කකුලේ ඇඟිලී...
මිනිස්සුන්ට අනුව අම්බානක වෙනස් වෙනවා.. කොහෙන්වත් කියෝල නෙමේ පොඩි කාලෙ ඉඳන් දැකල වැඩේ තේරුනේ..
ඇත්තට කිව්වොත් මිනිස්සුන්ගෙ ගතිගුන අනුව (ප්රඥාවන්ත කම කියල හිතෙන්නේ මට) අම්බානක වෙනස් වෙනවා. උගත්කමට වෙනස් වෙන්නෙ නෑ.
මේක මතක තියාගෙන බලන්න ඔයා දන්න ප්රඥාවන්තකමේ ස්කේල් එකේ කෙරවලවල් දෙකක ඉන්න දෙන්නෙක්ගෙ කකුල් දිහා වැඩේ ටක්ගාලා තේරෙයි. එක්කෙනෙක් අයිය බොහොම ගරු කරන ගුරුවරයෙක් අනිත්කෙනා හවසට දෙකක් දාලා මෙලෝතේරුමක් නැතුව දවසෙ කුලිය එදාම ඉවර කරන කෙනෙක් කියල හිතන්න. නැත්නම් නයිස් සූට් එම්ටි පොකට් කාරයො. ලස්සනට කතාකරල අන්දන්න හදන උදවියගෙ කකුල් දිහා පොඩ්ඩක් බලන්න.
මහපට ඇඟිල්ල. මහපට ඇඟිල්ලේ නියපොත්ත ඒ කිට්ටුව ඇඟිලි. තේරෙයි හොඳට වෙනස.. හරියට බැලුවොත් කොහොම පොරක්ද කියල කියන්න පුලුවන් කියල හිතෙනව මටනම්. මනුස්සයෙක් කොච්චර ගැඹුරට දකිනවද කියල කියන්න පුලුවන් කියල හිතෙනෝ...
ඕකයි කතාව.. හිනාවෙන්න එපා...