Ebay හොරෙක්ගෙන් ගැලවුනෙමි

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Ebay හොරෙක්ගෙන් ගැලවුනෙමි

    මම ebay එකෙන් Mp4 player එකක් ඕඩර් කලා. බඩු නම් ආව හැබැයි වැඩ කරන්නෙ නෑ. මම ඒකෙ වීඩියෝ එකකුත් proof විදියට සෙලර්ට යැව්වා. මූ නිකන් අනම් මනං කිය කිය පස්ස ගහනවා. පස්සෙ කේස් එකක් ඕපන් කලා විතරයි මේක කිව්වා එකක් එවනව කියල. ටික දොහාකින් මේක මැසේජ් කරනවා කේස් එක ක්ලෝස් කරන්න එතකොට ශිප් කරන්නම් කියල. මම බෑ කිව්වා . ඔන්න ශිප් කලාය කියල එව්වා. ආයෙ ටික දොහකින් කියනවා මේක ක්ලෝස් කරන්න, කේස් ඕපන් වෙලා තියෙන එක හොද නෑනෙ. අයිටම් එක එන්න කල් යයිනෙ. ඕන නම් 25% ගානක් එවන්නම්. අයිටම් එක ආවම ආයෙ එවන්න කියල. මම බෑ කිව්වා. මම ට්‍රැකින් ඉල්ලුවා. සති එකහමාරකට වගේ පස්සෙ ඔන්න නොම්මරයක් දුන්නා. ගහල බලපුවාම ඒක destination post office එකට ඇවිල්ලා. මට හම්බවුන මගුලක් නෑ. මම කෝකටත් තව සති කීපයක් බැලුවා. අරූගෙන් ඇහුවාම කියනවා පේශන්ට්ලු වේට් කොරන්නලු.
    මට මේ ට්‍රැකින් නම්බරේත් සැකයි. දැන් කේස් එක ඔටෝ ක්ලොස් වෙන දාත් ලං වෙනවා. මට තේරුනා මූ එන්නෙ මොකාටද කියල. මම කිව්ව පැය 24 ඇතුලත් විසදුමක් දුන්නෙ නැතතම් මම "ask ebay to intervene" option එකට යනව කියල. පහුවදාම ඩයල් එක සුරුස් ගාල රිෆන්ඩ් කලා. උගේ ට්‍රැකින් ඇත්ත නම් ඌ ඒම කරන්නෙ නෑනෙ.
    මේක වෙලා දැන් මාස කීපයක්. රිසෙන්ඩ් එක අදටත් නෑ.අරූ බොරු ට්‍රැකින් එකක් එවල තියෙන්නෙ. බලහං කාලකන්නින් ගෙ හැටි
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය වගේ වැඩක් මට phone ඩිස්ප්ලේ එකකටත් උනා. සෙලර් ලා දෙන්නෙක් ගෙන් ගත්තේ එකෙක්ගෙන්වත් ආවේ නෑ. කරපු මෝඩකම කේස් එකක් දාන්න බැරි උන එක. උට මැසේජ් දදා හිටියා :oo:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹලා රිවීව් බලලා නෙමයිද බඩු ගන්නෙ
    මම මේ හැම මාසෙට අයිටම් 10ක් විතර ebay/aliexpress එකෙන් ගන්නවා මට ඔහොම එකෙක්වත් සෙට් වෙලා නැහැනේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹලා රිවීව් බලලා නෙමයිද බඩු ගන්නෙ
    මම මේ හැම මාසෙට අයිටම් 10ක් විතර ebay/aliexpress එකෙන් ගන්නවා මට ඔහොම එකෙක්වත් සෙට් වෙලා නැහැනේ

    මමත් ඉස්සර නම් ගොඩක් ගෙන්වනවා දැනුත් ඉදලා හිටලා ගෙන්වනවා

    එක පාරක් අයිටම් 5ක් දැම්මා 5 දෙනෙක්ගේ උන්ගේ රේටින්ග් අවුලක් නෑ. 5න් 3ක් ආවා. අනිත් දෙක ආවේ නෑ. ඇහුවම කියනවා දැම්මලු ලංකාවට ඇවිත් තියෙන්නේ කියලා . කොහම හරි මම මාස දෙකක් බැලුවා . ඊට පස්සේ රිපන්ඩ් ඉල්ලුවා දෙන්නම් රිෆන්ඩ් කරා කියපු දවසෙම ඊට දවස් 10 කට විතර පස්සේ ඒ දෙක ආවා පොස්ට් එකෙන් තමයි පරක්කු වෙලා තියෙන්නේ.

    උන්ට් මැසේජ් දැම්මා පාර්සල් ආවා ඒ සල්ලි දාන්නද කියලා උන් දෙන්නම msg එකක් වත් එවුවේ නෑ
     
    • Like
    Reactions: richlife

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹලා රිවීව් බලලා නෙමයිද බඩු ගන්නෙ
    මම මේ හැම මාසෙට අයිටම් 10ක් විතර ebay/aliexpress එකෙන් ගන්නවා මට ඔහොම එකෙක්වත් සෙට් වෙලා නැහැනේ




    https://www.ebay.com/usr/mobilekits?_trksid=p2057872.m2749.l2754


    https://www.ebay.com/usr/ds2016au6?_trksid=p2057872.m2749.l2754


    https://www.ebay.com/usr/shopbest2u?_trksid=p2057872.m2749.l2754




    මුන් තුන් දෙනාගෙන්ම දාපුවා අද වෙනකන් ආවේ නෑ :oo:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    100 ට 99ක්ම ඔය පාර්සල් නැතිවෙන සීන් එක වෙන්නේ මට හිතෙන විදිහට ලංකාවට ආවට පාස්සේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    100 ට 99ක්ම ඔය පාර්සල් නැතිවෙන සීන් එක වෙන්නේ මට හිතෙන විදිහට ලංකාවට ආවට පාස්සේ




    අපරාදේ බන් හොදට වැඩ කරපු ෆෝන් එක ඩිස්ප්ලේ එක දැම්මා නං ආයේ වැඩ ගන්න පුළුවන්. අවුරුද්දක් විතර අයින් කරලා තිබ්බ :no:
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    උඹලා රිවීව් බලලා නෙමයිද බඩු ගන්නෙ
    මම මේ හැම මාසෙට අයිටම් 10ක් විතර ebay/aliexpress එකෙන් ගන්නවා මට ඔහොම එකෙක්වත් සෙට් වෙලා නැහැනේ

    Top rated එකෙක්ගෙන් තමා ගත්තෙ. ඌගෙ එකවුන්ට් එකත් අවු 5 වගේ පරනයි. පොසිටිවු රිවිව් 1000 වගේ නෙගටිව් 50 වගේ තිබ්බෙ. ඒකයි ගත්තෙ. පස්සෙ මම අර නෙගටිව් ඒව බැලුවා. ඌ අයිටම් එක ඉක්මනට එවනවා. හැබැයි කැඩිච්චි ඒවට, නාපු ඒවට රිෆන්ඩ් දෙන්න පස්ස ගහන එකෙක්. මේ වගේ කේස් හතර පහක්ම තිබ්බ.