කොල්ලනි (මං වගේ) & කොකටුවණි,
අතුරුගිරියේ තැනක එල්ඊඩී බල්බ් තිබේ. දේශීයව නිෂ්පාදනය කෙරේ. වොට්3-400/- සිට වොට් 12 2400/= දක්වා.
වසරක වගකීම-බල්බ් 10 වැඩිය ගනී නම් 5%ක වට්ටමක්.
මේ පිළිබදචව තෙපි දන්නා කරුණු කියව්.....
මීට වඩා අඩුවට ගන්න තැන්-හදා ගන්නව නම් ඒ කැන හැටි ආදිය.............
1W LED 3ක් දාලා මෙන්න මේ විදියෙ ලයිට් එකක් හදන්න යන්නෙ 300-400 වගේ ගානක් :
කොටුවෙ 1st cross street එකෙන් බඩු ගන්නවා නං300 -350 අතර. පිටින් 400 වගෙ යන්නෙ.
ඔය විදියෙම 1W led 5ක් දාන එකට 500-600 අතර යන්නෙ. ඕකට පාවිචි කරන driver circuit එකත් අපිම හදනවා නං ගාන 60කින් වගෙ අඩු වෙනවා.
ඔය 1W led එක මෙන්න මේවගෙ :
ඕක හෙන එලියයි. පත්තු කරපු එකක් දිහා කෙලින් බැලුවොත් ඇස් නිලංකාර වෙනවා.
ඕවා දාලා හදන LED වල සාමාන්‍යයෙන් එලිය :
3W LED = 5W - 7W CFL
5W LED = 11W - 15W CFL
එක අවුලක් තියනවා. ඔය ලයිට් හයි කරන්න බෑ උඩ අතට තියන ලෑම්ෂේඩ් වලට. එතකොට එලිය වදින්නෙ සීලිමට විතරයි. ඕවා හරියන්නෙ එක්කො ඇන්ගල් හෝල්ඩර් වලට. නැත්තං කෙලින්ම පහලට තියන හෝල්ඩර් වලට.
අතුරුගිරියෙ ඔය තියන ලයිට් වලට පාවිචී කරන්නෙ මොන ජාතියෙ ledද, ඒවාගෙ wattage එකයි, lumens ගානයි (එලිය මනින ඒකකයක්) අහන්න.