Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    I have done some work, on one of our rental apartments.
    Will add some details later.
    කම්ප්ලීට් වෙනකං වියදම ගත්තොතින් සැලකිය යුතු අඩුවක් නැහැ. සල්ලි වලින් අඩු වගේ තේරෙන්න පුලුවන් ඒ උනාට අමතර කට්ටක් කන්න වෙන නිසා ඕවරෝල් ලාබයක් නැහැ කියලා කියන්න පුලුවන්
    ගල් ඉන්ටලොක් වෙනවා හැබැයි ඒ හැම ගලක්ම අහු වෙන්න ඒ ගලේ තියන සිදුරට 1/4 කම්බියක් දාලා චිප් ගල් වලින් කොන්ක්‍රිට් කරන්න ඕන අඩි 4න් 4ට හරස් අතට කම්බියක් බැඳල කොන්ක්‍රිට් දාන්න ඕන මේ හරස් අතට කොන්ක්‍රිට් දාන එකට වෙනම ගලක් තියනවා මැද පීල්ලක් වගේ තියන
    බිත්තිය බැඳල ඉවර උනාම බිත්තිය වැනෙන ගතියක් තියනවා වහල ගහනකල්
    බිත්ති බැඳල ඉවර උනාම අර ගල් අතර කුස්තූර පුරවලා පේන්ට් එකක් හරි වැක්ස් එකක් හරි ගාන්න ඕන මේක පට්ටම විදියට වෙලාව සහ සල්ලි යන වැඩක් මේක හරියට කරන්න පුලුවන් අය හොයන්න නැති තරං. මේ වැඩේ නං එපාම වෙන වැඩක්
    එලියට ගාන්න ඕන waterproof වගේ ට්‍රාන්ස්පේරන්ට් පේන්ට් එකක් ඒක පට්ටම ගනන්. දැනට අවුරුදු 3කට කලින් ලීටර් 4ක් 30000ක් විතර උනා. වැක්ස් එක ඊට වඩා අඩුයි හැබැයි ඉක්මනටම වේලිලා යනවා එතකොට ආපහු වැක්ස් කරන්න ඕන
    ඇතුල් පැත්තෙට නං අපි කරේ Chemfix වලට වතුර දාල ඒකට පාට සිමෙන්ති කලවම් කරලා පාට හදලා ගෑවෙ මේකෙන් ඇතුල් පැත්තෙ ඩස්ට් එක සම්පූර්නයෙන් නැති උනා.
    එකම තැනින් ගත්තත් ගල් වල සයිස් එක වෙනස් ගල් හදන්න ගන්න පස් අනුව අනික් එක පාටත් වෙනස් ඒක නිසා හරියට පේන්ට් එකක් කරන්න වෙනවා එකම පාටට ගන්න
    බිත්ති බඳිනකොටම වයරින් එක ප්ලෑන් කරලා අඟලෙ කන්ඩියුට් දාගන්න ඕන නැත්තං වයරින් කරන්න මාර කට්ටක් කන්න වෙනවා
    මම ටුවරිස්ට්ලට රෙන්ට් කරන නිසා සහ එන එවුන් මේ වගේ ලුක් එකට කැමති නිසා හොඳයි ගෙදරක් හදන්න නං කීයටවත් රෙකමන්ඩ් කරන්නෙ නැහැ (ඕන නං ඩේකරේටිවු බිත්තියක් වගේ බැඳ ගන්න)
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    518
    348
    63
    Home
    kitsooftlk.blogspot.com
    උඹට එකටම ස්තූතියි මේ ගැන ඇහුවට :love: . මොකද මමත් ගෙයක් බලල තියෙනවා. තනිකරම ඒක ලංකාවෙ ගොන් ගෙවල් වගේ නෙමෙයි. අයිතිකාරය නම් ඉටලි වල ඉන්නෙ. හැබැයි ඩිසයින් එක සම්පූර්ණම යුරෝප්. මම මේ ගඩොල් ගැන හෙව්වෙ නැහැ මොකද මම ගේම ගන්න බලාගෙන ඉන්න හින්ද. මට ඕන වෙන්නෙ ගෙයක් හදන්න නෙමෙයි. මේකෙ මම දැකපු දෙයක් කියන්නම් මචන්.

