EK 1980s Club (1980-1989)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ කාලේ නෙස්ටම් කාලා තියේද? මගේ ප්‍රියතම කෑමක්...:D

    :yes::yes::yes::yes::yes: නෙස්ටම් නෙස්ටමෝල්ට්..ජෙලි හදන්න කියල ආච්චි ගෙනත් තියෙන පැකට් එකත් අපි (අපි කියුවේ මායි සීයයි) කඩන් හොරාට කනවා.. ඒ දවස් වල මං හිතන්නේ මම 2 හෝ 3 සීයා මට ලොරියක් අරන් තිබුණා.. ඒකට දාලා තිබුණෙත් මගේ නම.. ඔක්කොමත් හරි ඒ ලොරියේ මූණ මාර කැතයි..ගෙඹි මූණක් තිබුණේ.. කොහොම හරි ඔය ලොරියට මගේ නම දාපු එකට මම හෙන බකල් එකක් දැම්මා..කොහොම හරි ඕක කඩුගන්නාව හරියෙදි පෙරළිලා තිබුණා.. එදා මන් තරම් සතු‍ටු උන කෙනෙක් තවත් නෑ..කොහොම හරි සීයා නැති වෙන්න කලින් ඒ ලොරිය විකුණලා ඊට වඩා හොඳ මූණක් තියෙන ISUSU නිල් පාට ලොරියක් අරන් දුන්නා..සීයා නැති උනාට පස්සේ ඒක සෑහෙන කාලයක් යනකන් මම විකුණන්න දුන්නෙත් නෑ.. මම 6 වසරේ ඉන්න කොට සීයා නැති උනේ.. මට මතක විදියට මම එදා සීයා නැති උන එකට නෙමේ ඇඬුවේ සීයා ගේනව කියල පොරොන්දු උන මාලු පැටව් නොගෙන ආපූ එකට..​
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඉස්සර කජු ගස් වල, අබ ගස් වල නැගගන සෙල්ලම් කරපු කාලේ තාමත් මතකයි. අපි ඉස්සර කජු ගස් වල අතු දෙබල් වල පොල් පිති දාල අට්ටාල හදල ඒවා උඩ නැගල සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා මහන්සි උනාම තැබිලි කඩාගන බොනවා. ඇලවල් වල නාපු හැටි තාමත් මතකයි. ඒ දවස් වල බොරළු පාර තිබ්බේ. අපි ඉස්කෝලේ ගියේ බොරළු පාරේ තමයි. අපි පුංචිම සංදියේ කරන්ට් එක තිබුනෙත් නැහැ. අපි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරපු හැටි තාමත් මතකයි. අද මොනතරම් දේවල් තිබුනත්, ආපහු හැරිලා බලද්දී අපි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරපු හැටි, බොරළු පාරේ ඇවිදගන ඉස්කෝලේ ගිය හැටි, ඇලවල් වල නාපු හැටි, කජු ගස් වල නැගගන සෙල්ලම් කරපු ඒ අතීතය මතක් වෙද්දී හරිම සුන්දරත්වයක් දැනෙනවා. මම හිතන්නේ 89 / 90 වගේ ඉපදුනු උන් තමයි ඔය ආතල් ගත්තු අන්තිම සෙට් එක.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෑ ගැහිලා ඇඬුනා බොලව් මම සෑහෙන දිග පොඩි ස්ටෝරියක් ටයිප් කරලා මේකට පෝස්ට් කරන්නේ නැතිව Close කරලා..අයියෝ සන්සාරේ..:(:(:(:(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑ ගැහිලා ඇඬුනා බොලව් මම සෑහෙන දිග පොඩි ස්ටෝරියක් ටයිප් කරලා මේකට පෝස්ට් කරන්නේ නැතිව Close කරලා..අයියෝ සන්සාරේ..:(:(:(:(:(

    අයියෝ සන්සාරේ. දැන් අපි ඒක බලන්නේ කොහොමද :baffled::baffled::baffled::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නියම අත්දැකිම් මචං ඕවා. දැන් ඔහොම එක්කං යන්නෙ නෑ. ගියත් පොඩි උන්ට ඔහොම ආතල් නෑ හොරෙන් ෆෝන් එකක් ඔබ ඔබ යයි. හි හි උඹ කියනකොට මතක් වුනේ අපි පොඩිකාලේ අපිව ඉස්කෝලෙන් බර කිරන්න එක්කගෙන ගියා. දන්නවද එක්කරගෙන ගියෝ කොහෙද කියලා. හාල් පිටි කරන මෝලකට. ඒකේ හාල් කිරන තරාදිය උඩට අපිව නග්ගල තමයි බර කිරුවේ. එක එකා පෝලිමට හාල් කිරන තරාදිය උඩට නැග්ගා. ඒක ඒ දවසේ හෙන ආතල් වැඩක් වුනා. :D තව ඒ කාලේ සත්තු පිස්සුව මටත් තිබුනා. පාරේ බලුපැටියෙක් හිටියොත් උව ගෙදර උස්සගෙන යනවා. තව මට කොණ්ඩ කුරුලු පැටියෙක් යාලුවෙක් ගෙනත් දුන්නා. ඌ නම් මැරුණ මචං :baffled: තව කැලේ ඉදලා හා පැටව් ගෙදර ගෙනත් තියනවා. උන් නම් වැස්සට අතරමං වුන එව්න් සීතලේ ගැහි ගැහී ඉන්නකොට අපි අරං එනවා. හැබැයි උං යන්න පුලුවන් වුන ගමන් පැනලා යනවා :lol:


    මේකට ටයිප් කරපු රිප්ලයි එක පෝස්ට් නොකර ක්ලෝස් කරල බං..සෙක්.. ආයෙ කොටන්න නම් බැරියෝ..ඉස්සර මාත් ඔය වැඩේ කරනවා අපේ ගෙදරට පාරේ ඉන්න බලු පැටව් පූස් පැටව් ‍රැගෙන ඒම සපුරා තහනම්..ඒ නිසා ගෙනන් ගේට්‍ටුව ගාව තියලා අම්ම එහෙට මෙහෙට වෙනකක් ඉඳලා වත්තට දා ගන්නවා..මට සත්තු හදන පිස්සුව O/L කාලෙන් පස්සේ නැති උනා.. ඒ දව වල ගෙදර සත්තු වත්තක් වගේ.. කූඩුම තිබුණා 4ක් ද කොහෙද හාවො හිටියා 30කට වඩා සුදු ඇස් රතු උන්..ගිරව් 2න්නයි ලේන්නු 4යි, බල්ලෝ 4යි එතකොට් එක පූසයි ගල් ඉබ්බෙකුයි හිටියා.. ඔක්කොලම එක එක්කෙනාට දුන්නා එක ගිරවෙක් මැරුණා අනික් එකාව ඇරල දැම්මා ඌත් ඒත් සෑහෙන කාලයක් යනකන් වෙන ගිරච් සෙට් එකක් එක්ක ගෙදර ආවා කෑම කන්න..ලේන්නුත් එහෙමයි ඉබ්බව නම් ගෙදර වැඩ කරන්න ආපු බාස්ල සෙට් එකක් අනිවා ඉස්සුවා..අපරාදී. :angry::angry::angry: දැන් නම් වල් බලුස් කෙනෙක් ඉන්නවා එච්චරම තමා..​
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මම තාමත් කන්නේ එහෙම තමා බොල.. :P:P:P
    ඕක විතරක් නෙමේ ඒකාලේ මැළිබන් වොක්ලට් බිස්කට් කස්ටඩ් ක්‍රීම් ඔය කොයි බිස්කට් එකත් කන්නේ ඉස්සෙල්ල ගලවලා මැද මදේ කාලා..
    පස්සේ බිස්කට් එක කනවා.
    අම්ම දැක්කම බනිනවා.:rofl::rofl::rofl:


    අපිත් ඔහොම තමයි බන්, ලෙමන් පෆ් එහෙම ඉස්සෙල්ලම මැද ක්‍රීම් ටික ලෝල තමයි බිස්කට් එක කන්නේ. සමහරක් වෙලාවට බිස්කට් එක කන්නේ කිරි වල පොගෝල.:lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මිහිරෙන් මතකයේ ඇදේ...
    ඒ රසේ රැදෙ මා සිතේ...
    මිහිරි මතක හද රැදෙ..
    හද රැදෙ...:love:

    අම්මට සිරි .මේ අර ඉස්සර ගිය අලියා බීම ඇඩ් එකේ සිංදුව...:love::love::love:..පරණ ඇඩ් දකිනකොට හිත අතීතෙට ඇදිල යනවා බන් මාර ඉක්මනට..
     

    thanujaka

    Well-known member
  • ජන්තු අයියා;17318415 said:
    අම්මට සිරි .මේ අර ඉස්සර ගිය අලියා බීම ඇඩ් එකේ සිංදුව...:love::love::love:..පරණ ඇඩ් දකිනකොට හිත අතීතෙට ඇදිල යනවා බන් මාර ඉක්මනට..

    අර පුංචි කෙල්ලෙක් ට්‍රේ එකක තියන් බීම අරන් එන්නේ බං..
    මන් පට්ට ආසයි ඒ ඇඩ් එකට...
    ඔය සින්දුවත් හෙන සිරා බං..:love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් අනික ඒ කාලේ අපි කූඹියෙක් මැරිල හිටියත් ගිනි පෙට්ටිකට දාලා බිම පොඩි වලක් කපල යටකරලා උඩින් මල් එහෙම තියනවා...තව ඉරටු වලින් කුරුසෙකුත් ගහනවා.:lol:..හිනාත් යනවා මතක් වෙද්දි...තව අපේ ගෙදර ජම්බු ගහක් තිබ්බා...ඒකේ ගෙඩි හැදුනේ නෑ...සමහරවිට ගහ ගෙඩි හැදෙන්න තරන් ලොකු වෙලා නැතුව තියෙන්න ඇති...අපි ජම්බු හැදෙන ගහකින් ජම්බු පොකුරු පිටින් කඩන් ඇවිත් අපේ ගහේ එල්ලනව නූල් වලින්...:rofl:

    :P:P:P:P:P ඒදවස් වල ඔය වැඩේ අපි රඹුටන් වලට කලා..ඉස්සර පාරේ අයිනේ කඩ වලින් රඹුටන් ගන්නේ නෑ කෙලින්ම මල්වානේ යනවා ගිහින් අර පොල් කොළ වලින් වියපු කූඩ තියෙනවා ඒකකට එකක් අරන් එනවා ඒ ගියාම අපිට ඇති තරම් කන්න දෙනවා ඒ වත්තේ අයිති සීයා හැබැයි අරන් එන ඒවට ගෙවන්න ඕන..හොරකමට නෙමේ කොච්චර කියුවත් අපි අනවට වඩා කරන්නේ සාක්කු පුරව ගන්න එක තමා.ගෙනාවම පහුවදා ඕවා නූල් අරන් ගෙදර රඹුටන් ගහේ එල්ලනවා..​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර පුංචි කෙල්ලෙක් ට්‍රේ එකක තියන් බීම අරන් එන්නේ බං..
    මන් පට්ට ආසයි ඒ ඇඩ් එකට...
    ඔය සින්දුවත් හෙන සිරා බං..:love:

    ජන්තු අයියා;17318415 said:
    අම්මට සිරි .මේ අර ඉස්සර ගිය අලියා බීම ඇඩ් එකේ සිංදුව...:love::love::love:..පරණ ඇඩ් දකිනකොට හිත අතීතෙට ඇදිල යනවා බන් මාර ඉක්මනට..

    කැන්ඩෝස් ඇඩ් එකේ සින්දුව මතකද එතකොට රිස්බරි ගනින්න ඇඟිලි මදිවෙයි..
    චන්න ගේ ඩිරෙක්ශන් යටතේ ආපු පුංචි වීරයෝ .. අහ් ඒ කාලේ ITN එකේ ගියා අඟහරුවාදට සෙල්ලම් ගෙදර කියල එකක්.. ඒකත් මම 7 වසර වෙනකන් වගේ බැලුවා..​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අදට ඇති නේද සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එක දැක්කේ..කට්ටිය සෙට් වෙලා හිටි නිසා පරණ මතක අලුත් අර ගත්තේ..මොකද ඔය දේවල් අද කියල සතු‍ටු වෙන්න පුලුවන් මේ පිරිස එක්ක විතරයි.අද කාලේ උන්ට ඕව කියුවම උන් හිතන්නේ අපි ලොන්ත හරක් කියල..

    රසයක් දන්න අයත් සමඟ විතරයි ඒ රස විඳින්න පුලුවන්.. රසය නොදන්න අයෙක් හා ඒ ගැන කිවීම අපිව විහිළුවක් වීමක් විතරයි..ඒ නිසා ඒ දේවල් අතීතයට සීමා නොකර හැකි පමණින් අපේ අනාගතේටත් ලබා දෙන්න..ආයෙත් ටික කලෙකින් හුයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් හුයට සමු දෙමි..අසා සිටි ඔබ සැමට ස්තූතියි.. :yes::yes::yes::yes:

     

    thanujaka

    Well-known member
  • කැන්ඩෝස් ඇඩ් එකේ සින්දුව මතකද එතකොට රිස්බරි ගනින්න ඇඟිලි මදිවෙයි..
    චන්න ගේ ඩිරෙක්ශන් යටතේ ආපු පුංචි වීරයෝ .. අහ් ඒ කාලේ ITN එකේ ගියා අඟහරුවාදට සෙල්ලම් ගෙදර කියල එකක්.. ඒකත් මම 7 වසර වෙනකන් වගේ බැලුවා..​

    හලෝ ඇල්බට් අංකල්..
    පොඩි හදිස්සියක්...:nerd:
    රුපියල් 10000ක් එවන්න පුලුවන්ද මේ දැම්ම...:rolleyes:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    අර පුංචි කෙල්ලෙක් ට්‍රේ එකක තියන් බීම අරන් එන්නේ බං..
    මන් පට්ට ආසයි ඒ ඇඩ් එකට...
    ඔය සින්දුවත් හෙන සිරා බං..:love:

    මේ ඇඩ් එක ගැනද උබ ඔය කියන්නේ. මටත් දැනුයි මතකෙට ආවේ.