You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අනන්තයට යන් නැති පාර දිගේ.ඒ.,ඒ...
මේ කෙත් වතු වලින් සපිරුනු මගේ සුන්දර සිරි ලංකාවයි
අතර මගදී හම්බුනා යුද්ධ කාලේදී කොටි විසින් විනශ කරන ලද වී ගබඩාවක්
කන්නියා උණු වතුර ළිං ගැන අහල තියනව නේද?
අපි මුලින්ම ගියේ ඒක බලන්න
අර පේන ගල මුදුනේ පොඩි කොතක් තියනවා 
කන්නියා උණු වතුර ළිං පිළිඹද ඉතිහාසය
History of Kanniya Hot water Springs
රාවණා රජ්ජුරුවන් තම මවට පුද පූජා කිරීම සදහා කෝනේෂ්වරම් දේවාලයේ මූලස්ථානයේ ඇති සිවරූපය රැගෙනයාමේ අරමුනින් භාවනා කර ඇත. මේ සදහා දෙවියන් වහන්සේගේ අවසර නොලැබීම නිසා කෝපයට පත්වු රජ්තුමා කඩුවෙන් කපා කෝවිල රැගෙන යාමට උත්සාහ ගෙන ඇත..
කෝනේෂුවරම් කන්ද සෙලවීමත් සමග දෙවියන් වහන්සේ තම මාපට ඇගිල්ල තද කල විට රාවනා රජතුමා මව මළා යැයි සිතා එම ශෝකයෙන් මියගොස් ඇත..
මෙහිදී සිව දෙවියන්ගේ දර්ශනය රාවනා රජතුමාට ලැබුනු අතර දීර්ඝායුෂ සහ වීර කඩුවක්ද දෙවියන් වහන්සේ ආශිර්වාදය වශයෙන් රජතුමාට ලැබී ඇත.මවගේ මරණය ගැන ආරංචි වී අවසාන කටයුතු කිරීම සදහා තම අතේ තිබූ කඩුවෙන් විද වතුර ලබා ගැනීමට උත්සහ කර ඇත. රජතුමා විසින් විදින ලද හත් පළකින්ම ළිං 7ක් බිහිවිය. රජතුමා විසින් මුළ පුරන ලද පූජා විශේෂයෙන් දානමය කටයුතු අදටත් මෙම ස්ථානයේ සිදුවනු දැකිය හැකිය