බියර් දෙකක් ගහල ටිකක් පදම්වෙලා ගියාම ඔය ලංකාවෙ තියෙන හැම ෆිල්ම් හෝල් එකක්ම සැවෝයි වගේ දැනෙන නිසා මාතර SK එකත් ඉතින් එච්චරම අවුලක් උනේ නෑ, පොඩ්ඩක් DTS බොල් සද්දෙ විතරයි අවුලකට හිටියෙ. සතියෙ දවසක 6.30ට ෆිල්ම් හෝල් එකකට සෙනග ගේන එක අමාරුයි කියන එක පට්ට බොරුවක් කියලා බලාගන්න ඕනෙනම් ගිහින් බලන්න මායා පෙන්නන හෝල් එකකට. ගැලරිය හා බැල්කනිය ෆුල්.
පුබුදු චතුරංග තමයි කතා නායකයා, මිනිහගෙ නළුකම ගැන වැඩි මනාපයක් තිබුනෙ නෑ මට මේ ෆිල්ම් එකට කලින්. දෙබස් වලින් කියන දේ මූණෙන් දෙන්න බැරි ලොක් වෙච්ච ගතියක් කලින් නිර්මාණ වලදි මම දැකල තිබුනෙ. ඒත් මේකනම් ඉතින් ආයි ලෙසටම කරලා තියෙනව කියන්න පුලුවන්. “බහු පෞරුෂත්ව” ආරෝපණ අවස්ථාවල (මේ මගේ වචනයක්) ඒ හැඟීම් නිරූපණ විශිෂ්ඨව ඉදිරිපත් කරලා තිබුනා. නිළියනම් කවුද දන්නෙ නෑ, එයත් ඉතින් හොදයි. පොඩි කෝලයක් තිබුනත් ඒ හිනාවම ඇති. ෆිල්ම් එකේම ආතල් එක තිබුනෙ මාලන්ගෙ අම්ම අතේ. එයා ඉතින් හාස්‍ය රංගනයටම කප් ගහල තියෙන නිසා මේකත් හොදටම කරලා තිබුනා.
සවුන්ඩ් කොලිටි එක ගැන මොනවත් කියන්න බෑ බලපු ෆිල්ම් හෝල් එක නිසා. ඒත් සංගීත ඛණ්ඩ වගේම ගීත වල සංගීතයත් අපූරුවට තියෙනවා කිව්වොත් හරි.
මම හිතන්නෙ පැය දෙකක් විතර ගියාට පස්සෙ තමයි බලන්න ගියපු නළුවා එන්ටර් උනේ. ඒක නම් පට්ටම එන්ටර් එකක්. යටිනුත් දානවනේ Super Star රන්ජන් රාමනායක කියලා. මුලු ෆිල්ම් එකේම සුපිරියටම හිතට දැනුනෙ එතනදි තමයි. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් නැගිට්ටෙව්නා කිව්වනම් නිවැරදියි. රන්ජන් කියන්නෙ කොච්චර රඟපෑවත් තාම හරිහමන් වැඩක් ගත්තෙ නැති නළුවෙක් කියල හිතෙන්නෙ මේ වගේ රඟපෑමක් දැක්කම. Transgender චරිතයක් ආයාසයකින් තොරවම රඟපාන්න ඔහුට හැකිවෙලා තිබුනා. ඒ වගේම අවසන් ගීතයට ජවය සමග ශක්තිමත් නර්ථනයක් ඉදිරිපත් කරන්නත් හැකියාවක් ලැබී තිබුනා.
පොඩි පොඩි කේස් නැතුවම නෙවෙයි, සමහර සීරියස් වෙන්න ඕන තැන්වල හාස්‍යය (ආතල් එක) ගැබ් වෙලා තිබුනා. දෙබස් වල වගේම ආධුනික නළුවන්ගෙ අඩුපාඩු දකින්න පුලුවන්.
මෝටර් බයිසිකල් බලල සතියකින් තමයි මායා බැලුවෙ. සිනමාව පවතින්නනම් මේ දෙවර්ගෙම ඕන. English ෆිල්ම් කීපයක් එක දිගට බැලුවම හින්දි එකක් දෙමළ එකක් බලන්නම හිතෙනවා. හැමදාම එකම කෑම කන්න බෑ වගේ තමයි ඒකත්. ඇඟට ගුණ කෑම වගේම දිවට දැනෙන කෑම කන්නත් ඕන. මගේ පුද්ගලික රසිකත්වයට අනුව “පට්ට වැඩක්”