    01. ගඩොල් නිර්මාණයේ ප්‍රමිතිය බලන්න ඕන ඉදිකිරීම් ආයතනයේ ලියාපදිංචි නිශ්පාදකයෙක්ද කියල.
    02. ඩිසයින් එක. මෙතනදි ඉන්දියානු ක්‍රමයට හදනව නං නිකන්ම නිකන් පෙට්ටි ගේ වෙන්න ඉඩ වැඩී.
    03. හැබැයි උඹ යුරෝප් පැත්තෙන් ඩිසයින් එක ගැන හිතනව නම්....... ඒක පිස්සුවක් මචන්.

    මම ගන්න බලාගෙන ඉන්න ගේ දැන් හදල අවුරුදු 8කට වැඩී. සමහර අය ඒවගේ ඩිසයින් වලා කැමති නැහැ. මොකද ඒ අය කැමති ලංකාවෙ දැකල තියෙන එකක්ම තමන්ගෙත් ගෙදර කරගන්න. ඒ හින්ද ගල් තෙමෙනවා. වතුඅ අල්ලනවා කුඩු හැලෙනව කියනවා. ඒකට නිශ්පාදනයේ ප්‍රමිතියත් බලපානවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන්, මම කියන ගෙදර නං පේන්ට් එකක් විතරක් ගාල තියෙනවා බේස් වලට. ඒ ඇරෙන්න මොකුත් කරල නැහැ.

    Indian Styles

    Round Window 😇:love:

    oke wiring conduit dana thana indanma awul machan.... biththiya widala anayak daganna ba.... clean wenna athu ganna ba,,,, practical issues godak tiyanawa
     
    • Love
    Reactions: nidarsha91

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    mekai seen eka oka hadanakota okkoma wiring , plumbing wage mula idalama plan karanna one . wiring walata wenama brick thiyanawa
    thawa godak aya oya gadul wala look ekata kamathi na . ane manda ube choose karapan family eka ayth ekka
     
    nidarsha91

    Well-known member
  • කම්ප්ලීට් වෙනකං වියදම ගත්තොතින් සැලකිය යුතු අඩුවක් නැහැ. සල්ලි වලින් අඩු වගේ තේරෙන්න පුලුවන් ඒ උනාට අමතර කට්ටක් කන්න වෙන නිසා ඕවරෝල් ලාබයක් නැහැ කියලා කියන්න පුලුවන්
    ගල් ඉන්ටලොක් වෙනවා හැබැයි ඒ හැම ගලක්ම අහු වෙන්න ඒ ගලේ තියන සිදුරට 1/4 කම්බියක් දාලා චිප් ගල් වලින් කොන්ක්‍රිට් කරන්න ඕන අඩි 4න් 4ට හරස් අතට කම්බියක් බැඳල කොන්ක්‍රිට් දාන්න ඕන මේ හරස් අතට කොන්ක්‍රිට් දාන එකට වෙනම ගලක් තියනවා මැද පීල්ලක් වගේ තියන
    බිත්තිය බැඳල ඉවර උනාම බිත්තිය වැනෙන ගතියක් තියනවා වහල ගහනකල්
    බිත්ති බැඳල ඉවර උනාම අර ගල් අතර කුස්තූර පුරවලා පේන්ට් එකක් හරි වැක්ස් එකක් හරි ගාන්න ඕන මේක පට්ටම විදියට වෙලාව සහ සල්ලි යන වැඩක් මේක හරියට කරන්න පුලුවන් අය හොයන්න නැති තරං. මේ වැඩේ නං එපාම වෙන වැඩක්
    එලියට ගාන්න ඕන waterproof වගේ ට්‍රාන්ස්පේරන්ට් පේන්ට් එකක් ඒක පට්ටම ගනන්. දැනට අවුරුදු 3කට කලින් ලීටර් 4ක් 30000ක් විතර උනා. වැක්ස් එක ඊට වඩා අඩුයි හැබැයි ඉක්මනටම වේලිලා යනවා එතකොට ආපහු වැක්ස් කරන්න ඕන
    ඇතුල් පැත්තෙට නං අපි කරේ Chemfix වලට වතුර දාල ඒකට පාට සිමෙන්ති කලවම් කරලා පාට හදලා ගෑවෙ මේකෙන් ඇතුල් පැත්තෙ ඩස්ට් එක සම්පූර්නයෙන් නැති උනා.
    එකම තැනින් ගත්තත් ගල් වල සයිස් එක වෙනස් ගල් හදන්න ගන්න පස් අනුව අනික් එක පාටත් වෙනස් ඒක නිසා හරියට පේන්ට් එකක් කරන්න වෙනවා එකම පාටට ගන්න
    බිත්ති බඳිනකොටම වයරින් එක ප්ලෑන් කරලා අඟලෙ කන්ඩියුට් දාගන්න ඕන නැත්තං වයරින් කරන්න මාර කට්ටක් කන්න වෙනවා
    මම ටුවරිස්ට්ලට රෙන්ට් කරන නිසා සහ එන එවුන් මේ වගේ ලුක් එකට කැමති නිසා හොඳයි ගෙදරක් හදන්න නං කීයටවත් රෙකමන්ඩ් කරන්නෙ නැහැ (ඕන නං ඩේකරේටිවු බිත්තියක් වගේ බැඳ ගන්න)
    වියදම ප්‍රශ්නයක් නැත්තන්,
    මේ ලුක් එකට කැමති කෙනෙක් නම්,
    කොලිටිම බඩු පාවිච්චි කරනව නම්,
    මේන්ටේනන්ස් වලට හැකියාව තියෙනව නම්,

