...ekek maara prashnayak ahuvane Part-2

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මටත් ප්‍රශ්නයක් තියෙනවා.මේක ඇහුවේ මගේ යාලුවෙක්...

    විද්‍යාව අනුව ලෝකයේ සම්භවය වෙන්නේ(ඒ කියන්නේ මහා පිපුරුම) මීට අවුරුදු මිලියන 4.5කට විතර කලින්. ජීවය සම්භවය වෙන්නේ මිලියන 3.5කට විතර කලින්. නමුත් බුදුදහමේ කතා කරන කල්පයක් ඊට වඩා වැඩි කාලයක් බව ඕන කෙනෙක්ට තේරෙනව. නමුත් බුදුදහම අනුව අපි කල්ප ගනන් දුක් විඳිමින් තමා සසර සැරිසරන්නේ.එහෙනන් විද්‍යාවේ කියන ලෝකයේ සම්භවයට කලින් ඉඳලම අපි සසරේ ජීවත් වෙලා තියෙනවා. මේ විද්‍යාවේ හා බුදුදහමේ ඇති පරස්පරතාව කවුරු හරි පැහැදිලි කරන්න...

    මං දන්න විදියට මේකට පොඩි උත්තරයක් තියෙනව..විද්‍යාව කියල ලෝකයෙ ගොඩක් පිලිගැනෙන්නෙ බටහිර චින්තනයත් එක්ක එන දෙයක්නෙ. බටහිර චින්තනය රේඛීයයි. ඒ හින්ද බටහිර චින්තනයෙන් බිහිඋන විද්‍යාවට අහුවෙල තියෙන්නෙ එක ආරම්භයක් පමණයි කියලයි මට හිතෙන්නෙ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොඩක් හොඳ උත්තරයක්..මාත් කලින් කියන ත්‍රෙඩ් එක දැක්ක.නියමයි :D
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අම්මෝ ඩ්‍රීම්ස් අයියාට මල නැගලා...ඔන්න මමනං හැංගෙනෝ....:shocked::shocked:
    :lol::lol: වැදගත් ත්‍රෙඩ් එකක් කියවල වැදගත් දෙයක් ඉගෙන ගන්න ඌන නැතුව බොරුවට බම්ප් බම්ප් ගාගෙන ඉන්නේ නැතුව. ඔයවගේ 2.50 පොරවල් ඔක්කොටම මම මේ කිව්වේ. :yes::yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මටත් ප්‍රශ්නයක් තියෙනවා.මේක ඇහුවේ මගේ යාලුවෙක්...

    විද්‍යාව අනුව ලෝකයේ සම්භවය වෙන්නේ(ඒ කියන්නේ මහා පිපුරුම) මීට අවුරුදු මිලියන 4.5කට විතර කලින්. ජීවය සම්භවය වෙන්නේ මිලියන 3.5කට විතර කලින්. නමුත් බුදුදහමේ කතා කරන කල්පයක් ඊට වඩා වැඩි කාලයක් බව ඕන කෙනෙක්ට තේරෙනව. නමුත් බුදුදහම අනුව අපි කල්ප ගනන් දුක් විඳිමින් තමා සසර සැරිසරන්නේ.එහෙනන් විද්‍යාවේ කියන ලෝකයේ සම්භවයට කලින් ඉඳලම අපි සසරේ ජීවත් වෙලා තියෙනවා. මේ විද්‍යාවේ හා බුදුදහමේ ඇති පරස්පරතාව කවුරු හරි පැහැදිලි කරන්න...

    මචන් විද්‍යාව කියන්නෙ මිනිසා විසින් හොය ගත්ත දෙයක් නෙ.මේ ලෝකෙ විද්‍යාවෙන් අවබොද කරගන්න බැරි උන ගොඩක් දේවල් තියෙනව...අපේ අගමේ කියල තියෙන ඔය දේ විතරක් නෙමෙයි අනිත් ආගම් වලත් ඔය වගෙ විද්‍යාවට අහු නොවුනු දෙවල් තියෙනව ......:):):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මටත් ප්‍රශ්නයක් තියෙනවා.මේක ඇහුවේ මගේ යාලුවෙක්...

