මමත් තව ටිකකින් වෝට් කරනවා. දවස් 3 මේක ඇදිලා ගියා. KPZ මගේ හොඳ යාලුවෙක් ෆේස් බුක් එකේ හිටං ඉන්නවා. ඒ වගේම Henry L ඌ ක්‍රිකට් ත්‍රෙඩ් වල ඒ කාලේ ඉඳන්ම හිත මිත්‍රයෙක්. ක්‍රිකට් ත්‍රෙඩ් එකක් දැම්මොත් මුලින්ම VM දාන සෙට් එකේ මටත් එකක් දානවා. මේ මගේ පෞද්ගලික මනාපය මචං. කවුරුවත් අමනාප වෙන්න එපා. රෙප් වලට පැත්ත මාරු කලා කියලවත් හිතන්න එපා මොකද රෙප් වලින් මට සත පහක් වැඩක් නෑ. මම එදා මෙදා කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මත් කවදාවත් රෙප් ඉල්ලලා නැහැ දීපන් කියලා.මගේ විෂ්‍යය පථයට අදාලව ත්‍රෙඩ් දැම්මොත් රෙප් 500 + එක ත්‍රෙඩ් එකකට ගන්න එකත් ගේමක් නැහැ. ඒත් මම ඒ සම්බන්ධව ත්‍රෙඩ් දාන්නෙ නැත්ටේ රෙප් වැඩක් නොවන නිසා. අවසානයේ කළකිරීම්, වලි, දුක , ඔක්කොම සංකලනය කරලා මම මගේ මනාපය දෙනවා. රෙප් දුන්නු රෙප් කපපු හැමෝටම ස්තූතියි. මේකේ වලි මෙතනින් නවත්තමු. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන නවම නව අලුත් අවුරුද්දක් වේවා. නිදුක් නිරෝගී සුව වැඩි වේවා, දීර්ඝායුෂ වැඩි වේවා.... හැමෝටම තෙරුවන් සරණයි...
KPZ ගත්තම Henry L තරම් බැහැලා වැඩ කලේ නෑ තමයි. සමහර වෙලාවට Henry L පාන්දර 5 විතර වෙනකන් ඇහැරන් ඌ Australia ඉඳලත් ඒ. ඒ කැපවීම KPZ ගෙන් දැක්කේ නෑ ඊයේ රෑ වෙනකන්. ඒත් ඉදිරිපත් වෙන්න කවුරුත් හිටියේ නැති තැන ඌ දිරිපත් වීමට ගරු කරනවා. KPZ නිත්‍යය සාමාජිකයෙක් විදිහට මාව ගත්තේ යම් විශ්වාසයක් තියලා වෙන්න ඇති. ඌ හිතපු හැටියට මම උඩින් පේන්න ටීම් එක වෙනුවෙන් වැඩ නොකරන්න ඇති. ඒත් ආශ්මි, ඉරේෂ්, තනුජ්ක ලා දන්නවා මම යටින් දුන්නු ගේම. මොකද උඩින් ඉඳන් නම දාගන්න මම සැබෑ ජීවිතෙත් උත්සාහ කරන පුද්ගලයෙක් නෙමෙයි. KPZ ලා පරදිනවා කිය කියා දැන දැනත්, මාව තෝඅරා ගත්තේ යම් කිසි විශ්වාසයකින් නිසත් ඒ විශ්වාසේ මම කඩන්නේ නෑ. මොකද මන් ගැන විශ්වාසේ මුලින්ම තියපු එකා KPZ නිසා.ඒ වගේම පරාජය දැක දැක කවදාවත් ටීම් එක දාලා යන්නේ නෑ. ජය ග්‍රහණ වලට වඩා මම ජීවිතේ පරාජය වෙලා තියෙනවා ඒකයි අද මෙහෙම මෙතන ඉන්නේ. එහෙනම් මම
VOTED FOR KPZ
හැමෝටම තෙරුවන් සරණයි......