    උඹ එහෙම කෙනෙක්ට රෙකමන්ඩ් කරනවද මචන්?

    oke wiring conduit dana thana indanma awul machan.... biththiya widala anayak daganna ba.... clean wenna athu ganna ba,,,, practical issues godak tiyanawa
    උඹට බොහොම ස්තූතියි මචන් මේ ගැන කිව්වට. මම කියන ගෙදර ඔය කියන විදියට ඇතුලෙ බිත්ති වලට කලින්ම මොකක් හරි කුඩු හැලෙන්න නැති වෙන්න පේන්ට් එකක් හරි වෙන සොලියුශන් එකක් හරි ඇප්ලයි කරල ඇති. මොකද ඇතුලෙ එහෙම ඩස්ට් ඉශූ එකක් හරි පොතු ගැලවෙන ඉශූ එකක් හරි නැහැ. එලියෙ නම් යට කොටසට මොකක් හරි ගාල තියෙනවා. මේ ගෙදර අයිතිකාරය බාවා වගේ කෙනෙක්. මිනිහ මේ දේවල් ගැන හොයල බලලම කළාද දන්නෙ නැහැ.
    ------ Post added on Aug 29, 2025 at 12:52 AM
     
    • Like
    Reactions: kitsooftlk

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,527
    113
    කරදරකාරි වැඩක් වියදමත් ටිකක් වැඩියි නඩත්තුව අමාරුයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වියදම ප්‍රශ්නයක් නැත්තන්,
    මේ ලුක් එකට කැමති කෙනෙක් නම්,
    කොලිටිම බඩු පාවිච්චි කරනව නම්,
    මේන්ටේනන්ස් වලට හැකියාව තියෙනව නම්,

    උඹ එහෙම කෙනෙක්ට රෙකමන්ඩ් කරනවද මචන්?

    උඹට බොහොම ස්තූතියි මචන් මේ ගැන කිව්වට. මම කියන ගෙදර ඔය කියන විදියට ඇතුලෙ බිත්ති වලට කලින්ම මොකක් හරි කුඩු හැලෙන්න නැති වෙන්න පේන්ට් එකක් හරි වෙන සොලියුශන් එකක් හරි ඇප්ලයි කරල ඇති. මොකද ඇතුලෙ එහෙම ඩස්ට් ඉශූ එකක් හරි පොතු ගැලවෙන ඉශූ එකක් හරි නැහැ. එලියෙ නම් යට කොටසට මොකක් හරි ගාල තියෙනවා. මේ ගෙදර අයිතිකාරය බාවා වගේ කෙනෙක්. මිනිහ මේ දේවල් ගැන හොයල බලලම කළාද දන්නෙ නැහැ.

    ඔය ලිස්ට් එකට අමු කට්ටක් කන්න වෙනවා කියන එකත් දා ගන්න. අපේ ඒව හදපු කාලෙ මම ගෙදර ඉඳන් වැඩ කරේ නිතරම හොයලා බැලුවා ඒත් අමාරුවෙන් කරේ
    මොකද ඕවයින් හරියට වැඩ කරන එවුන් හොයාගන්න බැහැ. බැහැ කියන්නෙ අමාරුයි කියන එක නෙමෙයි බැහැ කියන එක. එන එවුන් අති පන්ඩිතයි කියන දේ නෙමෙයි කරන්නෙ ඌට හිතෙන ලේසි විදියකට කරන්න ගන්නවා
    ඔය ලිස්ට් එකත් එක්ක හරියට ප්ලෑන් කරලා කරන්න පුලුවන් නං අවුලක් නැහැ
    හදලා ඉවර උනාට පස්සෙ කුස්තූර පුරවන එක කරන එක මාරම අමාරුයි වැඩේ කරන්න දන්න එවුන් ඇත්තෙම නැහැ
    තව එකක් ඕවයින් කරනවා නං මුලු තියන තැන් වලට සහ වහල සෙට් වෙන තැන් වලට කනු දාන්න පුලුවන් නං තව හොඳයි. බිත්ති වල හයිය ගැන මට ලොකු පැහැදීමක් නැහැ (ගල් වල හයිය නෙමෙයි බිත්ති වල හයිය ගැන මම කියන්නෙ. බිත්තිය පෙරලෙන්න පුලුවන් කියලා හිතෙනවා වහල නැත්තං)
    කොලිටිම බඩු කියන එකේ ප්‍රශ්නෙ එකම තැනිං ගත්තත් ගල් වල කොලිටි දවසෙන් දවස වෙනස්. හේතුව ඔය ගල් ගහන තැන් වල එවුන් එක එක තැන් වලින් පස් අරගෙන ඔය ගල් ගහන්නෙ, ඒ පස් වල කොලිටිය අනුව සමහර ගල් ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් වෙලා තියෙනවා එතකොට ඉන්ටලොක් වෙද්දි හරියට වෙන්නෙ නැහැ බිත්ති ඇද වෙනවා. අපි කරේ මුලින් එක සයිස් ගල් වෙන් කරලා පේලියටම එකම උස තියන ගල් ගත්තා. මේ වගේ හිතන්නෙ නැති ප්‍රශ්න තියනවා
    අනික් එක ගල් විකුනන තැන කියන ඒව විස්වාස කරන්න එපා. මොකද උන් කියන්නෙ ඕන කෙනෙක්ට මේව බඳින්න පුලුවන් හෙන වේගෙන් බඳින්න පුලුවන් අරකද මේකද කියලා. ඇත්ත තත්වෙ එහෙමෙ නෙමයි

    කුඩු හැලෙන එකට ගාන පේන්ට් තියනවා. ඒක පට්ටම ගනං. දැන් අර කෙලින්ම ගඩොල් බිත්ති expose විදියට තියන එක කාලයක් තිස්සෙ කරනවානේ ඒවයෙ ගාන්න එන පේන්ට් තියනවා මම අර කලින් දාල ඇති ගනන් සහ අපි කරපු දේ
     
