ම්බලපිටිය, මැජෙක්සිටි ගොඩනැගිල්ලක අද(21) පස්වරුවෙහි ඇතිවූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව ගිනි නිවන හමුදා මූලස්ථානය පවසයි. අද පස්වරු 6 .20 ට පමණ මැජෙක්සිටි ගොඩනැගිල්ල මෙම හදිසි ගින්න හටගෙන ඇති බව සඳහන්ය. මෙම ගිනි ගැනීම හේතුවෙන් මැජෙස්ටික් සිනමා හල සම්පූර්ණයෙන් විනාශ වී තිබේ
කොළඹ, ගිනි නිවන හමුදා ඒකකයේ රථ 2 ක් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා යොදාගත් බවද ගිනි නිවන හමුදා මූලස්ථානය සඳහන් කරයි. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව ද වාර්තා වේ. ගින්නෙන් අදාළ ගොඩනැගිල්ලට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇත.