දම්සක් පැවතුම් සුත්‍රයේ එහෙම නැත්නම් පන්චවග්ගිය සුත්‍රයේ අවසානයේදී මේ දිව්‍ය, බ්‍රහ්ම ලෝක වල නම් ටිකක් මෙන්න මේ විදියට සඳහන් වෙනවා.
චාතුම්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරිනිම්මිතවසවත්තිය,
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය, පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සරය, පරිත්තසුභය, අප්පමාණසුභය, සුභකිණ්හය, වේහප්ඵලය, අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සීය, අකනිට්ඨය.
එකම සංසාරගත සත්වයෝ පිරිස තමයි මේ ලෝක හැම එකක් හරහාම එක එක ආත්ම භාව වල එක එක සත්ව ස්වරූප ගනිමින් සැරිසරන්නේ. අපායේදී නිරිසත්තු හැටියට අපා දුක් විඳින්න වෙන්නේ කුසල කර්මවල නොයෙදුණු සතුන් මැරීම, සොරකම් කිරීම වගේ අකුසල් වැඩවලම නිරතවෙච්ච පිරිස තමයි. පෙරේත, තිරිසන් ආත්ම ලබන්නේ මනුස්ස ලෝකයට එන්න පින් මදි උදවිය. බුදුරජාණන්වහන්සේ වදාළේ මනුස්ස ජීවිතයක් ලබන එක අන්තිම දුර්ලභ, දුෂ්කර දෙයක් හැටියට තමයි. මනුස්සයෝ හැටියට ඉපදිච්ච පිරිස ගැන බලන්න. සමහරු දිහා බලන්න අප්පිරියයි, හද්ද කැතයි. ඒ කලින් වතාවල ඉරිසියා, වයිර කරකර හිටපු අය. සමහරු හරිම ප්‍රියමනාපයි ලස්සනයි. ඒ ඉරිසියා, වයිර නැතුව හිටිය උදවිය. සමහරු හැමදාම ලෙඩ්ඩු. ආයුෂත් අඩුයි. ඒ සත්තු මරාපු උදවිය. සමහරු හරිම නිරෝගියි, දීර්ඝායුෂ තියනවා. ඒ සතුන් මැරීමෙන් වැලකිච්ච උදවිය. සමහරු හරිම දුප්පත්. හරියට කන්න අඳින්නවත් නැහැ. ඒ අනුන්ට කිසිදෙයක් නොදුන්නු හන්ද වෙලා තියන දේ. ආයේ සමහරු වත් පොහොසත් කම් අතින් කතාකරලා වැඩක් නැහැ. ඒ අනික් උදවියටත් දීපු කරපු උදවිය. රජවරු, සිටුවරු වෙලා සැප විඳින්නේ දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව වගේ යහගුණ ඇතුව ජීවත් වෙච්ච, නරකින් අධර්මයෙන් වැලකිච්ච උදවිය. ඉතින් ඔන්න ඔහොමයි වෙනවා කියන්නේ. දැන් තම තමන් කරන කියන දේවල් අනුව ඊළඟට මොකද වෙන්නේ කියල හිතාගන්න!! හැබැයි මේ forums වල වැඩිහරියක් ඉන්න කිසි තේරුමක් නැති විකාර වැඩ කරකර ඉන්න උදවිය වගේ ඉඳල ආයේ ඔය වගේම යහපත් මනුස්ස ජීවිතම ලැබෙයි කියල නම් හිතන්න එපා! ඒක වෙන්නේ නැහැ!