    nidarsha91

    Well-known member
  • ඔය ලිස්ට් එකට අමු කට්ටක් කන්න වෙනවා කියන එකත් දා ගන්න. අපේ ඒව හදපු කාලෙ මම ගෙදර ඉඳන් වැඩ කරේ නිතරම හොයලා බැලුවා ඒත් අමාරුවෙන් කරේ
    මොකද ඕවයින් හරියට වැඩ කරන එවුන් හොයාගන්න බැහැ. බැහැ කියන්නෙ අමාරුයි කියන එක නෙමෙයි බැහැ කියන එක. එන එවුන් අති පන්ඩිතයි කියන දේ නෙමෙයි කරන්නෙ ඌට හිතෙන ලේසි විදියකට කරන්න ගන්නවා
    ඔය ලිස්ට් එකත් එක්ක හරියට ප්ලෑන් කරලා කරන්න පුලුවන් නං අවුලක් නැහැ
    හදලා ඉවර උනාට පස්සෙ කුස්තූර පුරවන එක කරන එක මාරම අමාරුයි වැඩේ කරන්න දන්න එවුන් ඇත්තෙම නැහැ
    තව එකක් ඕවයින් කරනවා නං මුලු තියන තැන් වලට සහ වහල සෙට් වෙන තැන් වලට කනු දාන්න පුලුවන් නං තව හොඳයි. බිත්ති වල හයිය ගැන මට ලොකු පැහැදීමක් නැහැ (ගල් වල හයිය නෙමෙයි බිත්ති වල හයිය ගැන මම කියන්නෙ. බිත්තිය පෙරලෙන්න පුලුවන් කියලා හිතෙනවා වහල නැත්තං)
    කොලිටිම බඩු කියන එකේ ප්‍රශ්නෙ එකම තැනිං ගත්තත් ගල් වල කොලිටි දවසෙන් දවස වෙනස්. හේතුව ඔය ගල් ගහන තැන් වල එවුන් එක එක තැන් වලින් පස් අරගෙන ඔය ගල් ගහන්නෙ, ඒ පස් වල කොලිටිය අනුව සමහර ගල් ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් වෙලා තියෙනවා එතකොට ඉන්ටලොක් වෙද්දි හරියට වෙන්නෙ නැහැ බිත්ති ඇද වෙනවා. අපි කරේ මුලින් එක සයිස් ගල් වෙන් කරලා පේලියටම එකම උස තියන ගල් ගත්තා. මේ වගේ හිතන්නෙ නැති ප්‍රශ්න තියනවා
    අනික් එක ගල් විකුනන තැන කියන ඒව විස්වාස කරන්න එපා. මොකද උන් කියන්නෙ ඕන කෙනෙක්ට මේව බඳින්න පුලුවන් හෙන වේගෙන් බඳින්න පුලුවන් අරකද මේකද කියලා. ඇත්ත තත්වෙ එහෙමෙ නෙමයි

    කුඩු හැලෙන එකට ගාන පේන්ට් තියනවා. ඒක පට්ටම ගනං. දැන් අර කෙලින්ම ගඩොල් බිත්ති expose විදියට තියන එක කාලයක් තිස්සෙ කරනවානේ ඒවයෙ ගාන්න එන පේන්ට් තියනවා මම අර කලින් දාල ඇති ගනන් සහ අපි කරපු දේ
    ප්‍රායෝගීක දැනුමෙන් මේ ගැන ඇත්තම විස්තර කියල දුන්නට බොහොම ස්තූතියි මිත්‍රයා 🫡
     
    • Like
    Reactions: NEMISIS

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Math me dws tikema seen eka heuwa..gal gahana ayata 4ra denkta wtra katha kra..75 idn 88 range wenkm hmbuna..galak badinna 40 to 45 range ake yanwa and 1sqft ekakta gal 3k yanwa..ehema baluwama yana gal quantity ekath ekka labayaknm enwa kiyla hithna ba youtube wla kiyla tynwa wge..habai kaalayak thisse tyna gewl kipayakma baluwa mn ewa nm thamat hodtma kiynwa..godak aya e design emta asa na finishing madi wge kiyla but mta hithnne eco brick eka hoda option ekak
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    සෑහෙන්න දැනුවත් උනා. ගං වතුර තත්නවයකදි ඔරොත්තු දීම කොහොමද. decorative wall වගේ දාන්න බැලුවේ.