    විද්‍යාව අනුව ලෝකයේ සම්භවය වෙන්නේ(ඒ කියන්නේ මහා පිපුරුම) මීට අවුරුදු මිලියන 4.5කට විතර කලින්. ජීවය සම්භවය වෙන්නේ මිලියන 3.5කට විතර කලින්. නමුත් බුදුදහමේ කතා කරන කල්පයක් ඊට වඩා වැඩි කාලයක් බව ඕන කෙනෙක්ට තේරෙනව. නමුත් බුදුදහම අනුව අපි කල්ප ගනන් දුක් විඳිමින් තමා සසර සැරිසරන්නේ.එහෙනන් විද්‍යාවේ කියන ලෝකයේ සම්භවයට කලින් ඉඳලම අපි සසරේ ජීවත් වෙලා තියෙනවා. මේ විද්‍යාවේ හා බුදුදහමේ ඇති පරස්පරතාව කවුරු හරි පැහැදිලි කරන්න...

    Technical uththarayak dennada? dan oya udawiya hungadenek computers kuru gaana kattiya ne... api virus kiyana ewath dannawa. virus guard kiyana ewath dannawa ehema neda? ithin guard eka issella daala hariyata up-to-date thibunoth virus enakotama ahuwena handa api goda! eth virus issella daala passe guard daanna giyoth mokada wenne?? ethakota virus eka guard ekatath kelinawa... badu banis! wade hariyanne naha!! godayanna nam mulin PC eka re-format karala mula indan enna one.

    methanath ehemayi... Buddha Deshanaa thamayi apita thiyana ekama Guard eka!! vidyawa welawakata hondayi... eth Buddha Deshanaa ekka galapanna giyoth eka apita mahaa bhayaanaka virus ekak wenawa wenawaamayi!!!

    eka handa vidyawa kiyana eka paththakin thiyanna. ekata anuwa ahapu kathandara hithen askarala daanna. e kiyanne mulin thama thamange olugedi re-format karala ganna. eelangata Pirisudu Buddha Deshanaa hondata load karala hadaaganna. (igena ganna, hondata kalpanaa karala karala thithatama therum ganna) eeta passe vidyawa gana balanna. ethakota thereyi Budurajaananwahanse Namakage awabodhaya issaraha naweena vidyaawa kochchara GON da kiyala...

    habayi Buddha Deshanaa hondatama direwwata passe, vidyaawath sambandha karagaththoth yanna puluwan dura hithaaganna wath baha!! mama thread ekak kala religeous section eke... balanna.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුරජාණන්වහන්සේව විශ්වාස නොකරන, උන්වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ අවබෝධය පිළිනොගන්නා මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නේ ග්‍රහලෝක කීපයක් ගැන විතරයි! ඇයි, එයාල පිළිගන්නේ විද්‍යාඥයන්ව! ඒත් විද්‍යාඥයෝ තාම හොයනවා... බුදුහාමුදුරුවෝ නම් විශ්වය පුරාම තියන ලෝකවලට වැඩමකරලා, ධර්මයත් දේශනා කරලා තියනවා!! බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයනුත් ඒ ලෝක වලට වැඩම කරලා තියනවා! සමහරුන්ව එක්කරන් ගිහින් පෙන්වලත් තියනවා!! ඉතින් මේවා කොච්චර කිව්වත් බුදුරජාණන්වහන්සේව පිළිනොගන්න, 'සද්දහති තථාගතස්ස බෝධීන්' නැති උදවිය නම් පිළිගන්න එකක් නැහැ. අවුලක් නැහැ. මේ, ලෝකයේ / විශ්වයේ සැබෑ තත්වය මිසක් බුදුන්වහන්සේලා ප්‍රසිද්ධිය පිණිස, නැත්නම් පිරිස වැඩිකර ගන්න උවමනාවට ගොතල කියපු කතන්දර නෙවෙයි. අපිත් කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන් ශ්‍රී සද්ධර්මය මුණගැසුණු නිසා මේවා දැනගත්ත මිසක් නැත්නම් මේ මොකවත් දැනගෙන ඉපදුනේ නැහැ.

