි.. ක්ලොක් ටවර්, ක්‍රීක් වගේ පැති වලනම් ඉඳල හිටලා පයින්ම ඇවිදිනවා අර යාලුවා එහෙම සෙට් උනාම..:yes: දැන් හැම තැනම හොඳට හදලා.. ඔක්කොම වගේ ලස්සනයි බං.. ක්‍රීක් එකේ නම් ඉතින් ගඟ අයිනේ පොඩ්ඩක් ඉඳන් ඉන්න බංකු එහෙමත් තියෙනවා..:cool: මාසෙකට සැරයක් වගේ සිකුරාදා යාලුවා සෙට් උනාම ඉතින් බෝට්ටුවේ බර් ඩුබායි පැත්තෙ එහෙම වටයක් දාලා කොහෙන් හරි කාලා එහෙම පොඩි ගාණක් කුඩු කර ගෙන එනවා නිකන් පොඩි උන් දෙන්නෙක් වගේ..:rofl:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නියමම ත්‍රෙඩ් එකක් මචන්.
    කරුණු විදියට වෙන් කරල ලස්සනට, පැහැදිලිව විස්තර කරල තියෙනව.
    මේවගෙ වැදගත් ත්‍රෙඩ් කිරියෙ වැටෙන්නෙම නැති කාලෙක උඹ මේ කරපු දේනම් රත්තරං කොල්ලො. මාර වටිනව හැම කෙනෙක්ටම.
    තව මේවගෙ අලුතින් එන කෙනෙක්ට මුහුණදෙන්න වෙන ගැටලු/ප්‍රශ්න ගැන තව විස්තර ටිකක් පුලුවන් වෙලාවක අයෙ දාපන්.

    +REP added.

    ඕක මචන් ත්‍රෙඩ් එකක් උනේ එක්කෙනෙක්ගේ පී.එම් එකකට රිප්ලයි දාන්න ගිහින් රිප්ලයි එක ලොකු වැඩි කියලා මැසේජ් එකක් ආව නිසා..:D
    මට පී.එම් එක එව්ව කෙනාට තමයි ඉතින් ස්තූති කරන්න ඕනේ ඔය විදිහට ප්‍රශ්න අහපු එක ගැන..:rolleyes:

    මූලිකවම ඉතින් සල්ලි ප්‍රශ්නෙ තමයි බං බලපාන්නේ.. මොකද ජොබ් එකක් හොයා ගන්නකන් ඉන්න තැනක්, කෑම බීම, ගමන් වියදම් දරා ගන්නවා කියන එක ටිකක් අමාරුයි අතේ සල්ලි නැති කෙනෙකුට..:baffled:
    ලංකාවෙන්ම ජොබ් එකක් සෙට් කරන් එන්නේ නැත්තං අඩුම ගානේ රුපියල් වලින් 75,000ක් වගේ වත් වියදමක් බලාපොරොත්තු වෙන්න වෙනවා මට හිතෙන විදිහටනම්..:oo: මාස තුනක විසිට් වීසා එකක් ගහගෙන එහෙ මෙහෙ ඇවිද ඇවිදනේ ජොබ් එකක් හොයා ගන්න වෙන්නේ.. ඒ කාල සීමාව ජීවත් වෙන්න එපැයි.. :dull:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Dubai awilla Job ekak set karaganna puluwanda?

    පුලුවන්.. හැබැයි වියදමනම් ටිකක් සැරයි.. අනික හිතන පතන ජොබ් එකම සෙට් වෙයිද නැද්ද කියලා කියන්නත් අමාරුයි.. ජොබ් එකක් සෙට් වෙනකන් කට්ටක් කන්න ඕනේ..

    Patta වටිනවා ..

    hotel ෆීල්ඩ් ekata wage job ekak lesiyen ohe set kara ganna puluwanda ..

    හොටෙල් ෆීල්ඩ් එකේනම් මම දන්න විදිහට වේකන්සි තියෙනවා මචන් ටිකක් වැඩිපුර..:yes: