හික්ස්..... මාත් ගියා හොද වටයක්..... දන්සැල් පෝලිමට..... දැන් නම් බඩේ කොත්තුවක් වගේ....
මුලින්ම සෙට් උනා AIA එක ලග බත් දන්සැලට......
ඊට පස්සේ මාළඹේ බෙලිමල් දන්සැලක්.....
ඊට පස්සේ මාකුඹුරේ සව් දන්සැලක්..... නියමෙටම තිබ්බා....
ඊට පස්සේ අතුරුගිරියේ කොත්තමල්ලි දන්සැල...... මෙන්න මෙයත් එතන හිටියේ..... ත්රී වීල් එකක ආවේ.... මම හිතුවේ ප්ලාස්ටික් එකෙක් කියලා.... බැලින්නම් පණ තියෙනවා..... ගැට ගහලාවත් නෑ.... ඌත් කට්ටිය එක්ක ත්රී වීල් එකේ යනවා....
ඊට පස්සේ රණාලේ, සුප් දන්සැල.... හෆ්ෆා...... ෆුල්.....
එතනින් ආවා ශොප් එකට වැඩ වගයකට..... ඊට පස්සේ SLIIT එකේ අයිස්ක්රීම් දන්සැල...... ආයේ දිලංකා ෆුඩ්ස් එකෙන් දුන්න නූඩ්ල්ස් දන්සැලෙන් නූඩ්ල්ස් දෙකකුත් අරන් ආවා අම්මට දෙන්න.....
දැන් නම් හොද ගණන්...... ගෙවල් ලග අයිස්ක්රීම් දන්සැලෙන්, ගෙදරටම අයිස්ක්රීම් ආවා.....
දැන් වහිනවා.....

පන්සල් ගිහින්.... ඒ ලගම බත් දන්සැලටත් ඔලුව දාලා එන්න ඕනා....