    ඉතින් මෙන්න මෙහෙමයි කතාන්දරය. දැන් මේ හිරුයි සඳුයි දෙකෙන් එලියවෙන ප්‍රදේශය තියනවා නේ... ඕකේ විද්‍යාඥයෝ සොයාගෙන තියෙන්නේ ඝ්‍රහලෝක 9-10 ක් වගේ ප්‍රමාණයක් සහ ජීවීන් ඉන්නේ මේ පෘථුවියේ පමණක්ය කියල උනාට, සත්‍ය වශයෙන්ම මේ ප්‍රදේශයේ 'සතර අපාය' වශයෙන් හඳුන්වපු අන්ත දුක් විඳින සත්ව ජීවිත පවතින ලෝක 4 ක් තියනවා. ඊලගට දුක/සැප දෙකම විඳින සත්ව ජීවිත පවතින මේ ලෝකය තියනවා. ඊළඟට තනිකරම සැපම පමණක් විඳින සත්ව ජීවිත පවතින 'දිව්‍ය ලෝක' 6 ක් තියනවා. ඊටත් අමතරව දිව්‍යලෝක වලටත් වඩා සැප තියන 'බ්‍රහ්ම ලෝක' 20 ක් තියනවා. ඒවායේ විවිධ ශරීර ස්වරූපයන් හා විවිධ සිතුම් පැතුම් සහිත සත්වයන් / විවිධ ශරීර ස්වරූපයන් සහිත උනත් එකම ආකාරයේ සිතුම් පැතුම් තියන සත්වයන් / එකම ආකාරයේ ශරීර ස්වරූපයන් සහිත විවිධ සිතුම් පැතුම් තියන සත්වයන් / ශරීර ස්වරුපයෙන් සහ සිතුම් පැතුම් වලින් එකම ආකාරයේ සත්වයන් වශයෙන් කාණ්ඩ 4 කට අයිති සත්වයින් සිටින ලෝකයනුත් තියනවා. හැබැයි එකම case එක තියෙන්නේ ඒවායේ මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ කියල ආගම් කතන්දර, කුල මල ජාති කතන්දර මොකවත් නැහැ. තනිකරම තම තමන් කල කී දේ අනුව විපාක විඳින්න ඉපදිලා විතරයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දම්සක් පැවතුම් සුත්‍රයේ එහෙම නැත්නම් පන්චවග්ගිය සුත්‍රයේ අවසානයේදී මේ දිව්‍ය, බ්‍රහ්ම ලෝක වල නම් ටිකක් මෙන්න මේ විදියට සඳහන් වෙනවා.

    චාතුම්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරිනිම්මිතවසවත්තිය,

    බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය, පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සරය, පරිත්තසුභය, අප්පමාණසුභය, සුභකිණ්හය, වේහප්ඵලය, අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සීය, අකනිට්ඨය.

