EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සංචාරකයා තුලින් හෙට දින දඔදෙනිය රාජඪානිය බලාගමු...

34438_134857423209455_100000555951503_287544_7134050_n.jpg

wait...soon on here..more details
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම වැඩක් මල්ලි... මගේ ලඟත් තියෙනවා විස්තරයක්... මමත් ඒක දාන්නම්...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියම වැඩක් මල්ලි... මගේ ලඟත් තියෙනවා විස්තරයක්... මමත් ඒක දාන්නම්...

    බොහොම ස්තූති අයියෙ,..ඕයාගේ සහයෝගයත් දිගටම ඔනේ මේ වැඩේට
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

    මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි...
    කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු
    ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්...

    මම ටික කාලෙකට කලින් අපේ යාලුවෝ කීප දෙනක් එක්ක මේ ගමන ගියා.. ඒකෙ ලබපු
    අත්දැකීම් සහ තව යන්න කැමති කෙනෙකුට අවශ්‍ය විස්තර මේ ත්‍රෙඩ් එකේ මම සටහන් කරනව..

    අපි බලමු මේ ගමන කොච්චර සුන්දරද කියලා....

    ඉස්සෙල්ලම කරන්න ඕනෙ මේ සදහා වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවෙන් අවසර ගන්න
    එක.ඒකට අපිට යනන් වෙනවා මාලබේ තියෙන වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවට. මේක
    තියෙන්නෙ කඩුවෙල කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ. බස් එකේ යනවා නම් ඒක ඉස්සරහම
    බහින්න පුලුවන්.පාර අයිනෙමයි තියෙන්නේ. තවත් ලේසි වෙන්න මෙන්න google map
    එක.

    wildlife.jpg

    හැබැයි අපිට නොමිලේ නම් මේ පහසුකම් ලැබෙන්නේ නෑ... මේකට අපි යම් කිසි ගෙවීමක්
    කරන්න ඕනේ. එක රාත්‍රියකට වෙන්කිරීමේ ගාස්තුව රුපියල් 2500 ක් විතර වෙනවා. මේ
    කාර්යාලයේ නම් ඉතාම මිත්‍රශීලී සේවක පිරිසක් ඉන්නේ. ඒක නිසා ඉක්මනටම තමන්ගේ කාර්‍යය
    කරගෙන එන්න පුලුවන්.ආ... තව දෙයක්... අපි කඳවුරු බිම (camp site) එක වෙන් කරගන්නකොට එයාලා අහනවා site 01 ද.. site 02 .. ද ඔහොම කියලා... මම නම්
    recommend කරන්නේ site 01 එක... එතන යන්න ලේසියි... ලේසියි කිව්වට
    ඒක ටිකක් අමාරු ගමනක්. කදු 2ක් නැගලා බැහැලා යන්න ඕනේ. ඒත් එතන ගොඩක් පහසු
    තැනක්. දැන් කට්ටිය බලයි හෝර්ටන් තැන්නේ කොහෙද කදු කියලා..?? මම මේ කියන්නේ
    අපි හෝර්ටන් තැන්නේ සාමන්‍යයෙන් ඇවිදින පාර ගැන නෙමෙයි... අපිට සිද්ද වෙනවා පාරෙන්
    පිට පැනලා වන උද්‍යානයේ ඇතුලට යන්න...

    දැන් අපිට තියෙන්නේ ගමනට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න..
    .

    මෙන්න මේවා අනිවාර්යෙන් ඕන කරනවා...

    * කූඩාරම (වතුරට ඔරොත්තු දෙන එකක් විය යුතුයි)
    * ගෑස් ලිපක් ( අපිට වනෝද්‍යානයට දර අරන් යන්න තහනම්)
    * අධික පින්නට ඔරොත්තු දෙන උනුසුම් ඇඳුම්. (බොහෝ වෙලාවට හෝර්ට්න් තැන්න ලාවට වැහි
    පොද වගේ වැටෙන ප්‍රදේශයක්. අපි නිකමට රෙදි වලින් ඇඟ පෙරවන් ඉන්න ගියොත් ඉක්මනටම
    තෙත බරිත වෙනවා)
    * අත් මේස් (Glows - මේවා house of fashion එකෙන් ගන්න පුලුවන්.
    කුට්ටමක් රුපියල් 575 - 850 විතර වෙනවා.)
    * ලන්තෑරුම් හෝ ගෑස් ලාම්පුවක්.
    * නිදාගන්න අවශ්‍ය කරන camp beds .
    * වාඩිවෙන්න අකුලන පුටු කීපයක් ගන්න පුලුවන් නම් හොඳයි.
    * අනිවාර්යෙන් කෝපි පැකට් එකක් ආරගෙන යන්න.
    * කැමති අය ඇඟ රත් කරගන්න අනිත් දේවල් ගන්න. (හැබැයි මේවා අරන් යන් තහනම්.
    මගදි පරික්ෂා කරලා බලනවා.. ඒත් ඉතාම සුහදව කතා කරොත් අරන් යන්න පුලුවන්.)

    කූඩාරම , camp beds සහ බූමිතෙල් ලන්තෑරුම් අපිට හෝර්ටන් තැන්නේම පිහිටලා තියෙන
    වනජීවී භාරයේ කාර්යාලයෙන් ගන්න පුලුවන්. ඒත් අපිට ඊට කලින් පිටකෝට්ටේ තියෙන වනජීවී
    භාරයේ ප්‍රධාන කාර්යාලයෙන් ඒවාට මුදල් බැඳලා වෙන කරගන්න වෙනවා. වනජීවී භාරය පිහිටා
    තියෙන්නේ පිටකෝට්ටේ cargills food city එක කිට්ටුව. 0112809891
    අංකයෙන් අජිත් ව අමතලා මේ ගැන විස්තර දැනගන්න පුලුවන්. නමුත් මේකෙන් ලබා දෙන
    කූඩාරම නම් බාල වර්ගයේ එකක්. ඒක නිසා කෝකටත් තමන්ම එකක් හොයාගෙන ගියා නම් තමයි හොඳ.

    තව දෙයක්. camp site එක ලඟම වැසිකිලියක් තියෙනවා.. ඒක නිසා වැසිකිලි ප්‍රශ්නය ගැන බය වෙන්න ඕනේ නෑ..

    කෑමට පුලුවන් තරම් අඩුවෙන් උයන්න ඕන දේවල් අරන් යන්න... sausages ,
    noodles , meat balls වගේ දේවල්. මේවා ඔක්කොම නුවරඒලියෙ food
    city එකෙන් ගන්න පුලුවන්. බොන දේවලුත් ඇතිවෙන්න තියෙනවා..

    වනෝද්‍යනයේ කඳවුරු බිමට ඇතුල් වෙන්න පුලුවන් දවල් 12 ට. පිටවෙන්න ඕනේ පහුවෙනිදා 11 ට. නමුත් කඳවුරු බිමෙන් පිටවෙලා හෝර්ටන් තැන ඇතුලේ රෑඳී ඉන්න පුලුවන්. මම නම් අනුමත කරන්නේ දවස් දෙකක් ඒ කියන්නේ රෑ දෙකක් ඉන්න පුලුවන්නම් හොඳයි කියලා.. මොකද අපිට ඒ පරිසරයට හැඩගැහෙන්න පලවෙනි දවස යනවා.. දෙවෙනි දවසේ තමයි අපිට නියම විදිහට අපේ ගමන රසවිඳින්න පුලුවන් වෙන්නේ.

    ඔන්න එහෙනම් ගමනේ විස්තර ඉවරයි. මෙන්න මම ඔයාලට බලාගන්න ගමනේ ඡායාරූප ටිකක්
    දානවා...

    මේ යන අතරමග Cent Claire දිය ඇල්ල.... බොහෝ විට ඉහල කොත්මලේ ව්‍යාපාරය නිසා මේ සුන්දරත්වය නැති වී යන්න ඉඩ තියෙනවා...

    28012010359.jpg

    මේ හෝර්ටන් තැන්නට යන අතරමගදී හමුවෙන තවත් සුන්දර ජලාශයක්. (මට නම නම් අමතකයි:baffled:)

    29012010427.jpg

    මේ අඹේවෙල ගොවිපලේ තණ බිම්...

    29012010433.jpg

    අපේ කට්ටිය බඩුමුට්ටු උස්සගෙන කඳවුරු බිමට යනවා...

    dsc01651m.jpg

    මෙන්න කඳවුරු බිමේ දර්ශන

    30012010517.jpg

    dsc01653pz.jpg

    dsc01655l.jpg

    s3500104.jpg

    s3500106.jpg

    s3500110.jpg

    s3500112.jpg

    s3500114.jpg

    s3500137.jpg

    s3500142.jpg

    s3500186.jpg

    dsc01657be.jpg

    ආපහු එන ගමන්...

    s3500194.jpg

    s3500199.jpg

    s3500211.jpg

    බේකර්ස් ඇල්ල​

    s3500227.jpg

    (මෙම ඡායාරූප වල සිටින්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර
    ඇති බව කරුණාවෙන් සලකන්න)

    මෙම විස්තර වල සහ ඡයාරූප වල සම්පූර්ණ අයිතිය මා සහ ElaKiri.com සතුය.උපුටා
    වෙනත් වෙබ් අඩවි වල පලකිරීම තහනම්ය.

    (මෙච්චර විස්තර කියපු එකේ බලලා නිකන් යන්න එපා.. comment එකක් දාලා කැමති නම්
    rep එකකුත් දාලා යන්න :P:P:P)
    [

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි...
    කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු
    ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්...

    අතිවිශිශ්ටයි අයියා....මේ වගේ දෙයක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ :yes::yes::yes:
     
    • Like
    Reactions: mdrc111

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අතිවිශිශ්ටයි අයියා....මේ වගේ දෙයක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ :yes::yes::yes:

    ඔයාගේ මේ ත්‍රෙඩ් එක නිසා තමයි මටත් හිතුනේ මෙහෙම දාන්න.... :yes::yes::yes:

    නියම ත්‍රෙඩ් එකක් මල්ලි.. දිගටම කරගෙන යන්න මගේ සහයෝගය...:yes::yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔයාගේ මේ ත්‍රෙඩ් එක නිසා තමයි මටත් හිතුනේ මෙහෙම දාන්න.... :yes::yes::yes:

    නියම ත්‍රෙඩ් එකක් මල්ලි.. දිගටම කරගෙන යන්න මගේ සහයෝගය...:yes::yes:

    ගොඩක් ස්තූති අයියා...ඉන්දල හිටල ත්‍රෙඩ් එකට කොමෙන්ට් එකක් බම්ප් එකක් දෙන්නත් අමතක කරන්න එපා..මොකද මන් ම එහෙම කලොත් ඒකෙ ව්ටිනාකමක් නැති වෙනවා...

    ඔයාගේ විස්තරය අනර්ඝයි කියල තමා මට කියන්න තියෙන්නේ...දිගටම අත් වැල් බැදන් ඉන්න,,මොකද මේක ඔයාගෙත් ත්‍රෙඩ් එක..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් ස්තූති අයියා...ඉන්දල හිටල ත්‍රෙඩ් එකට කොමෙන්ට් එකක් බම්ප් එකක් දෙන්නත් අමතක කරන්න එපා..මොකද මන් ම එහෙම කලොත් ඒකෙ ව්ටිනාකමක් නැති වෙනවා...

    ඔයාගේ විස්තරය අනර්ඝයි කියල තමා මට කියන්න තියෙන්නේ...දිගටම අත් වැල් බැදන් ඉන්න,,මොකද මේක ඔයාගෙත් ත්‍රෙඩ් එක..

    අනිවා... දිගටම මේකට සහයෝගය දෙනවා... :):):)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    malkavi said:
    මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි...
    කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු
    ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්...
    malkavi අයියගෙ post එකටම මේ ටිකත් එකතු කරන්න කියල හිතුන..මොක්ද ලස්සන දේවල් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනේ..බෙදාහදා ගත්තට පාඩුවකුත් නෑ.:D මගේ පින්තූර එකතුවෙන් මේටික තෝරගත්තෙ හරි අමාරුවෙන් මොකද එකකට එකක් ලස්සනයි හින්ද කෝක දාන්නද කියල හිතා ගන්න බෑ:eek:..එහෙම කියල ඔක්කොම දාන්නත් බෑනෙ..ඒ හින්ද මෙන්න තෝරගත්ත හොඳම ටිකක් :yes:

    මේත් සුන්දර හෝර්ටන් තැන්නම තමයි.......:D

    2eyx63d.jpg

    11abprp.jpg

    umob4.jpg

    m8e8mq.jpg

    2cdfh9y.jpg

    2j4t0g8.jpg

    2gw6jax.jpg

    2he8zl4.jpg

    1zmjodi.jpg

    9k4ap3.jpg

    jt4ghe.jpg

    15p1g6t.jpg

    2yvo3te.jpg

    2jdl1mc.jpg

    cnayh.jpg

    29c8cup.jpg

    2cmxax.jpg

    291z4hj.jpg

    pc9xt.jpg

    2jeenif.jpg

    2rxk583.jpg

    Comment එකක් දාල ගියාට තරහ නෑ ;)
     
    Last edited:
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    malkavi අයියගෙ post එකටම මේ ටිකත් එකතු කරන්න කියල හිතුන..මොක්ද ලස්සන දේවල් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනේ..බෙදාහදා ගත්තට පාඩුවකුත් නෑ.:D මගේ පින්තූර එකතුවෙන් මේටික තෝරගත්තෙ හරි අමාරුවෙන් මොකද එකකට එකක් ලස්සනයි හින්ද කෝක දාන්නද කියල හිතා ගන්න බෑ:eek:..එහෙම කියල ඔක්කොම දාන්නත් බෑනෙ..ඒ හින්ද මෙන්න තෝරගත්ත හොඳම ටිකක් :yes:

    මේත් සුන්දර හෝර්ටන් තැන්නම තමයි.......:D

    ස්තූති සහෝ...ගොඩක් පිංතූර තියනවනම් අපිත් එක්ක බෙදාගමු අකමැතක් නැත්නම්..මල්කවි අයිය වගේ ඔයත් පිංතූර වලට පොඩ් සටහනක් දැම්මනම් තවත් වටිනවා...සුහද ඇරයුමයි යහලුවා..අත් වැල් බැද ගන්න අපි එක්ක..එන්න අපි හැමෝම එක්ක බෙදාගමු...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ස්තූති සහෝ...ගොඩක් පිංතූර තියනවනම් අපිත් එක්ක බෙදාගමු අකමැතක් නැත්නම්..මල්කවි අයිය වගේ ඔයත් පිංතූර වලට පොඩ් සටහනක් දැම්මනම් තවත් වටිනවා...සුහද ඇරයුමයි යහලුවා..අත් වැල් බැද ගන්න අපි එක්ක..එන්න අපි හැමෝම එක්ක බෙදාගමු...
    අනිවා දාන්නම්..තව ගොඩක් වටින පින්තූර ටිකක් තියෙනව, ලංකාවෙ හතර වටේම ඉන්න දුර්ලභ ගනයේ සතුන්ගෙ එහෙම..ඒව පොඩ්ඩක් Watermark දාලයි දාන්න ඕන මචන් මොකද ඒවයෙ අයිතිය තියෙන්නෙත් මගේ යාලුවෙකුට.:D
    හෝටන් තැන්න ගැන හොඳ විස්තරයක් මල්කවි අයිය කරපු හින්දයි මම විස්තරයක් එකතු නොකරම තවත් පින්තූර ටිකක් ඒකටම ඇමිණුවෙ
    :)

    අද හෙටම තවත් පින්තූර ටිකක් මේ ත්‍රෙඩ් එකට එකතු කරන්නම් :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    malkavi අයියගෙ post එකටම මේ ටිකත් එකතු කරන්න කියල හිතුන..මොක්ද ලස්සන දේවල් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනේ..බෙදාහදා ගත්තට පාඩුවකුත් නෑ.:D මගේ පින්තූර එකතුවෙන් මේටික තෝරගත්තෙ හරි අමාරුවෙන් මොකද එකකට එකක් ලස්සනයි හින්ද කෝක දාන්නද කියල හිතා ගන්න බෑ:eek:..එහෙම කියල ඔක්කොම දාන්නත් බෑනෙ..ඒ හින්ද මෙන්න තෝරගත්ත හොඳම ටිකක් :yes:

    මේත් සුන්දර හෝර්ටන් තැන්නම තමයි.......:D

    Comment එකක් දාල ගියාට තරහ නෑ ;)

    නියමයි මචං.... මාර ලස්සන පිංතූර ටික.... :):):)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනිවා දාන්නම්..තව ගොඩක් වටින පින්තූර ටිකක් තියෙනව, ලංකාවෙ හතර වටේම ඉන්න දුර්ලභ ගනයේ සතුන්ගෙ එහෙම..ඒව පොඩ්ඩක් Watermark දාලයි දාන්න ඕන මචන් මොකද ඒවයෙ අයිතිය තියෙන්නෙත් මගේ යාලුවෙකුට.:D
    හෝටන් තැන්න ගැන හොඳ විස්තරයක් මල්කවි අයිය කරපු හින්දයි මම විස්තරයක් එකතු නොකරම තවත් පින්තූර ටිකක් ඒකටම ඇමිණුවෙ
    :)

    අද හෙටම තවත් පින්තූර ටිකක් මේ ත්‍රෙඩ් එකට එකතු කරන්නම් :yes:

    ඒක හොන්දයි...හැබැයි ෆොටෝ එකට ලොකු හානියක් කරන්න එපා..අනිව ඔයාගේ සහයෝගයත් ලබා දෙන්න ත්‍රෙඩ් එක කරගෙන යන්න..ගොඩක් ස්තූති මේ වගේ කටයුත්තකට සහයෝගය ලබා දීම ගැන