    එකම සංසාරගත සත්වයෝ පිරිස තමයි මේ ලෝක හැම එකක් හරහාම එක එක ආත්ම භාව වල එක එක සත්ව ස්වරූප ගනිමින් සැරිසරන්නේ. අපායේදී නිරිසත්තු හැටියට අපා දුක් විඳින්න වෙන්නේ කුසල කර්මවල නොයෙදුණු සතුන් මැරීම, සොරකම් කිරීම වගේ අකුසල් වැඩවලම නිරතවෙච්ච පිරිස තමයි. පෙරේත, තිරිසන් ආත්ම ලබන්නේ මනුස්ස ලෝකයට එන්න පින් මදි උදවිය. බුදුරජාණන්වහන්සේ වදාළේ මනුස්ස ජීවිතයක් ලබන එක අන්තිම දුර්ලභ, දුෂ්කර දෙයක් හැටියට තමයි. මනුස්සයෝ හැටියට ඉපදිච්ච පිරිස ගැන බලන්න. සමහරු දිහා බලන්න අප්පිරියයි, හද්ද කැතයි. ඒ කලින් වතාවල ඉරිසියා, වයිර කරකර හිටපු අය. සමහරු හරිම ප්‍රියමනාපයි ලස්සනයි. ඒ ඉරිසියා, වයිර නැතුව හිටිය උදවිය. සමහරු හැමදාම ලෙඩ්ඩු. ආයුෂත් අඩුයි. ඒ සත්තු මරාපු උදවිය. සමහරු හරිම නිරෝගියි, දීර්ඝායුෂ තියනවා. ඒ සතුන් මැරීමෙන් වැලකිච්ච උදවිය. සමහරු හරිම දුප්පත්. හරියට කන්න අඳින්නවත් නැහැ. ඒ අනුන්ට කිසිදෙයක් නොදුන්නු හන්ද වෙලා තියන දේ. ආයේ සමහරු වත් පොහොසත් කම් අතින් කතාකරලා වැඩක් නැහැ. ඒ අනික් උදවියටත් දීපු කරපු උදවිය. රජවරු, සිටුවරු වෙලා සැප විඳින්නේ දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව වගේ යහගුණ ඇතුව ජීවත් වෙච්ච, නරකින් අධර්මයෙන් වැලකිච්ච උදවිය. ඉතින් ඔන්න ඔහොමයි වෙනවා කියන්නේ. දැන් තම තමන් කරන කියන දේවල් අනුව ඊළඟට මොකද වෙන්නේ කියල හිතාගන්න!! හැබැයි මේ forums වල වැඩිහරියක් ඉන්න කිසි තේරුමක් නැති විකාර වැඩ කරකර ඉන්න උදවිය වගේ ඉඳල ආයේ ඔය වගේම යහපත් මනුස්ස ජීවිතම ලැබෙයි කියල නම් හිතන්න එපා! ඒක වෙන්නේ නැහැ!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    moderator මහත්තුරුන්ට පොඩි යෝජනාවක් කරන්න කියල හිතුන. නරකද මේ thread එක අරගෙන උස්සල අලවල (sticky) දැම්මනම්? දැන් දැන් පෙනෙන්න තියන විදියට ඉස්සරහට හරිම අනතුරු දායක, කණගාටුදායක සිදුවීම් වලට මුහුණදෙන්න සිදුවෙනබව දැනෙනවා නේද? තව ටික කාලෙකින් උතුර දකුණ මාරුවෙයි... කන්න නැතුව බඩගින්නේ මැරෙන්න සිද්ධ වෙන්නත් පුළුවන්. හුඟාක් 'වෘෂභ රාජයෝ' ලේසියට හැම එකටම ජනාධිපතිට, ආණ්ඩුවට බැන්නට ලෝකේ සිද්ධවෙන කතන්දර සිද්ධවෙන්නේ කාටවත් ඕනේ විදියටවත් කාගෙවත් උවමනාවලට අනුව වත් නෙවෙයි! හුඟක් 'බුවාලා' ඔය මොකවත්ම දන්නේ නැහැ! නිකම්ම නිකම් කඳයි බඩයි තියන මැටි ගොඩවල්... නිකම්ම නිකම් හිස් පොරවල් තමයි... පිස්සු කෙල කෙල කාලේ කකා ඉන්නවා, අපරාදේ! ඉතින් යමක් දැනගන්න ඉඩක් අවස්ථාවක් සැලස්වුවොත් හොඳ නැද්ද?? කල් ඇතුව කරුණු දැනගෙන තම තමන්ගේ යහපතට මොන මොනවා හරි කරගත්තොත් කාට උනත් යහපතක් නේ...
     

    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    මටත් ප්‍රශ්නයක් තියෙනවා.මේක ඇහුවේ මගේ යාලුවෙක්...

    විද්‍යාව අනුව ලෝකයේ සම්භවය වෙන්නේ(ඒ කියන්නේ මහා පිපුරුම) මීට අවුරුදු මිලියන 4.5කට විතර කලින්. ජීවය සම්භවය වෙන්නේ මිලියන 3.5කට විතර කලින්. නමුත් බුදුදහමේ කතා කරන කල්පයක් ඊට වඩා වැඩි කාලයක් බව ඕන කෙනෙක්ට තේරෙනව. නමුත් බුදුදහම අනුව අපි කල්ප ගනන් දුක් විඳිමින් තමා සසර සැරිසරන්නේ.එහෙනන් විද්‍යාවේ කියන ලෝකයේ සම්භවයට කලින් ඉඳලම අපි සසරේ ජීවත් වෙලා තියෙනවා. මේ විද්‍යාවේ හා බුදුදහමේ ඇති පරස්පරතාව කවුරු හරි පැහැදිලි කරන්න...

    මචන් විද්‍යාවට බර දීල ටිකක් හිතන්න ගියාම ඔහොම වෙනව, මටත් ඉස්සර. දමිත් ලස්සන උත්තර ටිකක් දීල තියෙන්නෙ.
    ඔය මහා පිපිරුම උනා කියල කියන්නෙ අවුරුදු බිලියන 13 විතර කලින්ලු මචන්.ඒත් ඔය මහා පිපිරුම ඒ කියන්නෙ බිග් බෑන් එකත් ඔන්න දැන් වෙනස් වෙලාලු. ඒකට වඩා බිග් ක්‍රන්ච් කියල එකක් හොන්දයි කියල කියනවලු විස්වයේ උපත ගැන කියන්න.
    http://en.wikipedia.org/wiki/Big_Crunch
    හැබැයි ඔය හැම තියරියක්ම දාන්නෙ එක ප්‍රශ්නයක් තහනම් කරල. එහෙම නැත්තම් සීමවක පිහිටල. ඒ තමයි ඔය පිපිරුම් ක්‍රන්ච් ඔක්කොම වෙච්ච විශ්වය තිබ්බෙ මොකක් ඇතුලෙද කියල.පදාර්ථමය ස්වභාවයෙන් පිට පනින තියරියක් දාල ඕක ශේප් කරල තියෙන්නෙ.
    බුදු දහමට අනුව පෘතුවියේ උපත ලස්සනට දේශනා කරල තියනව අග්ගඥ සූත්‍රයේ.සුද්දොන්ගෙ අවාසනාවට ඒව අහන්න පින නැහැ.
    ඒ පැහැදිලි කිරීම පංච මහා වාද වලදි පවා වාදාභිසිංහ මිගෙට්ටුවත්තේ ගුනානන්ද, මිගෙට්ටුවතේ ජිනානන්ද වගේ ශ්‍රේෂ්ට පඬි රුවනවල් ඔප්පු කරල තියනවා,පාදිලියොන්ගෙ කටවල් වැහෙන්න. හම්බුනොත් ඒක දාන්නම්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පැහැදිලියි නේ දැන් රජවරු සිටුවරු වගේ ගොඩාක් පින් තියන උදවියත් උපදින්නේ මෙහෙ. එතකොට ඔයිටත් වඩා පින්තියන අය, පින් උතුරලා පිටාර ගලන අය උපදින්නේ කොහෙද? ආන්න ඒ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල උපදින පිරිස තමයි!! ඉතින් එතකොට එහෙම සැප සම්පත් ලබන්න උතුරන්න පින් කරන්නේ කොහොමද?? ඒකට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගතිගුණ වලින් සහ හොඳ හැදියාවෙන් යුක්තවෙලා, බුදුරජාණන්වහන්සේව අදහාගෙන, අවංකවම තිසරණයේ පිහිටලා, තමන්ගේම උවමනාවෙන් ධර්මයෙහි හැසිරිලා, දාන සීල, භාවනා ආදී පින් රැස්වන කටයුතු වලම යෙදිලා ජීවිතය ගතකරන්න ඕනේ!! ඔය දේවල් මොකුත් නොකර ඉඳල එහෙ යන්න බැරිද? නැත්නම් ඔය මොකවත් නොකරන අන්‍යාගමික කවුරුවත් දිව්‍යලෝක, බ්‍රහ්ම ලෝක වල උපත ලබන්නේ නැතිද?? ආන්න වැදගත් ප්‍රශ්ණයක්. කෙනෙක් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ උන්වහන්සේගෙන්ම ඔය ප්‍රශ්නය ඇහුව. එතකොට බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළා, "ඔන්න මම දැන් කල්ප 91 ක් ආපස්සට බලනවා..." කියල. ඉතින් එහෙම කල්ප 91 කම ආපස්සට බලපු බුදුන්වහන්සේ දුන්නු පිළිතුර තමයි, "නෑ... එයාලට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ... මෙච්චර කාලෙකට අන්‍යාගමික එක්කෙනයි දිව්‍ය ලෝකයේ උපත ලබල තියෙන්නේ... එයත් අන්‍යාගමික උනාට කර්ම හා කර්මඵල විශ්වාස කරපු, ඒ අනුව කටයුතු කරපු කෙනෙක්..." කියල! ඉතින් ඒ අනුව පැහැදිලිවම කියන්න තියෙන්නේ, ස්වර්ගයට යනවා, අහවලා ගාවට යනවා කියල අහල තිබුනට, හිතාගෙන හිටියට, එහෙම යන්න ලැබෙන්නේ නැහැ!! ඊළඟ පාර උපදින්න වෙන්නේ මෙතනිනුත් පහල තියන පීචන් ආත්මයක, දුගී දුප්පත් අන්ත අසරණ මනුස්සයෙක්, තිරිසන් සතෙක්, පෙරේතයෙක් හැටියට තමයි!! කාටවත් බැනල වැඩක් නැහැ... ඒක තමයි මේ සංසාර ගමනේ හැටි!!! විශ්වාස නොකලයි, පිලිනොගත්තයි කියල මොකුත් වෙනසක් නැහැ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බය හිතුනද නැත්නම් තමන්ගැනම දුකක් ඇති උනාද? එහෙම වෙන්න ඕනේ නැහැ! මේවා දැනගන හිටියම තියන chance එක ඒක තමයි!! කලින් කරපු කියපු දේවල් වලට අනුව තමයි මේ දැන් ඉන්න තැනට පාත්වෙලා තියෙන්නේ... නැතුව මොකෙක්වත් මවල නෙවෙයි! ඒත් ඉතින් පොඩිකාලේ ඉඳල බයකරලා, හිතන්න කල්පනා කරන්න නොදී හිරකරලා හදාපු උන් බයයි තමයි තමන් අහපු විශ්වාසකරපු කතන්දර වලින් බැහැර වෙන්න. කොච්චර කලත් 'දෙයිය මට කෙලියිද දන්නේ නැහැ මම මේක ඇත හැරියොත්?' කියලත් හිතෙනවනෙ... බයටම ඔහේ අකුලාගෙන ඉන්න වෙනවා. නැත්නම් බය නැතුව පරණ කතන්දර අල්ලලා දාල, මොලේ කල්පනා කරලා බලන්න ගන්නවා නම් කිසිම අවුලක් වෙන්නෙත් නැහැ... ගොඩම තමයි!! කොයි එකටත් හොඳයි මෙන්න මෙහෙම තම තමන් කරන කියන දේවල් හොඳයිද නරකයිද, කලාට කමක් නැද්ද නැත්නම් නොකලොත් හොඳයිද කියල හිතල බලනවානම්. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්වූයේ 'අත්තානං උපමං කත්වා නහනෙයිය නඝාතයේ' කියලයි (තමන්ට උපමා කරලා බලන්න... පර පණ නසන්න එපා!) ඒ කියන්නේ සතෙකුට හරි කාටහරි හිරිහැර කරනවානම්, කවුරුහරි තමන්ට හිරිහැර කලොත් කොහොමද දැනෙන්නේ? කියල හිතල බලන්න කිව්වා... සතෙක් මරනවානම්, කවුරුහරි තමන්ව ඒ විදියට මැරුවොත් කොහොමද? කියල හිතල බලල ඉන්නය කිව්වා... ඒ කිව්වේ තමන් අකමැතියි, තමන් බයයි වගේමයි අනික් උදවියත්, සතුනුත් බයයි, අකමැතියි කියන එක තෝරලා දෙන්න. එහෙම තෝරලා දීල කාටවත් හිරිහැර කරන්න එපා! සත්තු මරන්න එපා!! කියන එක තමයි කිව්වේ... ආගම මොකක් උනත් මෙහෙම පරිස්සම් උනොත් තමන්ටමයි ඒකෙ යහපත!!
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmm


    මටත් ප්‍රශ්නයක් තියෙනවා.මේක ඇහුවේ මගේ යාලුවෙක්...

    විද්‍යාව අනුව ලෝකයේ සම්භවය වෙන්නේ(ඒ කියන්නේ මහා පිපුරුම) මීට අවුරුදු මිලියන 4.5කට විතර කලින්. ජීවය සම්භවය වෙන්නේ මිලියන 3.5කට විතර කලින්. නමුත් බුදුදහමේ කතා කරන කල්පයක් ඊට වඩා වැඩි කාලයක් බව ඕන කෙනෙක්ට තේරෙනව. නමුත් බුදුදහම අනුව අපි කල්ප ගනන් දුක් විඳිමින් තමා සසර සැරිසරන්නේ.එහෙනන් විද්‍යාවේ කියන ලෝකයේ සම්භවයට කලින් ඉඳලම අපි සසරේ ජීවත් වෙලා තියෙනවා. මේ විද්‍යාවේ හා බුදුදහමේ ඇති පරස්පරතාව කවුරු හරි පැහැදිලි කරන්න...


    ඇයි බන් උබට කුබියෙක්ගෙවථ් මොලයල් තියනවනම් තේරෙන්නේ නැද්ද, ජිවයක් කියලා දෙයක් තියෙන්නේ මෙ පෘථ්වියේ විතරක් නෙමඉ කියලා.

    උබ ඔය කියපු කාලේට කලින වෙන ජිවයක් තියන ග්‍රහා ලොකයක් ජිවත් වෙන්න බැරි කමක් නැනේද මචො